Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَّسُوْلٍ اِلَّا نُوْحِیْۤ اِلَیْهِ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاعْبُدُوْنِ ۟
අහෝ දූතය! "සැබැවින්ම නැමදුමට සුදුස්සා මා හැර වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා මටම පමණක් නැමදුම් කරනු. මට කිසිවක් ආදේශ නොකරනු" යැයි අපි ඔහු වෙත දන්වා සිටිමින් මිස නුඹට පෙර කිසිදු දූතයකු අපි නොඑව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوا اتَّخَذَ الرَّحْمٰنُ وَلَدًا سُبْحٰنَهٗ ؕ— بَلْ عِبَادٌ مُّكْرَمُوْنَ ۟ۙ
"සැබැවින්ම මලක්වරුන් ගැහැණු දරුවන් ලෙස අල්ලාහ් තෝරා ගෙන ඇතැ"යි දේව ආදේශකයින් පවසා සිටියේය. ඔවුන් පවසන මුසාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. මලක්වරුන් අල්ලාහ්ගේ ගැත්තන්ය. ඔහු විසින් ගරුත්වයට පත් කරනු ලැබූවන්ය. ඔහු වෙත ඉතා සමීපයෙන් සිටින්නන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَسْبِقُوْنَهٗ بِالْقَوْلِ وَهُمْ بِاَمْرِهٖ یَعْمَلُوْنَ ۟
වචනයෙන් පවා ඔවුහු ඔවුන්ගේ පරමාධිපති අබිබවා නොයති. එහෙයින් ඔවුනට ඔහු නියෝග කරන තෙක් ඔවුහු කතා නොකරති. ඔවුහු ඔහුගේ නියෝගය අනුව ක්රියා කරන්න් වෙති. එහෙයින් කිසිදු කරුණක ඔහුට විරුද්ධව ඔවුහු කටයුතු නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یَشْفَعُوْنَ ۙ— اِلَّا لِمَنِ ارْتَضٰی وَهُمْ مِّنْ خَشْیَتِهٖ مُشْفِقُوْنَ ۟
ඔවුන්ගේ පූර්ව ක්රියාවන් හා පසු ව එකතු වන දෑ ගැන ඔහු දනී. කවරෙකු වෙනුවෙන් මැදිහත් වීම පිළිගනු ලබන්නේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ්ගේ නියෝගයෙන් මිස මැදිහත්වීමට නොඉල්ලති. ශුද්ධවන්තයාණන් ගැන වූ බියෙන් ඔවුහු ප්රවේසමින් සිටිති. කිසිදු නියෝගයක හෝ තහනම් නියෝගයක හෝ ඔහුට විරුද්ධව කටයුතු නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّقُلْ مِنْهُمْ اِنِّیْۤ اِلٰهٌ مِّنْ دُوْنِهٖ فَذٰلِكَ نَجْزِیْهِ جَهَنَّمَ ؕ— كَذٰلِكَ نَجْزِی الظّٰلِمِیْنَ ۟۠
උපකල්පනයක් වශයෙන්, මලක්වරුන්ගෙන් කිසිවකු හෝ : "අල්ලාහ් නොව, සැබැවින්ම නැමදුමට ලක් විය යුත්තා මාවෙමි" යැයි පවසන්නේ ද ඔහුගේ එම ප්රකාශය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරන්තර අපායේ දඬුවම ඔහුට ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම් අපි පිරිනමන්නෙමු. මෙම ප්රතිවිපාකය සේ දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය හේතුවෙන් අපරාධකාරීන් බවට පත්වූවන්හටත් අපි ප්රතිවිපාක පිරිනමමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّ السَّمٰوٰتِ وَالْاَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنٰهُمَا ؕ— وَجَعَلْنَا مِنَ الْمَآءِ كُلَّ شَیْءٍ حَیٍّ ؕ— اَفَلَا یُؤْمِنُوْنَ ۟
සැබැවින්ම අහස් හා මහපොළොව අතර කිසිදු හිඩසකින් තොර ව ඒ දෙක එකට ඇලී තිබුණු බවත් පසුව අපි ඒ දෙක අතර වෙන් කළ බවත් අහසින් මහපොළොව වෙත පහළ වන ජලයෙන් සියලු ජීවීන් හා පැලෑටි ඇති කළ බවත් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් නොදන්නෙහු ද? ඒ ගැන ඔවුහු වටහාගෙන අල්ලාහ් පිළිබඳ පමණක් විශ්වාස කළ යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلْنَا فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِهِمْ وَجَعَلْنَا فِیْهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ یَهْتَدُوْنَ ۟
මහපොළොව මත සිටින්නන් නොසැලෙන අයුරින් ශක්තිමත් කඳු අපි මහපොළොවේ මැව්වෙමු. ඔවුන් අපේක්ෂා කරන ස්ථානය වෙත යාම සඳහා ඔවුන්ගේ ගමන්බිමන්වල දී ඔවුනට මඟ පෙන්වනු ලබනු පිණිස විශාල මාර්ග හා මංමාවත් අපි එහි ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلْنَا السَّمَآءَ سَقْفًا مَّحْفُوْظًا ۖۚ— وَّهُمْ عَنْ اٰیٰتِهَا مُعْرِضُوْنَ ۟
කිසිදු කණුවකින් තොර ව නොවැටෙන සේ ආරක්ෂිත වියනක් බවට අපි අහස ඇති කළෙමු. එමෙන්ම හොරෙන් සවන් දෙන්නන්ගෙන් ආරක්ෂා කරන්නක් බවටත් අපි එය ඇති කළෙමු. අහසේ ඇති සූර්යයා, චන්ද්රයා වැනි සංඥා පිළිබඳ දේව ආදේශකයින් ප්රතික්ෂේප කරන්නන් වෙති. ඒ ගැන සැලකිලිමත් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ خَلَقَ الَّیْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ؕ— كُلٌّ فِیْ فَلَكٍ یَّسْبَحُوْنَ ۟
විවේකය සඳහා රාත්රිය මැව්වේ ද ජීවනෝපාය සඳහා දහවල මැව්වේ ද දහවලේ සංඛේතයක් ලෙස හිරු මැව්වේ ද රාත්රියේ සංඛේතයක් ලෙස සඳු මැව්වේ ද අල්ලාහ් වන ඔහු පමණය. හිරු හා සඳු යන සෑම වස්තුවක්ම එහි භ්රමණය තුළ පරිභ්රමණය වී ගමන් කරයි. එයින් හැරී නොයයි. වෙනතකට යොමු නොවෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّنْ قَبْلِكَ الْخُلْدَ ؕ— اَفَاۡىِٕنْ مِّتَّ فَهُمُ الْخٰلِدُوْنَ ۟
අහෝ දූතය! නුඹට පෙර කිසිදු මිනිසෙකුට මෙලොව ජීවිතයේ සදා රැඳී සිටින්නට අවකාශය පිරිනැමුවේ නැත. නුඹේ ආයු කාලය අවසන් වී මරණයට පත් වූයේ නම් මොවුහු නුඹට පසු ඉතිරි ව සිටිනු ඇත් ද? එසේ නැත.!
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ؕ— وَنَبْلُوْكُمْ بِالشَّرِّ وَالْخَیْرِ فِتْنَةً ؕ— وَاِلَیْنَا تُرْجَعُوْنَ ۟
දේව විශ්වාසී ආත්මයක් වුව ද දේව ප්රතික්ෂේපක ආත්මයක් වුව ද ඒ සෑම ආත්මයක්ම මෙලොව මරණය භුක්ති විඳින්නේමය. අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ විවිධ දුෂ්කරතා, ආශිර්වාද, විනාශය වැනි දැයින් නුඹලාව අපි පරීක්ෂාවට ලක් කරන්නෙමු. පසුව නුඹලාගේ මරණයෙන් පසු අප වෙත මිස වෙනත් කිසිවෙකු වෙත නුඹලා හැරී නොයනු ඇත. එවිට අපි නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تنزيه الله عن الولد.
•අල්ලාහ් දරුවකු ගැනීමෙන් පිරිසිදු වීම.

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
•අල්ලාහ් අභියසින් මලක්වරුන් පහළ වීම. සැබැවින් ඔවුහු ඔහුට අවනත වීම සඳහා මවා ඇති අල්ලාහ්ගේ ගැත්තන් වෙති. පුරුෂ හා කාන්තාවන් ලෙස ඔවුන් වර්ණනා කරනු නොලබති. ඔවුහු ගෞරවරයට පාත්ර වූ ගැත්තන් වෙති.

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
•අහස් හා මහපොළොව මැවීම පියවරෙන් පියවර සිදු වූ පිළිවෙතකට අනුව මවනු ලැබීය. සැබැවින් ඒ දෙක එකට බැඳුණු මැවීමක් ලෙස මවා තිබුණි. පසුව ඒ දෙක වෙන් කරන ලදී.

• الابتلاء كما يكون بالشر يكون بالخير.
•පරීක්ෂණයන් අයහපතින් සිදුවනවාක් මෙන්ම යහපතින් ද සිදුවනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት