Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ   አንቀጽ:
قُلْ اِنَّمَاۤ اُنْذِرُكُمْ بِالْوَحْیِ ۖؗ— وَلَا یَسْمَعُ الصُّمُّ الدُّعَآءَ اِذَا مَا یُنْذَرُوْنَ ۟
අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් මා නුඹලා බියගන්වනුයේ මාගේ පරමාධිපති මා වෙත දන්වා සිටින දේව පණිවිඩ මගින් යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු. අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වනු ලබන විට ඔහු වෙත කරනු ලබන ඇරයුම පිළිගන්නා අයුරින් බිහිරා සත්යයට සවන් නොදෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَیَقُوْلُنَّ یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹගේ පරමාධිපතිගෙන් යම් දඬුවමක් ස්පර්ශ වූයේ නම් අහෝ දූතය! ඒ අවස්ථාවේ ඔවුහු, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කිරීමෙන් සැබැවින්ම අපි අපරාධකාරයින් වූයෙමු" යැයි පවසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَضَعُ الْمَوَازِیْنَ الْقِسْطَ لِیَوْمِ الْقِیٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَیْـًٔا ؕ— وَاِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ اَتَیْنَا بِهَا ؕ— وَكَفٰی بِنَا حٰسِبِیْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි වැසියන් සඳහා ඔවුන්ගේ ක්රියාවන් කිරනු පිණිස තුළාවන් අපි තබන්නෙමු. එදින කිසිදු ආත්මයකට එහි කුසල් අඩු කිරීමෙන් හෝ එහි පාපකම් අධික කරවීමෙන් හෝ අපරාධ සිදු කරනු නොලැබේ. කිරනු ලබන දෑ අබ ඇටයක තරම් සුළු ප්රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් තබා ගන්නන් වශයෙන් අප ප්රමාණවත් වන්නෙමු. අපගේ ගැත්තන්ගේ ක්රියාවන් අපි ගණන් කර තබමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی وَهٰرُوْنَ الْفُرْقَانَ وَضِیَآءً وَّذِكْرًا لِّلْمُتَّقِیْنَ ۟ۙ
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාට සත්ය, අසත්ය අතර හා අනුමත, තහනම් දෑ අතර වෙන් කරන්නක් වශයෙන් ද, එය විශ්වාස කළවුනට මඟපෙන්වීමක් වශයෙන් ද, ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත්ව කටයුතු කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් ද තව්රාතය අපි පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ وَهُمْ مِّنَ السَّاعَةِ مُشْفِقُوْنَ ۟
තම පරමාධිපතිගේ දඬුවමට බිය වන්නන් වනාහි, ඔවුහු ඔහු ව දෑසින් නොදුටුව ද ඔහු ව විශ්වාස කරන්නන් වෙති. ඔවුහු අවසන් හෝරාව ගැන බියෙන් පසුවන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهٰذَا ذِكْرٌ مُّبٰرَكٌ اَنْزَلْنٰهُ ؕ— اَفَاَنْتُمْ لَهٗ مُنْكِرُوْنَ ۟۠
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය වනාහි, එය එමගින් උපදෙස් ලබන්නටත්, අනුශාසනා ලබන්නටත් අපේක්ෂා කරන්නන්හට මෙනෙහි කිරීමකි. අධික යහපත හා ප්රයෝජන ගෙන දෙන්නකි. එසේ තිබියදී එහි ඇති දෑට සමීප නොවී ඒ අනුව කටයුතු නොකර නුඹලා එය හෙළා දකින්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَاۤ اِبْرٰهِیْمَ رُشْدَهٗ مِنْ قَبْلُ وَكُنَّا بِهٖ عٰلِمِیْنَ ۟ۚ
සැබැවින්ම ඉබ්රාහීම්ට ඔහුගේ කුඩා අවදියේම ඔහුගේ සමූහයා වෙත ඉදිරිපත් කළ යුතු සාධක පිරිනැමුවෙමු. තවද අපි ඒ ගැන දැන සිටියෙමු. ඔහුගේ ජනයා සඳහා වූ සාධක අතරින් අපගේ දැනුම අනුව එයට සුදුසු දෑ අපි ඔහුට පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا هٰذِهِ التَّمَاثِیْلُ الَّتِیْۤ اَنْتُمْ لَهَا عٰكِفُوْنَ ۟
ඔහුගේ පියා ආසර්ට හා ඔහුගේ ජනයාට ඔහු මෙසේ පවසා සිටියේය. "නුඹලාගේ අත්වලින් නුඹලා තැනූ නුඹලා නැමදුමෙහි නියැළී සිටින මෙම පිළිම මොනවාද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا وَجَدْنَاۤ اٰبَآءَنَا لَهَا عٰبِدِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහුට, "අපගේ මුතුන්මිත්තන් ඒවා නමදිමින් සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන් පදනම් කර ගනිමින් අපි ඒවාට නැමදුම් කළෙමු." යැයි පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَقَدْ كُنْتُمْ اَنْتُمْ وَاٰبَآؤُكُمْ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
ඉබ්රාහීම් ඔවුනට, "අහෝ අනුගමනය කරන්නනි! නුඹලා හා අනුගමනය කරනු ලැබූ නුඹලාගේ මුතුන්මිත්තන් සත්ය මාර්ගයෙන් බැහැර වී පැහැදිළි මුළාවෙහි සිටින්නෙහුය" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَجِئْتَنَا بِالْحَقِّ اَمْ اَنْتَ مِنَ اللّٰعِبِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහුගෙන්, "නුඹ පවසන දෑ පවසා අප වෙත කැපවීමෙන් පැමිණියෙහි ද එසේ නැතහොත් නුඹ විහිළු කාරයින් අතරින් කෙනෙක් ද?" යැයි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ بَلْ رَّبُّكُمْ رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ الَّذِیْ فَطَرَهُنَّ ۖؗ— وَاَنَا عَلٰی ذٰلِكُمْ مِّنَ الشّٰهِدِیْنَ ۟
ඉබ්රාහීම් තුමා, "මම නුඹලා වෙත පැමිණියේ උවමනාවෙන් මිස විහිළුවකට නොවේ. නුඹලාගේ පරමාධිපති වනාහි, අහස්හි හා මහපොළොවේ පරමාධිපතිය. ඔහු ඒවා කිසිදු පූර්ව නිදසුනකින් තොරව මැව්වේය. තවද සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ද අහස්හි හා මහපොළොවේ පරමාධිපති ද ඔහු බව මම සාක්ෂි දරන්නන් අතරින් කෙනෙකු වෙමි. ඒ සම්බන්ධයෙන් කිසිදු කොටසක් නුඹලාගේ පිළිමවලට නැත." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَاللّٰهِ لَاَكِیْدَنَّ اَصْنَامَكُمْ بَعْدَ اَنْ تُوَلُّوْا مُدْبِرِیْنَ ۟
ඉබ්රාහීම් තුමා තම ජනතාවට නොඇසෙන සේ, "අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා නුඹලාගේ පිළිම අතහැර දමා නුඹලාගේ උත්සවය සඳහා ගිය පසු, නුඹලා පිළිකුල් කරන සැලැස්මක් ඒවාට මම යොදමි" යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نَفْع الإقرار بالذنب مشروط بمصاحبة التوبة قبل فوات أوانها.
•වරද පිළිගැනීම ප්රයෝජනවත් වීම සඳහා නියමිත කාලය අතපසු වීමට පෙර පාපක්ෂමාවෙහි නිරත වීම කොන්දේසියක් බවට පත් කර ඇත.

• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම.

• أهمية قوة الحجة في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී බලවත් තර්කයක වැදගත්කම.

• ضرر التقليد الأعمى.
•අන්ධානුකරණයේ හානිය.

• التدرج في تغيير المنكر، والبدء بالأسهل فالأسهل، فقد بدأ إبراهيم بتغيير منكر قومه بالقول والصدع بالحجة، ثم انتقل إلى التغيير بالفعل.
•පිළිකුල් සහගත දෙයක් වෙනස් කිරීමේදී පිළිපැදිය යුතු අදියර. එය පහසු දැයකින් ආරම්භ කිරීම වඩාත් පහසුය. ඉබ්රාහීම් තුමා තම ජනයා අතර තිබූ පිළිකුල් සහගත දෑ වෙනස් කිරීම සඳහා වචනයෙන් හා තර්ක කිරීමෙන් ආරම්භ කළ අතර පසු ව එය ක්රියාවෙන් වෙනස් කරන්නට එතුමා තැත් කළහ.

 
የይዘት ትርጉም ምዕራፍ: አል አንቢያ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት