Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:

අල් හජ්

ከመዕራፉ ዓላማዎች:
تعظيم الله سبحانه وتعالى وشعائره والتسليم لأمره.
උත්තරීතර සුවිශුද්ධයාණන් වූ අල්ලාහ්ට ගරුබුහුමන් කිරීම, ඔහුගේ සංඛේතයන් හා ඔහුගේ නියෝගයට අවනත වීම.

یٰۤاَیُّهَا النَّاسُ اتَّقُوْا رَبَّكُمْ ۚ— اِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَیْءٌ عَظِیْمٌ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කළ දෑ පිළිපදිමින් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය හා බැඳුණු මහපොළොව කම්පනය වීම හා වෙනත් අර්බුද බරපතල කරුණක් වේ. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු කරමින් ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّاۤ اَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَی النَّاسَ سُكٰرٰی وَمَا هُمْ بِسُكٰرٰی وَلٰكِنَّ عَذَابَ اللّٰهِ شَدِیْدٌ ۟
නුඹලා එය දෑසින් දකින දින, කිරි දෙන සෑම මවක්ම ඇයගේ කිරි දරුවා ගැන අවදානය යොමු නොකරයි. දැඩි බිය හේතුවෙන් කුසේ දරාගෙන සිටින ගැබිනි මව්වරුන් ඒවා වැටෙන්නට සලස්වයි. නතර වී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් මත්වූවන් මෙන් ජනයාගේ සිහි බුද්ධිය විකල්වී තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුහු මත්පැන් පානය කිරීමෙන් මත් බවට පත් නොවූහ. නමුත් අල්ලාහ්ගේ දැඩි දඬුවම හේතුවෙන් ඔවුනට එසේ සිදු විය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ බුද්ධිය නැතිකර දමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ النَّاسِ مَنْ یُّجَادِلُ فِی اللّٰهِ بِغَیْرِ عِلْمٍ وَّیَتَّبِعُ كُلَّ شَیْطٰنٍ مَّرِیْدٍ ۟ۙ
මිය ගියවුන් යළි අවදි කිරීමේ අල්ලාහ්ගේ බලය පිළිබඳ කිසිදු දැනුමකින් තොර ව තර්ක කරන අය මිනිසුන් අතර සිටිති. ඔහුගේ ප්රතිපත්තියේ හා ඔහුගේ ප්රකාශයේ ඔහුගේ පරමාධිපතිට අකීකරු වූ ෂෙයිතානුන් හා නොමග ගිය නායකයින්ව ඔවුහු අනුගමනය කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُتِبَ عَلَیْهِ اَنَّهٗ مَنْ تَوَلَّاهُ فَاَنَّهٗ یُضِلُّهٗ وَیَهْدِیْهِ اِلٰی عَذَابِ السَّعِیْرِ ۟
මිනිස් හා ජින් ෂාතානුවන්ගෙන් වූ එම කැරලිකාරයින් හට, කවරෙකු ඔහුව අනුගමනය කළේද ඔහු ව සත්යය කළේ ද සැබැවින්ම ඔහු ඔහුව නිවැරදි මාර්ගයෙන් නොමග යොමු කරන බවත් නිරය වෙත මෙහෙයවන දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔහු ව නිරා ගින්න වෙත ගමන් කරවන බවත් නියම කරන ලදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ رَیْبٍ مِّنَ الْبَعْثِ فَاِنَّا خَلَقْنٰكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَّغَیْرِ مُخَلَّقَةٍ لِّنُبَیِّنَ لَكُمْ ؕ— وَنُقِرُّ فِی الْاَرْحَامِ مَا نَشَآءُ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوْۤا اَشُدَّكُمْ ۚ— وَمِنْكُمْ مَّنْ یُّتَوَفّٰی وَمِنْكُمْ مَّنْ یُّرَدُّ اِلٰۤی اَرْذَلِ الْعُمُرِ لِكَیْلَا یَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَیْـًٔا ؕ— وَتَرَی الْاَرْضَ هَامِدَةً فَاِذَاۤ اَنْزَلْنَا عَلَیْهَا الْمَآءَ اهْتَزَّتْ وَرَبَتْ وَاَنْۢبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِیْجٍ ۟
අහෝ ජනයිනි! මියගිය පසු ව නුඹලා ව යළි අවදි කිරීමේ අපගේ හැකියාව හා ශක්තිය පිළිබඳ නුඹලා තුළ සැකයක් වී නම්, නුඹලාගේ මැවීම තුළ කල්පනා කර බලනු. සැබැවින්ම අපි නුඹලාගේ පියා ආදම් ව පසින් මැව්වෙමු. පසු ව ඔහුගේ පරපුර පිරිමියෙක් කාන්තාවකගේ ගර්භාෂයට හළන ශුක්රාණුවේ මැව්වෙමු. පසුව එම ශුක්රාණු ව ලේ කැටියක් බවටත් පසුව එම ලේ කැටිය විකන ලද මස් කැබැල්ලක් බඳු මස් ගොබයක් බවටත් පරිවර්තනය කොට, පසු ව එම මස් ගොබය ජීවී දරුවකු බිහි කරන තුරු ගර්භාෂය තුළ නිසි හැඩරුවක් දක්වා ද එසේ නැතිනම් කිසිදු හැඩයකින් තොරව වැටෙන ලේ කැටියක් දක්වා ද පවතී. නුඹලාගේ මේ මැවීමේ අදියරය තුළින් අපගේ බලය නුඹලාට සැබැවින්ම අපි පැහැදිලි කරන්නෙමු. ගර්භාෂය තුළ අපි අභිමත කරන කලලය නියමිත කාලයේ ප්රසූත වන තෙක් අපි රදවන්නෙමු. එය මාස නවයකි. පසු ව නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්වලින් බිළිඳුන් ලෙස අපි නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා ශක්ති සම්පන්න බුද්ධි සම්පන්න තත්ත්වයට ළඟා වන්නෙහුය. ඊට පෙර මිය යන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම බෙලහීන වී, බුද්ධිය ද බෙලහීන වී බිළිඳෙකුට වඩා අන්ත තමන් දැන සිටි දැයින් කිසිවක් නොදන්නා තත්ත්වයට පත්වන තුරු ජීවත් වන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම කිසිදු පැලෑටියන් රෝපණය නොවන වියළි භූමිය ද නුඹ දකින්නෙහිය. ඒ මත අපි වැසි ජලය පහළ කළ විට පැලෑටි සඳහා එය විවර වී පැලෑටිවල වර්ධනය හේතුවෙන් එය ඉහළ නැංවෙයි. දැකුම්කළු විවිධ පැලෑටි වර්ග එය මතු කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب الاستعداد ليوم القيامة بزاد التقوى.
•දේව බිය හැඟීම වර්ධනය කර ගැනීම තුළින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා සූදානම් වීමේ අනිවාර්යභාවය.

• شدة أهوال القيامة حيث تنسى المرضعة طفلها وتسقط الحامل حملها وتذهب عقول الناس.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දැඩි අර්බුදය. එය කිරිදෙන මවක් ඇයගේ බිළිඳා අමතක කරන තරමට ගර්භණී මාතාවක් ඇයගේ ගැබ්බර හෙළන තරමට මිනිසුන්ගේ බුද්ධිය පහ කරන තරමට බිහිසුණු ලෙස පවතී.

• التدرج في الخلق سُنَّة إلهية.
•මැවීම් පියවරෙන් පියවර මැවීම දේව න්යායයකි.

• دلالة الخلق الأول على إمكان البعث.
•යළි අවදි කිරීමට හැකියාව ඇති බවට මුල් මැවීම සාධක වශයෙන් පිහිටා ඇත.

• ظاهرة المطر وما يتبعها من إنبات الأرض دليل ملموس على بعث الأموات.
•වර්ෂාවේ විද්යාමානය හා එයට පරව මහපොළොවේ පැලෑටි හට ගැනීම යනාදිය මියගිය ඇත්තන් යළි අවදි කිරීම සඳහා වූ බලවත් සාධකයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት