Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:

අල් ඉස්රා

ከመዕራፉ ዓላማዎች:
تثبيت الله لرسوله صلى الله عليه وسلم وتأييده بالآيات البينات، وبشارته بالنصر والثبات.
පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් අල්ලාහ් ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවරත්වයට පත් කිරීම, එතුමාණන්ව ශක්තිමත් කිරීම හා ජය හා ස්ථාවරත්වය ඇතැයි එතුමාණන්ට ශුභාරංචි දන්වා සිටීම.

سُبْحٰنَ الَّذِیْۤ اَسْرٰی بِعَبْدِهٖ لَیْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ اِلَی الْمَسْجِدِ الْاَقْصَا الَّذِیْ بٰرَكْنَا حَوْلَهٗ لِنُرِیَهٗ مِنْ اٰیٰتِنَا ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් දැරිය නොහැකි දෑ මත ඉමහත් බලයක් ඔහු සතුව ඇති බැවින් අල්ලාහ් පිවිතුරුය, අති උත්කෘෂ්ඨය. අල්ලාහ් තම බලය පෙන්වා දෙන ඇතැම් ප්රාතිහාර්යයන් පෙන්වීම සඳහා හරම් දේවස්ථානයේ සිට නබිවරුන්ගේ වාසස්ථාන වන බවභෝග හා පළ වගාවන්ගෙන් අප සමෘද්ධිමත් කළ බයිත් අල් මක්දිස් දේවස්ථානය වෙත අවදිව, සුපරික්ෂාකාරීව, ශරීරික හා සජීවීව ඔහුගේ ගැත්තා වන මුහම්මද් ව රැගෙන ගියේය. සැබැවින්ම ඔහු සර්වශ්රාවකය. ශ්රවණයට වැකෙන කිසි දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. බැල්මට හසුවන කිසිදු දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَجَعَلْنٰهُ هُدًی لِّبَنِیْۤ اِسْرَآءِیْلَ اَلَّا تَتَّخِذُوْا مِنْ دُوْنِیْ وَكِیْلًا ۟ؕ
තවද අපි මූසා (අලෙයිහිස් සලාම්) තුමාට තව්රාතය පිරිනැමුවෙමු. එමෙන්ම අපි එය ඉස්රාඊල් දරුවන්ට යහමග පෙන්වන්නක් හා මග පෙන්වීමක් බවට පත් කළෙමු. අපි ඉස්රාඊල් දරුවන්ට: "නුඹලා මා හැර දමා නුඹලාගේ කටයුතු නුඹලා යොමු කරන වෙනත් කිසිවෙකු භාරකරුවකු වශයෙන් නොගනු. මා කෙරෙහි පමණක් සියල්ල භාරකරනු." යැයි පැවසුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذُرِّیَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؕ— اِنَّهٗ كَانَ عَبْدًا شَكُوْرًا ۟
මහා ජලගැල්මෙහි ගිලීමෙන් නූහ් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග සිටියවුන් මුදවා, ඔවුනට අප ආශිර්වාද කළ පරම්පරාවෙන් නුඹලා පැවත එන්නන්ය. එහෙයින් එම ආශිර්වාදය මෙනෙහි කර බලනු. අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින්, ඔහුට පමණක් යටත් වෙමින්, ඔහුට කෘතගුණ සලකනු. එහිදී නුහ් තුමාව නුඹලා පිළිපදිනු. සැබැවින්ම එතුමා අල්ලාහ්ට වඩාත් කෘතගුණ සලකන්නෙකු වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَضَیْنَاۤ اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ فِی الْكِتٰبِ لَتُفْسِدُنَّ فِی الْاَرْضِ مَرَّتَیْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِیْرًا ۟
සැබැවින්ම උඩඟුකම හා පාපක්රියා හේතුවෙන් මහපොළොවෙහි ඉස්රාඊල් දරුවන් අතර කලහකාරී තත්ත්වයන් දෙවතාවක් ඇති වන බවත්, ඔවුහු ජනයා අතර අපරාධ හා අසාධාරණකම් කොට ඔවුන් මත උදම් පෑමෙන් ඉක්මවා යමින් උසස් වන බවත් තව්රාතයේ අපි ඔවුනට තොරතුරු දන්වා දැනුම්වත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا جَآءَ وَعْدُ اُوْلٰىهُمَا بَعَثْنَا عَلَیْكُمْ عِبَادًا لَّنَاۤ اُولِیْ بَاْسٍ شَدِیْدٍ فَجَاسُوْا خِلٰلَ الدِّیَارِ وَكَانَ وَعْدًا مَّفْعُوْلًا ۟
පළමු කලහකාරී තත්ත්වය ඔවුන් අතර හට ගැනුනු විට දැඩි ලෙස ග්රහණය කරන බලවත් පිරිසක් අපි ඔවුන් මත ආධිපත්යය දරන්නට සැලැස්වූයෙමු. ඔවුහු ඔවුන් ඝාතනය කළෝය. ඔවුන් අවතැන් කළෝය. ඔවුන් කවර කරුණක් මත යමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අර්බුධයට පත්ව ඔවුන්ගේ නිවෙස් අතරම ඇවිදිමින් සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَیْهِمْ وَاَمْدَدْنٰكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَجَعَلْنٰكُمْ اَكْثَرَ نَفِیْرًا ۟
පසුව, අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා අල්ලාහ් වෙත පාපක්ෂමාව ඇයැද ඔහු වෙත යොමු වූ විට නුඹලා මත ආධිපත්ය දැරුවන්ට එරෙහි ව ජය හා රාජ්ය බලයත් අපි නුඹලාට නැවත ලබා දුනිමු. ධන සම්පත්, කොල්ල කෑමට භාජනය වූ සම්පත් හා දරුවන් වහල්භාවයට පත් වූ පසු දරුවන් ද අපි අධිකව ලබා දුනිමු. නුඹලාගේ සතුරන්ට වඩා වැඩි ජනකායක් ලෙස අපි නුඹලාව පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ اَحْسَنْتُمْ اَحْسَنْتُمْ لِاَنْفُسِكُمْ ۫— وَاِنْ اَسَاْتُمْ فَلَهَا ؕ— فَاِذَا جَآءَ وَعْدُ الْاٰخِرَةِ لِیَسُوْٓءٗا وُجُوْهَكُمْ وَلِیَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوْهُ اَوَّلَ مَرَّةٍ وَّلِیُتَبِّرُوْا مَا عَلَوْا تَتْبِیْرًا ۟
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ ක්රියාවන් නුඹලා යහපත් ලෙස ඉටු කර, අපේක්ෂා කරන අයුරින් ඒවා ගෙන එන්නේ නම් ඒ සඳහා වූ ප්රතිඵල නුඹලා වෙත නැවත එනු ඇත. නුඹලාගේ ක්රියාවන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. නුඹලාගේ ක්රියාවන් නරක අයුරින් සිදු කළේ නම් එහි විපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ දැහැමි ක්රියාවන් ඔහුට සෙත නොසලසන අතර නපුරු ක්රියාවන් ඔහු ට හානිය අත් කර දෙන්නේ ද නැත. දෙවන කලහකාරී තත්ත්වය හට ගැනුනු විට නුඹලාව අවමානයට පත් කරනු පිණිස නුඹලාගේ සතුරන් නුඹලා මත ආධිපත්යය දරන්නට සලස්වන්නෙමු. නුඹලාට විවිධ ආකාරයේ අවමානයන්ගෙන් විඳවන්නට සලසන්වනු පිණිස ඔවුහු නුඹලා ඉදිරියේ හෙළිපිටම එම නපුරුකම් සිදු කරනු ඇත. බයිතුල් මක්දිසයට පිවිසෙනු ඇත. ඔවුහු එහි පිවිසුණාක් මෙන්ම ඔවුහු එය විනාශ කරනු ඇත. පළමු වතාවේත් ඔවුහු එය විනාශ කළෝය. එමෙන්ම ඔවුන් කවර දේශයක් අත්පත් කර ගන්නේ ද එය මුළුමණින්ම විනාශ කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في قوله: ﴿الْمَسْجِدِ الْأَقْصَا﴾: إشارة لدخوله في حكم الإسلام؛ لأن المسجد موطن عبادةِ المسلمين.
•දේව ප්රකාශය තුළ ‘අල් මස්ජිදුල් අක්සා’ යනුවෙන් සඳහන්ව ඇත්තේ ඉස්ලාමීය නීතිය යටතට එය පිවිසෙන බව සංඛේතවත් කරමිනි. ඊට හේතුව සැබැවින්ම එම දේවස්ථානය මුස්ලිම්වරුන් නැමදුම් කළ දේශයේ වූ බැවිනි.

• بيان فضيلة الشكر، والاقتداء بالشاكرين من الأنبياء والمرسلين.
•කෘතඥතාවයේ මහිමය හා කෘතවේදී ව කටයුතු කළ නබිවරුන් හා දූතවරුන් පිළිපැදීමේ මහිමය පැහැදිලි කිරීම.

• من حكمة الله وسُنَّته أن يبعث على المفسدين من يمنعهم من الفساد؛ لتتحقق حكمة الله في الإصلاح.
• හැඩගැස්වීමෙහි අල්ලාහ්ගේ ප්රඥාව සහතික කරමින් කලහකාරීන් වෙත ඔවුන්ගේ කලහකම් වළක්වන අය එවීම අල්ලාහ්ගේ ප්රඥාව හා න්යායකි.

• التحذير لهذه الأمة من العمل بالمعاصي؛ لئلا يصيبهم ما أصاب بني إسرائيل، فسُنَّة الله واحدة لا تتبدل ولا تتحول.
•ඉස්රාඊල් දරුවන්ට අත් වූ ඉරණම මෙම සමූහයාටත් අත් නොවනු පිණිස පාපකාරී කටයුතු පිළිබඳ ඔවුනට අනතුරු ඇඟවීම. අල්ලාහ්ගේ න්යායය එකමය. එහි කිසිදු වෙනස්වීමක් හෝ විකෘති කිරීමක් නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት