Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَجَعَلْنٰهُمْ اَىِٕمَّةً یَّهْدُوْنَ بِاَمْرِنَا وَاَوْحَیْنَاۤ اِلَیْهِمْ فِعْلَ الْخَیْرٰتِ وَاِقَامَ الصَّلٰوةِ وَاِیْتَآءَ الزَّكٰوةِ ۚ— وَكَانُوْا لَنَا عٰبِدِیْنَ ۟ۙ
යහපත් කටයුතුවලදී ජනයා ඔවුන්ගෙන් මග ලබන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. උත්තරීතර අල්ලාහ්ගෙන් වූ නියෝගය අනුව අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා ඔවුහු ජනයාට ඇරයුම් කරති. "නුඹලා යහපත කරනු. නුඹලා සලාතය පූර්ණවත් ලෙස ඉටු කරනු. සකාත් නියමය ඉටු කරනු." යැයි අපි ඔවුනට දේව පණිවිඩ එව්වෙමු. ඔවුහු අපට අවනත වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلُوْطًا اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا وَّنَجَّیْنٰهُ مِنَ الْقَرْیَةِ الَّتِیْ كَانَتْ تَّعْمَلُ الْخَبٰٓىِٕثَ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمَ سَوْءٍ فٰسِقِیْنَ ۟ۙ
වාදී ප්රතිවාදීන් අතර තීන්දු දීමේ යුක්තිය, අපි ලූත්ට පිරිනැමුවෙමු. ඔහුගේ ආගමික කටයුතුවල දැනුම ද අපි ඔහුට පිරිනැමුවෙමු. "සදෝම්" නම් ඔහුගේ ගම්මානයට අපි පහළ කළ දඬුවමින් අපි ඔහු මුදවා ගත්තෙමු. එම ගම්වාසීන් අශීලාචාර සමලිංගික සේවනයේ හැසිරුණහ. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් ඉවත් වූ ප්රචණ්ඩකාරී පිරිසක් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَدْخَلْنٰهُ فِیْ رَحْمَتِنَا ؕ— اِنَّهٗ مِنَ الصّٰلِحِیْنَ ۟۠
ඔහුගේ ජනයාට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත් අවස්ථාවේ ඔහුව අපගේ කරුණාව තුළට ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔහු වනාහි, අපගේ නියෝග පිළිපදිමින් හා අප තහනම් කළ දැයින් වැළකෙමින් ආ දැහැමියන් අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنُوْحًا اِذْ نَادٰی مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهٗ فَنَجَّیْنٰهُ وَاَهْلَهٗ مِنَ الْكَرْبِ الْعَظِیْمِ ۟ۚ
අහෝ දූතය! නූහ්ගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඉබ්රාහීම් හා ලූත්ට පෙර ඔහු අල්ලාහ්ව ඇමතීය. ඔහු පැතූ දෑ අපි ඔහුට පිරිනැමීමෙන් අපි ඔහුට ප්රතිචාර දැක්වූයෙමු. ඒ අනුව අපි ඔහු හා දේව විශ්වාසී ජනයා මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَصَرْنٰهُ مِنَ الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمَ سَوْءٍ فَاَغْرَقْنٰهُمْ اَجْمَعِیْنَ ۟
ඔහුගේ සත්යතාව පෙන්වා දෙමින්, අප ඔහු ව තහවුරු කළ සාධක බොරු කළ ජනයාගේ කුමන්ත්රණයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔවුහු ප්රචණ්ඩකාරී නපුරු ජන පිරිසක් වූහ. එහෙයින් අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَاوٗدَ وَسُلَیْمٰنَ اِذْ یَحْكُمٰنِ فِی الْحَرْثِ اِذْ نَفَشَتْ فِیْهِ غَنَمُ الْقَوْمِ ۚ— وَكُنَّا لِحُكْمِهِمْ شٰهِدِیْنَ ۟ۙ
අහෝ දූතය! දාවූද් හා ඔහුගේ පුත් සුලෙයිමාන් (අලයිහිමස් සලාම්) යන අය ගැනද මෙනෙහි කරනු. දෙදෙනෙකු වාද කරමින් ඔවුන් දෙදෙනා වෙත තබන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තීන්දු ලබා දුන්හ. එනම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සතු ව තිබූ එළුවකු රාත්රියේ දී අනෙක් පුද්ගලයාගේ ගොවිබිමෙහි සැරිසරා එය විනාශ කර දැමීමයි. දාවූද් හා සුලෙයිමාන්ගේ තීන්දුවේදී අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු. ඔවුන් දෙදෙනාගේ තීන්දුවෙහි කිසිවක් අපට සැඟ වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَفَهَّمْنٰهَا سُلَیْمٰنَ ۚ— وَكُلًّا اٰتَیْنَا حُكْمًا وَّعِلْمًا ؗ— وَّسَخَّرْنَا مَعَ دَاوٗدَ الْجِبَالَ یُسَبِّحْنَ وَالطَّیْرَ ؕ— وَكُنَّا فٰعِلِیْنَ ۟
සුලයිමාන්ගේ පියා වන දාවූද්ට නොව, සුලෙයිමාන් වන ඔහුට අපි එම තීන්දුව වටහා දුන්නෙමු. දාවූද් හා සුලයිමාන් යන දෙදෙනාටම නබිත්වය හා ආගමික නීති පිළිබඳ දැනුම අපි පිරිනැමුවෙමු. අපි සුලයිමාන්ට පමණක් විශේෂකොට සැලකුවේ නැත. දාවූද් ට ගුණගායනා කරන කඳු යටත් කර දුන්නෙමු. එමෙන්ම ඔහුට පක්ෂීන්ද යටත් කර දුන්නෙමු. අපි මෙසේ වටහා දීමටත් ප්රඥාව හා දැනුම පිරීනැමීමටත් කටයුතු කරන්නන් වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَلَّمْنٰهُ صَنْعَةَ لَبُوْسٍ لَّكُمْ لِتُحْصِنَكُمْ مِّنْ بَاْسِكُمْ ۚ— فَهَلْ اَنْتُمْ شٰكِرُوْنَ ۟
නුඹලාගේ ශරීර කඩු පහරින් වළක්වා ආරක්ෂා කර ගැනීම සඳහා යුද කබා නිර්මාණය කිරීමේ හැකියාව අපි සුලෙයිමාන්ට නොව දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ ජනයිනි! අල්ලාහ් එමගින් නුඹලා වෙත ආශිර්වාද කර ඇති මෙම ආශිර්වාද සඳහා නුඹලා කෘතගුණ සලකන්නන් වන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِسُلَیْمٰنَ الرِّیْحَ عَاصِفَةً تَجْرِیْ بِاَمْرِهٖۤ اِلَی الْاَرْضِ الَّتِیْ بٰرَكْنَا فِیْهَا ؕ— وَكُنَّا بِكُلِّ شَیْءٍ عٰلِمِیْنَ ۟
එහි අප නබිවරුන් පහළ කිරීමෙන් හා දැහැමි සම්පත් ව්යාප්ත කිරීමෙන් සමෘද්ධිමත් කළ සිරියා දේශය වෙත තදින් හමන සුළං හැමිමට සුලෙයිමාන් අණ කළ විට ඔහුගේ නියෝගය පරිදි එය හමා ගමන් ගත්තේය. සියලු දෑ පිළිබඳ අපි දැන සිටියෙමු. එයින් කිසිවක් අපට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فعل الخير والصلاة والزكاة، مما اتفقت عليه الشرائع السماوية.
•දිව්යමය නීති ඒකමතික ව නියම කර සිටින යහපත සැලසීම, සලාතය ඉටු කිරීම හා සකාත් නිකුත් කිරීම යනාදී කටයුතු.

• ارتكاب الفواحش سبب في وقوع العذاب المُسْتَأْصِل.
•අශිලාචාර වැරදි සිදු කිරීම විනාශය හා බැඳුණු දඬුවම අත්වීමට හේතුවක් වන්නේය.

• الصلاح سبب في الدخول في رحمة الله.
•දැහැමි ලෙස කටයුතු කිරීම අල්ලාහ්ගේ කරුණාව තුළට පිවිසීමට හේතුවක් වන්නේය.

• الدعاء سبب في النجاة من الكروب.
•ප්රාර්ථනාව ව්යසනයන්ගෙන් මිදීමට හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት