Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
وَاِذْ قَالَتْ اُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُوْنَ قَوْمَا ۙ— ١للّٰهُ مُهْلِكُهُمْ اَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا ؕ— قَالُوْا مَعْذِرَةً اِلٰی رَبِّكُمْ وَلَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
අහෝ දූතය! තවදුරටත් ඔබ මෙනෙහි කරනු. මෙම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔවුන් වැළැක් වූ පිරිසක් ද ඔවුන් අතර විය. ඔවුන් ඒ ගැන ඔවුනට අවවාද කළෝය. තවත් පිරිසක් ඔවුන් අමතා, 'තමන් සිදු කළ පාපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් මෙලොවෙහි විනාශ කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැ?'යි විමසා සිටියේය. එයට උපදෙස් දුන්නෝ, ‘එසේ අපි ඔවුන්ට උපදෙස් දෙනුයේ යහපත විධානය කරන මෙන් ද අයහපතින් වළක්වන මෙන් ද අල්ලාහ් අපට කළ නියෝගය අතහැර දැමීමෙන් ඔහු අප වරදකරුවන් ලෙස නොගෙන අපි ඔහුට නිදහසට කරුණු දැක්වීමට හැකි වනු පිණිසය. ඇතැම් විට එම උපදෙස ඔවුනට ප්රයෝජනවත් වී, ඔවුන් කවර පාපයක නිරත වී සිටින්නේද එයින් ඔවුන් මිදෙන්නට පුළුවන.' යැයි කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا نَسُوْا مَا ذُكِّرُوْا بِهٖۤ اَنْجَیْنَا الَّذِیْنَ یَنْهَوْنَ عَنِ السُّوْٓءِ وَاَخَذْنَا الَّذِیْنَ ظَلَمُوْا بِعَذَابٍۭ بَىِٕیْسٍ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟
උපදේශයකින් තමන්ට කළ උපදෙස පාපිෂ්ඨයින් ප්රතික්ෂේප කොට ඔවුන් එයින් නොවැළකුනු අවස්ථාවේ එම පිළිකුල් සහගත ක්රියාවෙන් වළැක් වූ ඔවුන් දඬුවමින් මුදවා, සෙනසුරාදා දින මසුන් අල්ලා සීමාව ඉක්මවමින් කටයුතු කළ අපරාධකරුවන් දැඩි දඬුවමකින් අපි හසු කර ගත්තෙමු. එය ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවින් හා ඔවුන් පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටි බැවීණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا عَتَوْا عَنْ مَّا نُهُوْا عَنْهُ قُلْنَا لَهُمْ كُوْنُوْا قِرَدَةً خٰسِىِٕیْنَ ۟
උඩඟුකමින් හා මුරණ්ඩුකමින් අල්ලාහ්ට පිටුපෑමෙහි ඔවුන් සීමාව ඉක්මවා ගොස් උපදෙස් නොලැබූ කල්හි අපි ඔවුනට: "අහෝ පාපිෂ්ඨයිනි! නුඹලා නීච වඳුරන් මෙන් වනු" යැයි පැවසුවෙමු. එවිට අපි සිතූ පරිදි ම ඔවුන් පත් වූහ. නියත වශයෙන්ම යමක් පිළිබඳ අපගේ ස්ථාවරය වනුයේ අපි ඒ ගැන සිතා එයට 'වනු' යැයි පැවසූ වහා ම එය සිදුවීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ تَاَذَّنَ رَبُّكَ لَیَبْعَثَنَّ عَلَیْهِمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ یَّسُوْمُهُمْ سُوْٓءَ الْعَذَابِ ؕ— اِنَّ رَبَّكَ لَسَرِیْعُ الْعِقَابِ ۖۚ— وَاِنَّهٗ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් යුදෙව්වන් මත ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් අපහාසයට ලක් කරන, ඔවුන් යටපත් කරන පිරිසක් ආධිපත්යය දරනු ඇතැයි කිසිදු සැකයකින් තොරව ඉතා පැහැදිලි ව අල්ලාහ් දැනුම් දුන් අවස්ථාව ද ඔවුනට මෙනෙහි කරනු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුට පිටුපාන්නන්හට දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එම දඬුවම ඔහු මෙලොවෙහිම ඔවුනට ඉක්මන් කර දෙයි. නමුත් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමාවෙහි නිරත ව, ඔහු වෙත හැරෙන්නේද ඔවුන්ගේ පාපකම් වලට සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَطَّعْنٰهُمْ فِی الْاَرْضِ اُمَمًا ۚ— مِنْهُمُ الصّٰلِحُوْنَ وَمِنْهُمْ دُوْنَ ذٰلِكَ ؗ— وَبَلَوْنٰهُمْ بِالْحَسَنٰتِ وَالسَّیِّاٰتِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
මහපොළොවේ ඔවුන් එක් ව සිටියායින් පසු අපි ඔවුන් වෙන් කළෙමු. එහි ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදුවෙමු. ඔවුන් අතර අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන දැහැමියෝද වෙති. එමෙන්ම ඔවුන් අතර ආර්ථික පහසුකම් ඇත්තෝද වෙති. පාපකම් සිදු කරමින් තමන් විනාශ කර ගන්නෝද වෙති. ඔවුන් කවර තත්වයක සිටින්නේද ඉන් හැරීමේ යහපත් අපේක්ෂාවෙන් පහසුව හා දුෂ්කරතාව මගින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ وَّرِثُوا الْكِتٰبَ یَاْخُذُوْنَ عَرَضَ هٰذَا الْاَدْنٰی وَیَقُوْلُوْنَ سَیُغْفَرُ لَنَا ۚ— وَاِنْ یَّاْتِهِمْ عَرَضٌ مِّثْلُهٗ یَاْخُذُوْهُ ؕ— اَلَمْ یُؤْخَذْ عَلَیْهِمْ مِّیْثَاقُ الْكِتٰبِ اَنْ لَّا یَقُوْلُوْا عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ وَدَرَسُوْا مَا فِیْهِ ؕ— وَالدَّارُ الْاٰخِرَةُ خَیْرٌ لِّلَّذِیْنَ یَتَّقُوْنَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
ඔවුන්ගෙන් පසු ඔවුන් නියෝජනය කරමින් තවත් නපුරු පිරිසක් පැමිණියේය. ඔවුන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් තව්රාතය හදාරා එය කියෙව්වෝය. නමුත් එහි ඇති දෑ ඔවුන් වටහා ගත්තේ නැත. අල්ලාහ්ගේ පුස්තකය ඔවුන් විකෘති කිරීමටත් එහි පහළ කරනු නොලැබූ දැයින් ජනයා අතර තීන්දු තීරණ දීමටත් මෙලොව අල්ප වස්තුව අල්ලස් ලෙස ඔවුහු ගත්තෝය. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇතැයි ඔවුහු සිතුවෝය. නොවටිනා ලෞකික සම්පත් ඔවුන් වෙත පැමිණි විට, එය නැවත නැවතත් අයුතු ලෙස ගත්තෝය. කිසිදු වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව සත්යය මිස අල්ලාහ් මත වෙනකක් නොපැවසිය යුතු බවට අල්ලාහ් ඔවුන්ගෙන් ප්රතිඥා හා ගිවිසුම් නොගත්තේ ද? ඔවුන් එම පුස්තකයට අනුව ක්රියා කිරීම අතහැර දැමුවේ අඥානකමින් නොව ඒ ගැන දැනුවත්වමය. එහි ඇති දෑ කියවා ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ පාපය ඉතා බරපතළය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට හිමි වන මතු ලොව නිවහනත්, මතු ලොව නිවහනෙහි සදා ලැබෙන සුවයත් ඒ අල්ප වස්තුවට වඩා උතුම්ය. මෙම අල්ප වස්තුව අයුතු ලෙස ලබා ගන්නන්, සැබැවින්ම අල්ලාහ් මතු ලොවෙහි ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට සූදානම් කර ඇති දෑ ශ්රේෂ්ඨ බවත් එය සදා පවතින්නක් බවට වටහා නො ගත්තෝද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یُمَسِّكُوْنَ بِالْكِتٰبِ وَاَقَامُوا الصَّلٰوةَ ؕ— اِنَّا لَا نُضِیْعُ اَجْرَ الْمُصْلِحِیْنَ ۟
අල් කුර්ආනය පිළිපැද, එහි ඇති දෑ ක්රියාවට නංවා සලාත්, නැමදුම් ඒවායෙහි වේලාවන් කොන්දේසි අනිවාර්ය අංගයන් හා නබි පිළිවෙත් සුරක්ෂිතව පිළිපදිමින් විධිමත් ව ඉටු කරන්නන් වනාහි, අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. දැහැමි ක්රියාවන් කරන කිසිවකුගේ ප්රතිඵල ඔහු නිෂ්ඵල කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إذا نزل عذاب الله على قوم بسبب ذنوبهم ينجو منه من كانوا يأمرون بالمعروف وينهون عن المنكر فيهم.
•තම පාපකම් හේතුවෙන් පිරිසක් මත අල්ලාහ්ගේ දඬුවම පහළ වූ විට, ඔවුන් අතර සිටි යහපත විධානය කොට අයහපතින් වැළැක්වූවන් එයින් මිඳුණෝය.

• يجب الحذر من عذاب الله؛ فإنه قد يكون رهيبًا في الدنيا، كما فعل سبحانه بطائفة من بني إسرائيل حين مَسَخَهم قردة بسبب تمردهم.
•අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වීම අනිවාර්යය වන්නේය. එය ඉස්රාඊල් ජනයාගෙන් පිරිසක් කැරලි ගැසීම හේතුවෙන් වඳුරන් බවට වෙනස් කළ අවස්ථාවේ අල්ලාහ් සිදු කළාක් මෙන් සැබැවින්ම එය මෙලොවෙහි පවතින භයානක තත්ත්වයකි.

• نعيم الدنيا مهما بدا أنه عظيم فإنه قليل تافه بجانب نعيم الآخرة الدائم.
•ඉස්රාඊල් ජනයාට නින්දාව හා ජීවත් වීමේ අවකාශය අල්ලාහ් නියම කර ඇති අතර, ඔවුන්ගේ අසාධාරණය හා අපගමනය හේතුවෙන් ඔවුන්ට පීඩා කරනු ලබන සෑම කාල පරිච්ඡේදයකටම ඔහු ඔවුනට අවසර දුන්නේය.

• أفضل أعمال العبد بعد الإيمان إقامة الصلاة؛ لأنها عمود الأمر.
•මෙලොව සුවපහසුකම් කෙතරම් ඉමහත් ලෙස දිස් වුව ද සදාකාලික මතුලොවෙහි පවතින සුවපහසුකම් සමඟ බැලීමේ දී සැබැවින්ම එය ඉතා අල්පය.

• كتب الله على بني إسرائيل الذلة والمسكنة، وتأذن بأن يبعث عليهم كل مدة من يذيقهم العذاب بسبب ظلمهم وانحرافهم.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ගැත්තා සිදු කරන ක්රියාවන් අතුරින් අති උතුම් ක්රියාව වනුයේ සලාතය විධිමත්ව ඉටු කිරීමය. ඊට හේතුව සැබැවින් එය කරුණු වල මුදුන් මුල වන බැවිණි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት