Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
لَا یَسْمَعُوْنَ حَسِیْسَهَا ۚ— وَهُمْ فِیْ مَا اشْتَهَتْ اَنْفُسُهُمْ خٰلِدُوْنَ ۟ۚ
ඔවුන්ගේ සවන්වලට නිරයේ හඬ ලඟා නොවෙයි. ඔවුන්ගේ ආත්මාවන් සතුටුවන සුව පහසුකම් හා වින්දනයන් තුළ රැඳෙන්නෝ වෙති. ඔවුන්ගේ එම සැපත කිසි විටෙක විසන්ධි වී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَحْزُنُهُمُ الْفَزَعُ الْاَكْبَرُ وَتَتَلَقّٰىهُمُ الْمَلٰٓىِٕكَةُ ؕ— هٰذَا یَوْمُكُمُ الَّذِیْ كُنْتُمْ تُوْعَدُوْنَ ۟
නිරය එයට අදාළ වූවන් මත ක්රියාත්මක වන මොහොතේ එම භයානක අර්බුධය ඔවුන් බියට පත් නොකරයි. මලක්වරුන් ඔවුනට සුබ පතමින් මෙසේ පවසති: මෙලොවෙහි නුඹලාට කවර ප්රතිඥාවක් දෙනු ලබමින් සිටියෙහු ද නුඹලාගේ ඒ දවස මෙයයි. නුඹලා එහි ලබන සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ نَطْوِی السَّمَآءَ كَطَیِّ السِّجِلِّ لِلْكُتُبِ ؕ— كَمَا بَدَاْنَاۤ اَوَّلَ خَلْقٍ نُّعِیْدُهٗ ؕ— وَعْدًا عَلَیْنَا ؕ— اِنَّا كُنَّا فٰعِلِیْنَ ۟
එදින අපි අහස, එහි ඇති දෑ කොළ නමා මදින්නාක් සේ අපි මදින්නෙමු. සියලු මැවීම් ඒවා මුල් අවදියේ මවනු ලැබුවාක් මෙන්ම ඒ හැඩරුවෙන් ම අපි එක්රැස් කරන්නෙමු. ඒ ගැන වූ අපගේ ප්රතිඥාව කඩ කරනු ලබන්නක් නොවේ. සැබැවින්ම අපි පොරොන්දු වූ දෑ ඉටු කරන්නන් වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ كَتَبْنَا فِی الزَّبُوْرِ مِنْ بَعْدِ الذِّكْرِ اَنَّ الْاَرْضَ یَرِثُهَا عِبَادِیَ الصّٰلِحُوْنَ ۟
සැබැවින්ම අල්ලාහ්ට අවනතව කටයුතු කරන ඔහුගේ දැහැමි ගැත්තන් මහපොළොව උරුම කර ගනු ඇතැයි ද ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා බව ද, "ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කළ පසු ව දූතවරුන් වෙත අප පහළ කළ පුස්තකවල සටහන් කර තැබුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ هٰذَا لَبَلٰغًا لِّقَوْمٍ عٰبِدِیْنَ ۟ؕ
ඔවුනට දහම්ගත කරනු ලැබූ කරුණු අනුව තම පරමාධිපතිට ගැතිකම් කරන ජනයාහට අප පහළ කළ දෑහි ප්රයෝජනයක් හා ප්රමාණවත් උපදෙසක් ඇත. ඒ අනුව ඔවුහු එමගින් ප්රයෝජනය ලබන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا رَحْمَةً لِّلْعٰلَمِیْنَ ۟
අහෝ මුහම්මද්! නුඹ මිනිසුන් හට මඟපෙන්වීමටත් අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නටත් ආශාකරන්නෙකු වශයෙන් වැජඹෙන බැවින් සියලු මැවීම්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹව දහම් දූතයකු ලෙස නොඑව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّمَا یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَهَلْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟
අහෝ දූතය! නුඹ පවසනු. "සැබැවින්ම මාගේ පරමාධිපතිගෙන් මා හට දැනුම් දී ඇත්තේ, ‘සැබැවින්ම සැබෑ ලෙස නුඹලා නැමදුම් කරනු ලැබිය යුත්තේ එකම දෙවියකුටය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහු අල්ලාහ්ය’ යන්නය. එහෙයින් ඔහු විශ්වාස කිරීමටත් ඔහුට අවනත වී කටයුතු කිරීමටත් නුඹලා අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ تَوَلَّوْا فَقُلْ اٰذَنْتُكُمْ عَلٰی سَوَآءٍ ؕ— وَاِنْ اَدْرِیْۤ اَقَرِیْبٌ اَمْ بَعِیْدٌ مَّا تُوْعَدُوْنَ ۟
නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුපෑවේ නම්, එවිට "අහෝ දූතය! නුඹ ඔවුනට, ‘සැබැවින්ම මා අතර හා නුඹලා අතර පවතින සමාන කරුණක් විස්තර කරමින් සැබැවින්ම මා හා නුඹලා ඒ මත සිටින බවත්, අල්ලාහ් ප්රතිඥා දුන් ඔහුගේ දඬුවම නුඹලාට කවර මොහොතක පහළ වන්නේ දැයි මා නොදන්නා බවත් මම නුඹලාට දන්වා සිටියෙමි’ යැයි පවසනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَیَعْلَمُ مَا تَكْتُمُوْنَ ۟
මම නුඹලාට කවර ප්රකාශයක් දැනුම් දුන්නේ ද ඒ බව අල්ලාහ් දනී. නුඹලා කවර කරුණක් වසන් කරන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ اَدْرِیْ لَعَلَّهٗ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ اِلٰی حِیْنٍ ۟
දඬුවම නුඹලාට ප්රමාද කිරීම නුඹලාට පරීක්ෂණයක් වේ දැයි හෝ පියවරෙන් පියවර සිදුවන්නක් දැයි හෝ අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා නුඹලා වෙනුවෙන් වූ භුක්ති විඳීමක් දැයි හෝ මම නොදනිමි. නුඹලා නුඹලාගේ ප්රතික්ෂේපය තුළ හා මුළාව තුළ අඛණ්ඩව සිටින්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قٰلَ رَبِّ احْكُمْ بِالْحَقِّ ؕ— وَرَبُّنَا الرَّحْمٰنُ الْمُسْتَعَانُ عَلٰی مَا تَصِفُوْنَ ۟۠
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අප අතර හා දේව ප්රතික්ෂේපය මත සිටින අපගේ ජනයා අතර සත්ය තීන්දුවක් තුළින් වෙන් කරනු මැනව. ඔවුන් පවසන දේව ප්රතික්ෂේපය හා අසත්යයට එරෙහිව අපගේ කාරුණික පරමාධිපතියාණන්ගෙන් අපි උදව් පතමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصلاح سبب للتمكين في الأرض.
•දැහැමි කටයුතු මහපොළොවේ ඉඩ පහසුකම් ලබන්නට හේතුවක් වන්නේය.

• بعثة النبي صلى الله عليه وسلم وشرعه وسنته رحمة للعالمين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම, එතුමා දහම්ගත කළ කරුණු, එතුමාගේ පිළිවෙත යනාදිය ලෝවැසියන් සඳහා වූ ආශිර්වාදයකි.

• الرسول صلى الله عليه وسلم لا يعلم الغيب.
•දහම් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගුත්ප දෑ පිළිබඳ නොදනී.

• علم الله بما يصدر من عباده من قول.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශ පිළිබඳ අල්ලාහ් දැන සිටී.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት