Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَكَمْ قَصَمْنَا مِنْ قَرْیَةٍ كَانَتْ ظَالِمَةً وَّاَنْشَاْنَا بَعْدَهَا قَوْمًا اٰخَرِیْنَ ۟
දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකාරී බවට පත් වූ ගම්මාන කොපමණ ප්රමාණයක් අපි විනාශ කර ඇත්තෙමු ද? ඒවායින් පසු ව අප වෙනත් පිරිසක් මැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اَحَسُّوْا بَاْسَنَاۤ اِذَا هُمْ مِّنْهَا یَرْكُضُوْنَ ۟ؕ
අපගේ දඬුවම ඉවත් වනු ඇතැයි විනාශ කරනු ලබන්නන් දකින කල්හි ඔවුන්ගේ ගම්මානයෙන් පළා ගොස් එම විනාශයෙන් බේරෙන්නට බලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَرْكُضُوْا وَارْجِعُوْۤا اِلٰی مَاۤ اُتْرِفْتُمْ فِیْهِ وَمَسٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُوْنَ ۟
උපහාසය දන්වන පරිදි ඔවුන් ඇරයුම් කරනු ලැබ, "නුඹලා පළා නොයනු. නුඹලා කවර වින්ඳනයන් භුත්කි විඳිමින් සිටියේ ද, ඒ වෙත නැවත හැරී යනු. නුඹලාගේ නවාතැන් වෙත නැවත හැරී යනු. නුඹලාගේ මෙලොව ජීවිතය ගැන යමක් නුඹලාගෙන් විමසන්නට හැකි වනු පිණිස." (යැයි පවසනු ලැබේ).
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
මෙම අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් පිළිගනිමින්, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සැබැවින්ම අපි අපරාධකරවුන් වූයෙමු" යැයි පවසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا زَالَتْ تِّلْكَ دَعْوٰىهُمْ حَتّٰی جَعَلْنٰهُمْ حَصِیْدًا خٰمِدِیْنَ ۟
අස්වනු නෙළන ලද, වැඩකට නැති (පොළොව) මෙන් ඔවුන් අප පත් කරන තෙක්ම ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් හා ඔවුන් මත වූ විනාශය ගැන පසුතැවිලි වෙමින් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا خَلَقْنَا السَّمَآءَ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟
අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද විහිළුවට හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ අප මවා නැත. ඒ දෙක අපගේ බලය පෙන්වා දෙන සාධක වශයෙන් අපි මවා ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ اَرَدْنَاۤ اَنْ نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنٰهُ مِنْ لَّدُنَّاۤ ۖۗ— اِنْ كُنَّا فٰعِلِیْنَ ۟
සහකාරියක් හෝ දරුවෙක් හෝ ගැනීමට අපි අභිමත කළේ නම් අප වෙතින් එය ගන්නට තිබුණි. එයින් අපි පිරිසිදු බැවින් එය සිදුකරන්නන් ලෙස අපි නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَی الْبَاطِلِ فَیَدْمَغُهٗ فَاِذَا هُوَ زَاهِقٌ ؕ— وَلَكُمُ الْوَیْلُ مِمَّا تَصِفُوْنَ ۟
නමුත් අපගේ දූතයාණන් වෙත අපි කවර පණිවිඩයක් එව්වෙමු ද එම සත්යය දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාගේ ව්යාජත්වය මත හෙළන්නෙමු. එවිට එය ව්යාජත්වය විනාශ කර දමයි. එහෙයින් ඔවුන්ගේ ව්යාජත්වය පහ වී යනු ඇත. අහෝ, ඔහු සහකාරියක් හා දරුවෙකු ගත් බවට පවසා සිටින්නනි! ඔහුට නුසුදුසු වර්ණනාවක් නුඹලා කර ඇති බැවින් නුඹලාට විනාශය අත්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَنْ عِنْدَهٗ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَلَا یَسْتَحْسِرُوْنَ ۟ۚ
අහස්හි ආධිපත්යයත්, මහපොළොවේ ආධිපත්යයත් සුවිශුද්ධයාණන්හට පමණක් සතුය. ඔහු අබියස සිටින මලක්වරුන් ඔහුට ගැතිකම් කිරීමට අහංකාර නොවෙති. එයින් ඔවුන් විඩාවට පත් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُسَبِّحُوْنَ الَّیْلَ وَالنَّهَارَ لَا یَفْتُرُوْنَ ۟
අල්ලාහ්ව පිවිතුරු කිරීමෙහි ඔවුහු නිරන්තරයෙන්ම නියැළී සිටිති. එයින් ඔවුන් වෙනතකට නොහැරෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمِ اتَّخَذُوْۤا اٰلِهَةً مِّنَ الْاَرْضِ هُمْ یُنْشِرُوْنَ ۟
නමුත් දේව ආදේශකයින් අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය. ඔවුහු මියගියවුන්හට යළි ජීවය ලබා දෙන්නන් නොවෙති. එසේනම්, ඒ සඳහා හැකියාවක් නොමැත්තෙකුට ඔවුන් නැමදුම් කරනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ كَانَ فِیْهِمَاۤ اٰلِهَةٌ اِلَّا اللّٰهُ لَفَسَدَتَا ۚ— فَسُبْحٰنَ اللّٰهِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُوْنَ ۟
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවෙහි නැමදුම් ලබන විවිධ අය වී නම්, එසේ නැමදුම් ලබන එකිනෙකා අතර ආධිපත්යය සම්බන්ධයෙන් ගැටුම් ඇති වන බැවින් ඒ දෙකහෙි අර්බුධ හට ගනු ඇත. නමුත් සිදු ව ඇත්තේ එයට පටහැනි ලෙසය. එබැවින් සැබැවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව දේවත්වයට ආදේශ කරන්නන් කරන වර්ණනාවෙන් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් පිවිතුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یُسْـَٔلُ عَمَّا یَفْعَلُ وَهُمْ یُسْـَٔلُوْنَ ۟
අල්ලාහ් ඔහුගේ ආධිපත්යයේ හා ඔහුගේ තීන්දුවේ ඛේවලය. ඔහු කවර දෙයක් නියම කොට තීන්දු කළේ ද ඒගැන කිසිවකු ඔහුගෙන් විමසා සිටින්නේ නැත. තම ගැත්තන්ගෙන් ඔවුන්ගේ ක්රියාවන් ගැන විමසා සිටිනුයේ ඔහුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ ۚ— هٰذَا ذِكْرُ مَنْ مَّعِیَ وَذِكْرُ مَنْ قَبْلِیْ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۙ— الْحَقَّ فَهُمْ مُّعْرِضُوْنَ ۟
නමුත් ඔවුහු අල්ලාහ් හැර දමා, නැමදුමට ලක්වන වෙනත් දෑ තෝරා ගත්තෝය. අහෝ දූතය! එම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "නැමදුම සඳහා ඒවාට සුදුසුකම් ඇති බව පෙන්වා දෙන නුඹලාගේ සාධක ගෙන එනු." මෙය මා වෙත පහළ කරනු ලැබූ පුස්තකයයි. දූතවරුන්ට පහළ කරනු ලැබූ පුස්තක ද ඇත. ඒ ගැන එහි නුඹලාට කිසිදු සාධකයක් නැත. දෙවියන්ට ආදේශ තබන බහුතරයක් දෙනා අඥානකම හා මිථ්යා අනුගමනය වෙත මිස බැඳී නැත. සත්ය පිළිගැනීමට ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الظلم سبب في الهلاك على مستوى الأفراد والجماعات.
•අසාධාරණකම යනු තනි පුද්ගල මෙන්ම සමූහ වශයෙන් විනාශ වී යාමට හේතුවක් වන්නේය.

• ما خلق الله شيئًا عبثًا؛ لأنه سبحانه مُنَزَّه عن العبث.
•අල්ලාහ් කිසිවක් ව්යාකූල ලෙස මවා නැත. ඊට හේතුව සැබැවින්ම ඔහු ව්යාකූලත්වයෙන් පිරිසිදු වූවෙකි.

• غلبة الحق، ودحر الباطل سُنَّة إلهية.
•සත්යය ජය ගැනීම හා අසත්යය පරාජය වීම දේව න්යායයකි.

• إبطال عقيدة الشرك بدليل التَّمَانُع.
•දේව ආදේශයේ ප්රතිපත්තිය වනාහි ප්රතිවිරුද්ධ සාධක තුළින් එය නිෂ්ඵල වී යන්නකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት