Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ   አንቀጽ:
قَالَ یٰمُوْسٰۤی اِنِّی اصْطَفَیْتُكَ عَلَی النَّاسِ بِرِسٰلٰتِیْ وَبِكَلَامِیْ ۖؗ— فَخُذْ مَاۤ اٰتَیْتُكَ وَكُنْ مِّنَ الشّٰكِرِیْنَ ۟
අල්ලාහ් මූසාට, "අහෝ මූසා! සැබැවින්ම මම ඔබ ව තෝරා ගත්තෙමි. ඔවුන් වෙත මා ඔබ ව දූතයකු ලෙස එවූ අවස්ථාවේ මාගේ දූත මෙහෙය ඔබට ලබා දී ජනයා ඉදිරියේ මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. කිසිදු මාධ්යයකින් තොර ව ඔබත් සමග මා කතා කිරීමෙන් මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. ඔබට මා පිරිනැමූ මෙම ගෞරවනීය නිලය ප්රවේශම් කර ගනු. මෙම මහත් වූ දීමනාව වෙනුවෙන් ඔබ අල්ලාහ්ට කෘතඥ වන්නන් අතරට පත්වනු’ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَتَبْنَا لَهٗ فِی الْاَلْوَاحِ مِنْ كُلِّ شَیْءٍ مَّوْعِظَةً وَّتَفْصِیْلًا لِّكُلِّ شَیْءٍ ۚ— فَخُذْهَا بِقُوَّةٍ وَّاْمُرْ قَوْمَكَ یَاْخُذُوْا بِاَحْسَنِهَا ؕ— سَاُورِیْكُمْ دَارَ الْفٰسِقِیْنَ ۟
උපදෙස් ලබන්නන්හට උපදෙසක් වශයෙන් ද, නීති පැහැදිලි කර ගැනීමට අවශ්ය පැහැදිලි කිරීමක් වශයෙන් ද, ඉස්රාඊල් දරුවන්ගේ මෙලොව හා මතු ලොව අවශ්ය සියලු කරුණු ලී හා වෙනත් ඵලක වල මූසා වෙනුවෙන් අපි ලියා සටහන් කළෙමු. අහෝ මූසා! මනා ලෙස හා කැපවීමෙන් තව්රාතය පිළිපදිනු. ඔබේ සමූහයා වන ඉස්රාඊල් දරුවන්ට පූර්ණවත් කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ක්රියාවට නැංවීම, සමාව හා ඉවසීම වැනි එහි සඳහන් මහත් ප්රතිඵල ගෙන දෙන දෑ මැනවින් පිළිපදින මෙන් නියෝග කරනු. මාගේ නියෝගය පිටුපා මට අවනත වීමෙන් බැහැරවූවන්හට හිමි දඬුවම මම නුඹලාට මතු පෙන්වමි. එමෙන්ම ඒ සඳහා අත්වන විනාශය හා ඛේදය ද මම පෙන්වමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَاَصْرِفُ عَنْ اٰیٰتِیَ الَّذِیْنَ یَتَكَبَّرُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ— وَاِنْ یَّرَوْا كُلَّ اٰیَةٍ لَّا یُؤْمِنُوْا بِهَا ۚ— وَاِنْ یَّرَوْا سَبِیْلَ الرُّشْدِ لَا یَتَّخِذُوْهُ سَبِیْلًا ۚ— وَاِنْ یَّرَوْا سَبِیْلَ الْغَیِّ یَتَّخِذُوْهُ سَبِیْلًا ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَذَّبُوْا بِاٰیٰتِنَا وَكَانُوْا عَنْهَا غٰفِلِیْنَ ۟
කිසිදු යුක්තියකින් තොර ව අල්ලාහ්ට නැමදුම් කිරීමට හා සත්යය පිළිපැදීමට, අහංකාරකම් පාන්නන් විශ්වයේ හා ජීවිත තුළ පිහිටා ඇති මාගේ සංඥාවන් පිළිබඳ සැලකිලිමත් වීමෙන් ද, මාගේ පුස්තකයේ ඇති වදන් පිළිබඳ අවබෝධය ලැබීමෙන් ද මම ඔවුන් හරවා දමමි. ඔවුහු සියලු සංඥාවන් දුටුව ද ඒවා සත්ය බව විශ්වාස නොකරති. ඔවුන් ඒවාට විරුද්ධ වී ඒවායින් ඈත් වෙති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග මුරණ්ඩු ලෙස කටයුතු කරති. අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන සත්ය මාර්ගය ඔවුන් දුටුවේ නම් ඒ මත ගමන් නොකරති. එහි කැමැත්තක් අති කර නොගනිති. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන මුළාව හා අන්තවාදී මාර්ගයක් දුටුවේ නම්, ඒ මත ගමන් කරති. එවන් තත්ත්වයක් ඔවුනට ඇති වූයේ දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය තහවුරු කරන අල්ලාහ්ගේ මහත් සාක්ෂි හා සාධක ඔවුන් බොරු කරමින් සිටි බැවින් හා ඒ ගැන අවධානයෙන් බැලීමට ඔවුන් නොසැලකිලිමත් වූ බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَلِقَآءِ الْاٰخِرَةِ حَبِطَتْ اَعْمَالُهُمْ ؕ— هَلْ یُجْزَوْنَ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟۠
අපගේ දූතවරුන් සත්ය බව පෙන්වා දෙන අපගේ සංඥාවන් බොරු කොට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් අවනතවීමේ වර්ගයට අයත්ව තිබිය දී ඒවා නිෂ්ඵල විය. විශ්වාසය යන කොන්දේසිය එහි නොමැති බැවින් ඒවා සඳහා කුසල් හිමිවන්නේ නැත. ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් හා ඔහුට ආදේශ තබමින් කටයතු කළ දෑට සරිලන ප්රතිවිපාක, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබති. එහි ප්රතිවිපාකය වනුයේ නිරා ගින්නේ සදාතනිකභාවයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّخَذَ قَوْمُ مُوْسٰی مِنْ بَعْدِهٖ مِنْ حُلِیِّهِمْ عِجْلًا جَسَدًا لَّهٗ خُوَارٌ ؕ— اَلَمْ یَرَوْا اَنَّهٗ لَا یُكَلِّمُهُمْ وَلَا یَهْدِیْهِمْ سَبِیْلًا ۘ— اِتَّخَذُوْهُ وَكَانُوْا ظٰلِمِیْنَ ۟
මූසා (අලය්හිස් සලාම්) තුමා, තම පරමාධිපති සමග කතා කිරීම සඳහා හමුවන්නට ගිය පසු ව ඔහුගේ ජනයා ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුට සමාන යමක් තනා ගත්තෝය. එයට කිසිදු ජීවයක් නොවූවද හඬක් නිකුත් විය. සැබැවින්ම මෙම වසු පැටවා ඔවුන් සමග කතා නොකරන බවත් භෞතික හා ආධ්යාත්මික වශයෙන් ශ්රෙෂ්ඨ මාර්ගයක් වෙත ඔවුනට මග නොපෙන්වන බවත්, කිසිදු සෙතක් ඔවුනට සලසන්නේ නැති බවත් කිසිදු හානියක් ඔවුන්ගෙන් ඉවත් නොකරන බවත් ඔවුන් වටහා නොගත්තෝද? නමුත් ඔවුහු එය නැමදුමට තෝරා ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත්තවුන් බවට පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا سُقِطَ فِیْۤ اَیْدِیْهِمْ وَرَاَوْا اَنَّهُمْ قَدْ ضَلُّوْا ۙ— قَالُوْا لَىِٕنْ لَّمْ یَرْحَمْنَا رَبُّنَا وَیَغْفِرْ لَنَا لَنَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟
ඔවුන් අල්ලාහ් සමග වසු පැටවා නැමදුමට ගැනීම හේතුවෙන් ඔවුන් ඍජු මාර්ගයෙන් නොමග ගොස් ඇති බව වටහා ගෙන, ඒ ගැන කම්පා වී පසුතැවිලි වූ කල්හි, ඔවුන් අල්ලාහ් වෙත බැගෑපත් ව, "අපගේ පරමාධිපති ඔහුට අවනත වීම සඳහා අපට ආශිර්වාද කරමින් ඔහු අපට කරුණා නොකළේ නම්, හා වසු පැටවා නැමදුමට ගැනීම සඳහා අපි ඉදිරිපත් කළ පාපය සඳහා ඔහු අපට සමාව නොදුන්නේ නම්, සැබැවින්ම අපි තමන්ගේ මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතය විනාශ කර ගත්තවුන් අතරට අප ද පත්වන්නෙමු" යැයි ප්රාර්ථනා කර සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• على العبد أن يكون من المُظْهِرين لإحسان الله وفضله عليه، فإن الشكر مقرون بالمزيد.
අල්ලාහ් තම ගැත්තා වෙත දක්වන කරුණාව හා ඔහුගේ භාග්යය විදහා දක්වන්නන් අතුරින් කෙනෙකු ලෙස ගැත්තා විය යුතුය. සැබැවින්ම කෘතඥතාව බැඳී ඇත්තේ අමතර දෑ කිරීම තුළිනි.

• على العبد الأخذ بالأحسن في الأقوال والأفعال.
ක්රියාවන් හා ප්රකාශයන්හි වඩාත් යහපත් දෑ පිළිපැදීම ගැත්තාට පැවරෙන වගකීමකි.

• يجب تلقي الشريعة بحزم وجد وعزم على الطاعة وتنفيذ ما ورد فيها من الصلاح والإصلاح ومنع الفساد والإفساد.
ෂරීආ හෙවත් ආගමික නීති පිළිගත යුත්තේ කැපවීමෙන්, ස්ථාවරත්වයෙන්, අවනත වීමේ අධිෂ්ඨානයෙන් යහපත හා ප්රතිසංස්කරණ ක්රියාවලිය ඇති දෑ ක්රියාත්මක කිරීමෙන් සහ දූෂණය හා ප්රචණ්ඩත්වය වැළැක්වීමෙනි.

• على العبد إذا أخطأ أو قصَّر في حق ربه أن يعترف بعظيم الجُرْم الذي أقدم عليه، وأنه لا ملجأ من الله في إقالة عثرته إلا إليه.
ගැත්තෙකු තම පරමාධිපතිට කළ යුතු යුතුකම්වල වරදක් හෝ අඩුවක් සිදු කළ විට, ඔහුට විරුද්ධව ඔහු කළ විශාල අපරාධය පිළිගත යුතු අතර, ඔහු කළ පාපයෙන් ගැලවීම සඳහා අල්ලාහ්ගෙන් තොර වෙනත් රැකවරණයක් නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት