Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّهٗ یُحْیِ الْمَوْتٰی وَاَنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟ۙ
-නුඹලාගේ මැවීමේ ආරම්භය හා එහි අදියරයන් මෙන්ම නුඹලා අතරින් බිහි වන්නන්ගේ තත්ත්වයන් යනාදී වශයෙන් - අපි නුඹලාට මෙනෙහි කළ දෑ වනාහි, නුඹලා නමදින නුඹලාගේ පිළිමවලට පටහැනිව නුඹලාව මැව්වේ අල්ලාහ් බවත් එහි කිසිදු සැකයක් නැති බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය. එමෙන්ම සැබැවින්ම ඔහු මළවුනට ජීවය ලබා දෙන්නා බවත් ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන් බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّ السَّاعَةَ اٰتِیَةٌ لَّا رَیْبَ فِیْهَا ۙ— وَاَنَّ اللّٰهَ یَبْعَثُ مَنْ فِی الْقُبُوْرِ ۟
සැබැවින්ම අවසන් හෝරාව පැමිණෙන බවත්, එය පැමිණීමෙහි කිසිදු සැකයක් නොමැති බවත්, සැබැවින්ම අල්ලාහ් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කරන බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ النَّاسِ مَنْ یُّجَادِلُ فِی اللّٰهِ بِغَیْرِ عِلْمٍ وَّلَا هُدًی وَّلَا كِتٰبٍ مُّنِیْرٍ ۟ۙ
දේව ප්රතික්ෂේපකයින් අතර ඔවුන් සත්ය වෙත යොමු කරන කිසිදු දැනුමකින් හෝ ඒ වෙත මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු අනුගමනය කිරීමෙන් හෝ ඒ වෙත ඔවුනට මග පෙන්වන අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ අලෝකමත් පුස්තකයකින් තොර ව අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරන්නන් ද වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثَانِیَ عِطْفِهٖ لِیُضِلَّ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— لَهٗ فِی الدُّنْیَا خِزْیٌ وَّنُذِیْقُهٗ یَوْمَ الْقِیٰمَةِ عَذَابَ الْحَرِیْقِ ۟
අහංකාරයෙන් තම ගෙල දිගු කරමින් දේව විශ්වාසයෙන් හා අල්ලාහ්ගේ දහම තුළට ප්රවේශ වීමෙන් ජනයා වෙනතකට යොමු කරන්නන් ද සිටිති. මෙවන් ගුණාංග ඇත්තන්හට මෙලොවෙහි ඔහුට අත්වන දැයින් අවමානයක් ඇත. එමෙන්ම මතුලොවෙහි ඇවිළෙන ගින්න භුක්ති විඳින්නට අපි ඔහුට සළස්වමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِمَا قَدَّمَتْ یَدٰكَ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟۠
"නුඹ වින්ඳා වූ එම දඬුවම වනාහි, නුඹ උපයා ගත් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙනි. පාපයක් හේතුවෙන් මිස අල්ලාහ් ඔහුගේ කිසිදු මැවීමකට දඬුවම් දෙන්නේ නැත." යනුවෙන් ඔහුට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ النَّاسِ مَنْ یَّعْبُدُ اللّٰهَ عَلٰی حَرْفٍ ۚ— فَاِنْ اَصَابَهٗ خَیْرُ ١طْمَاَنَّ بِهٖ ۚ— وَاِنْ اَصَابَتْهُ فِتْنَةُ ١نْقَلَبَ عَلٰی وَجْهِهٖ ۫ۚ— خَسِرَ الدُّنْیَا وَالْاٰخِرَةَ ؕ— ذٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِیْنُ ۟
සැකය මත පදනම් ව අස්ථාවරයෙන් අල්ලාහ් නමදින පිරිසක් ද ජනයා අතර වෙති. සුවය, ධනය වැනි යම් යහපතක් ඔහුට අත් වූයේ නම් ඔහුගේ විශ්වාසය මත හා නැමදීම මත අල්ලාහ් වෙනුවෙන් රැඳී සිටියි. නමුත් කිසියම් රෝගයක් දිළිඳුකමක් හෝ ණය බරක් ඇති වූ විට ඔහුගෙන් එය ඉවත් වෙයි. ඔහු මෙලොව ජීවිතයෙහි පරාජයට පත් විය. ඔහුගේ දේව ප්රතික්ෂේපය ඔහුට නියම කරනු නොලැබූ කිසිදු කොටසක් මෙලොව ජීවිතයේ වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔහුගේ මතුලොව ජීවිතයෙහි ද ඔහු අල්ලාහ්ගේ දඬුවමට ලක්වන බැවින් ඔහු පරාජයට පත් වෙයි. එය ඉතා පැහැදිලි ප්රකට පරාජයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَضُرُّهٗ وَمَا لَا یَنْفَعُهٗ ؕ— ذٰلِكَ هُوَ الضَّلٰلُ الْبَعِیْدُ ۟ۚ
ඔහු අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරයි. ඔහු ඒවා ප්රතික්ෂේප කළේ නම් ඒවා ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම ඔහු ඒවාට අවනත වූයේ නම් ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ ද නැත. කිසිදු බලපෑමක් ඇති නොකරන, කිසිදු සෙතක් නොසලසන මෙම පිළිම සඳහා ප්රාර්ථනා කර කර සිටීම සත්යයෙන් දුරස් වූ අන්ත මුළාවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَدْعُوْا لَمَنْ ضَرُّهٗۤ اَقْرَبُ مِنْ نَّفْعِهٖ ؕ— لَبِئْسَ الْمَوْلٰی وَلَبِئْسَ الْعَشِیْرُ ۟
මෙම පිළිමවලට වන්දනා කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන තැනැත්තා ඇරයුම් කර සිටිනුයේ ඔහුට අහිමි කරන ප්රයෝජනයට වඩා හානිය උරුම කර දීමට සමීපයෙන් සිටින අයගෙනි. ඔහුට සෙත සැළසීමට වඩා ඔහුට හානිය ඇති කරන වන්දනාවට ලක්වන්නන් නපුරු විය. කවරෙකු ඔහුගෙන් උදව් පතන්නේ ද ඔහු උදව් කරුවකු වශයෙන් ද කවරෙකු ඔහු සමග මිතුදම් පාන්නේ ද මිතුදමින් ද නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ یُدْخِلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— اِنَّ اللّٰهَ یَفْعَلُ مَا یُرِیْدُ ۟
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඒවායෙහි මාලිගා යටින් දියදහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට සැබැවින්ම අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දේ සිදු කරන්නාය. ඔහු කරුණාවෙන් ඔහු අභිමත කරන අයට කරුණාව දක්වයි. එමෙන්ම දඬුවමින් ඔහු අභිමත කරන අයට දඬුවම ක්රියාත්මක කරයි. සුවිශුද්ධ අල්ලාහ්ට බලපෑම් කරන කිසිවකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ كَانَ یَظُنُّ اَنْ لَّنْ یَّنْصُرَهُ اللّٰهُ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ فَلْیَمْدُدْ بِسَبَبٍ اِلَی السَّمَآءِ ثُمَّ لْیَقْطَعْ فَلْیَنْظُرْ هَلْ یُذْهِبَنَّ كَیْدُهٗ مَا یَغِیْظُ ۟
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාට (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) මෙලොව මෙන්ම මතුලොවෙහි උදව් නොකරන බවට කවරෙකු සිතන්නේ ද ඔහුගේ නිවසේ වියනට කඹයක් දිගු කොට පසුව පොළොව දෙසින් කපා හැර එමගින් හුස්ම හිර කර ගනිත්වා. පසුව ඔහුගේ සිත තුළ පැවති කෝපය එය පහකර ඇත්දැයි බලත්වා. මුරණ්ඩුකාරයා අභිමත කළ ද ප්රතික්ෂේප කළ ද අල්ලාහ් ඔහුගේ නබිවරයාට උදව් කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أسباب الهداية إما علم يوصل به إلى الحق، أو هادٍ يدلهم إليه، أو كتاب يوثق به يهديهم إليه.
•යහමග සඳහා හේතු සාධක වශයෙන් සත්ය වෙත මග පෙන්වන දැනුම විය හැක. එසේ නැතහොත් ඒ වෙත ඔවුනට සාධක පෙන්වා දෙන යහමග පෙන්වන්නෙකු විය හැක. එසේත් නැතහොත් ඒ වෙත ඔවුනට මඟ පෙන්වන ස්ථීර කරන ලද පුස්තකයක් විය හැක.

• الكبر خُلُق يمنع من التوفيق للحق.
•අහංකාරය යනු, සත්යය සඳහා ආශිර්වාද කරනු ලැබීමෙන් වළක්වාලන ගුණාංගයකි.

• من عدل الله أنه لا يعاقب إلا على ذنب.
•අල්ලාහ්ගේ සාධාරණත්වය අතුරින් එකක් වනුයේ පාපයක් සඳහා මිස ඔහු දඬුවම් නොකිරීමයි.

• الله ناصرٌ نبيَّه ودينه ولو كره الكافرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද, අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා ඔහුගේ දහමට උදව් කරන්නාය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት