Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ   አንቀጽ:
یٰۤاَیُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوْا لَهٗ ؕ— اِنَّ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ لَنْ یَّخْلُقُوْا ذُبَابًا وَّلَوِ اجْتَمَعُوْا لَهٗ ؕ— وَاِنْ یَّسْلُبْهُمُ الذُّبَابُ شَیْـًٔا لَّا یَسْتَنْقِذُوْهُ مِنْهُ ؕ— ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوْبُ ۟
අහෝ මිනිසුනි! උපමාවක් ගෙන හැර දක්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. එමගින් නුඹලා පාඩම් ලබනු. සැබවින්ම අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින පිළිම වනාහි, ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් මැස්සෙකු මවන්නට ඔවුන් සියලු දෙනා ඒකරාශී වුව ද කිසිවිටෙක එවන්නක් මැවීමට ඔවුනට හැකි වන්නේම නැත. එමෙන්ම මැස්සා ඔවුන් මත වූ යම් පිවිතුරු දෙයක් හෝ ඊට සමාන දෙයක් ඩැහැ ගත් විට උගෙන් එය ආරක්ෂා කිරීමට ඔවුන් ශක්තිය නොදරති. මැස්සා මැවීමට හා ඔවුන්ගෙන් ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකි වීමෙන් පැහැදිලි වනුයේ ඊටත් වඩා ඉමහත් දෙයක් කිරීමට ඔවුනට නොහැකි බවය. එසේ නොහැකි තත්ත්වයක දී අල්ලාහ් හැර දමා නුඹලා ඒවාට වන්දනාමාන කරනුයේ කෙසේ ද? එසේ පතන්නා දුර්වල විය. එනම් මැස්සා ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට නොහැකි, නැමදුම් ලබන පිළිමය. එසේම පතනු ලබන්නා ද දුර්වල විය එය මැස්සාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا قَدَرُوا اللّٰهَ حَقَّ قَدْرِهٖ ؕ— اِنَّ اللّٰهَ لَقَوِیٌّ عَزِیْزٌ ۟
අල්ලාහ් සමග ඔහුගේ මැවීම් ද සම්බන්ධ කරමින් ඔවුන් නැමදුම් කරන අවස්ථාවේ ඔහුට ගරුබුහුමන් කළ යුතු නිසි අයුරින් ඔවුන් ඔහුට ගරුබුහුමන් කර නැත. සැබැවින්ම අල්ලාහ් බලවත්ය. ඔහුගේ බලය හා ශක්තිය තුළින් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති දෑ ද මැව්වේය. ඔහු ආදේශ කරන්නන්ගේ පිළිම මෙන් නොව කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඒවා කිසිවක් මැවිය නොහැකි ඉතා පහත් දුර්වල දෑ වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ یَصْطَفِیْ مِنَ الْمَلٰٓىِٕكَةِ رُسُلًا وَّمِنَ النَّاسِ ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟ۚ
උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් මලක්වරුන් හෙවත් සුර දූතයින් අතරින් දූතවරුන් තෝරා ගනී. එමෙන්ම මිනිසුන් අතරින් ද දූතවරුන් තෝරා ගනී. මිනිස් දූතවරුන් වෙත ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දූතයකු ලෙස එව්වාක් මෙන් ඇතැම් මලක්වරුන් ද නබිවරුන් වෙත දූත පණිවිඩය සමග එව්වේය. එමෙන්ම මිනිස් දූතවරුන්ද ජනයා වෙත දූත පණිවිඩ සමග එව්වේය. දේව ආදේශකයින් ඔහුගේ දූතවරුන් පිළිබඳ පවසන දෑට සැබැවින්ම අල්ලාහ් සවන් දෙන්නාය. ඔහු ඔහුගේ දූතත්වය තෝරා ගන්නන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟
මලක්වරුන් හා මිනිසුන් අතරින් වූ දූතවරුන් ඔවුන් මැවීමට පෙර ද ඔවුන්ගේ මරණින් පසු ද කවර ස්ථාවරයක සිටින්නේ දැයි සුවිශුද්ධයාණන් මැනවින් දනී. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු ඔහුගේ ගැත්තන් නැගිටුවා ඔවුන් පෙර කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا ارْكَعُوْا وَاسْجُدُوْا وَاعْبُدُوْا رَبَّكُمْ وَافْعَلُوا الْخَیْرَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සලාතයේ දී නුඹලා අල්ලාහ්ට පමණක් නැමී රුකූඃ කරනු. සිරස බිම තබා සුජූද් කරනු. නුඹලා අපේක්ෂා කරන පරිදි ජයග්රහණය ලැබීමේ හා භීතියෙන් නුඹලා මිදීමේ යහපත් බලා පොරොත්තුවෙන් යුතුව සදකා නොහොත් දානය, ඥාති සම්බන්ධකම් රැකීම වැනි යහපත් ක්රියාවන් සිදු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَاهِدُوْا فِی اللّٰهِ حَقَّ جِهَادِهٖ ؕ— هُوَ اجْتَبٰىكُمْ وَمَا جَعَلَ عَلَیْكُمْ فِی الدِّیْنِ مِنْ حَرَجٍ ؕ— مِلَّةَ اَبِیْكُمْ اِبْرٰهِیْمَ ؕ— هُوَ سَمّٰىكُمُ الْمُسْلِمِیْنَ ۙ۬— مِنْ قَبْلُ وَفِیْ هٰذَا لِیَكُوْنَ الرَّسُوْلُ شَهِیْدًا عَلَیْكُمْ وَتَكُوْنُوْا شُهَدَآءَ عَلَی النَّاسِ ۖۚ— فَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاعْتَصِمُوْا بِاللّٰهِ ؕ— هُوَ مَوْلٰىكُمْ ۚ— فَنِعْمَ الْمَوْلٰی وَنِعْمَ النَّصِیْرُ ۟۠
අල්ලාහ්ගේ මාර්ගයේ ඔහුගේ තෘප්තිය උදෙසා පමණක් අවංක ව කැපවී කටයුතු කරනු. නුඹලා ව තෝරා ගෙන නුඹලාගේ දහම නුඹලාට ක්ෂමාශීලී පිළිවෙතක් බවට පත් කළේ ඔහුය. එහි කිසිදු පීඩනයක් හෝ දුෂ්කරතාවක් හෝ නොමැත. මෙම සමාදායී පිළිවෙත නුඹලාගේ පියා වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතයි. පෙර පැවති දිව්යමය ග්රන්ථවලත් අල් කුර්ආනයේත් අල්ලාහ් නුඹලාට නම් තැබුවේ මුස්ලිම්වරුන් ලෙසය. එය රසූල්වරයා වෙත කවර කරුණක් ප්රචාරය කරන මෙන් අණ කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහු නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනු පිණිසය. එමෙන්ම පෙර සිටි සමූහයන්ට ඔවුන්ගේ දූතවරුන් ප්රචාරය කළ බවට නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් පෙනී සිටිනු පිණිසය. එහෙයින් නුඹලා ඒ සඳහා සලාතය පූර්ණ අයුරින් විධිමත් ව ඉටු කර අල්ලාහ්ට කෘතඥතාව පුද කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ් වෙත සරණ පතනු. නුඹලාගේ කටයුතුවලදී ඔහු මත රැඳී සිටිනු. ඔහු සුවිශුද්ධය. දේව විශ්වාසීන් අතරින් කවරකු ඔහු වෙත තම භාරකාරත්වය පුදන්නේ ද ඔහුට භාරකරු වශයෙන් ඔහු යහපත් විය. ඔවුන් අතරින් කවරෙකු උදව් පතන්නේ ද ඔහුට උදව්කරු වශයෙන් ඔහු යහපත් විය. එහෙයින් නුඹලා ඔහු වෙත සියල්ල භාර කරනු. ඔහු ඒවා භාර ගනු ඇත. නුඹලා ඔහුගෙන් උදව් පතනු. ඔහු නුඹලාට උදව් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية ضرب الأمثال لتوضيح المعاني، وهي طريقة تربوية جليلة.
•අර්ථය පැහැදිලි කරනු පිණිස උදාහරණ ගෙනහැර පෑමේ වැදගත්කම, එය පුහුණු කිරීමේ දී ප්රශංසනීය ක්රියාමාර්ගයකි.

• عجز الأصنام عن خلق الأدنى دليل على عجزها عن خلق غيره.
•ඉතා සුළු මැවීමක් පවා මැවීමට පිළිමවලට නොහැකි වීම ඒ හැර වෙනත් දෑ මැවීමට ඒවාට නොහැකි බව තහවුරු කරන සාධකයකි.

• الإشراك بالله سببه عدم تعظيم الله.
•අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ට ගරු බුහුමන් නොකිරීමට හේතුවක් වන්නේය.

• إثبات صفتي القوة والعزة لله، وأهمية أن يستحضر المؤمن معاني هذه الصفات.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම. මෙම ගුණාංගවල අර්ථයන් දේව විශ්වාසියා ඉදිරිපත් කිරීමේ වැදගත්කම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት