Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
وَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوْۤا اَخْرِجُوْهُمْ مِّنْ قَرْیَتِكُمْ ۚ— اِنَّهُمْ اُنَاسٌ یَّتَطَهَّرُوْنَ ۟
ඔවුන් වෙත තහනම් කළ මෙම අශීලාචාර ක්රියාව සඳහා ඔහුගේ සමූහයා අතර සිටින වැරදිකරුවන් සත්ය ප්රතික්ෂේප කරමින්: “ඔබ ලූත් හා ඔහුගේ පවුල ඔබේ ගම්මානයෙන් පිටුවහල් කරනු. සැබැවින්ම ඔවුන් අප කරන ක්රියාවෙන් ඈත්ව සිටින මිනිස් කණ්ඩායමකි. අප අතර ඔවුන් රදවා ගන්නට කිසිදු සුදුසුකමක් අපට නැත.” යැයි පිළිතුරු වශයෙන් පවසා සිටීම මිස වෙනත් පිළිතුරක් ඔවුනට නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْجَیْنٰهُ وَاَهْلَهٗۤ اِلَّا امْرَاَتَهٗ ۖؗ— كَانَتْ مِنَ الْغٰبِرِیْنَ ۟
දඬුවම පහළ වන ගම්මානයෙන් රාත්රියෙහිම බැහැර වන මෙන් ඔවුනට අණ කර එයින් පිටත් කරවා ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි ආරක්ෂා කළෙමු. නමුත් ඔහුගේ බිරිය තම ජනයා සමග රැඳී සිටින්නියක් වූවාය. ඔවුනට අත් වූ දඬුවමම ඇයටද අත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ؕ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِیْنَ ۟۠
මැටි ගල් ඔවුන් වෙත හෙළමින් දැඩි වර්ෂාවන් ඔවුන් මත අපි පතිත කළෙමු. එම ගම්මානය පෙරළා එහි උඩු කොටස යටි කොටස බවට පත් කළෙමු. "අහෝ දූතය! ලූත් තුමාගේ අපරාධකාරී ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන්ගේ අවසානය විනාශය මෙන්ම සදා අපකීර්තිය විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلٰی مَدْیَنَ اَخَاهُمْ شُعَیْبًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— قَدْ جَآءَتْكُمْ بَیِّنَةٌ مِّنْ رَّبِّكُمْ فَاَوْفُوا الْكَیْلَ وَالْمِیْزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تُفْسِدُوْا فِی الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
සැබැවින්ම අපි මද්යන් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලය්හිස් සලාම්) තුමා ව එව්වෙමු. එවිට ඔහු ඔවුනට, 'මාගේ ජනයිනි, අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නැමදුම් ලබන්නට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු නැත. මාගේ පරමාධිපති වෙතින් මා කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් හා සාධකයක් ඔහුගෙන් ඔබ වෙත පැමිණ ඇත. පූර්ණ කිරුමට හා මිම්මට මැන ජනයාගේ අයිතිය ඉටු කරනු. ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති කර ඒවායෙහි ඔවුනට අකමැත්ත ඇති කර හෝ එවායෙහි අයිතිකරුවන්ට වංචා කර ජනයාහට අලාභහානි සිදු නොකරනු. පෙර නබිවරුන් එවා මිනිසුන් විධිමත් කළ පසු ව දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් ඉටු කරමින් මහපොළොවේ කලහකම් නොකරනු. ඔබ විශ්වාස කළවුන් ලෙස සිටින්නෙහු නම් මේ සඳහන් කරනු ලැබූ දෑ ඔබට උතුම් වන්නේය. වඩාත් ප්රයෝජනවත් වන්නේය. එනම් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිමින් පාපකම් අතහැරීමත් ඔහු නියෝග කළ දෑ සිදු කිරීමෙන් අල්ලාහ් වෙත සමීප වීමත් එතුළ ඇති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْعُدُوْا بِكُلِّ صِرَاطٍ تُوْعِدُوْنَ وَتَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ مَنْ اٰمَنَ بِهٖ وَتَبْغُوْنَهَا عِوَجًا ۚ— وَاذْكُرُوْۤا اِذْ كُنْتُمْ قَلِیْلًا فَكَثَّرَكُمْ ۪— وَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِیْنَ ۟
මිනිසුන්ගේ මුදල් පැහැර ගනු පිණිස ඔවුන් යන එන සෑම මාර්ගයකම ඔවුනට තර්ජනයක් වන අයුරින් වාඩි නොවනු. ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු නොකරන තරමට එහි අඩුපාඩු සොයමින් යහමග ලබන්නට ප්රිය කරන්නන් අල්ලාහ්ගේ දහමින් ඔබ නොවළක්වනු. අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥවනු පිණිස ඔහුගේ ආශිර්වාද මෙනෙහි කර බලනු. නුඹලාගේ පිරිස ස්වල්පයක් ලෙස සිටියෙහුය. පසු ව නුඹලාව සංඛ්යාවෙන් වැඩි කළේය. ඔබට පෙර මහපොළොවේ විසූ කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එහෙයින් එම දඬුවම ඔවුනට අත් වූයේ නම් විනාශය සිදුවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ كَانَ طَآىِٕفَةٌ مِّنْكُمْ اٰمَنُوْا بِالَّذِیْۤ اُرْسِلْتُ بِهٖ وَطَآىِٕفَةٌ لَّمْ یُؤْمِنُوْا فَاصْبِرُوْا حَتّٰی یَحْكُمَ اللّٰهُ بَیْنَنَا ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟
නුඹලා අතුරින් වූ පිරිසක් මාගේ පරමාධිපති වෙතින් මා ගෙන ආ දෑ විශ්වාස කොට, තවත් පිරිසක් එය විශ්වාස නොකළේ නම් අහෝ බොරු කරන්නනි! නුඹලා අතර අල්ලාහ් තීන්දු දෙන දෑ නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තීන්දු දෙන්නන්ගෙන් ඔහු ශ්රේෂ්ඨය. එමෙන්ම තීරකයින්ගෙන් ඔහු වඩාත් සාධාරණීයය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اللواط فاحشة تدلُّ على انتكاس الفطرة، وناسب أن يكون عقابهم من جنس عملهم فنكس الله عليهم قُراهم.
•සමලිංගික සේවනය අසභ්ය වන අතර එය ස්වභාව ධර්මයාට විරුද්ධ බව පෙන්නුම් කරයි. ඔවුන්ගේ දඬුවම ඔවුන්ගේ කාර්යයට සමාන වීම සුදුසුය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ ගම් ඔවුන් මත පෙරළා දැමුවේය.

• تقوم دعوة الأنبياء - ومنهم شعيب عليه السلام - على أصلين: تعظيم أمر الله: ويشمل الإقرار بالتوحيد وتصديق النبوة. والشفقة على خلق الله: ويشمل ترك البَخْس وترك الإفساد وكل أنواع الإيذاء.
•නබිවරුන්ගේ ඇරයුම (ෂුඅය්බ් -අලය්හිස් සලාම්- තුමා ද ඔවුන් අතරින් කෙනෙකි) මූලික කරුණු දෙකක් මත විය. පළමුවැන්න, අල්ලාහ්ගේ නියෝගයට ගරු කිරීම, එහි ඒකීයත්වය පිළිගැනීම හා නබිත්වය සැබෑවක් ලෙස විශ්වාස කිරීම ඇතුළත් වේ. දෙවැන්න, අල්ලාහ්ගේ මැවීම් වෙත දක්වන සෙනෙහස. අඩු ලුහුඩුකම් කිරීම අතහැරීම, කලහකම් කිරීම හා සියලුම වර්ගයේ වේදනා ගෙන දෙන ක්රියාවන් අතහැර දැමීම යනාදිය ඇතුළත් වේ.

• الإفساد في الأرض بعد الإصلاح جُرْم اجتماعي في حق الإنسانية؛ لأن صلاح الأرض بالعقيدة والأخلاق فيه خير للجميع، وإفساد الأرض عدوان على الناس.
විධිමත් වූවායින් පසු මහපොළොවේ ප්රචණ්ඩකම් සිදු කිරීම මිනිස් අයිතිවාසිකම් තුළ සමාජමය වරදකි. ප්රතිපත්තියෙන් හා සදාචාරයෙන් මහපොළොව විධිමත් වීමෙන් සියලු දෙනා හට යහපත ඇති අතර, එහි ප්රචණ්ඩත්වයෙන් හැසිරීම මිනිසුන් හට කරන සතුරුකමකි.

• من أعظم الذنوب وأكبرها وأشدها وأفحشها أخذُ ما لا يحقُّ أخذه شرعًا من الوظائف المالية بالقهر والجبر؛ فإنه غصب وظلم وعسف على الناس وإذاعة للمنكر وعمل به ودوام عليه وإقرار له.
•පාපයෙන් ඉතා බරපතළම, විශාලතම, දැඩි හා අශික්ෂිත පාපය වනුයේ මූල්ය කටයුතු වලින් නීත්යානුකූලව අවසර නැති දේ බලහත්කාරයෙන් ගැනීමය. සැබැවින්ම එය පැහැර ගැනීමකි. අපරාධයකි. මිනිසුනට කරන වරදකි. එමෙන්ම එය නපුර විකාශනය කරන අතරම එලෙස කටයුතු කිරීමටත් එහි අඛණ්ඩව සිටීමටත් එය පිළිගැනීමටත් අනුබල දෙන්නකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት