ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අන් නබඋ   වාක්‍යය:

සූරා අන් නබඋ

عَمَّ یَتَسَآءَلُوْنَ ۟ۚ
(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
عَنِ النَّبَاِ الْعَظِیْمِ ۟ۙ
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ ۟ؕ
එය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
كَلَّا سَیَعْلَمُوْنَ ۟ۙ
නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ ۟
යළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۟ۙ
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّالْجِبَالَ اَوْتَادًا ۟ۙ
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۟ۙ
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۟ۙ
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا ۟ۙ
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۟ۚ
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۟ۙ
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۟ۙ
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۟ۙ
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۟ۙ
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّجَنّٰتٍ اَلْفَافًا ۟ؕ
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا ۟ۙ
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۟ۙ
සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۟ۙ
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّسُیِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۟ؕ
කඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۟ۙ
නියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لِّلطَّاغِیْنَ مَاٰبًا ۟ۙ
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لّٰبِثِیْنَ فِیْهَاۤ اَحْقَابًا ۟ۚ
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَا یَذُوْقُوْنَ فِیْهَا بَرْدًا وَّلَا شَرَابًا ۟ۙ
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِلَّا حَمِیْمًا وَّغَسَّاقًا ۟ۙ
එහෙත් නටන උණු දිය සහ සැරව මිස.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
جَزَآءً وِّفَاقًا ۟ؕ
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّهُمْ كَانُوْا لَا یَرْجُوْنَ حِسَابًا ۟ۙ
නියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّكَذَّبُوْا بِاٰیٰتِنَا كِذَّابًا ۟ؕ
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ كِتٰبًا ۟ۙ
තවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَذُوْقُوْا فَلَنْ نَّزِیْدَكُمْ اِلَّا عَذَابًا ۟۠
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّ لِلْمُتَّقِیْنَ مَفَازًا ۟ۙ
නියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
حَدَآىِٕقَ وَاَعْنَابًا ۟ۙ
වතු හා මිදි ද (ඇත.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّكَوَاعِبَ اَتْرَابًا ۟ۙ
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّكَاْسًا دِهَاقًا ۟ؕ
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۟ۚۖ
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۟ۙ
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الرَّحْمٰنِ لَا یَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۟ۚ
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَوْمَ یَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓىِٕكَةُ صَفًّا ۙۗؕ— لَّا یَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا ۟
එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
ذٰلِكَ الْیَوْمُ الْحَقُّ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ مَاٰبًا ۟
මෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِیْبًا ۖۚ۬— یَّوْمَ یَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ یَدٰهُ وَیَقُوْلُ الْكٰفِرُ یٰلَیْتَنِیْ كُنْتُ تُرٰبًا ۟۠
නියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අන් නබඋ
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න