Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
وَالْبَلَدُ الطَّیِّبُ یَخْرُجُ نَبَاتُهٗ بِاِذْنِ رَبِّهٖ ۚ— وَالَّذِیْ خَبُثَ لَا یَخْرُجُ اِلَّا نَكِدًا ؕ— كَذٰلِكَ نُصَرِّفُ الْاٰیٰتِ لِقَوْمٍ یَّشْكُرُوْنَ ۟۠
සාරවත් පොළොව අල්ලාහ්ගේ අනුහසින් එහි පැළෑටි පූර්ණවත් ලෙස සරුවට මතු කරනු ඇත. එලෙසම දේවත්වය විශ්වාස කරන්නෙකු උපදෙසට සවන් දී එමගින් ප්රයෝජන ලබනු ඇත. දැහැමි ක්රියාවන් සිදු කරනු ඇත. නිසරු ලුණු සහිත වගුරු බිම් යහපතක් නැති දුර්ලබ දෑ හැර පැළෑටි හට ගන්වන්නේ නැත. එලෙස දේව ප්රතික්ෂේපකයාද උපදෙස් මගින් ප්රයෝජන නොලබනු ඇත. තමන්ට ඵල දෙන දැහැමි ක්රියාවන් සිදු නොකරනු ඇත. මෙවන් විවිධ උත්පාදන මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදවලට කෘතගුණ සලකන, එයට ගුණමකු නොවන, තම පරමාධිපතිට අවනත වන පිරිසකට සත්යය තහවුරු කිරීම පිණිස සාක්ෂි හා සාධක විවිධ අයුරින් අපි ගෙනහැර පාන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖ فَقَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
සැබැවින්ම අපි නූහ්ව, ඔහුගේ සමූහයා අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමටත්, ඔහු හැර පවතින සෙසු නැමදුම් ඔවුන් අතහැර දමන මෙන් ඇරයුම් කිරීමටත් ඔහු ඔවුන් අතරට එව්වෙමු. ඔහු තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. මාගේ ජනයිනි! දේව ප්රතික්ෂේපය මත ඔබේ අවධානය පිහිටන තත්ත්වයක මහත් වූ දිනයක දඬුවම ඔබ මත පහළ වීම ගැන සැබැවින්ම මම බිය වෙමි" යැයි පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ الْمَلَاُ مِنْ قَوْمِهٖۤ اِنَّا لَنَرٰىكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
ඔහුගේ සමූහයා අතර සිටි නායකයෝ හා ප්රධානීහු "අහෝ නූහ්! නිවැරදි දැයින් ඔබ දුරස්ව සිටිනු අපි පැහැදිලිව දකින්නෙමු" යැයි ඔහුට පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰقَوْمِ لَیْسَ بِیْ ضَلٰلَةٌ وَّلٰكِنِّیْ رَسُوْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
නූහ් තම සමූහයා අතර සිටි ප්රධානීන් හට, "නුඹලා විශ්වාස කරන්නාක් මෙන් මම නොමඟ ගිය අයකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ යහමග මත සිටිමි. සැබැවින්ම මම මාගේ පරමාධිපති වන ඔබේද පරමාධිපති වන සියලු ලෝක වැසියන්ගේද පරමාධිපති වන අල්ලාහ් වෙතින් ඔබ වෙත ආ දූතයකු වෙමි." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُبَلِّغُكُمْ رِسٰلٰتِ رَبِّیْ وَاَنْصَحُ لَكُمْ وَاَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
අල්ලාහ් මා වෙත දැනුම් දුන් දැයින්, කවර කරුණක් ඔබ වෙත දැනුම් දෙන මෙන් ඔහු ඔබ වෙත එව්වේද, එය මා ඔබට දැනුම් දෙමි. අල්ලාහ්ගේ නියෝග පිළි පැදීම හා ඒ මත පදනම් වූ කුසල් පිළිබඳ ඔබට කැමැත්ත ඇති කරමින් හා ඔහු තහනම් කළ දෑ තහනම් කර ඒ මත පදනම් වූ දඬුවම ගැන බිය ගන්වමින් ඔබට යහපත කරන්නට මම අපේක්ෂා කරමි. අල්ලාහ් මට දේව පණිවිඩ හරහා ඉගැන්වූ, ඔබ නොදන්නා දෑ මම ඔහුගෙන් දැන ගනිමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَعَجِبْتُمْ اَنْ جَآءَكُمْ ذِكْرٌ مِّنْ رَّبِّكُمْ عَلٰی رَجُلٍ مِّنْكُمْ لِیُنْذِرَكُمْ وَلِتَتَّقُوْا وَلَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
ඔබ අතුරින්ම ඔබ හඳුනන මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ උපදෙසක් හා පණිවිඩයක් ඔබ වෙත පැමිණීම ඔබට පුදුමය දන්වන්නේද? මවිතයට පත් කරන්නේද? ඔබ අතරම ඔහු වැඩුණි. ඔහු බොරු කාරයකු හෝ නොමග ගිය අයකු නොවීය. වෙනත් වර්ගයක කෙනෙකු ද නොවීය. ඔබ බොරු කොට ප්රතික්ෂේප කරන විට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබ බියවැද්දීමට ඔහු ඔබ අතරට පැමිණියේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් වනු පිණිසද, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඔබ කරුණාවට ලක්වීමේ ආශාවෙන් ඔහු ඔබ අතර පැමිණියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَاَنْجَیْنٰهُ وَالَّذِیْنَ مَعَهٗ فِی الْفُلْكِ وَاَغْرَقْنَا الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا عَمِیْنَ ۟۠
ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔහුව විශ්වාස කළේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ඔවුහු රැඳී සිටියෝය. ඔවුන් විනාශ කරන මෙන් ඔවුනට එරෙහිව ඔහු අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේය. ඔහු හා ඔහු සමග නැවෙහි ගමන් කළ දේව විශ්වාසී ජනයා දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු. අපගේ වදන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම රැඳී සිටි ජනයා, මහා ජලගැල්ම හේතුවෙන් දියේ ගිල්වා අපි විනාශ කළෙමු. එය ඔවුනට දඬුවමක් වශයෙනි. සැබැවින්ම ඔවුන්ගේ හදවත් සත්යයයෙන් අන්ධ වී තිබිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِلٰی عَادٍ اَخَاهُمْ هُوْدًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اَفَلَا تَتَّقُوْنَ ۟
ආද් ගෝත්රය වෙත ඔවුන් අතුරින් වූ දූතයකු අපි එව්වෙමු. ඔහු හූද් (අලයිහිස් සලාම්) තුමාය. හෙතෙම: "අහෝ මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ්ගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිස අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට ඔබ භක්තිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ الْمَلَاُ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖۤ اِنَّا لَنَرٰىكَ فِیْ سَفَاهَةٍ وَّاِنَّا لَنَظُنُّكَ مِنَ الْكٰذِبِیْنَ ۟
ඔහුගේ සමූහයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළ නායකයින් හා ප්රධානීන්, "අහෝ හූද්! සැබැවින්ම ඔබ අල්ලාහ්ට පමණක් නමදින්නටත්, පිළිම වන්දනාව අතහැරීමටත් ඔබ අප ඇරයුම් කරන අවස්ථාවේ ඔබේ බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය අපි දකින්නෙමු. සැබැවින්ම ඔබ එවනු ලැබූ රසුල්වරයකු බවට ඔබ වාද කරන විෂයයෙහි සැබැවින්ම ඔබ බොරු කාරයකු ලෙස අපි තරයේ විශ්වාස කරන්නෙමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰقَوْمِ لَیْسَ بِیْ سَفَاهَةٌ وَّلٰكِنِّیْ رَسُوْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
තම සමූහයාට පිළිතුරු වශයෙන් හූද් තුමා මෙසේ පැවසීය: "අහෝ මාගේ ජනයිනි! බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය මාහට නැත. සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ දූතයකි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأرض الطيبة مثال للقلوب الطيبة حين ينزل عليها الوحي الذي هو مادة الحياة، وكما أن الغيث مادة الحياة، فإن القلوب الطيبة حين يجيئها الوحي، تقبله وتعلمه وتنبت بحسب طيب أصلها، وحسن عنصرها، والعكس.
යහපත් හදවත මත ජීවිතයේ සාරය වන දිව්යමය පණිවිඩ පහළ වන විට එයට යහපත් භූමිය උපමාවක් වන්නේය. ජීවිතයේ සාරය වන වර්ෂාව මෙන් යහපත් හදවත තුළට දිව්යමය පණිවිඩ පැමිණි විට එය වෙනස් වන්නේය. එය වටහා ගන්නේය. එහි සාරවත් මුල් හා එහි අලංකාර සංරචක අනුකූල ව වැඩෙන්නේය. එයට පටහැණි වූ විට ප්රතිවිරුද්ධ විපාක සිදු වනු ඇත.

• الأنبياء والمرسلون يشفقون على الخلق أعظم من شفقة آبائهم وأمهاتهم.
වක්තෘවරුන්ට සහ දහම් දූතයින්ට ඔවුන්ගේ පියවරුන්ගේ සහ මව්වරුන්ගේ අනුකම්පාවට වඩා සෙසු මැවීම කෙරෙහි අනුකම්පාවක් ඇත.

• من سُنَّة الله إرسال كل رسول من قومه وبلسانهم؛ تأليفًا لقلوب الذين لم تفسد فطرتهم، وتيسيرًا على البشر.
සෑම දහම් දූතයකුම ඔහුගේ ප්රජාව අතුරින්ම හා ඔවුන්ගේ භාෂාවෙන්ම ඔවුන් වෙත එවීම අල්ලාහ්ගේ පිළිවෙතයි. එය මිනිසුනට පහසු වනු පිණිසත් සහජ බුද්ධිය දූෂිත නොවූ අයගේ හදවත් ඒ සමග බැඳෙනු පිණිසත්ය.

• من أعظم السفهاء من قابل الحق بالرد والإنكار، وتكبر عن الانقياد للعلماء والنصحاء، وانقاد قلبه وقالبه لكل شيطان مريد.
සත්යය ප්රතික්ෂේප කොට එය පිටුපා කටයුතු කරන විද්වතුන් හා උපදේශකයින්ට අවනත වීමෙන් බැහැර ව උඩඟුකම්පාන තම හදවතට වහල් වී සැක ඇති කරන සෑම නපුරු බලවේගයකටම තම හදවත පුදන්නා මහා අඥානියෙකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት