Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
اَلَمْ تَرَ اِلَی الْمَلَاِ مِنْ بَنِیْۤ اِسْرَآءِیْلَ مِنْ بَعْدِ مُوْسٰی ۘ— اِذْ قَالُوْا لِنَبِیٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— قَالَ هَلْ عَسَیْتُمْ اِنْ كُتِبَ عَلَیْكُمُ الْقِتَالُ اَلَّا تُقَاتِلُوْا ؕ— قَالُوْا وَمَا لَنَاۤ اَلَّا نُقَاتِلَ فِیْ سَبِیْلِ اللّٰهِ وَقَدْ اُخْرِجْنَا مِنْ دِیَارِنَا وَاَبْنَآىِٕنَا ؕ— فَلَمَّا كُتِبَ عَلَیْهِمُ الْقِتَالُ تَوَلَّوْا اِلَّا قَلِیْلًا مِّنْهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
අහෝ නබිවරය! මූසා (අලෛහිස් සලාම්) තුමාගෙන් පසු ජීවත් වූ ඉස්රාඊල් දරුවන් අතර සිටි ප්රභූවරුන්ගේ තොරතුරු ගැන ඔබේ දැනුමට ළඟා නොවූයේද? ඔවුන් තම නබිවරයා දෙස බලා: ‘අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු සමග එක් ව සටන් කරනු වස් අපහට රජෙකු පත් කරනු’ යැයි පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘යුද්ධය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කරන්නේ නම් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොකරන්නෙහුද?’ යැයි විමසා සිටියේය. ඔවුන් පිළිබඳ එතුමාට නැගුණු සිතුවිල්ලට විරෝධය පල කරමින් ඔවුන්: ‘එය අපට තීන්දු වී තිබියදී අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් අප වළක්වාලනුයේ කවර කරුණක්ද? අපගේ සතුරන් අප ජීවත් වූ දේශයෙන් අපව පිටුවහල් කර ඇත. අපගේ දරුවන් සිරභාරයට ගෙන ඇත. අපේ රටේ සෞභාග්යය වෙනුවෙන් හා අපේ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරන්නෙමු’ යැයි පවසා සිටියහ. යුද්ධ කිරීම අල්ලාහ් ඔවුන් වෙත අනිවාර්ය කළ කල්හි ඔවුන් අතර සිටි ස්වල්ප දෙනෙකු මිස සෙසු අය තමන් ලබා දුන් පොරොන්දුව ඉටු නොකොට එයට පිටුපෑහ. අල්ලාහ්ගේ නියෝගය පිටුපාන අපරාධකරුවන් හා ඔහුගේ ගිවිසුම් කඩ කරන්නන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ لَهُمْ نَبِیُّهُمْ اِنَّ اللّٰهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوْتَ مَلِكًا ؕ— قَالُوْۤا اَنّٰی یَكُوْنُ لَهُ الْمُلْكُ عَلَیْنَا وَنَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ یُؤْتَ سَعَةً مِّنَ الْمَالِ ؕ— قَالَ اِنَّ اللّٰهَ اصْطَفٰىهُ عَلَیْكُمْ وَزَادَهٗ بَسْطَةً فِی الْعِلْمِ وَالْجِسْمِ ؕ— وَاللّٰهُ یُؤْتِیْ مُلْكَهٗ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘සැබවින්ම නුඹලා තාලූත්ගේ යටතේ සටන් කිරීම සඳහා නුඹලාට රජකු ලෙස අල්ලාහ් ඔහු පත් කර ඇත’ යැයි පැවසීය. නමුත් එම තේරීමට විරුද්ධතාව පල කරමින් එයට පිටුපාමින් ඔවුන් අතර සිටි ප්රභූවරු: ‘අප පාලනය කරන්නට ඔහුට බලය හිමිවිය හැක්කේ කෙසේද? එම පාලනයට ඔහුට වඩා සුදුස්සෝ වන්නේ අපමය. වෙනත් රජ දරුවන් මෙන් ඔහු නැත. තම රාජ්ය පාලනයට උදව් වනු වස් විශාල ධනයක් ඔහුට පිරිනමා නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුන්ගේ නබිවරයා: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා දී ඇත. ඔහුගේ දැනුමේ පුළුල් බව හා ශරීර ශක්තිය ඔහුට වර්ධනය කොට දී ඇත. අල්ලාහ් තම කරුණාව හා ප්රඥාව තුළින් තමන් අභිමත කරන අය වෙත රාජ්ය පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ඔහු කැමති අයට එම භාග්යයන් පිරිනමනු ඇත. මැවීම් අතර එම භාග්යයයට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔහු මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ لَهُمْ نَبِیُّهُمْ اِنَّ اٰیَةَ مُلْكِهٖۤ اَنْ یَّاْتِیَكُمُ التَّابُوْتُ فِیْهِ سَكِیْنَةٌ مِّنْ رَّبِّكُمْ وَبَقِیَّةٌ مِّمَّا تَرَكَ اٰلُ مُوْسٰی وَاٰلُ هٰرُوْنَ تَحْمِلُهُ الْمَلٰٓىِٕكَةُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟۠
ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘නුඹලා වෙත රජකු වශයෙන් ඔහු තෝරා පත් කර තිබීම සැබෑවක් බවට තහවුරු කරන සලකුණ වනුයේ, නුඹලා වෙත අල්ලාහ් මංජුසාවක් පහළ කිරීමය. -එය ඉස්රාඊල් දරුවන්ගෙන් ගනු ලැබූ ඔවුන් විසින් ගෞරවය කරනු ලැබූ පෙට්ටගමකි.-එහි එය සමග බැදුණු ශාන්තිය හා මූසා හා හාරුන්ගේ පරපුර අතහැර දමා ගොස් ශේෂ වූ සැරයටිය හා ඇතැම් ඵලක වැනි දෑ ද ඇත. නුඹලා සැබෑ විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් මෙහි නුඹලාට පැහැදිලි ප්රමාණවත් සලකුණක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التنبيه إلى أهم صفات القائد التي تؤهله لقيادة الناس؛ وهي العلم بما يكون قائدًا فيه، والقوة عليه.
•යුද සෙන්පතියෙකු තම සේනාව මෙහෙයවීමේදී ඒ සඳහා ඔහු සතු ව තිබිය යුතු අති වැදගත් ගුණාංග අවධාරණය කරයි. එනම්, තමන් මෙහෙයවන දෑ පිළිබඳ දැනුම හා ඒ කෙරෙහි තිබිය යුතු බලයයි.

• إرشاد من يتولى قيادة الناس إلى ألا يغتر بأقوالهم حتى يبلوهم، ويختبر أفعالهم بعد أقوالهم.
•ජනයා පාලනය කරන්නන්හට මග පෙන්වීම, එනම්: ඔවුන් පරීක්ෂාවට පත් වන තරමට ඔවුන්ගේ ප්රකාශ තුළින් ඔහු මුළාවට පත් නොවිය යුතුය. එමෙන්ම ඔවුන්ගේ ප්රකාශ වලට පසු ඔවුන්ගේ ක්රියාවන් පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇත.

• أن الاعتبارات التي قد تشتهر بين الناس في وزن الآخرين والحكم عليهم قد لا تكون هي الموازين الصحيحة عند الله تعالى، بل هو سبحانه يصطفي من يشاء من خلقه بحكمته وعلمه.
•ජනයා සෙස්සන් පිළිබඳ ප්රමාණයෙන් හා දැනුමෙන් තක්සේරු කිරීමේදී ඔවුන් අතර ප්රචලිත ව ඇති ක්රමවේද හා ප්රකාශ නිසිලෙස එම තක්සේරුව මත ම පිහිටන්නේ නැත. නිවැරදි දෑ ඇත්තේ අල්ලාහ් අබියසය. එහෙයින් ඔහුගේ මැවීම් අතුරින් ඔහු කැමති කෙනෙකු ඔහුගේ ප්රඥාවෙන් හා දැනුමෙන් තෝරා ගනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት