《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 穆丹斯拉   段:

සූරා අල් මුද්දස්සිර්

یٰۤاَیُّهَا الْمُدَّثِّرُ ۟ۙ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
阿拉伯语经注:
قُمْ فَاَنْذِرْ ۟ۙ
නුඹ නැගී සිට, අවවාද කරනු.
阿拉伯语经注:
وَرَبَّكَ فَكَبِّرْ ۟ۙ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
阿拉伯语经注:
وَثِیَابَكَ فَطَهِّرْ ۟ۙ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
阿拉伯语经注:
وَالرُّجْزَ فَاهْجُرْ ۟ۙ
තවද කිලිට්ටෙන් වළකිනු.
阿拉伯语经注:
وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ ۟ۙ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.
阿拉伯语经注:
وَلِرَبِّكَ فَاصْبِرْ ۟ؕ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
阿拉伯语经注:
فَاِذَا نُقِرَ فِی النَّاقُوْرِ ۟ۙ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
阿拉伯语经注:
فَذٰلِكَ یَوْمَىِٕذٍ یَّوْمٌ عَسِیْرٌ ۟ۙ
එය දුෂ්කර දිනයක් වනු ඇත.
阿拉伯语经注:
عَلَی الْكٰفِرِیْنَ غَیْرُ یَسِیْرٍ ۟
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.
阿拉伯语经注:
ذَرْنِیْ وَمَنْ خَلَقْتُ وَحِیْدًا ۟ۙ
මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.
阿拉伯语经注:
وَّجَعَلْتُ لَهٗ مَالًا مَّمْدُوْدًا ۟ۙ
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
阿拉伯语经注:
وَّبَنِیْنَ شُهُوْدًا ۟ۙ
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
阿拉伯语经注:
وَّمَهَّدْتُّ لَهٗ تَمْهِیْدًا ۟ۙ
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
阿拉伯语经注:
ثُمَّ یَطْمَعُ اَنْ اَزِیْدَ ۟ۙ
පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය.
阿拉伯语经注:
كَلَّا ؕ— اِنَّهٗ كَانَ لِاٰیٰتِنَا عَنِیْدًا ۟ؕ
එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.
阿拉伯语经注:
سَاُرْهِقُهٗ صَعُوْدًا ۟ؕ
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
阿拉伯语经注:
اِنَّهٗ فَكَّرَ وَقَدَّرَ ۟ۙ
නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.
阿拉伯语经注:
فَقُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
阿拉伯语经注:
ثُمَّ قُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
阿拉伯语经注:
ثُمَّ نَظَرَ ۟ۙ
පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.
阿拉伯语经注:
ثُمَّ عَبَسَ وَبَسَرَ ۟ۙ
පසුව ඔහු රවා කිපුණේ ය.
阿拉伯语经注:
ثُمَّ اَدْبَرَ وَاسْتَكْبَرَ ۟ۙ
පසුව ඔහු පිටු පා උඩඟු විය.
阿拉伯语经注:
فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ یُّؤْثَرُ ۟ۙ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.
阿拉伯语经注:
اِنْ هٰذَاۤ اِلَّا قَوْلُ الْبَشَرِ ۟ؕ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)
阿拉伯语经注:
سَاُصْلِیْهِ سَقَرَ ۟
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
阿拉伯语经注:
وَمَاۤ اَدْرٰىكَ مَا سَقَرُ ۟ؕ
සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
阿拉伯语经注:
لَا تُبْقِیْ وَلَا تَذَرُ ۟ۚ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.
阿拉伯语经注:
لَوَّاحَةٌ لِّلْبَشَرِ ۟ۚ
සම දැඩි ලෙස දවාලන්නකි.
阿拉伯语经注:
عَلَیْهَا تِسْعَةَ عَشَرَ ۟ؕ
ඒ මත දහනව දෙනෙකි.
阿拉伯语经注:
وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓىِٕكَةً ۪— وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا ۙ— لِیَسْتَیْقِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَیَزْدَادَ الَّذِیْنَ اٰمَنُوْۤا اِیْمَانًا وَّلَا یَرْتَابَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ ۙ— وَلِیَقُوْلَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا یَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ؕ— وَمَا هِیَ اِلَّا ذِكْرٰی لِلْبَشَرِ ۟۠
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
阿拉伯语经注:
كَلَّا وَالْقَمَرِ ۟ۙ
එසේ නොව, සඳු මත දිවුරමින්.
阿拉伯语经注:
وَالَّیْلِ اِذْ اَدْبَرَ ۟ۙ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
阿拉伯语经注:
وَالصُّبْحِ اِذَاۤ اَسْفَرَ ۟ۙ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
阿拉伯语经注:
اِنَّهَا لَاِحْدَی الْكُبَرِ ۟ۙ
නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
阿拉伯语经注:
نَذِیْرًا لِّلْبَشَرِ ۟ۙ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
阿拉伯语经注:
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّتَقَدَّمَ اَوْ یَتَاَخَّرَ ۟ؕ
එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
阿拉伯语经注:
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِیْنَةٌ ۟ۙ
සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.
阿拉伯语经注:
اِلَّاۤ اَصْحٰبَ الْیَمِیْنِ ۟ؕۛ
එහෙත් දකුණුපස ජනයා හැර.
阿拉伯语经注:
فِیْ جَنّٰتٍ ۛ۫— یَتَسَآءَلُوْنَ ۟ۙ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
阿拉伯语经注:
عَنِ الْمُجْرِمِیْنَ ۟ۙ
වැරදි කරුවන්ගෙන්;
阿拉伯语经注:
مَا سَلَكَكُمْ فِیْ سَقَرَ ۟
"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"
阿拉伯语经注:
قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّیْنَ ۟ۙ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
阿拉伯语经注:
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِیْنَ ۟ۙ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.
阿拉伯语经注:
وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآىِٕضِیْنَ ۟ۙ
"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".
阿拉伯语经注:
وَكُنَّا نُكَذِّبُ بِیَوْمِ الدِّیْنِ ۟ۙ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
阿拉伯语经注:
حَتّٰۤی اَتٰىنَا الْیَقِیْنُ ۟ؕ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
阿拉伯语经注:
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِیْنَ ۟ؕ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.
阿拉伯语经注:
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِیْنَ ۟ۙ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.
阿拉伯语经注:
كَاَنَّهُمْ حُمُرٌ مُّسْتَنْفِرَةٌ ۟ۙ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
阿拉伯语经注:
فَرَّتْ مِنْ قَسْوَرَةٍ ۟ؕ
සිංහ ගොදුරින් පලා යන.
阿拉伯语经注:
بَلْ یُرِیْدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّؤْتٰی صُحُفًا مُّنَشَّرَةً ۟ۙ
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
阿拉伯语经注:
كَلَّا ؕ— بَلْ لَّا یَخَافُوْنَ الْاٰخِرَةَ ۟ؕ
එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.
阿拉伯语经注:
كَلَّاۤ اِنَّهٗ تَذْكِرَةٌ ۟ۚ
එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.
阿拉伯语经注:
فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ؕ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
阿拉伯语经注:
وَمَا یَذْكُرُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— هُوَ اَهْلُ التَّقْوٰی وَاَهْلُ الْمَغْفِرَةِ ۟۠
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.
阿拉伯语经注:
 
含义的翻译 章: 穆丹斯拉
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭