Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
مَنْ كَانَ یُرِیْدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهٗ فِیْهَا مَا نَشَآءُ لِمَنْ نُّرِیْدُ ثُمَّ جَعَلْنَا لَهٗ جَهَنَّمَ ۚ— یَصْلٰىهَا مَذْمُوْمًا مَّدْحُوْرًا ۟
කවරෙකු මතුලොව පිළිබඳ විශ්වාස නොකර ඒ ගැන සැලකිලිමත් නොවී මෙලොව ජීවිතයේ යහ ක්රියාවන් කිරීමට අපේක්ෂා කරන්නේ ද ඔහුට ඔහු අභිමත කරන සැප සම්පත් නොව අප අභිමත කරන දෑ එසේ අපි සිදු කිරීමට අපේක්ෂා කළ තැනැත්තන්හට අපි ඉක්මන් කර දෙන්නෙමු. පසුව අපි ඔහු වෙනුවෙන් නිරය සූදානම් කර ඇත්තෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි පිවිස එහි උෂ්ණය ඔහු විඳිනු ඇත. එය ඔහු මෙලොව තෝරාගෙන මතුලොව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් අවමානයට පත් කිරීමක් හා අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නක් ලෙසිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ اَرَادَ الْاٰخِرَةَ وَسَعٰی لَهَا سَعْیَهَا وَهُوَ مُؤْمِنٌ فَاُولٰٓىِٕكَ كَانَ سَعْیُهُمْ مَّشْكُوْرًا ۟
කවරෙකු විශ්වාස කරන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් තුළින් මතුලොව තිළිණ අපේක්ෂා කර මුහුණිච්චාවෙන් හෝ කීර්තිය බලාපොරොත්තුවෙන් තොර ව එහි කැපවී කටයුතු කරන්නේ ද, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන්ගේ කැපවීම අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් වන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلًّا نُّمِدُّ هٰۤؤُلَآءِ وَهٰۤؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ؕ— وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُوْرًا ۟
දැහැමි හා දුෂ්ට යන පාර්ශව දෙකින් සෑම පාර්ශවයකටම කිසිදු විසන්ධි කිරීමකින් තොර ව නුඹේ පරමාධිපතිගේ දායාදයෙන් අපි අධික ලෙස පිරිනමන්නෙමු. ඔහු දැහැමියෙකු වුව ද දුෂ්ටයෙකු වුවු ද මෙලොවෙහි නුඹේ පරමාධිපති විසින් පිරිනමන දායා ද වළක්වන කිසිවෙකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُنْظُرْ كَیْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلٰی بَعْضٍ ؕ— وَلَلْاٰخِرَةُ اَكْبَرُ دَرَجٰتٍ وَّاَكْبَرُ تَفْضِیْلًا ۟
මෙලොව පෝෂණ සම්පත් හා තාරාතිරම් අතර ඇතැමෙකුට වඩා ඇතැමෙක් අපි උසස් කර ඇත්තේ කෙසේ දැයි අහෝ දූතය! සිතා බලනු. මෙලොව ජීවිතයේ විවිධ තරාතිරමින් පවතින, සැප පහසුකම් අතර මතුලොවෙහි ඇති දෑ වඩාත් වෙනස්ය, විවිධාකාරය. වඩාත් උසස් ය. දේව විශ්වාස කරන්නා ඒ ගැන ආශා කරත්වා.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَجْعَلْ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتَقْعُدَ مَذْمُوْمًا مَّخْذُوْلًا ۟۠
අහෝ ගැත්තනි! නුඹලා නැමදුම් කිරීම සඳහා අල්ලාහ් සමග වෙනත් දෑ පත් නොකරනු. එවිට අල්ලාහ් අබියසත්, ඔහුගේ දැහැමි ගැත්තන් අබියසත් නුඹ අපහාසයට ලක් වනු ඇත. කිසිවකු නුඹට ප්රශංසා නොකරනු ඇත. නුඹ අවමානටය පත් වනු ඇත. කිසිවකු නුඹට උදව් නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَضٰی رَبُّكَ اَلَّا تَعْبُدُوْۤا اِلَّاۤ اِیَّاهُ وَبِالْوَالِدَیْنِ اِحْسَانًا ؕ— اِمَّا یَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ اَحَدُهُمَاۤ اَوْ كِلٰهُمَا فَلَا تَقُلْ لَّهُمَاۤ اُفٍّ وَّلَا تَنْهَرْهُمَا وَقُلْ لَّهُمَا قَوْلًا كَرِیْمًا ۟
අහෝ ගැත්තනි! ඔහු හැර වෙනත් කිසිවකු නැමදුම් නොලැබිය යුතු යැයි නුඹේ පරමාධිපති නියෝග කළේය. අනිවාර්යය කළේය. දෙමාපියන්ට විශේෂයෙන් ඔවුන් වැඩිහිටි භාවයට පත් වූ විට ඇප උපස්ථාන කරන මෙන් ඔහු නියෝග කළේය. ඔබ ළඟ දෙමාපියන්ගෙන් කෙනෙකු වැඩිහිටිභාවයට පත් වූයේ නම් හෝ ඔවුන් දෙදෙනාම එම තත්ත්වයට ළඟා වූයේ නම් හෝ පිළිකුල දන්වන පරිදි "චී" යන වචනයෙන් (පවා) හෝ ඔවුන් දෙදෙනා අපහසුතාවට පත් නොකරනු. ඔවුන් දෙදෙනා පළවා නොහරිනු. කතාවෙහි ඔවුන් දෙදෙනා ඉක්මවින් දරුණු ලෙස කතා නොකරනු. ඉතා සියුම් හා මෘදු ගෞරවණීය වචනයෙන් ඔවුන් දෙදෙනාට නුඹ ආමන්ත්රණය කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّیٰنِیْ صَغِیْرًا ۟ؕ
ඔවුන් දෙදෙනාට කරුණාවෙන් හා පහත් බවින් කීකරු වන්න. තවද "මාගේ පරමාධිපතියාණනි! මාගේ කුඩා අවදියේ ඔවුන් දෙදෙනා මා හදාවඩා ගත්තා සේ ඔවුන් දෙදෙනාට නුඹ කරුණා කරනු මැනව!" යැයි ප්රාර්ථනා කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبُّكُمْ اَعْلَمُ بِمَا فِیْ نُفُوْسِكُمْ ؕ— اِنْ تَكُوْنُوْا صٰلِحِیْنَ فَاِنَّهٗ كَانَ لِلْاَوَّابِیْنَ غَفُوْرًا ۟
අහෝ ජනයිනි! නැමදුම්, යහකම් හා දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම යනාදියෙහි නුඹලා සඟවාගෙන සිටින අවංකභාවය පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ නැමදුම්වල හා නුඹලාගේ දෙමාපියන් සමග මෙන්ම වෙනත් අය සමග කරන ගනුදෙනුවල දී නුඹලාගේ චේතනාව යහපත් වී නම්, සැබැවින්ම ශුද්ධවන්තයාණෝ පාපක්ෂමාව පතමින් ඔහු වෙත අපේක්ෂා තබන්නන්හට අතික්ෂමාශීලීය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමෙහි හා ඔහුගේ දෙමව්පියන්ට කීකරු වීමෙහි ඔහු විසින් සිදු වූ අඩුපාඩු වෙනුවෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاٰتِ ذَا الْقُرْبٰی حَقَّهٗ وَالْمِسْكِیْنَ وَابْنَ السَّبِیْلِ وَلَا تُبَذِّرْ تَبْذِیْرًا ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සමීප ඥාතියාහට ඔහුගේ ඥාතී සම්බන්ධතාවයේ උරුමය පිරිනමනු. අවශ්යතා ඇති දිළිඳාහටද පිරිනමනු. අතරමං වූ අයහටද පිරිනමනු. පාපකාරී කටයුතුවල මෙන්ම නාස්ති කාරී අයුරින් ඔබේ ධනය වියදම් නොකරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُبَذِّرِیْنَ كَانُوْۤا اِخْوَانَ الشَّیٰطِیْنِ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِرَبِّهٖ كَفُوْرًا ۟
සැබැවින්ම තම ධනය පාපකාරී කටයුතුවල වියදම් කරන්නන් හා වියදමෙහි නාස්ති කරන්නන් වනාහි, ඔවුහු ෂෙයිතානුනන්ගේ - නපුරු බලවේගනයන්ගේ - සහෝදරයෝ වෙති. ඔවුන් කවර දෙයක් නාස්ති කරන්නටත්, අපතේ යවන්නටත් ඔවුනට නියෝග කරන්නේ ද ඒ සම්බන්ධයෙන් ඔවුහු ඔවුනට අවනත වෙති. ෂෙයිතාන් තම පරමාධිපතිට ගුණමකු විය. පාපය ඇති දෑ මිස වෙනත් කිසිවක් ඔහු සිදු නොකරයි. දෙවියන්ට කෝපය ඇතිවන දෑ මිස වෙනත් කිසිවක් නියෝග නොකරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي للإنسان أن يفعل ما يقدر عليه من الخير وينوي فعل ما لم يقدر عليه؛ ليُثاب على ذلك.
•තමන්ට කළ හැකි යහපත් කටයුතු සිදු කිරීමත් කළ නොහැකි දෑ කිරීමට අදිටන් කර ගැනීමත් මිනිසාට අවශ්ය වන්නේය. ඒ සඳහා ඔහුට කුසල් පිරිනමනු ලැබේ.

• أن النعم في الدنيا لا ينبغي أن يُسْتَدل بها على رضا الله تعالى؛ لأنها قد تحصل لغير المؤمن، وتكون عاقبته المصير إلى عذاب الله.
•මෙලොවෙහි පිරිනමා ඇති සියලු ආශිර්වාදයන් අල්ලාහ්ගේ තෘප්තිය මත පදනම් වූවක් බව සාධක කර ගැනීම සුදුසු නැත. ඊට හේතුව සැබැවින්ම එය මුස්ලිම් නොවන්නන් හටත් හිමිවන බැවිණි. ඇතැම් විට එහි අවසාන ගමන අල්ලාහ්ගේ දඬුවම වෙත යොමු කරනු ලබන්නක් වනු ඇත.

• الإحسان إلى الوالدين فرض لازم واجب، وقد قرن الله شكرهما بشكره لعظيم فضلهما.
•දෙමාපියන්හට උවටැන් කිරීම අත්යවශ්ය වූ අනිවාර්යය වගකීමකි. ඔවුන් දෙදෙනාගේ බලවත් මහිමය හේතුවෙන් අල්ලාහ් ඔහුට කෘතවේදී වීම ඔවුන් දෙදෙනාට කෘතවේදී වීමත් සමග සම්බන්ධකොට පවසා ඇත.

• يحرّم الإسلام التبذير، والتبذير إنفاق المال في غير حقه.
•අපතේ හැරීම හා තමන්ට උරුම නැති දෑ සඳහා වියදම් කිරීමෙන් ධනය නාස්ති කිරීම ඉස්ලාමය තහනම් කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት