Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۙ— وَّاَنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یُّرِیْدُ ۟
යළි අවදි කරනු ලැබීම තහවුරු කරමින් පැහැදිළි තර්ක සාධක අපි නුඹලාට පැහැදිලි කළාක් මෙන් ම මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) වෙත පැහැදිළි පාඨ සහිත කුර්ආනය පහළ කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට යහමග හා නිවැරැදි මග ලබන්නට ආශිර්වාද කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَادُوْا وَالصّٰبِـِٕیْنَ وَالنَّصٰرٰی وَالْمَجُوْسَ وَالَّذِیْنَ اَشْرَكُوْۤا ۖۗ— اِنَّ اللّٰهَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟
සැබැවින්ම මෙම සමූහයා අතර සිටින, අල්ලාහ්ව විශ්වාස කළවුන්, යුදෙව්වන්, සාබිඊන්වරුන් (ඇතැම් නබිවරුන් අනුගමනය කළ පිරිසක්), කිතුනුවන්, අග්නි වන්දනාකරුවන් හා පිළිම වන්දනාකරුවන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර තීන්දු කරනු ඇත. පසුව දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කරයි. ඒ හැර සෙසු අය නිරා ගින්නට ඇතුළත් කරයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ සියලු ප්රකාශ හා ඔවුන්ගේ සියලු ක්රියාවන් සඳහා සාක්ෂිකරුවෙකු වෙයි. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَسْجُدُ لَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُوْمُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَآبُّ وَكَثِیْرٌ مِّنَ النَّاسِ ؕ— وَكَثِیْرٌ حَقَّ عَلَیْهِ الْعَذَابُ ؕ— وَمَنْ یُّهِنِ اللّٰهُ فَمَا لَهٗ مِنْ مُّكْرِمٍ ؕ— اِنَّ اللّٰهَ یَفْعَلُ مَا یَشَآءُ ۟
අහෝ දූතය! අහස්හි සිටින මලක්වරුන් හා මහපොළොවේ වෙසෙන දේව විශ්වාසී මිනිසුන් හා ජින්නුන් ඔහුට අවනත වෙමින් සිරස නමන බව නුඹ නොදන්නෙහි ද? එමෙන්ම හිරු ද ඔහුට සිරස නමයි. සඳුද ඔහුට සිරස නමයි අහසේ ඇති තාරක ද මහොපොළොවේ ඇති කඳුහෙල්, ගහ කොළ, සතා සිවුපාවුන් ද ඔහුට සිරස නමයි. එය යටහත් වීමේ සිරස නැමීමයි. එමෙන්ම ජනයා අතරින් බොහෝ දෙනා අවනත වීමේ සිරස නැමීමක් ලෙස ඔහුට සිරස නමති. තවත් බොහෝ දෙනා ඔහුට අවනත වීම සඳහා සිරස නැමීමෙන් වැළකී සිටිති. ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසාවෙන් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත නියම විය. කවරෙකුට අල්ලාහ් ඔහුගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් අවමානය හා අපහාසය තීන්දු කළේ ද ඔහුව ගෞරවයට ලක් කරන කිසිවකු ඔහුට නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරන්නාය. ඔහුට බලපෑම් කරන්නට කිසිවෙකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذٰنِ خَصْمٰنِ اخْتَصَمُوْا فِیْ رَبِّهِمْ ؗ— فَالَّذِیْنَ كَفَرُوْا قُطِّعَتْ لَهُمْ ثِیَابٌ مِّنْ نَّارٍ ؕ— یُصَبُّ مِنْ فَوْقِ رُءُوْسِهِمُ الْحَمِیْمُ ۟ۚ
ඔවුන්ගේ පරමාධිපති විෂයයෙහි වාද කරන මෙම දෙපිරිස අතරින් වඩාත් සුසුස්සන් වනුයේ කවරෙකු ද? දේව විශ්වාසී පිරිස ද එසේ නැතහොත් දේව ප්රතික්ෂේපක පිරිස ද? දේව ප්රතික්ෂේපක පිරිස වනාහි ඇඳින ඇඳුමෙන් ආවරණය කරන්නාක් මෙන් නිරා ගින්න ඔවුන් සිව් දෙසින් වට කරනු ඇත. ඔවුන්ගේ හිස මතට උපරිමයෙන් උණු කරන ලද ජලය වක්කරනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُصْهَرُ بِهٖ مَا فِیْ بُطُوْنِهِمْ وَالْجُلُوْدُ ۟ؕ
එහි දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ උදරය තුළ පවතින දෑ දිය වී ඔවුන්ගේ චර්මය දක්වාම ගෙන යයි. පසුව එයද දිය කරනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهُمْ مَّقَامِعُ مِنْ حَدِیْدٍ ۟
තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත. මලක්වරුන් ඒවා මගින් ඔවුන්ගේ හිසට පහර දෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلَّمَاۤ اَرَادُوْۤا اَنْ یَّخْرُجُوْا مِنْهَا مِنْ غَمٍّ اُعِیْدُوْا فِیْهَا ۗ— وَذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟۠
ඔවුන් එහි මුහුණ දෙන ව්යසනයේ දරුණුකම හේතුවෙන් නිරා ගින්නෙන් පිටත් වීමට ඔවුන් උත්සාහ කරන සෑම අවස්ථාවකම නැවත ඒ වෙත යොමු කරනු ලැබ, "ඇවිළෙන ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු" යැයි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ یُدْخِلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُؤْلُؤًا ؕ— وَلِبَاسُهُمْ فِیْهَا حَرِیْرٌ ۟
දේව විශ්වාසී පිරිස වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට යටින් ගලා බස්නා දිය දහරාවලින් සපිරුණු ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. රන් වළලු ඔවුනට පළන්දවනු ලැබ ඔවුන් අලංකාරවත් කරනු ඇත. එමෙන්ම මුතුවලින් වූ ආභරණවලින් ඔවුන්ව අලංකාරවත් කරනු ඇත. ඔවුනට ඇඳුම් ඇත. ඒවා ද සේද රෙදිවලින් යුක්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الهداية بيد الله يمنحها من يشاء من عباده.
•යහමග ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට එය පිරිනමනු ඇත.

• رقابة الله على كل شيء من أعمال عباده وأحوالهم.
•තම ගැත්තන්ගේ සියලුම ක්රියාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් ගැන අල්ලාහ්ගේ නිරීක්ෂණය.

• خضوع جميع المخلوقات لله قدرًا، وخضوع المؤمنين له طاعة.
•සියලු මැවීම් නියමය අනුව අල්ලාහ්ට යටත් වෙති. නමුත් දේව විශ්වාසීන්ගේ යටත් වීම පිහිටනුයේ ඔහුට අවනත වීමෙනි.

• العذاب نازل بأهل الكفر والعصيان، والرحمة ثابتة لأهل الإيمان والطاعة.
•දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරන්නන්හට දඬුවම පහළ වෙයි. දෙවියන් විශ්වාස කොට ඔහුට අවනත වන්නන්හට කරුණාව ස්ථීර වනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት