Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَمِنَ الشَّیٰطِیْنِ مَنْ یَّغُوْصُوْنَ لَهٗ وَیَعْمَلُوْنَ عَمَلًا دُوْنَ ذٰلِكَ ۚ— وَكُنَّا لَهُمْ حٰفِظِیْنَ ۟ۙ
එමෙන්ම මුහුදේ ගිලී මුතු හා වෙනත් සම්පත් මතු කරමින් එන ජින්නුන් ද අපි ඔහුට වසඟ කර දුන්නෙමු. ඔවුහු ඒ හැර ගොඩනැගිලි ඉදිකිරීම් මෙන් වෙනත් කටයුතු පිළිබඳව ද දැන සිටියෝය. ඔවුන්ගේ සංඛ්යාව හා ඔවුන්ගේ ක්රියාවන් අපි ආරක්ෂා කරන්නන් වූයෙමු. ඒවායින් කිසිවක් අපට මඟ හැරී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَیُّوْبَ اِذْ نَادٰی رَبَّهٗۤ اَنِّیْ مَسَّنِیَ الضُّرُّ وَاَنْتَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟ۚۖ
අහෝ දූතය! අය්යූබ් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඔහුට අත් වූ පරීක්ෂණ අවස්ථාවේ ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපති යාණනි! සැබැවින්ම මම රෝගයෙන් පෙළෙමි. මාගේ පවුල අහිමි විය. කරුණාව දක්වන්නන් අතරින් සැබැවින්ම නුඹ සියලු දනන් හට මහා කාරුණිකය. මාහට අත්වූ මෙම පරීක්ෂණය මගෙන් ඉවත් කරනු මැනව!" යැයි ප්රාර්ථනා කර සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْتَجَبْنَا لَهٗ فَكَشَفْنَا مَا بِهٖ مِنْ ضُرٍّ وَّاٰتَیْنٰهُ اَهْلَهٗ وَمِثْلَهُمْ مَّعَهُمْ رَحْمَةً مِّنْ عِنْدِنَا وَذِكْرٰی لِلْعٰبِدِیْنَ ۟
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නෙමු. ඔහුට අත්වූ හානිය අපි ඔහුගෙන් ඉවත් කළෙමු. ඔහුට අහිමි වූ පවුල හා ඔහුගේ දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් මෙන්ම ඔවුන් මෙන් සමාන තවත් අය ද පිරිනැමුවෙමු. මේ සියල්ල අප සිදු කළේ අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. එමෙන්ම නැමදුම් කරමින් අල්ලාහ්ට යටත් වන සෑම කෙනෙකුටම මෙනෙහි කිරීමක් වශයෙනි. එය අය්යූබ්ගේ ඉවසීම මෙන් ඔවුන් ඉවසනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِسْمٰعِیْلَ وَاِدْرِیْسَ وَذَا الْكِفْلِ ؕ— كُلٌّ مِّنَ الصّٰبِرِیْنَ ۟
අහෝ දූතය! ඉස්මාඊල් ඉද්රීස් හා දුල් කිෆ්ල් (ඔවුන් වෙත සාමය අත් වේවා!) යන අය ගැන ද මෙනෙහි කරනු. ඔවුන් අතරින් සෑම කෙනෙකුම පරීක්ෂණයන් මත ඉවසීමෙන් කටයුතු කරන්නන් අතරින් වූහ. අල්ලාහ් ඔවුනට කවර කරුණක් පවරා සිටියේ ද ඒවා ක්රියාත්මක කරන්නන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَدْخَلْنٰهُمْ فِیْ رَحْمَتِنَا ؕ— اِنَّهُمْ مِّنَ الصّٰلِحِیْنَ ۟
ඔවුන් අපගේ කරුණාව තුළට අපි ඇතුළත් කළෙමු. ඔවුන් නබිවරුන් බවට අපි පත් කළෙමු. ඔවුන් ස්වර්ගයට අපි ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූහ. ඔවුන්ගේ අභ්යන්තරය මෙන්ම බාහිරය දැහැමි විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَذَا النُّوْنِ اِذْ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ اَنْ لَّنْ نَّقْدِرَ عَلَیْهِ فَنَادٰی فِی الظُّلُمٰتِ اَنْ لَّاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ سُبْحٰنَكَ ۖۗ— اِنِّیْ كُنْتُ مِنَ الظّٰلِمِیْنَ ۟ۚۖ
අහෝ දූතය! මත්සයා හා බැඳුණු යූනුස් (අලෙයිහි සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. තම ජනයා පිටුපාමින් ක්රියා කළ අත්තනෝමතික ක්රියාවන් හේතුවෙන් ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොර ව ඔහු ඔවුන් මත ඔහු කෝප වී ගිය අවස්ථාවේ, එසේ ඔහු අතහැර යාමෙන් ඔහු දඬුවමට ලක් කර ඔහු ව පීඩනයට පත් නොකරනු ඇතැයි ඔහු සිතුවේය. මත්සයා ගිල දැමීමෙන් පසු දැඩි පීඩනයකින් හා හිරවීමෙන් ඔහු පරීක්ෂාවට ලක් කරනු ලැබීය. මත්සයාගේ කුස, සාගරය හා රාත්රිය යන අන්ධකාරයන්හි සිට තම පාපකම පිළිගනිමින් ඒ ගැන පසුතැවිලි වී ඔහු අල්ලාහ් වෙත යොමු වෙමින් ප්රාර්ථනා කළේය. එහි ඔහු, "නුඹ හැර සැබෑ ලෙසින් නැමදුමට ලක් වන කිසිවකු නැත. නුඹ පිවිතුරු විය. සුවි ශුද්ධ විය. සැබැවින්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූයෙමි" යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْتَجَبْنَا لَهٗ ۙ— وَنَجَّیْنٰهُ مِنَ الْغَمِّ ؕ— وَكَذٰلِكَ نُـجِی الْمُؤْمِنِیْنَ ۟
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. එම අන්ධකාරයෙන් හා මත්ස කුසෙන් ඔහු ව බැහැර කරමින් අපි ඔහු ව එම දරුණු ව්යසනයෙන් මුදවා ගත්තෙමු. යූනුස් තුමාව ඔහුගේ ව්යසනයෙන් අපි මුදවා ගත්තා සේම යම් ව්යසනයක දේව විශ්වාසීන් වැටුණු විට ඔවුන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේ නම් අපි ඔවුන්ව ද මුදවා ගන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَزَكَرِیَّاۤ اِذْ نَادٰی رَبَّهٗ رَبِّ لَا تَذَرْنِیْ فَرْدًا وَّاَنْتَ خَیْرُ الْوٰرِثِیْنَ ۟ۚۖ
අහෝ දූතය! නුඹ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ද මෙනෙහි කරනු. එවිට, "මගේ පරමාධිපතියාණනි! කිසිදු දරුවකු නොමැති ව මා තනි ව අතහැර නොදමනු. සැබැවින්ම ඉතිරි කරන්නන් අතරින් ශ්රේෂ්ඨයා ඔබ වන්නෙහිය. එහෙයින් මගෙන් පසු පවතින දරුවකු මාහට පෝෂණය කරනු මැනව!" යැයි පවසමින් ප්රාර්ථනා කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْتَجَبْنَا لَهٗ ؗ— وَوَهَبْنَا لَهٗ یَحْیٰی وَاَصْلَحْنَا لَهٗ زَوْجَهٗ ؕ— اِنَّهُمْ كَانُوْا یُسٰرِعُوْنَ فِی الْخَیْرٰتِ وَیَدْعُوْنَنَا رَغَبًا وَّرَهَبًا ؕ— وَكَانُوْا لَنَا خٰشِعِیْنَ ۟
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. අපි ඔහුට දරුවකු වශයෙන් යහ්යාව පිරිනැමුවෙමු. ඔහුගේ බිරිය යහපත් තත්ත්වයට පත් කළෙමු. එවිට ඇය දරුවන් නොමැති තත්ත්වයේ සිට අධික ලෙස දරුවන් බිහි කරන තත්ත්වයට පත් වූවාය. සැබැවින්ම සකරිය්යා, ඔහුගේ බිරිය හා ඔහුගේ දරුවා දැහැමි ක්රියාවන් සිදු කිරීමට යුහුසුළු වූහ. එමෙන්ම අප වෙත වූ කුසල් බලාපොරොත්තුවෙන් ඔවුහු අපගෙන් ප්රාර්ථනා කර සිටියෝය. අප වෙතින් වූ දඬුවම ගැන බියෙන් පසු වූහ. ඔවුහු අපට යටහත් පහත් වූවන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصلاح سبب للرحمة.
•දැහැමිකම ආශිර්වාදයට හේතුවකි.

• الالتجاء إلى الله وسيلة لكشف الكروب.
•අල්ලාහ් වෙත යොමුවීම, අත් වන දුර්භාග්යයන් ඉවත් වීම සඳහා මාර්ගයකි.

• فضل طلب الولد الصالح ليبقى بعد الإنسان إذا مات.
•මිනිසා මිය ගිය විට ඔහුගෙන් පසුව පැවත එන දැහැමි දරුවකු පැතීමේ මහිමය.

• الإقرار بالذنب، والشعور بالاضطرار لله وشكوى الحال له، وطاعة الله في الرخاء من أسباب إجابة الدعاء وكشف الضر.
•වරද පිළිගැනීම, අල්ලාහ් වෙනුවෙන් බලකිරීමට ලක්වූ බව හැඟීම, එම තත්ත්වය ඔහුට පැමිණිලි කිරීම, සතුටු දායක අවස්ථාවන්වල අල්ලාහ්ට අවනත වීම යනාදී කරුණු ප්රාර්ථනා පිළිගනු ලැබීමටත් හිංසාවන් ඉවත්වීමටත් හේතු සාධක වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት