Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
اُبَلِّغُكُمْ رِسٰلٰتِ رَبِّیْ وَاَنَا لَكُمْ نَاصِحٌ اَمِیْنٌ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ආගමානුගත කළ දෑ පිළිබඳ කවර කරුණක් ඔබ වෙත දන්වා සිටින මෙන් ඔහු මට අණ කර ඇත්තේ ද එය මම ඔබ වෙත දන්වා සිටිමි. කවර කරුණක් දන්වා සිටීමට මා අණ කරනු ලැබුවේද එය ඔබට උපදෙස් දීමෙහි මම විශ්වාසවන්තයෙකි. එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَعَجِبْتُمْ اَنْ جَآءَكُمْ ذِكْرٌ مِّنْ رَّبِّكُمْ عَلٰی رَجُلٍ مِّنْكُمْ لِیُنْذِرَكُمْ ؕ— وَاذْكُرُوْۤا اِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنْ بَعْدِ قَوْمِ نُوْحٍ وَّزَادَكُمْ فِی الْخَلْقِ بَصْۜطَةً ۚ— فَاذْكُرُوْۤا اٰلَآءَ اللّٰهِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
ඔබේ වර්ගයා අතරින්ම වූ මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ මෙනෙහි කිරීමක් ඔබ වෙත පැමිණීම ඔබ ට පුදුමයක් වන්නේද? ඔබ ව මවිතයට පත් කරවන්නේද? ඔහු ඔබට අවවාද කරන මලක්වරුන් හෝ ජින්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔබේ පරමාධිපතිට ඔබ පැසසුම් කරනු. මහ පොළොවේ ඔහු ඔබට පහසුකම් සලසා දීම වෙනුවෙන් ද, නූහ් තුමාගේ ජනයා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළ පසුව ඔබව එහි නියෝජනය කරනු පිණිස පත් කිරීම වෙනුවෙන්ද ඔබ ඔහුට කෘතඥ වනු. ඔබට සුවිශේෂී ශරීරයක්, බලයක් හා දැඩි ආක්රමණශීලී ජවයක් ලබා දීම ගැන ද ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. ඔබ බලාපොරොත්තු වූ දැයින් ජය ලැබීමේ හා පලා යා යුතු තැනින් මිදීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَجِئْتَنَا لِنَعْبُدَ اللّٰهَ وَحْدَهٗ وَنَذَرَ مَا كَانَ یَعْبُدُ اٰبَآؤُنَا ۚ— فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
"අහෝ හූද්! අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත්, අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අප අතහැර දමන ලෙසත් ඔබ අපට අණ කිරීමට පැමිණියෙහි ද? ඔබ වාද කරමින් සිටින දෑහි ඔබ සත්යවාදියෙකු නම් ඔබ අපට ප්රතිඥා දුන් දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔහුගේ සමූහයා ඔහුට පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ قَدْ وَقَعَ عَلَیْكُمْ مِّنْ رَّبِّكُمْ رِجْسٌ وَّغَضَبٌ ؕ— اَتُجَادِلُوْنَنِیْ فِیْۤ اَسْمَآءٍ سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّا نَزَّلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— فَانْتَظِرُوْۤا اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟
හූද් තුමා ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ඔබ අනිවාර්යය කර ඉල්ලන්නෙහුය. එය ඔබට කිසිදු සැකයකින් තොරව සිදු වන්නේමය. ඔබ හා ඔබේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස නම් තැබූ පිළිම විෂයයෙහි මා සමග වාද කරන්නෙහුද? ඒවා සැබෑ නොවන්නේය. එහෙයින් දේවත්වය පිළිබඳ වාද කරන දෑ සඳහා සාක්ෂි වශයෙන් ගත හැකි සාධකයක් අල්ලාහ් ඔබට පහළ කළේ නැත. එහෙයින් ඔබ පතන දෑ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔබට එම දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත. මමත් ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටිමි. එය සිදුවනු ඇත යැයි පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْجَیْنٰهُ وَالَّذِیْنَ مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَمَا كَانُوْا مُؤْمِنِیْنَ ۟۠
හූද් (අලය්හිස් සලාම්) හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණා දයාවෙන් ආරක්ෂා කළෙමු. අපගේ වදන් බොරු කළවුන් මුළුමණින්ම විනාශ කර දැමුවෙමු. ඔවුහු දේව විශ්වාසීන් ලෙස නොසිටියෙහුය. එහෙයින් ඔවුහු දඬුවමට සුදුස්සන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلٰی ثَمُوْدَ اَخَاهُمْ صٰلِحًا ۘ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— قَدْ جَآءَتْكُمْ بَیِّنَةٌ مِّنْ رَّبِّكُمْ ؕ— هٰذِهٖ نَاقَةُ اللّٰهِ لَكُمْ اٰیَةً فَذَرُوْهَا تَاْكُلْ فِیْۤ اَرْضِ اللّٰهِ وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු වස් සමූද් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව අපි එව්වෙමු. සාලිහ් ඔවුනට: මාගේ ජනයිනි, ඔබ අල්ලාහ්ට පමණක් නමදින්න. නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු ඔබට නැත. මම කවර කරුණක් ඔබ වෙත ගෙන ආවේද එය තහවුරු කරමින් අල්ලාහ්ගෙන් පැහැදිලි සංඥාවක් ඔබ වෙත පැමිණ ඇත. එය ඔටු දෙනක් තුළ රැව් දුනි. ඌ කළුගල් පර්වතයකින් එළියට පැමිණීය. ඌට ජලය පානය කිරීමට වේලාවක් වෙන් කර ඇත. එමෙන්ම ජලය පානය කරන්නට නියමිත දිනයක් ඔබටද වෙන් කර ඇත. එහෙයින් අල්ලාහ්ගේ භූමියේ උලා කන්නට ඌ අතහැර දමනු. ඌට ආහාර සැපයීමේ වගකීම ඔබට නැත. එමෙන්ම කිසිදු හිංසාවක් ඔබ ඌට සිදු නොකළ යුතුය. ඌට හිංසා කිරීමේ හේතුවෙන් ඔබ වේදනීය දඬුවමට ලක් වනු ඇතැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي التّحلّي بالصبر في الدعوة إلى الله تأسيًا بالأنبياء عليهم السلام.
නබිවරුන් මුල් කර ගනිමින්, අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී ඉවසීම ප්රගුණ කර ගැනීම අවශ්ය වන්නේය.

• من أولويات الدعوة إلى الله الدعوة إلى عبادة الله وحده لا شريك له، ورفض الإشراك به ونبذه.
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී ප්රමුඛත්වය ලබා දිය යුත්තේ කිසිදු හවුල්කරුවකු නොමැති අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීමටත් ඔහුට අදේශ කිරීමට විරුද්ධ වී ඉන් ඉවත් වීමටත් කෙරෙන ඇරයුම වෙතය.

• الاغترار بالقوة المادية والجسدية يصرف صاحبها عن الاستجابة لأوامر الله ونواهيه.
කෙනෙකු ශාරීරික හා භෞතික බලයට මුළා වීම අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑට ප්රතිචාර දැක්වීමෙන් ඔහු ව වෙනතකට යොමු කරනු ඇත.

• النبي يكون من جنس قومه، لكنه من أشرفهم نسبًا، وأفضلهم حسبًا، وأكرمهم مَعْشرًا، وأرفعهم خُلُقًا.
නබිවරයා ඔහුගේම ප්රජාවෙන් කෙනෙකු වන්නේය. නමුත් කුලයෙන් ඔවුනට වඩා ප්රචලිතය. තත්ත්වයෙන් ඔවුනට වඩා ශ්රේෂ්ඨය. ජීවිතයෙන් ඔවුනට වඩා ගෞවරනීයය. මැවීමෙන් ඔවුනට වඩා උසස්ය.

• الأنبياء وورثتهم يقابلون السّفهاء بالحِلم، ويغضُّون عن قول السّوء بالصّفح والعفو والمغفرة.
නබිවරුන් හා ඔවුන්ගේ උරුමක්කරුවන් ඉවසීමෙන් යුතු ව අඥාන ජනයාට මුහුණ දෙති. නපුරු ප්රකාශ වලට සමාව දී නොසලකා හරිමින් ඒවා පාලනය කර ගනිති.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት