Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
فَاِذَا جَآءَتْهُمُ الْحَسَنَةُ قَالُوْا لَنَا هٰذِهٖ ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ یَّطَّیَّرُوْا بِمُوْسٰی وَمَنْ مَّعَهٗ ؕ— اَلَاۤ اِنَّمَا طٰٓىِٕرُهُمْ عِنْدَ اللّٰهِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
ෆිර්අවුන්ගේ පිරිසට සාරවත් අස්වනු, සාරවත් පලතුරු හා වාසිදායක මිලක් පැමිණි විට ඔවුහු, ‘අපි එයට සුදුසුකම් ලද්දන් බැවින් හා එය ලබන්නට අප විශේෂිතයින් බැවින් එය අපට පිරිනමන ලදී යැයි පවසති. ඔවුනට යම් නියඟයක්, සාගින්නක් අධික ලෙඩ රෝග හා වෙනත් විපාක අත් වූ විට හෝ වැලඳුණු විට එය මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන්ගේ අභාග්යවන්තකම නිසාවෙන්' යැයි පවසති. ඔවුනට අත් වූ ඒ සියල්ල අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවූවකි. මූසා (අලය්හිස් සලාම්) තුමා ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම හැර ඔවුනට හෝ මූසාට හෝ එහි කිසිදු අයිතියක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන වටහා ගන්නේ නැත. අල්ලාහ් නොවන දෑ වෙත ඔවුහු එය සම්බන්ධ කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا مَهْمَا تَاْتِنَا بِهٖ مِنْ اٰیَةٍ لِّتَسْحَرَنَا بِهَا ۙ— فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِیْنَ ۟
සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින්, ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පැවසීය. “ඔබ කවර සංඥාවක් හෝ සාධකයක් හෝ අප වෙත ගෙන ආවත් අප සිටින ස්ථාවරයෙන් වෙනතකට යොමු කිරීම සඳහා, එය ව්යාජයක් බව ඔප්පු කිරීමට හා ඔබ කවර කරුණක් ගෙන ආවද එය සත්යය බව නිරුපණය කිරීමට ඔබ කවර තර්කයක් ඉදිරිපත් කළත් අපි ඔබ ව සත්යවන්තයකු බව විශ්වාස නොකරන්නෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرْسَلْنَا عَلَیْهِمُ الطُّوْفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ اٰیٰتٍ مُّفَصَّلٰتٍ ۫— فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِیْنَ ۟
ඔවුන් බොරු කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙන් අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. ඔවුන්ගේ ගොයම් හා පලතුරු වගාවන් දියේ ගිලිණ. තවද අපි ඔවුන් වෙත පළගැටියන් එව්වෙමු. උන් ඔවුන්ගේ බෝග වගාවන් කා දැමීය. තවද අපි ඔවුන් වෙත මැක්කන් හා උකුණන් එව්වෙමු. ඒවා ඔවුන්ගේ පැළෑටි විනාශ කර දැමීය. මිනිසාගේ කෙස් තුළට පිවිස ඔවුනට වේදනාව ගෙන දුනි. තවද අපි ඔවුන් වෙත ගෙම්බන් එව්වෙමු. ඔවුන්ගේ බහාලුම් උන්ගෙන් පිරී ගිය අතර උන් ඔවුන්ගේ ආහාර නරක් කර දැමීය. තවද අපි ඔවුන් වෙත රුධිරය එව්වෙමු. ඔවුන්ගේ ළිං හා ඔවුන්ගේ ගංගාවන් ලේ බවට පත් විය. මේ සියලු සංඥාවන් වෙන් වෙන් ව, එකින් පසු එකක් ලෙස අපි එව්වෙමු. ඔවුනට අත් වූ සෑම දඬුවමකින්ම අල්ලාහ් පිළිබඳ විශ්වාසයත් මූසා (අලය්හිස් සලාම්) තුමාණන් ගෙන ආ දෑ තහවුරු වීමත් මෙමගින් සිදු විය. නමුත් ඔවුහු පාපකම් සිදු කරන පිරිසක් වූහ. ව්යාජ දැයින් ඔවුන් ඉවත් වූයේ නැත. සත්යය වෙත මග ලැබුවේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا وَقَعَ عَلَیْهِمُ الرِّجْزُ قَالُوْا یٰمُوْسَی ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۚ— لَىِٕنْ كَشَفْتَ عَنَّا الرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ۚ
මෙම සිදුවීම් තුළින් ඔවුනට දඬුවම අත් වූ කල්හි ඔවුහු මූසා (අලය්හිස් සලාම්) වෙත යොමු වී: “අහෝ මූසා! ඔබට විශේෂයෙන් පිරිනමා ඇති දූතත්වය හා පාපක්ෂමා අයැද සිටීමෙන් මෙම දඬුවම ඉවත් වන බවට ඔබ වෙත ප්රතිඥා දී තිබීම මුල් කර ගනිමින් අපට අත් වී ඇති මෙම දඬුවම අපෙන් ඉවත් කරන මෙන් ඔබ ඔබේ පරමාධිපතිට අප වෙනුවෙන් පාර්ථනා කර සිටිනු. එසේ අපෙන් එය ඉවත් වූයේ නම් සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. ඔබ සමග ඉස්රාඊල් දරුවන් එවන්නෙමු. ඔවුනට නිදහස දෙන්නෙමු” යැයි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الرِّجْزَ اِلٰۤی اَجَلٍ هُمْ بٰلِغُوْهُ اِذَا هُمْ یَنْكُثُوْنَ ۟
නමුත් ඔවුන් දියේ ගිල්වා විනාශ කිරීමට පෙර නියමිත කාලයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළ කල්හි, සත්යය බව විශ්වාස කරන බවටත්, ඉස්රාඊල් දරුවන් එවන බවටත්, ඔවුන් විසින්ම ගත් ගිවිසුම ඔවුහු කඩ කළෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව නිරත ව සිටියෝය. මූසා (අලය්හිස් සලාම්) තුමා සමග ඉස්රාඊල් දරුවන් එවීමෙන් ඔවුහු වැළකී සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْتَقَمْنَا مِنْهُمْ فَاَغْرَقْنٰهُمْ فِی الْیَمِّ بِاَنَّهُمْ كَذَّبُوْا بِاٰیٰتِنَا وَكَانُوْا عَنْهَا غٰفِلِیْنَ ۟
ඔවුන් විනාශ කිරීම සඳහා නියමිත කාලය පැමිණි මොහොතේ ඔවුන් මුහුදේ ගිල්වා, ඔවුනට අපගේ දඬුවම පහළ කළෙමු. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කොට එහි කිසිදු සැකයක් නොමැති සත්යය පෙන්වා දුන් දෑ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَوْرَثْنَا الْقَوْمَ الَّذِیْنَ كَانُوْا یُسْتَضْعَفُوْنَ مَشَارِقَ الْاَرْضِ وَمَغَارِبَهَا الَّتِیْ بٰرَكْنَا فِیْهَا ؕ— وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنٰی عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— بِمَا صَبَرُوْا ؕ— وَدَمَّرْنَا مَا كَانَ یَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهٗ وَمَا كَانُوْا یَعْرِشُوْنَ ۟
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඉතා පහත් ලෙස සලකනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට මහපොළොවේ නැගෙනහිර හා බටහිර අපි උරුම කර දුන්නෙමු. ඉන් අදහස් කෙරුනේ සිරියා දේශයයි. එය අල්ලාහ් උපරිමයෙන් පලතුරු හා භෝග වගාවන් හට ගන්වා සමෘද්ධිමත් කළ දේශයකි. අහෝ දූතය! අල්ලාහ්ගේ අලංකාර ප්රකාශය සම්පූර්ණ විය. සූරතුල් කසස් හි එය මෙසේ සඳහන් කරනු ලැබ ඇත. “එම භූමියේ බලහීන වූ දුර්වලයින් හට අපි ආශිර්වාද කරන්නනටත්, ඔවුන් ව එකම සමූහයක් බවට පත් කරන්නටත්, ඔවුන් උරුමක්කරුවන් බවට පත් කරන්නටත් අපි අපේක්ෂා කරමු.” ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඔවුනට දුන් වේදනාවන් මත ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, අල්ලාහ් ඔවුනට එම භූමියෙහි පහසුකම් සැලසීය. ෆිර්අවුන් වගා කළ භූමි හා ඉදි කළ නවාතැන් ද ඔවුන් විසින් ඉදි කරමින් සිටි මාළිගාවන් ද අපි විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الخير والشر والحسنات والسيئات كلها بقضاء الله وقدره، لا يخرج منها شيء عن ذلك.
යහපත හා අයහපත මෙන්ම කුසල හා අකුසල යන සියල්ල අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය අනුව පිහිටන්නේය. එයින් කිසිවක් බැහැරට නොයනු ඇත.

• شأن الناس في وقت المحنة والمصائب اللجوء إلى الله بدافع نداء الإيمان الفطري.
විපතක දී හෝ ව්යසනයක දී හෝ සහජ විශ්වාසයේ ඇරයුමෙන් පෙලඹී, අල්ලාහ් වෙත යොමු වීම මිනිසාගේ කාර්යය වන්නේය.

• يحسن بالمؤمن تأمل آيات الله وسننه في الخلق، والتدبر في أسبابها ونتائجها.
දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට අලංකාර වනුයේ, අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් පිළිබඳ හා මැවීම් තුළ ඇති ඔහුගේ න්යායයන් පිළිබඳ වටහා ගැනීමත් එහි කරුණු සාධක හා ප්රයෝජන පිළිබඳව පරිශීලනය කිරීමත්ය.

• تتلاشى قوة الأفراد والدول أمام قوة الله العظمى، والإيمان بالله هو مصدر كل قوة.
අල්ලාහ්ගේ ශ්රේෂ්ඨ බලය ඉදිරියේ පුද්ගලයින් හා දේශයන්හි බලය අතුරුදහන් වන අතර අල්ලාහ් පිළිබඳ වූ විශ්වාසය සියලු බලයන්හි උල්පත වන්නේය.

• يكافئ الله تعالى عباده المؤمنين الصابرين بأن يمكِّنهم في الأرض بعد استضعافهم.
අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් ඉවසිලිවන්ත දේව විශ්වාසී ජනයාට ඔවුන් දුර්වල වූවායින් පසු මහපොළොවේ පහසුකම් ඔහු ඔවුනට සලසා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት