Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
وَاِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَاَنَّهٗ ظُلَّةٌ وَّظَنُّوْۤا اَنَّهٗ وَاقِعٌ بِهِمْ ۚ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاذْكُرُوْا مَا فِیْهِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟۠
අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ اَخَذَ رَبُّكَ مِنْ بَنِیْۤ اٰدَمَ مِنْ ظُهُوْرِهِمْ ذُرِّیَّتَهُمْ وَاَشْهَدَهُمْ عَلٰۤی اَنْفُسِهِمْ ۚ— اَلَسْتُ بِرَبِّكُمْ ؕ— قَالُوْا بَلٰی ۛۚ— شَهِدْنَا ۛۚ— اَنْ تَقُوْلُوْا یَوْمَ الْقِیٰمَةِ اِنَّا كُنَّا عَنْ هٰذَا غٰفِلِیْنَ ۟ۙ
අහෝ මුහම්මද්! ආදම්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර බිහි කර, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බවත්, ඔවුන්ගේ පරමාධිපති බවත්, සහජයෙන්ම ඔවුන් තුළ තැන්පත් කර ඇති දැයින් ඔහුගේ පරමාධිපත්යය තහවුරු කිරීමට තීරණය කොට, ‘ඔබේ පරමාධිපති මා නොවේදැ?’යි ඔවුන්ගෙන් ඔහු විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. එවිට ඔවුහු සියල්ලෝම, ‘එසේය, අපගේ පරමාධපති ඔබය’ යැයි පිළිතුරු දුන්නෝය. ඔහු, ‘සැබැවින්ම අපි නුඹලා ව පරීක්ෂාවට ලක් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා වෙත ඉදිරිපත් කළ අල්ලාහ්ගේ සාධක නුඹලා පිටු නොදැක, ඒ පිළිබඳ නුඹලාට කිසිදු දැනුමක් නොතිබුණු බව නුඹලා නොපවසනුු පිණිස අපි නුඹලා වෙතින් ප්රතිඥාවක් ගත්තෙමු’ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ تَقُوْلُوْۤا اِنَّمَاۤ اَشْرَكَ اٰبَآؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّیَّةً مِّنْ بَعْدِهِمْ ۚ— اَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُوْنَ ۟
සැබැවින්ම එම ගිවිසුම කඩමින් අල්ලාහ්ට ආදේශ කළේ නුඹලාගේ මුතුන්මිත්තන් යැයි නුඹලා හේතු සාධක නොපවසනු පිණිසත්ය. ඔවුන් කවර කරුණක් ආදේශ කරමින් සිටිනු ඔබ දුටුවේද, එම විෂයයෙහි නුඹලාත් නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරමින් හිඳ, ‘අල්ලාහ්ට ආදේශ තබමින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත් අපගේ මුතුන් මිත්තන් කළ වැරදි ක්රියාව හේතුවෙන් අප වැරදිකරුවන් කර අපට ඔබ දඬුවම් කරන්නෙහි ද? එහෙයින් අපගේ නොදැනුවත්කම හේතුවෙන් අපට කිසිදු පාපයක් හිමි නැත. අපි පිළිපැද්දේ අපගේ මුතුන්මිත්තන්' යැයි නුඹලා නොපවසනු පිණිසත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ وَلَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
බොරුකාර සමූහයන්ට අත් වූ ඉරණම පිළිබඳ පවසන මෙම පාඨ අපි පැහැදිලි කළාක් මෙන්ම, ඒවා ඔවුනටත් අපි පැහැදිලි කර සිටියෙමු. එය දෙවියන් වහන්සේට කළ ගිවිසුමේ සඳහන් පරිදි ඔවුන් වැටී සිටින දේව ආදේශයෙන් ඔවුන් මිදී අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ව නැමදුම් කිරීම වෙත ඔවුන් හැරී යාමේ යහපත් බලාපොරොත්තුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ الَّذِیْۤ اٰتَیْنٰهُ اٰیٰتِنَا فَانْسَلَخَ مِنْهَا فَاَتْبَعَهُ الشَّیْطٰنُ فَكَانَ مِنَ الْغٰوِیْنَ ۟
අහෝ දූතය! ඉස්රාඊල් දරුවන් අතර සිටි මිනිසෙකු පිළිබඳ තොරතුරු ඔවුනට කියවා පෙන්වනු. අපගේ වදන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔහු එය හදාරා එහි පෙන්වා දී තිබුණු සත්යය වටහා ගත්තේය. නමුත් ඔහු ඒ අනුව කටයුතු කළේ නැත. ඔහු එය අතහැර දමා ඉන් මිදුණේය. එවිට ෂෙයිතාන් ඔහුට බැඳුණේය. ඔහුගේ සමීප මිතුරෙකු බවට ඔහු පත් විය. යහමග ලබා සාර්ථකත්වය උදා කර ගත්තවුන් අතරට ඔහු පත් වීමෙන් පසු, මුළා වී විනාශය උදා කරගත් අය අතරට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شِئْنَا لَرَفَعْنٰهُ بِهَا وَلٰكِنَّهٗۤ اَخْلَدَ اِلَی الْاَرْضِ وَاتَّبَعَ هَوٰىهُ ۚ— فَمَثَلُهٗ كَمَثَلِ الْكَلْبِ ۚ— اِنْ تَحْمِلْ عَلَیْهِ یَلْهَثْ اَوْ تَتْرُكْهُ یَلْهَثْ ؕ— ذٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
මෙම වදන් තුළින් ඔහුට සෙත සලසන්නට අපි අභිමත කළේ නම් ඒවා ක්රියාවට නැංවීම සඳහා අපි ඔහුට ආශිර්වාද කරමින් ඔහු උසස් කරන්නට තිබුණි. එවිට ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහිද උසස්කම් ලබනු ඇත. නමුත් මතු ලොවට වඩා මෙලොව ඔහුට බලපෑම් ඇති කර තිබෙන බැවින් මෙලොව ජීවිතයේ ආශාවන් වෙත නැඹුරු වන විට, ඔහුගේ අසාර්තකත්වය වෙත ගෙන යන දෑ ඔහු තෝරා ගත්තේය. ඔහුගේ සිත ආශා කළ ව්යාජ දෑ අනුගමනය කළේය. මෙලොව මත තිබූ ඔහුගේ කෑදර කමට උපමාව කිසිදු තත්ත්වයකදී තම දිව දිගු කිරීම අත් නොහරින සුනඛයකුට සමානය. ඌ ළං කර ගත්තද දිව දිගු කරයි. එළවා දමනු ලැබුව ද ඌ දිව දිගු කරයි. මෙසේ සඳහන් කරනු ලබන උපමාව අපගේ වදන් බොරු කරන නොමග ගිය පිරිසට සමානය. අහෝ දූතය! ඔවුන් සත්යය වටහා ගෙන, ඔවුන් බොරු කිරීමෙන් හා මුළා වීමෙන් මිදිය හැකි වේවි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත මෙම තොරතුරු පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَآءَ مَثَلَا ١لْقَوْمُ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَاَنْفُسَهُمْ كَانُوْا یَظْلِمُوْنَ ۟
අපගේ සාධක හා අපගේ සාක්ෂි බොරු කොට, ඒවා සත්ය බව තහවුරු නොකරන්නා වූ පිරිසකට වඩා නපුරු පිරිසක් වෙනත් නැත. එමගින් ඔවුහු විනාශය ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධ කර ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِیْ ۚ— وَمَنْ یُّضْلِلْ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
අල්ලාහ් ඍජු මාර්ගය වෙත මග ලබන්නට කවරෙකුට ආශිර්වාද කරන්නේ ද ඔහු සැබෑ ලෙසින්ම ඍජු මග ලබන්නෙකු වේ. ඔහු කවරෙකු ඍජු මාර්ගයෙන් දුරස් කරන්නේද එවැන්නන් සැබෑ ලෙසින්ම ඔවුන් සතු කොටස අහිමි කරගත්තවුන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ටත්, ඔවුන්ගේ පවුල් වලටත් අලාභය ගෙන දුන්නෝ ඔවුන්ය. පැහැදිලි පරාජය එය නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المقصود من إنزال الكتب السماوية العمل بمقتضاها لا تلاوتها باللسان وترتيلها فقط، فإن ذلك نَبْذ لها.
•දිව්යමය පුස්තක පහළ කිරීමේ අරමුණ වනුයේ, එහි ඇති නියමයන් ක්රියාවට නැංවීම මිස හුදෙක් එය මුවින් පාරායනය කිරීමට හෝ ගායනා කිරීමට පමණක් නොවේ. සැබැවින්ම එය ඒ සඳහා වූ සුළු ක්රියාවක් පමණි.

• أن الله خلق في الإنسان من وقت تكوينه إدراك أدلة الوحدانية، فإذا كانت فطرته سليمة، ولم يدخل عليها ما يفسدها أدرك هذه الأدلة، وعمل بمقتضاها.
•මිනිසා මැවූ අවස්ථාවේ සිට ම ඒක දේවත්වයේ සාක්ෂි පිළිබඳ දැනුවත්භාවය අල්ලාහ් ඔහු තුළ මැවීය. එහෙයින් ඔහුගේ ස්වභාවය ආරෝග්යමත් නම්, එකී සාක්ෂි ලැබීම පළුඳු කරන කිසිවක් ඒ තුළිට පිවිසෙන්නේ නැත. ඔහු ඒ අනුව ක්රියා කරනු ඇත.

• في الآيات عبرة للموفَّقين للعمل بآيات القرآن؛ ليعلموا فضل الله عليهم في توفيقهم للعمل بها؛ لتزكو نفوسهم.
•අල්-කුර්ආනයේ වදන් වලට අනුකූලව ක්රියා කරන භාග්යවන්තයින්හට පාඩමක් මෙම වදන් වල ඇත. එය එසේ ක්රියා කිරීම සඳහා ඔවුන් වෙත පිරිනමන ලද ආශිර්වාදය තුළ අල්ලාහ්ගේ භාග්ය ඔවුන් දැන ගනු පිණිස හා ඔවුන්ගේ ආත්මාවන් පිරිසිදු කර ගනු පිණිසය.

• في الآيات تلقين للمسلمين للتوجه إلى الله تعالى بطلب الهداية منه والعصمة من مزالق الضلال.
•අල්ලාහ්ගෙන් යහමග හා තමන් මුළාවේ ලිස්සා වැටීමෙන් ආරක්ෂාව පැතීමෙන් ඔහු වෙත යොමු වන්නට මුස්ලිම් වරුන්හට මග පෙන්වීමක් මෙම දේව වාක්යයන් තුළ ඇතුළත් ව ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት