Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَاِذَا رَاٰكَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ یَّتَّخِذُوْنَكَ اِلَّا هُزُوًا ؕ— اَهٰذَا الَّذِیْ یَذْكُرُ اٰلِهَتَكُمْ ۚ— وَهُمْ بِذِكْرِ الرَّحْمٰنِ هُمْ كٰفِرُوْنَ ۟
අහෝ දූතය! නුඹ ව සරදමක් ලෙස ගත් මෙම ආදේශයකයින් නුඹව දුටු විට, "නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ට දොස් නගනුයේ මේ මොහු ද?" යැයි ඔවුන්ගේ අනුගාමිකයින්ට පවසමින් දුරස් කරන්නට බලති. නුඹව හාස්යයට ගැනීමත් සමඟ ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ කුර්ආනය හා ඔවුන් වෙත පිරිනමා තිබූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වූහ. සියලු නපුරුකම් ඔවුනට එකතු කිරීම සඳහා මෙම අඩුපාඩව ඔවුනට වඩාත් උචිතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خُلِقَ الْاِنْسَانُ مِنْ عَجَلٍ ؕ— سَاُورِیْكُمْ اٰیٰتِیْ فَلَا تَسْتَعْجِلُوْنِ ۟
ස්වභාවයෙන්ම මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. කරුණු සිදු වීමට පෙර ඒ ගැන ඔහු ඉක්මන් වනු ඇත. ඒ අනුව දේවත්වයට ආදේශ කරන්නන් ද දඬුවම ඉක්මන් කර ඉල්ලා සිටියේය. මාගේ දඬුවම ඉක්මණින් පතන්නනි! නුඹලා කවර කරුණක් ඉක්මන් කර ඉල්ලන්නේ ද මම එය නුඹලාට මතු පෙන්වමි. එහෙයින් එය ඉක්මන් කරන මෙන් නොපතනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
එම ඉක්මන් සුළු ගතිය අනුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "අහෝ මුස්ලිම්වරුනි! නැවත නැගිටුවනු ලබීම සිදුවන බවට නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීහු නම් ඒ ගැන අපට ප්රතිඥාවක් දුන් අයුරින් එය සිදු වනුයේ කවදා ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ یَعْلَمُ الَّذِیْنَ كَفَرُوْا حِیْنَ لَا یَكُفُّوْنَ عَنْ وُّجُوْهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُوْرِهِمْ وَلَا هُمْ یُنْصَرُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්, අපා ගින්න ඔවුන්ගේ මුහුණුවලින් හා ඔවුන්ගේ කොඳු ගැට පෙළින් ඉවත් නොවන අවස්ථාවේ ඔවුන්ගෙන් දඬුවම වැළැක්වීම සඳහා ඔවුනට උදව් කරන කිසිදු උදව්කරුවකු නොමැති බව ඔවුන් දැන සිටියේ නම්, ඒ ගැන ස්ථීරව විශ්වාස කළේ නම් ඔවුහු දඬුවම ඉක්මන් කරන මෙන් නොපතනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ تَاْتِیْهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا یَسْتَطِیْعُوْنَ رَدَّهَا وَلَا هُمْ یُنْظَرُوْنَ ۟
ඔවුන් දඬුවම් කරනු ලබන මෙම ගින්න, ඔවුන් දැනුවත්ව ඔවුන් වෙත පැමිණෙන්නේ නැත. එය ඔවුන් වෙත පැමිණෙනුයේ ක්ෂණිකවය. එවිට ඔවුන්ගෙන් එය වළක්වා ගන්නට ඔවුහු හැකියාව නොලබති. එමෙන්ම ඔවුන් පාපක්ෂමාවේ නිරත වන්නට අවකාශය දී ඔවුන් කරුණාව ලබන තුරු ඔවුන් ප්රමාද කරනු ලබන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِیْنَ سَخِرُوْا مِنْهُمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
නුඹේ ජනයා නුඹ ව හාස්යයට ලක් කළේ නම් එය අලුත් දෙයක් නොවේ. අහෝ දූතය! නුඹට පෙර සිටි දූතවරුන් පවා හාස්යයට ලක් කරනු ලැබූහ. එවිට ඔවුනට සමච්චල් කරමින් සිටි දේව ප්රතික්ෂේපකයින් හට දඬුවම ග්රහණය කළේය. එය ඔවුන්ගේ දූතවරුන් ඒ ගැන ඔවුන් බියවද්දමින් සිටියදී මෙලොවෙහි ඔවුන් සමච්චලයට ලක් කළ දඬුවමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَنْ یَّكْلَؤُكُمْ بِالَّیْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمٰنِ ؕ— بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُّعْرِضُوْنَ ۟
අහෝ දූතය! දඬුවම ඉක්මනින් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. "මහා කාරුණිකයාණන් නුඹලාට දඬුවම හෝ විනාශය පහළ කිරීමට අභිමත කළේ නම්, රාත්රියේ හා දහවලේ එයින් නුඹලාව ආරක්ෂා කරනුයේ කවුරුන් ද?" නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ උපදෙස් හා ඔහුගේ සාධක මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කරන්නෝ වෙති. අඥානකම හා මෝඩකම නිසාවෙන් ඒ ගැන ඔවුන් පරිශීලනය කර නොබලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُمْ اٰلِهَةٌ تَمْنَعُهُمْ مِّنْ دُوْنِنَا ؕ— لَا یَسْتَطِیْعُوْنَ نَصْرَ اَنْفُسِهِمْ وَلَا هُمْ مِّنَّا یُصْحَبُوْنَ ۟
එසේ නැතහොත් අපගේ දඬුවමින් ඔවුන් වළක්වලන දෙවිවරුන් ඔවුනට සිටිත් ද? ඔවුනට අත්වන හානියෙන් ඔවුන් වළක්වා ගැනීමෙන් හෝ යම් සෙතක් ඔවුන් වෙත ගෙන දීමෙන් හෝ ඔවුහු තමන්ට පවා උදව් කිරීමේ හැකියාව නොදරති. තමන්ටම සෙතක් සලසා ගත නොහැකි අයකු කෙසේ නම් වෙනත් කෙනෙකුට උදව් කරනු ඇත් ද? ඔවුහු අපගේ දඬුවමින් මිදෙන්නන් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ مَتَّعْنَا هٰۤؤُلَآءِ وَاٰبَآءَهُمْ حَتّٰی طَالَ عَلَیْهِمُ الْعُمُرُ ؕ— اَفَلَا یَرَوْنَ اَنَّا نَاْتِی الْاَرْضَ نَنْقُصُهَا مِنْ اَطْرَافِهَا ؕ— اَفَهُمُ الْغٰلِبُوْنَ ۟
මෙම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ කාලය පියවරෙන් පියවර ගෙවී යන තෙක්ම අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ අපගේ ආශිර්වාදයන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හැරියෙමු. එමෙන්ම ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු. ඔවුහු එය පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම ඔවුහු රැඳී සිටියෝය. අපගේ දඬුවම ඉක්මනින් පතන, අපගේ දායාද තුළින් රැවටී සිටින මොවුහු මහපොළොව පැත්තකින් සිට එහි වැසියන් මැඩලමින්, හීන කරමින් අප පැමිණීම දැක, වෙනත් අයට සිදු වූ දෑ ඔවුනට අත් නොවනු පිණිස ඔවුහු ඒ ගැන පාඩම් නොලබන්නෝ ද? ඔවුහු ජය ලැබූවන් නොවූහ. ඔවුහු පරාජයට පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان كفر من يستهزئ بالرسول، سواء بالقول أو الفعل أو الإشارة.
•ප්රකාශයෙන් හෝ ක්රියාවෙන් හෝ ඇඟවීමෙන් හෝ දහම් දූතයාණන් හාස්යයට ලක් කරන්නන්ගේ දේව ප්රතික්ෂේපය පැහැදිලි කිරීම.

• من طبع الإنسان الاستعجال، والأناة خلق فاضل.
•ඉක්මන්වීම මිනිස් ස්වභාවයකි. තැන්පත්කම උතුම් ගුණාංගයකි.

• لا يحفظ من عذاب الله إلا الله.
•අල්ලාහ්ගේ දඬුවමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකු ආරක්ෂා කරන්නේ නැත.

• مآل الباطل الزوال، ومآل الحق البقاء.
•විනාශ වී යන ව්යාජත්වයේ පැවැත්ම හා ඉතිරි වන සත්යයේ පැවැත්ම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት