Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
قَالَا رَبَّنَا ظَلَمْنَاۤ اَنْفُسَنَا ٚ— وَاِنْ لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟
"'අපගේ පරමාධිපතියාණනි! එම ගසින් අනුභව කිරීම අපට ඔබ තහනම් කර තිබියදී එම වරද අප සිදු කිරීම තුළින් අපි අපටම අපරාධ කර ගත්තෙමු. අපගේ පාපකම්වලට ඔබ අපට සමාව නොදුන්නේ නම් ඔබේ දයාවෙන් අපහට ඔබ දයාව නොදැක්වූයේ නම් සැබැවින්ම අපි මෙලොව හා මතුලොව අපට හිමි කොටස් අහිමි කර ගනිමින් අපි අලාභවන්තයින් අතරට පත්වන්නෙමු". යැයි ආදම් හා හව්වා ප්රාර්ථනා කර සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اهْبِطُوْا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ— وَلَكُمْ فِی الْاَرْضِ مُسْتَقَرٌّ وَّمَتَاعٌ اِلٰی حِیْنٍ ۟
ආදම්, හව්වා සහ ඉබ්ලීස් දෙස බලා, "ඔබ සැම ස්වර්ගයෙන් මිහිතලයට බසිනු. ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. නියමිත කාලයක් දක්වා මිහිතලයේ නවාතැනක් හා නියමිත කාලයක් දක්වා භුක්ති විඳීමක් ඔබට ඇතැ"යි අල්ලාහ් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فِیْهَا تَحْیَوْنَ وَفِیْهَا تَمُوْتُوْنَ وَمِنْهَا تُخْرَجُوْنَ ۟۠
ආදම් හව්වා හා ඔහුගේ පරපුර වෙත අල්ලාහ් ආමන්ත්රණය කරමින් "ඔබට අල්ලාහ් නියම කළ කාල ප්රමාණයක් ඔබ මෙම මිහිතලයේ ජීවත් වනු ඇත. එහිම ඔබ මරණයට පත් වී වළදමනු ලබනු ඇත. යළි අවදි කරනු පිණිස ඔබගේ මිණීවලවල්වලින් ඔබ බැහැර කරනු ලබනු ඇත." යැයි පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰبَنِیْۤ اٰدَمَ قَدْ اَنْزَلْنَا عَلَیْكُمْ لِبَاسًا یُّوَارِیْ سَوْاٰتِكُمْ وَرِیْشًا ؕ— وَلِبَاسُ التَّقْوٰی ۙ— ذٰلِكَ خَیْرٌ ؕ— ذٰلِكَ مِنْ اٰیٰتِ اللّٰهِ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කර ගනු පිණිස ඔබට අවශ්ය ඇඳුම් ඔහු ඇති කළේය. ජනයා අතර එමගින් අලංකාරයෙන් ගැවසෙනු පිණිස පූර්ණ ඇඳුම් පිළිවෙතක් ඇති කළෙමු. එම භෞතික ඇඳුමට වඩා බියබැතිමත්භාවයේ ඇඳුම වඩාත් ශ්රේෂ්ඨය. එනම් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කිරීමේ පිළිවෙතයි. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන ඔහුගේ වදන් තුළින් එම ඇදුම් පිළිවෙත සඳහන් කර ඇත්තේ ඔහු ඔබ වෙත කළ ආශිර්වාද ඔබ මෙනෙහි කොට ඒ සඳහා ඔබ ඔහුට කෘතඥ වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰبَنِیْۤ اٰدَمَ لَا یَفْتِنَنَّكُمُ الشَّیْطٰنُ كَمَاۤ اَخْرَجَ اَبَوَیْكُمْ مِّنَ الْجَنَّةِ یَنْزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِیُرِیَهُمَا سَوْاٰتِهِمَا ؕ— اِنَّهٗ یَرٰىكُمْ هُوَ وَقَبِیْلُهٗ مِنْ حَیْثُ لَا تَرَوْنَهُمْ ؕ— اِنَّا جَعَلْنَا الشَّیٰطِیْنَ اَوْلِیَآءَ لِلَّذِیْنَ لَا یُؤْمِنُوْنَ ۟
අහෝ ආදම්ගේ පුතණුවනි! පාපකම් අලංකාරවත් කිරීම තුළින් ෂෙයිතාන් තම රහස්ය පෙදෙස් ආවරණය කිරීම සඳහා ඇති භෞතික ඇඳුම හා තක්වා හෙවත් බැතිමත්කමේ ඇඳුම අතහැර දමන තරමට ඔහු ඔබ රවටා නොදැමිය යුතුයි. ඔබේ දෙමාපියන් ස්වර්ගයෙන් බැහැර කරනු ලැබීමේ හා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් නිරාවරණය වීමේ ඉරණමට ඔවුන් පත්වන තෙක් ෂෙයිතාන් එම ගසින් අනුභව කිරීම ඔවුන් දෙදෙනාට අලංකාරවත් කොට රවටා දැමීය. සැබැවින්ම ෂෙයිතාන් හා ඔහුගේ පරපුර ඔබව බලමින් හා නිරීක්ෂණය කරමින් සිටිති. නමුත් නුඹලාට ඔවුන් දැකීමට හෝ නිරීක්ෂණය කිරීමට හෝ නොහැක. එහෙයින් ඔහුගෙන් හා ඔහුගේ පරපුරෙන් ප්රවේසම් වීම ඔබට අනිවාර්යය වන්නේය.අල්ලාහ් විශ්වාස නොකරන ජනයාට භාරකරුවන් හා හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් සැබැවින්ම අපි පත් කළෙමු. දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් වනාහි, ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට මොවුනට මගක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا فَعَلُوْا فَاحِشَةً قَالُوْا وَجَدْنَا عَلَیْهَاۤ اٰبَآءَنَا وَاللّٰهُ اَمَرَنَا بِهَا ؕ— قُلْ اِنَّ اللّٰهَ لَا یَاْمُرُ بِالْفَحْشَآءِ ؕ— اَتَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම නිරුවත්ව දේව නිවස වටා යෑම වැනි වැරදි ක්රියාවක් බහුදේව වාදීන් විසින් සිදු කරන විට ඔබ ඔවුන් නොසලකා හරින්න. සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙසේ පාපකම් සිදුකරමින් සිටිනු ඔවුන් දැක ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුනට මෙසේ නියෝග කළ බව අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් පවසන්න. සැබැවින්ම අල්ලාහ් පාපකම් කිරීමට අණ කරන්නේ නැත. ඔහු එයින් වළකන්නේය. එසේ නම් ඒ ගැන ඔබ වාද කරනුයේ කෙසේද? අහෝ බහුදේවවාදී ජනයිනි! ඔබ නොදන්නා දෑ අල්ලාහ් මත බොරු ගොතා පවසන්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَمَرَ رَبِّیْ بِالْقِسْطِ ۫— وَاَقِیْمُوْا وُجُوْهَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَّادْعُوْهُ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ؕ۬— كَمَا بَدَاَكُمْ تَعُوْدُوْنَ ۟ؕ
අහෝ මුහම්මද්! 'සැබැවින්ම අල්ලාහ් යුක්තිය හා සාධාරණය අණ කළේය. අශීලාචාර දෑ හෝ පිළිකුල් සහගත දෑ ඔහු අණ කළේ නැත. පොදුවේ හා විශේෂයෙන් මස්ජිදය තුළ ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ඔහු අණ කළේය. එමෙන්ම ඔහුට පමණක් අවංකව අවනත වෙමින් ඔහුගෙන් ප්රාර්ථනා කරන මෙන්ද අණ කළේය. මුල් වතාවේ කිසිවක් නොමැති තත්ත්වයේ ඔබ ව මැව්වා සේම නැවත වතාවක් ජීවී ව යළි ඔබ ව ගෙන එනු ඇත. ඔබේ මැවීම ආරම්භ කිරීමේ බලය ඇති ඔහු යළි ඔබ ගෙන එන්නටත් නැවත අවදි කරවීමටත් බලය ඇත්තාය යැයි බහුදේවවාදීන්හට ඔබ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرِیْقًا هَدٰی وَفَرِیْقًا حَقَّ عَلَیْهِمُ الضَّلٰلَةُ ؕ— اِنَّهُمُ اتَّخَذُوا الشَّیٰطِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ اللّٰهِ وَیَحْسَبُوْنَ اَنَّهُمْ مُّهْتَدُوْنَ ۟
අල්ලාහ් මිනිසුන් කණ්ඩායම් දෙකක් බවට පත් කළේය. ඔවුන් අතුරින් පිරිසකට මග පෙන්වා, මග ලැබීම සඳහා වූ සාධක ඔහු ඔවුන්ට පහසු කොට එය වළක්වන දෑ ඔහුගෙන් වෙනතකට හරවා දැමීය. තවත් පිරිසකට සත්ය මාර්ගයෙන් ඉවත්ව මුළාව නියම විය. එය ඔවුන් අල්ලාහ් හැර දමා තම හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් පත් කරගත් බැවිනි. සැබැවින්ම ඔවුන් තමන් හට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි සිතමින් අඥානකමින් ඔවුහු ඔවුනට යටත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أَشْبَهَ آدم بالاعتراف وسؤال المغفرة والندم والإقلاع - إذا صدرت منه الذنوب - اجتباه ربه وهداه. ومن أَشْبَهَ إبليس - إذا صدر منه الذنب بالإصرار والعناد - فإنه لا يزداد من الله إلا بُعْدًا.
කවරෙකු හෝ ආදම් තුමා මෙන් -තමන්ගෙන් යම් වරදක් සිදු වූ විට- තම වරද පිළිගෙන, සමාව අයැද, පසුතැවිලි වී එයින් මිදෙන්නේද, ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගෙන ඔහුට මග පෙන්වනු ඇත. කවරෙකු හෝ ඉබ්ලීස් මෙන් -මුරණ්ඩුකමින් හා දැනුවත්ව යම් වරදක් සිදු කරමින් - කටයුතු කළේ ද සැබැවින්ම එය අල්ලාහ්ගෙන් දුරස් වීම මිස වෙනත් කිසිවක් ඔහුට වැඩි කරන්නේ නැත.

• اللباس نوعان: ظاهري يستر العورةَ، وباطني وهو التقوى الذي يستمر مع العبد، وهو جمال القلب والروح.
ඇඳුම් වර්ග දෙකකි. එකක් මතුපිටින් විළි වසා ගන්නා ඇඳුම. දෙවැන්න ගැත්තා අභ්යන්තරයේ සඟවමින් සිටින බැතිමත්භාවයේ ඇඳුමයි. හදවතේ හා ප්රාණයේ අලංකාරය එයයි.

• كثير من أعوان الشيطان يدعون إلى نزع اللباس الظاهري؛ لتنكشف العورات، فيهون على الناس فعل المنكرات وارتكاب الفواحش.
ෂෙයිතාන්ගේ උදව්කරුවන් බොහෝ දෙනා ඇරයුම් කරන්නේ නිරුවත නිරාවරණය කරන මතුපිට ඇඳුම ගලවා දැමීමටය. පිළිකුල් සහගත ක්රියාවන් සිදු කිරීමටත් අශික්ෂිත පාපකම් සිදු කිරීමටත් ඔවුන් මිනිසුන්ට පහසු කරනු ඇත.

• أن الهداية بفضل الله ومَنِّه، وأن الضلالة بخذلانه للعبد إذا تولَّى -بجهله وظلمه- الشيطانَ، وتسبَّب لنفسه بالضلال.
සැබැවින්ම යහමග යනු අල්ලාහ්ගේ ත්යාගයක් හා ඔහුගේ ආශිර්වාදයකි. සැබැවින්ම මුළාව යනු තම අධමකම හා අපරාධකම හේතුවෙන් ෂෙයිතාන් තම භාරකාරයා බවට පත් කර ගත් විට ගැත්තා වංචනික භාවයට ලක් වීමයි. මුළාවෙන් තම ආත්මයටම දොස් පැවරෙනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት