Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
حُنَفَآءَ لِلّٰهِ غَیْرَ مُشْرِكِیْنَ بِهٖ ؕ— وَمَنْ یُّشْرِكْ بِاللّٰهِ فَكَاَنَّمَا خَرَّ مِنَ السَّمَآءِ فَتَخْطَفُهُ الطَّیْرُ اَوْ تَهْوِیْ بِهِ الرِّیْحُ فِیْ مَكَانٍ سَحِیْقٍ ۟
නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, අල්ලාහ් අබියස පිළිගනු ලැබූ ඔහුගේ දහම හැර වෙනත් දහම්වලට නැඹුරුවීමෙන් වැළකෙනු. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටුණු වස්තුවක් මෙනි. එක්කො පක්ෂියා එහි මාංශ හෝ අස්ථි ඩැහැගෙන එසේ නැතහොත් සුළඟ එය රැගෙන දුර ස්ථානයක් වෙත යන්නාක් මෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ ۗ— وَمَنْ یُّعَظِّمْ شَعَآىِٕرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَی الْقُلُوْبِ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහු වෙනුවෙන් විය යුතු අවංකභාවය, පිළිම වන්දනාවෙන් හා අවලාද නැගීමෙන් වැළකී සිටීම යනාදිය අල්ලාහ් අණ කළ කරුණු වේ. කවරෙකු දහමේ කටයුතුවටල ගරුබුහුමන් කරන්නේ ද - ඒ අතරින් සත්ව කැපය, හජ් හි පිළිවෙත් යනාදිය ඇතුළත් වේ.- සැබැවින්ම එසේ ගරුබුහුමන් කිරීම හදවත් තුළ ඒවායෙහි පරමාධිපති වෙනුවෙන් තිබෙන බැතිමත්භාවය හේතුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَكُمْ فِیْهَا مَنَافِعُ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ثُمَّ مَحِلُّهَاۤ اِلَی الْبَیْتِ الْعَتِیْقِ ۟۠
(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِكُلِّ اُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِّیَذْكُرُوا اسْمَ اللّٰهِ عَلٰی مَا رَزَقَهُمْ مِّنْ بَهِیْمَةِ الْاَنْعَامِ ؕ— فَاِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ فَلَهٗۤ اَسْلِمُوْا ؕ— وَبَشِّرِ الْمُخْبِتِیْنَ ۟ۙ
ඉකුත් වී ගිය සෑම සමූහයකටම අල්ලාහ් වෙනුවෙන් සත්ව කැපයක් පිළිගැන්වීමේ චාරිත්රයක් ඇති කළේය. එය කපා හරින අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ට සමීප වෙමින් ඔහුගේ නාමය මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම ඔවුන් වෙත පිරිනැමූ ඔටුවන්, ගවයන් හා එළුවන් වෙනුවෙන් ඔවුන් අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීමක් වශයෙනි. අහෝ ජනයිනි! නුඹලා අතර සැබෑ ලෙස නැමදුමට ලක්වන්නා එකම දෙවියෙකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. යටහත් වීමෙන් හා කීකරු වීමෙන් අවනත විය යුත්තේ ඔහුට පමණය. අහෝ දූතය! අවංක හා බියෙන් පසුවන අයට ඔවුන් සතුටු වන කරුණක් පිළිබඳ දන්වා සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ اِذَا ذُكِرَ اللّٰهُ وَجِلَتْ قُلُوْبُهُمْ وَالصّٰبِرِیْنَ عَلٰی مَاۤ اَصَابَهُمْ وَالْمُقِیْمِی الصَّلٰوةِ ۙ— وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟
ඔවුන් වනාහි, අල්ලාහ් ගැන මෙනෙහි කරනු ලබන විට ඔහුගේ දඬුවමට බිය වෙති. ඔහුගේ නියෝගයට විරුද්ධවීමෙන් දුරස් වෙති. ඔවුනට යම් පරීක්ෂණයක් අත් වූ විට ඉවසීමෙන් කටයුතු කරති. සලාතය පූර්ණ ලෙස ඉටු කරති. ඔවුනට අල්ලාහ් පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල විදයම් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْبُدْنَ جَعَلْنٰهَا لَكُمْ مِّنْ شَعَآىِٕرِ اللّٰهِ لَكُمْ فِیْهَا خَیْرٌ ۖۗ— فَاذْكُرُوا اسْمَ اللّٰهِ عَلَیْهَا صَوَآفَّ ۚ— فَاِذَا وَجَبَتْ جُنُوْبُهَا فَكُلُوْا مِنْهَا وَاَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ؕ— كَذٰلِكَ سَخَّرْنٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
නිවස වෙත පුදනු ලබන ඔටුවන් හා ගවයින් වනාහි, අපි ඒවා නුඹලාට දහමේ සංඛේතයන් හා සළකුණු වශයෙන් ඇති කළෙමු. නුඹලාට එහි ආධ්යාත්මික මෙන්ම ලෞකික ප්රයෝජන ඇත. එහෙයින් ඒවා අවතැන් නොවන පරිදි ඒවායෙහි පාදවලින් එකක් ගැට ගසා සිටවමින් ඒවා පෙළට තබනු ලැබුවායින් පසු ඒවා කපන අවස්ථාවේ ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් පවසනු. ඒවා කපා හැරීමෙන් පසු පැත්තට ඇළ වී වැටුණු විට, අහෝ සත්ව කැපය පිරිනැමූවනි! එයින් නුඹලා අනුභව කරනු. ඉල්ලීමෙන් වැළකී සිටින දිළිඳුන්හටත් තමන්ට පිරිනමන මෙන් පෙන්වා දෙන දුප්පතුන්හටත් පිරිනමනු. නුඹලා ඒ මත වාඩි වී ප්රවාහනය කරනු පිණිස නුඹලාට ඒවා අපි වසඟ කර දුන්නාක් මෙන්ම මෙහිදී ද නුඹලාට වසඟ කර දී ඇත්තෙමු. එහෙයින් නුඹලා ඒවා කපා හරින පරිදි ඒවා නුඹලාට යටත් විය. එය අල්ලාහ්වෙනුවෙන් සමීප කරවන්නක් වශයෙනි. නුඹලාට ඒවා යටත් කර දීමේ ආශිර්වාදය සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥවනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ یَّنَالَ اللّٰهَ لُحُوْمُهَا وَلَا دِمَآؤُهَا وَلٰكِنْ یَّنَالُهُ التَّقْوٰی مِنْكُمْ ؕ— كَذٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللّٰهَ عَلٰی مَا هَدٰىكُمْ ؕ— وَبَشِّرِ الْمُحْسِنِیْنَ ۟
අල්ලාහ් වෙත නුඹලා පිළිගන්වන සත්ව කැපයේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ ඔහු වෙත ළඟා වන්නේ නැත. ඔහු වෙත ආරෝහණය වන්නේ ද නැත. නමුත් ඔහු වෙත ආරෝහණය වනුයේ එහිදී නුඹලා තුළ පවතින අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත් භාවයයි. එනම් එය ඔහු වෙත පිළිගැන්වීම වෙනුවෙන් නුඹලා කරන ක්රියාවන් ඔහුට පමණක් අවංක ලෙස පිළිගැන්වීමෙනි. එමෙන්ම සත්ය නුඹලාට ඔහු ආශිර්වාද කිරීම වෙනුවෙන් ඔහුට කෘත ගුණ සලකන්නන් ලෙස ඔහුට අල්ලාහු අක්බර් යැයි තක්බීර් නුඹලා පවසනු පිණිසත් නුඹලාට අල්ලාහ් ඒවා යටහත් කර දී ඇත. අහෝ දූතය! ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි හා ඔහුගේ මැවීම් සමග කටයුතු කිරීමෙහි දැහැමි ලෙස කටයුතු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ ගැන දන්වා සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ یُدٰفِعُ عَنِ الَّذِیْنَ اٰمَنُوْا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ خَوَّانٍ كَفُوْرٍ ۟۠
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කළවුන් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ හානියෙන් වළක්වනු ඇත. තම වගකීමෙහි වංචා කරන ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වන සියලු දනන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් ඒ සඳහා කෘතවේදී නොවන අතර එම පුද්ගලයා කෙරහි ඔහු කෝප වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
•සදාචාරාත්මක රූප සමීප කරවීමේදී සංවේදී ඇඳුමකට උදාහරණ ගෙනහැර පෑම පුහුණුවේ මහඟු අරමුණ පෙන්වා දෙයි.

• فضل التواضع.
•තැන්පත්කමේ මහිමය

• الإحسان سبب للسعادة.
•දැහැමි කටයුතු සිදු කිරීම සතුටට හේතුවකි.

• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
•දේව විශ්වාසය යනු ගැත්තාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබීමටත් ඔහු පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීමටත් හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት