Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
وَهُدُوْۤا اِلَی الطَّیِّبِ مِنَ الْقَوْلِ ۖۗۚ— وَهُدُوْۤا اِلٰی صِرَاطِ الْحَمِیْدِ ۟
මෙලොව ජීවිතයේ දී අල්ලාහ් ඔවුනට ශුද්ධ ප්රකාශ වෙත මඟ පෙන්වීය. එනම්, "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, "අල්ලාහු අක්බර්" -අල්ලාහ් අති ශ්රේෂ්ඨය, "අල් හම්දු ලිල්ලාහ්" -සියලු පැසසුම් අල්ලාහ්ටය යනාදී ශුද්ධ ප්රකාශ වේ. එමෙන්ම ප්රශංසනීය ඉස්ලාමීය මාවත වෙත ඔහු ඔවුනට මඟ පෙන්වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِیْ جَعَلْنٰهُ لِلنَّاسِ سَوَآءَ ١لْعَاكِفُ فِیْهِ وَالْبَادِ ؕ— وَمَنْ یُّرِدْ فِیْهِ بِاِلْحَادٍ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ اَلِیْمٍ ۟۠
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඉස්ලාමය තුළට පිවිසෙන සෙසු ජනයා වෙනතකට යොමු කොට මස්ජිදුල් හරාමයෙන් ජනයා වළක්වන අය වනාහි එම දේව ආදේශකයින් හුදෙයිබියා ගිවිසුම් වසරෙහි ක්රියා කළාක් මෙන් ම අපි ද ඔවුනට වේදනීය දඬුවම මතු පිරිනමන්නෙමු. එම මස්ජිදය අප නියම කර ඇත්තේ ජනයා ඔවුන්ගේ සලාතයේ මුහුණලන දිශාව හා හජ් උම්රා පිළිවෙත් ඉටු කරන නැමදුම් ස්ථාන ලෙසය. එහිදී එහි පදිංචිව සිටින මක්කාවාසීන් ද මක්කා වාසීන් නොවන පිටස්තරයන් ද සමානය. එහෙයින් උවමනාවෙන්ම පාපයක් සිදු කිරීමෙන් සත්යයෙන් නැඹුරු වන්නට කවරෙකු සිතන්නේ ද සැබැවින්ම අපි ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ بَوَّاْنَا لِاِبْرٰهِیْمَ مَكَانَ الْبَیْتِ اَنْ لَّا تُشْرِكْ بِیْ شَیْـًٔا وَّطَهِّرْ بَیْتِیَ لِلطَّآىِٕفِیْنَ وَالْقَآىِٕمِیْنَ وَالرُّكَّعِ السُّجُوْدِ ۟
අහෝ දූතය! දේව නිවසේ ස්ථානය හා එහි සීමාව ගැන නොදැන සිටි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට, අප පැහැදිළි කළ අවස්ථාව නුඹ සිහිපත් කරනු. එමෙන්ම අපි ඔහුට, "මට නමස්කාර කිරීමෙහි කිසිවකු නුඹ ආදේශ නොකරනු. මාගේ නිවස තවාෆ් කරන්නන් වෙනුවෙන් හා එහි සලාත් ඉටු කරන්නන් වෙනුවෙන් මානසික මෙන්ම භෞතික කිලිටිවලින් පිරිසිදු කරනු" යැයි අපි ඔහුට දේව පණිවිඩ යැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَذِّنْ فِی النَّاسِ بِالْحَجِّ یَاْتُوْكَ رِجَالًا وَّعَلٰی كُلِّ ضَامِرٍ یَّاْتِیْنَ مِنْ كُلِّ فَجٍّ عَمِیْقٍ ۟ۙ
ඉදි කිරීමට අප නුඹට නියම කළ මෙම නිවස කරා වන්දනාවේ පැමිණෙන මෙන් නුඹ ජනයා අතර ඇරයුම් කරනු. ඔවුහු පා ගමනින් ද ගමනේදී දුෂ්කරතා උසුළන සැහැල්ලු ඔටුවන් මත ප්රවාහනිකවද පැමිණෙනු ඇත. සෑම දුර් මාර්ගයක සිටම ඔවුන් උසුලාගෙන එම ඔටුවන් ඒ වෙත පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّیَشْهَدُوْا مَنَافِعَ لَهُمْ وَیَذْكُرُوا اسْمَ اللّٰهِ فِیْۤ اَیَّامٍ مَّعْلُوْمٰتٍ عَلٰی مَا رَزَقَهُمْ مِّنْ بَهِیْمَةِ الْاَنْعَامِ ۚ— فَكُلُوْا مِنْهَا وَاَطْعِمُوا الْبَآىِٕسَ الْفَقِیْرَ ۟ؗ
පාපක්ෂමාව, තිළිණ හිමි කර ගැනීම, පිවිතුරු වදන ඒකීයකරණය හා වෙනත් ඔවුනට ඵල දෙන ප්රයෝජනය ලබනු පිණිසත්, නියමිත දිනයන්හි ඔවුන්ගේ සතුන් කැප කිරීමේදී අල්ලාහ්ගේ නාමය ඔවුන් මෙනෙහි කරනු පිණිසත්ය. එනම් දුල් හජ් මාසයේ දස වැනි දින හා ඉන් පසු පැමිණෙන දින තුනය. එය අල්ලාහ් වෙනුවෙන් ඔවුනට පිරිනැමූ ඔටුවන් ගවයන් හා එළුවන් සඳහා කෘතඥතාව පුද කිරීමක් වශයෙන්ය. එහෙයින් එම කැප කිරීමෙන් නුඹලා අනුභව කරනු. දරිද්රතාවෙන් පෙළෙන දිළිඳුන් හට එයින් ආහාර සපයනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ لْیَقْضُوْا تَفَثَهُمْ وَلْیُوْفُوْا نُذُوْرَهُمْ وَلْیَطَّوَّفُوْا بِالْبَیْتِ الْعَتِیْقِ ۟
පසු ව ඔවුන් මත ඉතිරි ව ඇති ඔවුන්ගේ හජ් පිළිවෙත් ඔවුන් ඉටු කරත්වා! ඉහ්රාම් ඇඳගත් හේතුවෙන් ඔවුන්ගේ හිස මුඩු කර ඔවුන්ගේ නියපොතු කපා, බැඳුණු කිලිටි ඉවත් කිරීමෙන් ඉහ්රාමයෙන් ලිහිල් වෙත්වා! ඔවුන් වෙත අනිවාර්යය කරනු ලැබූ හජ්, උම්රා හා සත්ව කැපය ඉටු කරත්වා! දරුණු පාළකයින්ගේ ආධිපත්යයේ ග්රහණයෙන් අල්ලාහ් මුදවාගත් එම නිවසෙහි ‘තවාෆුල් ඉෆාළා’ නම් හජ් වන්දනාවට අදාළ තවාෆය ඉටු කරත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ ۗ— وَمَنْ یُّعَظِّمْ حُرُمٰتِ اللّٰهِ فَهُوَ خَیْرٌ لَّهٗ عِنْدَ رَبِّهٖ ؕ— وَاُحِلَّتْ لَكُمُ الْاَنْعَامُ اِلَّا مَا یُتْلٰی عَلَیْكُمْ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْاَوْثَانِ وَاجْتَنِبُوْا قَوْلَ الزُّوْرِ ۟ۙ
නුඹලාට අණ කරනු ලැබූ දෑ එනම්: හිස මුඩු කිරීම හා නියපොතු කැපීම අනුමත වීම, කිලිටි ඉවත් කිරීම, සත්ව කැපය ඉටු කිරීම, දේව නිවස තවාෆ් කිරීම යනාදිය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කළ දෑය. එහෙයින් අල්ලාහ් නුඹලාට අනිවාර්යය කළ දෑට ගරුබුහුමන් කරනු. ඉහ්රාම් තත්ත්වයේ සිටියදී වැළකෙන මෙන් අල්ලාහ් නියෝග කළ දැයින් වැළකී අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කිරීමක් වශයෙන් ඒවාට වැටීමෙන් හා ඔහු තහනම් කළ දැය අනුමත කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේ ද එය ඔහුට මෙලොව හා මතුලොව ඔහුගේ ශුද්ධවන්ත අල්ලාහ් අබියස උතුම් වන්නේය. අහෝ ජනයිනි! ඔටුවන් ගවයින් හා එළුවන් වැනි ගොවිපළ සතුන් නුඹලාට අනුමත විය. හාමී, බහිරා හා වසීලා යන පිළිම නුඹලා ගරු කිරීමට තබා නැත. අල් කුර්ආනයේ තහනම් කළ මළ දෑ, රුධිරය වැනි තහනම් දෑ හැර ඒවායින් තහනම් කර නැත. එහෙයින් කිලිටි පිළිමවලින් නුඹලා දුරස් වනු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වරූපය වෙත ගොතන ව්යාජ ප්රකාශයෙන් නුඹලා දුරස් වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
•ශුද්ධ වූ නිවස සතු ගෞරවය, වෙනත් අවස්ථාවන්වල සිදුවන පාපකම් වලට වඩා අධිකව ප්රවේසම් වීමේ අවශ්යතාව මෙහිදී ඇති කරයි.

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
•ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වනාහි, සෑම කාලයකම හා සෑම ස්ථානයකම සිටින දේවත්වය විශ්වාස කරන්නන්ගේ හදවත් ආශා කරන තැනකි.

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
•හජ් හි ප්රතිලාභ, ඒවා ලෞකික හෝ මතුලොව ප්රතිලාභ වුව ද ජනයා වෙත හැරී එනු ඇත.

• شكر النعم يقتضي العطف على الضعفاء.
•ආශිර්වාදවලට කෘතවේදී වීම දුර්වලයින්හට කරුණාව දැක්වීමට නියම කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት