Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
فَجَعَلَهُمْ جُذٰذًا اِلَّا كَبِیْرًا لَّهُمْ لَعَلَّهُمْ اِلَیْهِ یَرْجِعُوْنَ ۟
ඔවුන්ගේ පිළිම කුඩා කැබලි බවට පත්වන තුරු ඉබ්රාහීම් ඒවා කඩා දැම්මේය. ඒවා කඩා දැමූ අය කවුරුන්දැ?යි විමසීම සඳහා ඔවුන් ඒ වෙත යොමුවනු ඇතැයි යන යහපත් බලාපොරොත්තු වෙන් ඒ අතර තිබූ විශාල පිළිමය ඉතිරි කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا مَنْ فَعَلَ هٰذَا بِاٰلِهَتِنَاۤ اِنَّهٗ لَمِنَ الظّٰلِمِیْنَ ۟
ඔවුන් නැවත හැරී ආ කල්හි ඔවුන්ගේ පිළිම කඩා දමා තිබෙනු ඔවුහු දුටුවෝය. "අපගේ නැමදුමට ලක් වූ මේවා විනාශ කර දැමුවේ කවුද? ගරුබුහුමන් කිරීමට හා පිවිතුරු කිරීම සුදුසු දෑ හෙළා දකිමින් සැබැවින්ම ඒවා විනාශ කළ තැනැත්තා අපරාධකරුවන්ගෙන් කෙනෙකු ය." යැයි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසන්නට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سَمِعْنَا فَتًی یَّذْكُرُهُمْ یُقَالُ لَهٗۤ اِبْرٰهِیْمُ ۟ؕ
ඔවුන්ගෙන් ඇතැමෙකු, "ඒවා ගැන නපුරු ලෙස කතා කරන; ඒවාට අඩුපාඩු කියන ඉබ්රාහීම් නමැති තරුණයකු පිළිබඳ අපි අසා ඇත්තෙමු. සමහරවිට මේවා කඩා දමා ඇත්තේ ඔහු විය හැක." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا فَاْتُوْا بِهٖ عَلٰۤی اَعْیُنِ النَّاسِ لَعَلَّهُمْ یَشْهَدُوْنَ ۟
ඔවුන්ගෙන් ප්රධානියා, "මිනිසුන්ට දැකිය හැකි පරිදි ඔවුන් ඉදිරියට ඉබ්රාහීම් ව ගෙන එනු. ඔහු සිදු කළ දෑ පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුනට සාක්ෂි දැරිය හැක. එවිට ඔහුගේ පිළිගැනීම ඔහුට එරෙහිව නුඹලාට සාධකයක් ලෙස පිහිටනු ඇත." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا ءَاَنْتَ فَعَلْتَ هٰذَا بِاٰلِهَتِنَا یٰۤاِبْرٰهِیْمُ ۟ؕ
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාව ගෙන එන ලදී. එවිට ඔවුහු ඔහුගෙන්, "අහෝ ඉබ්රාහීම්! අපගේ මේ පිළිමවලට සිදු වී ඇති විනාශය සිදු කළේ නුඹදැ?" යි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ بَلْ فَعَلَهٗ ۖۗ— كَبِیْرُهُمْ هٰذَا فَسْـَٔلُوْهُمْ اِنْ كَانُوْا یَنْطِقُوْنَ ۟
ජනයා උපහාසයට ගනිමින් ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ පිළිමවල නොහැකියාව හෙළි කරමින්, "මෙය මම සිදු නොකළෙමි. මෙය සිදු කළේ මේ විශාලතම පිළිමයයි. නුඹලාගේ පිළිම කතා කරන්නේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසා දැනගනු" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرَجَعُوْۤا اِلٰۤی اَنْفُسِهِمْ فَقَالُوْۤا اِنَّكُمْ اَنْتُمُ الظّٰلِمُوْنَ ۟ۙ
එවිට ඔවුහු ඔවුන් වෙත හැරී සිතන්නට කල්පනා කරන්නට ගත්තෝය. සැබැවින්ම ඔවුන්ගේ පිළිම සෙත නොසලසන බවත්, හානි ඇති නොකරන බවත් ඔවුනට පැහැදිළි විය. අල්ලාහ් හැර ඔවුන් ඒවාට නමදිමින් සිටි අවස්ථාවේ ඔවුහු අපරාධකරුවන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ نُكِسُوْا عَلٰی رُءُوْسِهِمْ ۚ— لَقَدْ عَلِمْتَ مَا هٰۤؤُلَآءِ یَنْطِقُوْنَ ۟
පසු ව ඔවුන් නැවතත් මුරණ්ඩුකම හා ප්රතික්ෂේපය වෙත හැරී "අහෝ ඉබ්රාහීම්! සැබැවින්ම මෙම පිළිම කතා නොකරන බව නුඹ ස්ථීර කළෙහිය. අප ඒවායින් අසන මෙන් නුඹ අපට අණ කරනුයේ කෙසේ ද?" යැයි පැවසුවෝය. ඔවුහු එය ඔවුනට පක්ෂ වූ තර්කයක් ලෙස සිතුවෝය. නමුත් එය ඔවුනට එරෙහි වූ තර්කයක් බවට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَفَتَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُكُمْ شَیْـًٔا وَّلَا یَضُرُّكُمْ ۟ؕ
ඔවුන් හෙළා දකිමින් ඉබ්රාහීම් තුමා මෙසේ පැවසූහ. "නුඹලා අල්ලාහ් ව හැර දමා; නුඹලාට කිසිදු සෙතක් නොකරන, කිසිදු බලපෑමක් නොකරන පිළිමවලට නුඹලා නැමදුම් කරන්නෙහු ද? ඒවා වනාහි, ඒවාට අත්වන හිංසාවන් වළක්වා ගැනීමට හෝ ඒවාට කිසිදු සෙතක් ගෙන දෙන්නට හෝ පවා නොහැකි තත්ත්වයේ තිබේ."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
"නුඹලාට විනාශය වේවා! එමෙන්ම අල්ලාහ්ගෙන් තොර ව කිසිදු සෙතක් නොකරන කිසිදු බලපෑමත් ඇති නොකරන පිළිම අතරින් නුඹලා නමදිමින් සිටින දෑට ද විනාශය අත් වේවා! එහෙයින් ඒ ගැන වටහා ගෙන ඒවාට නැමදුම් කිරීම නුඹලා අතහැර නොදමන්නෙහු ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا حَرِّقُوْهُ وَانْصُرُوْۤا اٰلِهَتَكُمْ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟
එම තර්කයේ දී මුහුණ දීමට ඔවුනට නොහැකි වූ කල්හි, බලය යොදවන්නට වූහ. ඔවුහු, "නුඹලා ඔහු ව වැළැක්වීම සඳහා ඔහුට දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔහු විනාශ කළ, කඩා දැමූ නුඹලාගේ පිළිමවලට ජයග්රහණයක් වශයෙන් නුඹලා ඉබ්රාහීම්ව ගින්නෙන් පුළුස්සා දමනු." යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْنَا یٰنَارُ كُوْنِیْ بَرْدًا وَّسَلٰمًا عَلٰۤی اِبْرٰهِیْمَ ۟ۙ
පසු ව ගිනි අවුළා ඔහුව එයට විසි කළෝය. එවිට අපි, "අහෝ ගින්න! ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් බවට නුඹ පත්වනු." යැයි පැවසුවෙමු. එවිට එය එලෙසම විය. කිසිදු වේදනාවක් ඔහුට අත් වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَرَادُوْا بِهٖ كَیْدًا فَجَعَلْنٰهُمُ الْاَخْسَرِیْنَ ۟ۚ
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ව පුළුස්සා දැමීමට ඔවුහු කුමන්ත්රණයක් කිරීමට සිතුවෝය. නමුත් අපි ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්රභා කළෙමු. එමෙන්ම අපි ඔවුන් පරාජයට පත් විනාශවී යන්නන් බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَجَّیْنٰهُ وَلُوْطًا اِلَی الْاَرْضِ الَّتِیْ بٰرَكْنَا فِیْهَا لِلْعٰلَمِیْنَ ۟
අපි ඔහුව ආරක්ෂා කළෙමු. එමෙන්ම ලූත්ව ද ආරක්ෂා කළෙමු. නබිවරුන් අප පහළ කිරීමෙන් හා මැවීම් සඳහා උතුම් සම්පත් ලබා දීමෙන් අප සමෘද්ධිමත් කළ සිරියා දේශයට අපි ඔවුන් දෙදෙනා පිටත් කර යැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوَهَبْنَا لَهٗۤ اِسْحٰقَ ؕ— وَیَعْقُوْبَ نَافِلَةً ؕ— وَكُلًّا جَعَلْنَا صٰلِحِیْنَ ۟
තමන්ට දරුවකු ප්රදානය කරන මෙන් එතුමා තම පරමාධිපතිගෙන් පැතූ අවස්ථාවේ අපි ඔහුට ඉස්හාක්ව තිළිණ කළෙමු. ඊට අමතරව යඃකූබ්ව ද තිළිණ කළෙමු. ඉබ්රාහීම් හා ඔහුගේ දරුවන් වන ඉස්හාක් හා යඃකූබ් යන සෑම කෙනෙකුවම අල්ලාහ්ට අවනත වන දැහැමියන් බවට අපි පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• جواز استخدام الحيلة لإظهار الحق وإبطال الباطل.
•සත්යය හෙළි කිරීමටත් අසත්යය අවලංගු කිරීමටත් සැලසුම් යෙදීමේ අනුමැතිය.

• تعلّق أهل الباطل بحجج يحسبونها لهم، وهي عليهم.
•අසත්යවාදීහු තමන්ට පක්ෂ වනු ඇතැයි සිතා තර්ක සමග බැඳී සිටිති. නමුත් ඒවා ඔවුනට එරෙහිව පිහිටනු ඇත.

• التعنيف في القول وسيلة من وسائل التغيير للمنكر إن لم يترتّب عليه ضرر أكبر.
•පිළිකුල් සහගත දෙයක් වැළැක්වීමේ එක් මාධ්යයක් වනුයේ එය ඔහුට විශාල හානියක් ගෙන නොදෙන්නේ නම් සාහසික ලෙස වචන භාවිතයයි.

• اللجوء لاستخدام القوة برهان على العجز عن المواجهة بالحجة.
•බලය යෙදීම සඳහා ප්රවේශවීම තර්කයට මුහුණ දීමේ නොහැකියාව පෙන්වා දෙන සාධකයක් වේ.

• نَصْر الله لعباده المؤمنين، وإنقاذه لهم من المحن من حيث لا يحتسبون.
•අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට පුදන උපකාරය. ඔවුන් නොසිතන පරිදි විපත්තියෙන් ඔවුනට ආරක්ෂාව සැළසීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት