Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
وَمَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ ۚ— وَمَنْ یُّضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ اَوْلِیَآءَ مِنْ دُوْنِهٖ ؕ— وَنَحْشُرُهُمْ یَوْمَ الْقِیٰمَةِ عَلٰی وُجُوْهِهِمْ عُمْیًا وَّبُكْمًا وَّصُمًّا ؕ— مَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— كُلَّمَا خَبَتْ زِدْنٰهُمْ سَعِیْرًا ۟
අල්ලාහ් කවරෙකුහට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින් යහමග ලබන්නා ඔහුය. කවරෙකු ඔහු එයින් පහත් කොට නොමග යන්නට ඉඩ හැරියේ ද අහෝ දූතය! ඔවුන් වෙනුවෙන් ඔවුනට සත්ය වෙත මග පෙන්වන, හානියෙන් ඔවුන් වළක්වන, ඔවුනට සෙත සලසන භාරකරුවන් කිසිවෙකු නුඹ නොදකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු මත ආවරණය කරනු ලැබ කිසිවක් බැලිය නොහැකි, කිසිවක් කතා කළ නොහැකි, කිසිවකට සවන් දිය නොහැකි තත්ත්වයේ අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන් යොමු වන ස්ථානය නිරයයි. එහි ගිනි දැල් පවතින සෑම කල්හිම ඔවුන් දැවී යාම අපි වැඩි කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ جَزَآؤُهُمْ بِاَنَّهُمْ كَفَرُوْا بِاٰیٰتِنَا وَقَالُوْۤا ءَاِذَا كُنَّا عِظَامًا وَّرُفَاتًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ خَلْقًا جَدِیْدًا ۟
එය අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ද, "අප මිය ගොස් අප දිරාපත් වූ අස්ථි බවට හා සුන්බුන් බවට පත් වූ විට ඉන්පසු අප නව මැවීමකින් යළි අවදි කරනු ලබන්නෙම්දැ?"යි විමසමින් නැවත නැගිටුවනු ලැබීම ගැන දුරස්භාවය ඇති කර ගනිමින් ඔවුන් කළ ප්රකාශය හේතුවෙන් ද ඔවුනට ප්රතිවිපාක වශයෙන් ඔවුන් මුහුණ දෙන දඬුවමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ قَادِرٌ عَلٰۤی اَنْ یَّخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ اَجَلًا لَّا رَیْبَ فِیْهِ ؕ— فَاَبَی الظّٰلِمُوْنَ اِلَّا كُفُوْرًا ۟
සැබැවින්ම අහස් හා මහපොළොව යන අතිමහත් මැවීම් මැවූ අල්ලාහ් ඔවුන් නැවත මැවීමට බලය ඇත්තා බව මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවූහු නොදන්නෙහු ද? අති මහත් මැවීමක් මැවීමට ශක්තිය ඇත්තාට ඊට වඩා අඩු දෙයක් මැවීමට වඩාත් ශක්තිය ඇත්තාය. මෙලොවෙහි ඔවුන්ගේ ආයු කාලය නිමා කරවන නියමිත කාලයක් අල්ලාහ් ඔවුනට නියම කළේය. එමෙන්ම කිසිදු සැකයකින් තොරව ඔවුන් යළි අවදි කිරීම සඳහා ද නියමිත කාලයක් ඔවුන් වෙනුවෙන් නියම කර ඇත්තේය. යළි නැගිටුවීම පිළිබඳ සාධක එළිපිට තිබියදී එම සාධක පැහැදිළි ව තිබියදී දෙවියන්ට ආදේශ කරන්නන් යළි නැගිටුවීම තරයේ ප්රතික්ෂේප කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ اَنْتُمْ تَمْلِكُوْنَ خَزَآىِٕنَ رَحْمَةِ رَبِّیْۤ اِذًا لَّاَمْسَكْتُمْ خَشْیَةَ الْاِنْفَاقِ ؕ— وَكَانَ الْاِنْسَانُ قَتُوْرًا ۟۠
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. ‘කිසිදා නිම නොවන, නැති නොවන මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩාවන් නුඹලා සතුව තිබුණේ නම්, නුඹලා දිළිඳුභාවයට පත් නොවන සේ ඒවා රඳවා තබා ගනිමින් ඒවා අහිමි වීමට බියෙන් ඒවා වියදම් කිරීමෙන් නුඹලා වැළකී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නෙකු වී නම් මිස සැබැවින්ම මිනිසා මසුරෙකු වීම ඔහුගේ ස්වභාවයයි. දෙවියන් විශ්වාස කරන්නා අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් වියදම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی تِسْعَ اٰیٰتٍۢ بَیِّنٰتٍ فَسْـَٔلْ بَنِیْۤ اِسْرَآءِیْلَ اِذْ جَآءَهُمْ فَقَالَ لَهٗ فِرْعَوْنُ اِنِّیْ لَاَظُنُّكَ یٰمُوْسٰی مَسْحُوْرًا ۟
මූසාට සාක්ෂි වශයෙන් පැහැදිලි සාධක නවයක් සැබැවින්ම අපි ඔහුට පිරිනැමුවෙමු. එනම් සැරයටිය, අත, වසරවල්, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදියයි. මෙම ප්රාතිහාර්යයන් තම මුතුන් මිත්තන් වෙත මූසා ගෙන ආ අවස්ථාව ගැන යුදෙව්වන්ගෙන් විමසා සිටිනු. එවිට ෆිර්අවුන් ඔහුට, "අහෝ මූසා! නුඹ ගෙන ආ දුර්ලභ දෑ හේතුවෙන් සැබැවින්ම ඔබ හූනියම් කරනු ලැබූ මිනිසෙකු ලෙස සිතමි." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَقَدْ عَلِمْتَ مَاۤ اَنْزَلَ هٰۤؤُلَآءِ اِلَّا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ بَصَآىِٕرَ ۚ— وَاِنِّیْ لَاَظُنُّكَ یٰفِرْعَوْنُ مَثْبُوْرًا ۟
මූසා ඔහුට පිළිතුරු වශයෙන්, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මෙම ප්රාතිහාර්යයන් පහළ කළේ අහස්හි හා මහපොළොවේ පරමාධිපති වන අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවන බව නුඹ තරයේම දන්නෙහිය. ඔහු ඒවා ඔහුගේ බලය හා ඔහුගේ දූතයාණන්ගේ සත්යතාව පෙන්වා දෙන සාධක ලෙස පහළ කර ඇත. එනමුත් නුඹ එය ප්රතික්ෂේප කරන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ වී යන පරාජිතයෙකු බව සැබැවින්ම මම දනිමි." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرَادَ اَنْ یَّسْتَفِزَّهُمْ مِّنَ الْاَرْضِ فَاَغْرَقْنٰهُ وَمَنْ مَّعَهٗ جَمِیْعًا ۟ۙ
එහෙයින් මූසා හා ඔහුගේ ජනයා මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටුවහල් කිරීමෙන් ඔවුනට දඬුවම් දෙන්නට ෆිර්අවුන් අපේක්ෂා කළේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සේනාවේ සියලු දෙනා ජලයේ ගිල්වා විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّقُلْنَا مِنْ بَعْدِهٖ لِبَنِیْۤ اِسْرَآءِیْلَ اسْكُنُوا الْاَرْضَ فَاِذَا جَآءَ وَعْدُ الْاٰخِرَةِ جِئْنَا بِكُمْ لَفِیْفًا ۟ؕ
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීමෙන් පසු ව ඉස්රාඊල් දරුවන්හට අපි, "ෂාම් දේශයේ (සිරියාවේ) පදිංචි වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය උදා වන විට නුඹලා සියලු දෙනා විනිශ්චය සඳහා එක්රැස් කරනු ලබන පිටියට ගෙන එන්නෙමු." යැයි පැවසුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله تعالى هو المنفرد بالهداية والإضلال، فمن يهده فهو المهتدي على الحقيقة، ومن يضلله ويخذله فلا هادي له.
•මග පෙන්වන්නේත් නොමග යන්නට ඉඩ හරින්නේත් උත්තරීතර අල්ලාහ් පමණය. එහෙයින් ඔහු කවරෙකුට යහමඟ පෙන්වන්නේද ඔහු සැබෑ ලෙසින්ම යහමඟ ලැබූවෙකු වේ. කවරෙකු ඔහු නොමග යන්නට ඉඩ හැර අවමානයට පත් කරන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත.

• مأوى الكفار ومستقرهم ومقامهم جهنم، كلما سكنت نارها زادها الله نارًا تلتهب.
•දේව ප්රතික්ෂේපකයින් යොමු වන ස්ථානය, ඔවුන්ගේ නවාතැන, ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එහි ගින්න නිවන සෑම කල්හිම දලු ලා ඇවිළෙන ගින්නක් බවට අල්ලාහ් එය වර්ධනය කරයි.

• وجوب الاعتصام بالله عند تهديد الطغاة والمُسْتَبدين.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන් විසින් සිදු කරන තර්ජන වලදී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමේ අනිවාර්යභාවය.

• الطغاة والمُسْتَبدون يلجؤون إلى استخدام السلطة والقوة عندما يواجهون أهل الحق؛ لأنهم لا يستطيعون مواجهتهم بالحجة والبيان.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන්, සත්යවාදීන්හට මුහුණ දෙන විට බලය හා ශක්තිය යෙදවීමෙන් ඈත් ව සිටිති. ඊට හේතුව පැහැදිලි කිරීම් හා පැහැදිලි සාධක හේතුවෙන් ඔවුනට මුහුණ දීමට හැකියාවක් නොමැති වීම නිසාය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት