Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
وَیَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِ وَلَنْ یُّخْلِفَ اللّٰهُ وَعْدَهٗ ؕ— وَاِنَّ یَوْمًا عِنْدَ رَبِّكَ كَاَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّوْنَ ۟
අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් හට මෙලොව දඬුවම ගැනත් මතුලොව දඬුවම ගැනත් අවවාද කරනු ලැබූ කල්හි ඒ දෙකම ඉක්මන් කරන මෙන් නුඹෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කවර ප්රතිඥාවක් ඔවුනට දුන්නේ ද ඔහු එය කඩ නොකරන්නේමය. ඔවුන් ඉක්මනින් ඉල්ලා සිටි දෑ බද්ර් යුද දිනයේ ඔවුනට අත් විය. සැබැවින්ම මතුලොවෙහි ද දඬුවමින් යුත් දිනයක් ඇත. එහි පවතින දඬුවම හේතුවෙන් එය නුඹලා මෙලොවෙහි ගණන් බලන වර්ෂ ගණන් මෙන් වර්ෂ දහසක් බඳුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ اَمْلَیْتُ لَهَا وَهِیَ ظَالِمَةٌ ثُمَّ اَخَذْتُهَا ۚ— وَاِلَیَّ الْمَصِیْرُ ۟۠
එමෙන්ම දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කරමින් සිටි ගම්මාන කොපමණක් දඬුවම් නොකර අතහැර දැමුවෙම් ද? දඬුවම ඉක්මන් නොකර පියවරෙන් පියවර හසු කරනු පිණිස මම ඉක්මන් නොකළෙමි. පසුව නොනැවතී දඬුවමකින් ඒවා මම ග්රහණය කළෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නැවත පැමිණීම මා වෙත පමණය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සදාතනික දඬුවමකින් මම ඔවුනට ප්රතිවිපාක දෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنَّمَاۤ اَنَا لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۚ
"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අවවාද කරන්නෙක්මි. මා හට කවර කරුණක් එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වමි. මාගේ අවවාදය තුළ පැහැදිළිව සිටිමි." යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුනට පාපක්ෂමාව ඇත. එමෙන්ම ස්වර්ගයේ කිසිදු විසන්ධි කිරීමකින් තොරව ගෞරවණීය සංග්රහයක් ද ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ سَعَوْا فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَحِیْمِ ۟
අපගේ වදන් බොරු කිරීමෙහි යුහුසුළු ව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් විසින් අල්ලාහ්ව පරාජය කළ හැකි බවත් ඔහුගෙන් මඟ හැරී ඔවුනට යා හැකි බවත් එහෙයින් ඔහු ඔවුනට දඬුවම් නොකරන බවත් තීරණය කරමින් සිටියෝය. ඔවුන් නිරා ගින්නේ සගයෝ වෙති. මිතුරෙකු ඔහුගේ මිතුරා සමග එකතුවනවාක් මෙන්ම ඔවුහු එයට එකතු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَّسُوْلٍ وَّلَا نَبِیٍّ اِلَّاۤ اِذَا تَمَنّٰۤی اَلْقَی الشَّیْطٰنُ فِیْۤ اُمْنِیَّتِهٖ ۚ— فَیَنْسَخُ اللّٰهُ مَا یُلْقِی الشَّیْطٰنُ ثُمَّ یُحْكِمُ اللّٰهُ اٰیٰتِهٖ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟ۙ
අහෝ දූතය! නුඹට පෙර අපි එවූ කිසිදු දූතයකු හෝ නබිවරයකු හෝ වේවා, ඔහු අල්ලාහ්ගේ ග්රන්ථය කියවන විට ඔහුගේ එම කියවීම අතරට සැබැවින්ම එය ද දේව පණිවිඩයක් යැයි මිනිසුනට පැටලෙන දෑ ෂෙයිතාන් ඇතුළත් කර සිටියා මිස නැත. ෂෙයිතාන් කවර කරුණක් ඉදිරිපත් කළේ ද අල්ලාහ් එය නිෂ්ඵල කළේය. තම වදන් ස්ථාවර කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහුගේ මැවීම, ඔහුගේ නියමය හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّیَجْعَلَ مَا یُلْقِی الشَّیْطٰنُ فِتْنَةً لِّلَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْقَاسِیَةِ قُلُوْبُهُمْ ؕ— وَاِنَّ الظّٰلِمِیْنَ لَفِیْ شِقَاقٍ بَعِیْدٍ ۟ۙ
නබි (ස්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පාරායනයේදී ද ෂෙයිතාන් කරුණු ඉදිරිපත් කළේය. ඔහු ඉදිරිපත් කරන දෑ කුහකයින් හා හදවත් දැඩි වූ දේව ආදේශකයින්හට පරීක්ෂණයක් බවට අල්ලාහ් පත් කළේය. සැබැවින්ම කුහකයින් හා දේව ආදේශකයින් අතරින් අපරාධකරුවන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ සතුරුකම තුළ වෙති. එමෙන්ම සත්යයෙන් හා යහමගින් ඈත අන්තයක වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّلِیَعْلَمَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ اَنَّهُ الْحَقُّ مِنْ رَّبِّكَ فَیُؤْمِنُوْا بِهٖ فَتُخْبِتَ لَهٗ قُلُوْبُهُمْ ؕ— وَاِنَّ اللّٰهَ لَهَادِ الَّذِیْنَ اٰمَنُوْۤا اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
එමෙන් ම අල්ලාහ් දැනුම ලබා දුන් අය සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද අල් කුර්ආනය සත්යය බව දැඩි ලෙස විශ්වාස කරනු පිණිසය. අහෝ දූතය! අල්ලාහ් කවර කරුණක් නුඹ වෙත පහළ කළේ ද එය සත්යය වේ. එවිට ඔවුන්ගේ දේව විශ්වාසය වර්ධනය වනු ඇත. ඔවුන්ගේ හදවත් ඔහුට යටත්ව බියවනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔවුන් ඔහුට අවනත වූ බැවින් ඔවුනට ප්රතිඵල වශයෙන් එහි ඇද නැති ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَزَالُ الَّذِیْنَ كَفَرُوْا فِیْ مِرْیَةٍ مِّنْهُ حَتّٰی تَاْتِیَهُمُ السَّاعَةُ بَغْتَةً اَوْ یَاْتِیَهُمْ عَذَابُ یَوْمٍ عَقِیْمٍ ۟
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ව බොරු කළවුන් වනාහි, අල්ලාහ් නුඹ වෙත පහළ කළ අල් කුර්ආනය ගැන ඔවුහු සැකයෙහි පසුවෙති. ඔවුන් වෙත නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණෙන තුරුම හෝ කිසිදු කරුණාවක් හෝ යහපතක් හෝ නොමැති දිනයේ දඬුවම ඔවුන් වෙත පැමිණෙන තුරුම ඔවුන් ඒ මතම සිටිති. ඔවුනට අනුව එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි.

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි.

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි.

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት