Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:

අල් අන්බියා

ከመዕራፉ ዓላማዎች:
إثبات الرسالة وبيان وحدة غاية الأنبياء وعناية الله بهم.
දූතත්වය තහවුරු කිරීම, නබිවරුන්ගේ එකම අරමුණ පැහැදිලි කිරීම, ඔවුන් සම්බන්ධයෙන් වූ අල්ලාහ්ගේ රැකවරණය.

اِقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِیْ غَفْلَةٍ مُّعْرِضُوْنَ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාගේ ක්රියාවන් සඳහා ඔවුන්ගෙන් විනිශ්චය කිරීම ඔවුන් වෙත සමීප වී ඇත. ඔවුන් මෙලොවෙහි කාර්යබහුලව සිටි බැවින් මතුලොව ප්රතික්ෂේප කරමින් ඔවුහු ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا یَاْتِیْهِمْ مِّنْ ذِكْرٍ مِّنْ رَّبِّهِمْ مُّحْدَثٍ اِلَّا اسْتَمَعُوْهُ وَهُمْ یَلْعَبُوْنَ ۟ۙ
ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත අල් කුර්ආනයේ නව පහළ වීමක් පැමිණි විට ඔවුන් එයට පලක් නැති අයුරින් සවන් දුන්නාක් මිස නැත. එහි ඇති දෑ ගැන ඔවුන් සැලකිලිමත් නොවී එයට හාස්යය ලෙස සවන් දෙන්නට වුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَاهِیَةً قُلُوْبُهُمْ ؕ— وَاَسَرُّوا النَّجْوَی ۖۗ— الَّذِیْنَ ظَلَمُوْا ۖۗ— هَلْ هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۚ— اَفَتَاْتُوْنَ السِّحْرَ وَاَنْتُمْ تُبْصِرُوْنَ ۟
ඒ ගැන ඔවුන්ගේ හදවත් තැකීමකින් තොර ව තිබියදී, ඔවුහු එයට සවන් දුන්නෝය. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරුවන් වූ වනාහි, ඔවුන් කවර කරුණක් රහසින් කතා කළේද එම කතාව සඟවමින් මෙසේ පවසන්නන් වූහ. "සැබැවින්ම තමන් දූතයකු යැයි වාද කරන්නා නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලාට වඩා ඔහුට කීර්තියක් නොමැත. ඔහු කවර දෙයක් ගෙන ආවේ ද එය හූනියමකි. එහෙයින් සැබැවින්ම ඔහු නුඹලා මෙන් මිනිසෙකු බවත් ඔහු ගෙන ආ දෑ හූනියමක් බවත් නුඹලා දැන දැනුම ඔහුව අනුගමනය කරන්නෙහු ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قٰلَ رَبِّیْ یَعْلَمُ الْقَوْلَ فِی السَّمَآءِ وَالْاَرْضِ ؗ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "නුඹලා කවර කතාවක් සඟවන්නේ ද, ඒ ගැන සැබැවින්ම මාගේ පරමාධිපති දනී. අහස්හි හා මහපොළොවේ කවර ප්රකාශයක් ප්රකාශකයකු විසින් හෙළි වන්නේ ද ඒ සෑම ප්රකාශයක්ම ඔහු දනී. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ قَالُوْۤا اَضْغَاثُ اَحْلَامٍ بَلِ افْتَرٰىهُ بَلْ هُوَ شَاعِرٌ ۖۚ— فَلْیَاْتِنَا بِاٰیَةٍ كَمَاۤ اُرْسِلَ الْاَوَّلُوْنَ ۟
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එම කරුණ ගැන ඔවුහු ව්යාකූලත්වයෙන් පසුවෙති. විටෙක ඔවුහු, "කිසිදු පදනමක් නැති ව්යාකූල සිහිනකි" යැයි පවසති. තවත් විටෙක, "නැත, කිසිදු පදනමකින් තොරව එය ගොතන ලද්දකි" යැයි පවසති. තවත් විටෙක, "ඔහු කවියෙකි. ඔහු ඇරයුම් කරන දෑහි ඔහු සත්යවාදියෙකු නම් මූසාගේ සැරයටිය, සාලිහ්ගේ ඔටු දෙන වැනි ආරම්භක දූතවරුන් ගෙන ආ ප්රාතිහාර්යයන් මෙන් ප්රාතිහාර්යයක් අප වෙත ඔහු ගෙන ආ යුතුය. සැබැවින්ම ඔවුහු එවන් ප්රාතිහාර්යයන් ගෙන ආවෝය." යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اٰمَنَتْ قَبْلَهُمْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا ۚ— اَفَهُمْ یُؤْمِنُوْنَ ۟
මෙම යෝජිතයින්ට පෙර මෙවන් සංඥා පහළ කරන මෙන් යෝජනා කළ ගම්මානවාසීහුද වුහ. ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් යෝජනා කළ පරිදි ඔවුනට ඒවා දෙනු ලැබුවෝය. නමුත් ඔවුහු එය බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. එසේ තිබියදී මොවුහු විශ්වාස කරනු ඇත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا قَبْلَكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ فَسْـَٔلُوْۤا اَهْلَ الذِّكْرِ اِنْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
අහෝ දූතය! නුඹට පෙර පිරිමින් වෙත මිස අපි දේව පණිවිඩ දන්වා වෙනත් වර්ගයක් එව්වේ නැත. ඔවුන්ව මලක්වරුන් ලෙස එව්වේ ද නැත. ඒ ගැන නුඹලා නොදන්නෙහු නම්, නුඹලාට පෙර විසූ ආගම්ලත් ජනයාගෙන් අසා දැනගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلْنٰهُمْ جَسَدًا لَّا یَاْكُلُوْنَ الطَّعَامَ وَمَا كَانُوْا خٰلِدِیْنَ ۟
අප එවූ දූතවරුන් ආහාර අනුභව නොකරන ශරීරයකින් යුක්ත වූවන් ලෙස අපි පත් නොකළෙමු. වෙනත් අය ආහාර ගන්නාක් මෙන්ම ඔවුන් ද ආහාර ගත්තෝය. ඔවුන් නොමියන මෙලොවෙහි සදා රැඳී සිටින්නන් වූයේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ صَدَقْنٰهُمُ الْوَعْدَ فَاَنْجَیْنٰهُمْ وَمَنْ نَّشَآءُ وَاَهْلَكْنَا الْمُسْرِفِیْنَ ۟
පසු ව අපි අපගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ ස්ථීර කළෙමු. එනම් ඔවුන් ද අපි අභිමත කළ දේව විශ්වාසීන් ද විනාශයෙන් මුදවා, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා කටයුතු කළවුන් විනාශයට පත් කිරීම තුළිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكُمْ كِتٰبًا فِیْهِ ذِكْرُكُمْ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟۠
සැබැවින්ම අපි අල් කුර්ආනය නුඹලා වෙත පහළ කළෙමු. නුඹලා එය සත්ය බව සහතික කොට; එහි ඇති දෑ අනුව කටයුතු කළේ නම්, එහි නුඹලාට ගෞරවයත් අභිමානයත් ඇත. එහෙයින් නුඹලා ඒ ගැන වටහා ගෙන එය විශ්වාස කිරීමට යුහුසුළු නොවන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• قُرْب القيامة مما يستوجب الاستعداد لها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඉතා සමීපයෙන් පවතින්නකි. ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය.

• انشغال القلوب باللهو يصرفها عن الحق.
•හදවත් පුහු දෑහි යෙදවීම එම හදවත් සත්යයෙන් දුරස් කරවනු ඇත.

• إحاطة علم الله بما يصدر من عباده من قول أو فعل.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශයක් හෝ වේවා ක්රියාවක් හෝ වේවා ඒ ගැන අල්ලාහ් සර්වප්රකාරයෙන් දැන සිටින්නාය.

• اختلاف المشركين في الموقف من النبي صلى الله عليه وسلم يدل على تخبطهم واضطرابهم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ස්ථාවරය පිළිබඳ දේවත්වයට ආදේශ කරන්නන් අතර පවතින මතගැටුම් ඔවුන් ව්යාකූලත්වයේ හා පැටලිල්ලේ සිටින බව පෙන්වා දෙයි.

• أن الله مع رسله والمؤمنين بالتأييد والعون على الأعداء.
•සතුරන්ට එරෙහිව උදව් කිරීමෙහි හා බලවත් කිරීමෙහි සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන් සමග සිටියි.

• القرآن شرف وعز لمن آمن به وعمل به.
•කවරෙකු අල් කුර්ආනය විශ්වාස කොට ඒ අනුව ක්රියා කරන්නේ ද එය ඔවුනට ගරුත්වය හා කීර්තිය ගෙන දෙනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት