Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَالَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهَا مِنْ رُّوْحِنَا وَجَعَلْنٰهَا وَابْنَهَاۤ اٰیَةً لِّلْعٰلَمِیْنَ ۟
අහෝ දූතය! දුරාචාරයෙන් තම රහස්ය පෙදෙස ආරක්ෂා කරගත් මර්යම් (අලයිහිස් සලාම්) තුමිය පිළිබඳ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඇය වෙත අල්ලාහ් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව යැව්වේය. ඔහු ඇය තුළ පිම්ඹේය. එමගින් ඇය ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පිළිසිඳ ගත්තාය. ඇය හා ඇයගේ පුත් ඊසා මිනිසුන්ට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සළකුණක් වූහ. පියකුගෙන් තොර ව මැවීමට හැකි ඔහුව කිසිවකු විසින් පරාජයට පත් කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذِهٖۤ اُمَّتُكُمْ اُمَّةً وَّاحِدَةً ۖؗ— وَّاَنَا رَبُّكُمْ فَاعْبُدُوْنِ ۟
අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පිළිවෙත එකම පිළිවෙතකි. එය ඉස්ලාම් දහම වන දේව ඒකීයකරණයේ දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට පමණක් අවංකව නැමදුම් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَقَطَّعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ ؕ— كُلٌّ اِلَیْنَا رٰجِعُوْنَ ۟۠
මිනිස්සු වෙන් ව ගියෝය. ඔවුන් අතරින් ඒකදේවත්වය විශ්වාස කරන්නා, දෙවියන්ට ආදේශ කරන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නා, දෙවියන් විශ්වාස කරන්නා යනා දී පිරිස් බවට පත් වූහ. මෙසේ පිල්වලට බෙදුණු ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හැරී එනුයේ අප වෙත පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْیِهٖ ۚ— وَاِنَّا لَهٗ كٰتِبُوْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු සේ ඔවුන් අතරින් කවරෙකු දැහැමි ක්රියාවන් සිදු කළේ ද, ඔහුගේ දැහැමි ක්රියාවන් ප්රතික්ෂේප කරනු නොලැබේ. ඔහුගේ තිළිණ පිරිනමා අල්ලාහ් ඔහුට කෘතවේදීත්වය පළ කර එය ඔහුට ගුණ කර දෙනු ඇත. යළි අවදි කරන දිනයේ ඔහුගේ ක්රියා ලේඛනය තුළ එය ඔහු දැක ගනී. එමගින් ඔහු සතුටට පත් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَحَرٰمٌ عَلٰی قَرْیَةٍ اَهْلَكْنٰهَاۤ اَنَّهُمْ لَا یَرْجِعُوْنَ ۟
තම ප්රතික්ෂේපය හේතුවෙන් අප විනාශ කළ ගම්වාසීන්හට, ඔවුන් පාපක්ෂමාවේ නිරත වී ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගනු ලබන පිණිස නැවත මෙලොවට පැමිණීමට නොහැකි වුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا فُتِحَتْ یَاْجُوْجُ وَمَاْجُوْجُ وَهُمْ مِّنْ كُلِّ حَدَبٍ یَّنْسِلُوْنَ ۟
කිසිවිටෙක ඔවුන් නැවත හරවා යවනු නොලබති. එය යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත කරනු ලබන තුරුම පවතී. එදින ඔවුහු සෑම උස් භූමියකින්ම වේගයෙන් බැහැර වී පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَاِذَا هِیَ شَاخِصَةٌ اَبْصَارُ الَّذِیْنَ كَفَرُوْا ؕ— یٰوَیْلَنَا قَدْ كُنَّا فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا بَلْ كُنَّا ظٰلِمِیْنَ ۟
ඔවුන් බැහැරට පැමිණීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වනු ඇත. එහි අර්බුද හා දරුණු ව්යසනයන් හෙළිවනු ඇත. එහි අර්බුදවල දරුණුකම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බැල්ම විවෘත ව පවතී. ඔවුහු මෙසේ පවසති. "අහෝ අපගේ විනාශය! මෙම මහත් වූ දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් දුරස් ව මෙලොව කටයුතුවලදී කාර්යබහුලව හා විනෝදයෙහි පසු වූයෙමු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපි අපරාධකරුවන් වූයෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّكُمْ وَمَا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ حَصَبُ جَهَنَّمَ ؕ— اَنْتُمْ لَهَا وٰرِدُوْنَ ۟
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම නුඹලා -අල්ලාහ් හැර දමා නුඹලා නමදින පිළිමද ජින්නුන් හා මිනිසුන් අතරින් නුඹලාගේ නැමදීම ගැන සෑහීමට පත්වන්නන් ද- නිරයේ ඉන්ධන වෙති. නුඹලා හා නුඹලාගේ නැමදුමට ලක්වූවන් එහි පිවිසෙන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ كَانَ هٰۤؤُلَآءِ اٰلِهَةً مَّا وَرَدُوْهَا ؕ— وَكُلٌّ فِیْهَا خٰلِدُوْنَ ۟
මෙසේ නැමදුම් ලබන්නන් සැබෑ ලෙස නැමදුම් ලබන දෙවිවරුන් වී නම්, ඔවුහු නැමදුම් කළ අය සමග නිරයට ඇතුළු නොවෙති. නැමදුම් කළ හා නැමදුම් ලැබූ සෑම කෙනෙකුම නිරයේ වෙති. එයින් බැහැරට යා නොහැකිව සදාතනිකව එහි කල් ගෙවති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهُمْ فِیْهَا زَفِیْرٌ وَّهُمْ فِیْهَا لَا یَسْمَعُوْنَ ۟
ඔවුන් එහි මුහුණ දෙන දැඩි වේදනාව හේතුවෙන් එහි ඔවුනට දැඩි විලාපයක් ඇත. නිරා ගින්නේ සිටින ඔවුනට අත් වූ බියකරු දැඩි අර්බුද හේතුවෙන් හඬවල්වලට සවන් දෙන්නන් ලෙස පවා නොසිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ سَبَقَتْ لَهُمْ مِّنَّا الْحُسْنٰۤی ۙ— اُولٰٓىِٕكَ عَنْهَا مُبْعَدُوْنَ ۟ۙ
දේව ආදේශකයින් "සැබැවින්ම ඊසා හා ඔවුන් නැමදුමට ගත් මලක්වරුන් නිරා ගින්නට පිවිසෙනු ඇතැ"යි පැවසූ කල්හි, "සැබැවින්ම ඔවුන් ඊසා අලයිහිස් සලාම් තුමා මෙන් නිරා ගින්නෙන් දුරස් කරනු ලැබූ ප්රීතිමත් ජනයා වන බව අල්ලාහ්ගේ පූර්ව දැනුමෙහි විය." යැයි අල්ලාහ් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම.

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය.

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි.

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት