Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ سَخَّرَ لَكُمْ مَّا فِی الْاَرْضِ وَالْفُلْكَ تَجْرِیْ فِی الْبَحْرِ بِاَمْرِهٖ ؕ— وَیُمْسِكُ السَّمَآءَ اَنْ تَقَعَ عَلَی الْاَرْضِ اِلَّا بِاِذْنِهٖ ؕ— اِنَّ اللّٰهَ بِالنَّاسِ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් නුඹට හා ජනයාට මහපොළොවේ ඇති දෑ ද භෞතික වස්තූන් ද නුඹලාගේ අවශ්යතාවය හා නුඹලාගේ ප්රයෝජනය පිණිස වසඟ කර දී ඇත. ඔහුගේ නියෝගය අනුව සාගරයේ යාත්රා කරන නැව් ද නුඹලාට වසඟ කර දුන්නේය. එය රටින් රටකට යාත්රා කරන පරිදි ඔහු එය වසඟ කර දී ඇත. ඔහුගේ අනුමැතියෙන් තොරව මහපොළොව මත නොවැටෙන සේ අහස රඳවා ගෙන සිටියි. ඒ මත වැටෙන්නට ඔහු එයට අවසර දුන්නේ නම් එය කඩා වැටෙනු ඇත. ජනයා අතර අපරාධ සිදුවෙමින් තිබියදී පවා අල්ලාහ් ඔවුනට මෙම වස්තු වසඟ කර දීමෙන් ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණික හා දයානුකම්පිත විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْۤ اَحْیَاكُمْ ؗ— ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یُحْیِیْكُمْ ؕ— اِنَّ الْاِنْسَانَ لَكَفُوْرٌ ۟
නුඹලා ශුන්ය තත්ත්වයක සිටි පසු ව, නුඹලාව ඇති කරමින් නුඹලාට ජීවය ලබා දුන්නේ අල්ලාහ් වන ඔහුය. පසු ව නුඹලාගේ ආයුකාලය අවසන් වූ විට ඔහු නුඹලාව මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ ක්රියාවන් පිළිබඳ නුඹලාගෙන් විනිශ්චය කිරීම සඳහාත්, ඒ වෙනුවෙන් ප්රතිඵල පිරිනැමීම සඳහාත් නුඹලාගේ මරණයෙන් පසු නුඹලාට ඔහු යළි ජීවය ලබා දෙයි. සැබැවින්ම මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාදයන් - ඒවා විද්යාමානව තිබීයදීත් - ඔහු සමග වෙනත් අය නැමදුමට ගැනීමෙන් අධික ලෙස ප්රතික්ෂේප කරන්නෙකු වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِكُلِّ اُمَّةٍ جَعَلْنَا مَنْسَكًا هُمْ نَاسِكُوْهُ فَلَا یُنَازِعُنَّكَ فِی الْاَمْرِ وَادْعُ اِلٰی رَبِّكَ ؕ— اِنَّكَ لَعَلٰی هُدًی مُّسْتَقِیْمٍ ۟
සෑම සමූහයකටම අපි පිළිවෙතක් ඇති කළෙමු. ඔවුන්ගේ පිළිවෙත අනුව ඔවුන් කටයුතු කරති. එහෙයින් අහෝ දූතය! දේව ආදේශකයින් හා වෙනත් අය නුඹේ පිළිවෙත තුළ නුඹ සමග ගැටුම් ඇති කර නොගත යුතුයි. සැබැවින්ම ඔවුන් ව්යාජත්වයේ සිටින බැවින් නුඹ ඔවුනට වඩා සත්යයෙන් උසස්ය. අල්ලාහ්ට පමණක් ඒකීයත්වය අවංකව පුද කිරීම සඳහා නුඹ ජනයාට ඇරයුම් කරනු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය මත සිටින්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ جٰدَلُوْكَ فَقُلِ اللّٰهُ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟
තර්කය පැහැදිලි වූවායින් පසු නුඹ සමග ඔවුන් වාද කිරීමෙන් ඔවුන් වැළකී සිටියේ නම්, එවිට නුඹ ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත පවරා ඔවුනට අවවාද කරමින්, "නුඹලා යම් කටයුත්තක් සිදු කරන්නෙහු නම් අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ یَحْكُمُ بَیْنَكُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
මෙලොවෙහි ඔවුන් කවර ආගමික කටයුත්තක මතභේද ඇතිකර ගනිමින් සිටියේ ද එම කරුණෙහි ඔවුන් අතර විශ්වාසියා කවුරුන් දැයි ද ප්රතික්ෂේපකයා කවුරුන් දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතර තීන්දු කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمَآءِ وَالْاَرْضِ ؕ— اِنَّ ذٰلِكَ فِیْ كِتٰبٍ ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
අහෝ දූතය! අහස්හි ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නා බවත් මහපොළොවේ ඇති දෑ ගැන ද අල්ලාහ් දන්නා බවත් නුඹ නොදන්නෙහි ද? ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ පිළිබඳ දැනුම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සියලු දෑ පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَمْ یُنَزِّلْ بِهٖ سُلْطٰنًا وَّمَا لَیْسَ لَهُمْ بِهٖ عِلْمٌ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ نَّصِیْرٍ ۟
දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරති. නමුත් ඒවාට වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ පුස්තකයේ කිසිදු සාධකයක් පහළ කර නැත. ඒ සඳහා බුද්ධිමය සාධකයක් හෝ ඔවුනට නැත. ඔවුන් බැඳී සිටිනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් අන්ධ අනුගමනය කිරීම මතය. අල්ලාහ්ගේ දඬුවම එම අපරාධකරුවන්ට අත් වීමෙන් ඔවුන් වළක්වාලන කිසිදු උදව්කරුවකු ඔවුනට නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ تَعْرِفُ فِیْ وُجُوْهِ الَّذِیْنَ كَفَرُوا الْمُنْكَرَ ؕ— یَكَادُوْنَ یَسْطُوْنَ بِالَّذِیْنَ یَتْلُوْنَ عَلَیْهِمْ اٰیٰتِنَا ؕ— قُلْ اَفَاُنَبِّئُكُمْ بِشَرٍّ مِّنْ ذٰلِكُمْ ؕ— اَلنَّارُ ؕ— وَعَدَهَا اللّٰهُ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟۠
අල් කුර්ආනයේ ඇති අපගේ පාඨ ඔවුන් වෙත පැහැදිළිව පාරායනය කරනු ලබන්නේ නම්, අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඒවාට සවන් දෙන අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ මුහුණු හරවා ගනිමින් එය හෙළා දැකීම නුඹ ඔවුන්ගේ මුහුණුවල දකිනු ඇත. දැඩි කෝපය හේතුවෙන් අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරන්නන් වර්ජනය කරන්නට බලති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."නුඹලාගේ කෝපය හා පිළිකුලෙන් නුඹලාගේ මුහුණු හරවා ගැනීමේ විපාකය කුමක්දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද? එනම් දේව ප්රතික්ෂේපකයින් එහි ප්රවේශ වනු ඇතැයි අල්ලාහ් ප්රතිඥා දුන් නිරා ගින්නය. ඔවුන් එසේ යොමු වන ස්ථානය ඉතා නපුරුය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
•අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මිනිසුනට වසඟ කර දී තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි.

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු කරුණාව හා දයාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
•අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ මත හා ඒ දෙක අතර ඇති දෑ මත අල්ලාහ්ගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම.

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
•අන්ධානුගමනය වනාහි, එය දේව ආදේශකයින් අල්ලාහ්ට ආදේශ තැබීමට හේතුවන් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት