Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
اُذِنَ لِلَّذِیْنَ یُقٰتَلُوْنَ بِاَنَّهُمْ ظُلِمُوْا ؕ— وَاِنَّ اللّٰهَ عَلٰی نَصْرِهِمْ لَقَدِیْرُ ۟ۙ
දේව ආදේශකයින් දේව විශ්වාසීන් සමග සටන් කරන්නේ නම් ඔවුනට එරෙහි ව සටන් කරන මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් අවසර දුන්නේය. එය ඔවුන්ගේ සතුරන්ගේ අපරාධකම් ඔවුන් වෙත ඇති වූ බැවිණි. කිසිදු යුද්ධයක් නොමැතිවම දේව විශ්වාසීන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් කිරීම සඳහා සැබැවින්ම අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් දේව ආදේශකයින් සමග සටන් කිරීමෙන් දේව විශ්වාසීන් පරීක්ෂාවට ලක් කිරීමට ඔහුගේ ප්රඥාව තීන්දු කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ اُخْرِجُوْا مِنْ دِیَارِهِمْ بِغَیْرِ حَقٍّ اِلَّاۤ اَنْ یَّقُوْلُوْا رَبُّنَا اللّٰهُ ؕ— وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِیَعٌ وَّصَلَوٰتٌ وَّمَسٰجِدُ یُذْكَرُ فِیْهَا اسْمُ اللّٰهِ كَثِیْرًا ؕ— وَلَیَنْصُرَنَّ اللّٰهُ مَنْ یَّنْصُرُهٗ ؕ— اِنَّ اللّٰهَ لَقَوِیٌّ عَزِیْزٌ ۟
ඔවුහු වනාහි, ඔවුන් සිදු කළ වෙනත් වරදකට නොව, "අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර අපට වෙනත් දෙවියෙකු නැත" යැයි පැවසීමේ එකම හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් විසින් අපරාධකාරී ලෙස ඔවුන් ඔවුන්ගේ නිවෙසන්වලින් පිටුවහල් කරනු ලැබූවන් වෙති. නබිවරුන්හටත් දේව විශ්වාසීන්හටත් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම දහම්ගත නොකළේ නම් දෙවියන් නමදින ප්රදේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. තාපසාරාමය, කිතුනු දෙවස්ථාන, යුදෙව්වන්ගේ නැමදුම් ස්ථාන හා මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීම සඳහා සූදානම් කරන ලද, අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරනු ලබනු ඇත. කවරෙකු ඔහුගේ දහමට හා ඔහුගේ නබිවරයාට උදව් කරන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට උදව් කරනු ඇත. තම දහමට උදව් කරන්නන්හට උදව් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. කිසිවකු විසින් ඔහුව අබිබවා යා නොහැකි සර්වබලධාරියාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اِنْ مَّكَّنّٰهُمْ فِی الْاَرْضِ اَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ وَاَمَرُوْا بِالْمَعْرُوْفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ؕ— وَلِلّٰهِ عَاقِبَةُ الْاُمُوْرِ ۟
උදව් උපකාර ඇතැයි ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්හට, ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඉඩ අවස්ථා ලබා දුන් විට, ඔවුහු සලාතය පූර්ණ වශයෙන් ඉටු කළෝය. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනැමුවෝය. ඔවුනට කවර ආගමික කරුණ නියෝග කරනු ලැබුවේ ද ඒවා නියෝග කර සිටියෝය. කවර කරුණකින් ඔවුන් වළක්වනු ලැබුවේද එයින් ඔවුහු වැළැක්වූවෝය. සියලුම කරුණු ඒ මත පවතින කුසල් හා දඬුවම් විෂයයෙහි අල්ලාහ් වෙත පමණක් හැරී යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ وَّعَادٌ وَّثَمُوْدُ ۟ۙ
අහෝ දූතය! නුඹේ ජනයා නුඹව බොරු කළේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. නබිවරුන්ව බොරු කළ සමූහයන් අතරින් එසේ බොරු කරනු ලැබූ පළමුවැන්නා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර සිටි නූහ්ගේ ජනයා, නූහ් ව බොරු කළෝය. ආද් සමූහයා හූද් ව බොරු කළෝය. සමූද් ජනයා සාලිහ් ව බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَوْمُ اِبْرٰهِیْمَ وَقَوْمُ لُوْطٍ ۟ۙ
ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම් ව බොරු කළෝය. ලූත්ගේ ජනයා ලූත් ව බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَصْحٰبُ مَدْیَنَ ۚ— وَكُذِّبَ مُوْسٰی فَاَمْلَیْتُ لِلْكٰفِرِیْنَ ثُمَّ اَخَذْتُهُمْ ۚ— فَكَیْفَ كَانَ نَكِیْرِ ۟
මද්යන් වාසීහු ෂුඅය්බ් ව බොරු කළෝය. ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව බොරු කළෝය. ඔවුන්ගේ සමූහයාගෙන් ටික කලකට දඬුවම ප්රමාද කළෙමි. පියවරෙන් පියවර එය ක්රියාත්මක විය. පසු ව දඬුවමින් ඔහුව ග්රහණය කළෙමි. ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැ?යි නුඹ සිතා බලනු. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මා ඔවුන් විනාශ කළෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا وَهِیَ ظَالِمَةٌ فَهِیَ خَاوِیَةٌ عَلٰی عُرُوْشِهَا ؗ— وَبِئْرٍ مُّعَطَّلَةٍ وَّقَصْرٍ مَّشِیْدٍ ۟
නොනවතින දඬුවමකින් අපි විනාශ කළ කොපමණ ගම්මාන වී ද?එහි වැසියන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරමින් පසුවූහ.- විනාශ කරනු ලැබූ ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ වාසස්ථානවලින් හිස් විය. ඔවුන් විනාශ කළ හේතුවෙන් ගලා යන කොපමණක් හිස් ළිං වීද? එමෙන්ම දඬුවම හේතුවෙන් පදිංචි විය නොහැකි තත්ත්වයට පත් කොපමණක් විසිතුරු උසස් මාලිගාවන් වී ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَتَكُوْنَ لَهُمْ قُلُوْبٌ یَّعْقِلُوْنَ بِهَاۤ اَوْ اٰذَانٌ یَّسْمَعُوْنَ بِهَا ۚ— فَاِنَّهَا لَا تَعْمَی الْاَبْصَارُ وَلٰكِنْ تَعْمَی الْقُلُوْبُ الَّتِیْ فِی الصُّدُوْرِ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එය බොරුකළවුන් මහපොළොවේ ගමන් කර නොබැලුවෝ ද? එම විනාශ වූ ගම්මානවල නටබුන් ඔවුන් දෑසින් දැක පාඩම් ලබනු පිණිස ඔවුන්ගේ බුද්ධියෙන් කල්පනා කර නොබලන්නෝ ද? ඔවුන් උපදෙස් ලබනු පිණිස ඔවුන්ගේ කතා වස්තුව පිළිගන්නා අයුරින් ඇහුම්කන් නොදෙන්නෝ ද? සැබැවින්ම සැබෑ අන්ධභාවය යනු ඇස් නොපෙනෙන අන්ධභාවය නොව, විනාශය ගෙන්වා ගන්නා අන්ධභාවයයි. අදාළ පුද්ගලයාට කිසිදු පාඩමක් හෝ උපදෙසක් හෝ නොලැබී යාම පැහැදිළි අන්ධභාවයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات صفتي القوة والعزة لله.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• إثبات مشروعية الجهاد؛ للحفاظ على مواطن العبادة.
•දෙවියන්ට නැමදුම් කෙරෙන දේශයන් ආරක්ෂා කරන්නන්හට ජිහාද් කිරීම දහම් ගත කිරීම ස්ථීර කිරීම.

• إقامة الدين سبب لنصر الله لعبيده المؤمنين.
•දහම ස්ථාපිත කිරීම අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන්හට උදව් කිරීම සඳහා හේතුවක් වන්නේය.

• عمى القلوب مانع من الاعتبار بآيات الله.
•හදවත්හි අන්ධ භාවය අල්ලාහ්ගේ සංඥාවන් තුළින් පාඩම් ලැබීම වළක්වාලයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት