Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
عَسٰی رَبُّكُمْ اَنْ یَّرْحَمَكُمْ ۚ— وَاِنْ عُدْتُّمْ عُدْنَا ۘ— وَجَعَلْنَا جَهَنَّمَ لِلْكٰفِرِیْنَ حَصِیْرًا ۟
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා පාපක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත යොමු වී, නුඹලාගේ ක්රියාවන් ද යහපත් කර ගත්තේ නම් එම බිහිසුණු ප්රතිචාරයෙන් පසු ව අල්ලාහ් නුඹලාට කරුණාව පුදන්නට පුළුවන. තුන්වන වරට හෝ තවත් අධික වාර ගණනාවක් නුඹලා එසේ කලහාකරී ලෙස නැවත හැසිරෙන්නේ නම් නැවතත් අපි එසේ බිහිසුණු ලෙස නුඹලාට ප්රතිචාර දක්වන්නෙමු. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුනට නිරය ඇතිරිල්ලක් හා යහනක් බවට පත් කරන්නෙමු. ඔවුනට එයින් මිදී යා නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذَا الْقُرْاٰنَ یَهْدِیْ لِلَّتِیْ هِیَ اَقْوَمُ وَیُبَشِّرُ الْمُؤْمِنِیْنَ الَّذِیْنَ یَعْمَلُوْنَ الصّٰلِحٰتِ اَنَّ لَهُمْ اَجْرًا كَبِیْرًا ۟ۙ
නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය වඩාත් නිවැරදි මග පෙන්වා දෙයි. එය ඉස්ලාමයේ මගයි. තවද අල්ලාහ්ව විශ්වාස කරන දැහැමි ක්රියාවන් සිදු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ එය ඔවුනට දන්වා සිටියි. එය සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් තිළිණයක් ඇති බවට වූ ශුභාරංචියයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠
එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන්නන් හට ඔවුනට අත්වන නපුරු විපාකය පිළිබඳවත් දන්වා සිටියි. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අපි ඔවුනට වේදනීය දඬුවමක් සූදානම් කර ඇති බවට වූ අසුභ ආරංචියයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَدْعُ الْاِنْسَانُ بِالشَّرِّ دُعَآءَهٗ بِالْخَیْرِ ؕ— وَكَانَ الْاِنْسَانُ عَجُوْلًا ۟
මිනිසා යහපත සඳහා තමන් වෙනුවෙන් ප්රාර්ථනා කරන්නාක් මෙන්ම කෝපයට පත් වූ අවස්ථාවේ තමන්ටත් තම දරුවන්ටත් තම දේපළටත් එරෙහි ව අහිතක් වේවා යැයි ශාප කර ගනියි. ඔහුගේ නපුරු ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නේ නම්, ඔහු විනාශ වී යනු ඇත. ඔහුගේ සම්පත් ද, ඔහුගේ දරුවන් ද විනාශ වී යනු ඇත. මිනිසා ඉක්මන් සුළුභාවයෙන් වෙළී සිටියි. තමන්ට හානි දායක දෑ ඉක්මණින් පතනුයේ එබැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلْنَا الَّیْلَ وَالنَّهَارَ اٰیَتَیْنِ فَمَحَوْنَاۤ اٰیَةَ الَّیْلِ وَجَعَلْنَاۤ اٰیَةَ النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوْا فَضْلًا مِّنْ رَّبِّكُمْ وَلِتَعْلَمُوْا عَدَدَ السِّنِیْنَ وَالْحِسَابَ ؕ— وَكُلَّ شَیْءٍ فَصَّلْنٰهُ تَفْصِیْلًا ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය විදහා පාන සංඛේත දෙකක් ලෙස රාත්රිය හා දහවල අපි මවා ඇත්තෙමු. එය ඒ දෙකෙහි ඇති දිගු භාවය, කෙටි භාවය, උෂ්ණත්වය හා සීතල වැනි වෙනස්කම් හේතුවෙනි. විවේකය හා නින්ද සඳහා අපි රාත්රිය අඳුරු බවට පත් කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාට නියම කළ ඔහුගේ පෝෂණ සම්පත් නුඹලා සොයනු පිණිස අපි දහවල ආලෝකය ගෙන දෙන්නක් බවට පත් කළෙමු. ඒවා එකිනෙක පසුපස හඹා යෑමෙන් නුඹලා වර්ෂ ගණනය ද මාස, දින හා හෝරාවන් යනාදී ලෙසින් කාල ගණනයට අවැසි වන කාල වේලාවන් ද නුඹලා දැනගනු පිණිසත්ය. තවද කරුණු වෙන්කර ගත හැකිවනු පිණිස අපි සියලු දෑ විස්තරාත්මකව පැහැදිලි කර ඇත්තෙමු. එහෙයින් අසත්යවාදියා කවුරුන් ද යන්න සත්යවාදියාට පැහැදිලි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُلَّ اِنْسَانٍ اَلْزَمْنٰهُ طٰٓىِٕرَهٗ فِیْ عُنُقِهٖ ؕ— وَنُخْرِجُ لَهٗ یَوْمَ الْقِیٰمَةِ كِتٰبًا یَّلْقٰىهُ مَنْشُوْرًا ۟
සෑම මිනිසෙකුටම, ඔහුගෙන් සිදු වන ක්රියාවන් ඔහුට ආවේණික කර ඔහුගේ ගෙලෙහි මාලයක් ලෙස ඒවා අමුණා තබන්නෙමු. ඒ ගැන ඔහුගෙන් විභාග කරන තෙක් එය ඔහුගෙන් වෙන් නොවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හොඳ හා නරක සියලු කරුණු සඳහන් ලේඛනයක් ඔහු ඉදිරියේ ඔහු දකින සේ විවෘත ව තබන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِقْرَاْ كِتٰبَكَ ؕ— كَفٰی بِنَفْسِكَ الْیَوْمَ عَلَیْكَ حَسِیْبًا ۟ؕ
එදින ඔහුට, "අහෝ මිනිස! නුඹේ වාර්තාව නුඹ කියවනු. නුඹේ ක්රියාවන් සඳහා නුඹ ගැන විනිශ්චය නුඹම භාරගනු. එසේ නුඹ ගැන ප්රශ්න කර සිටීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹට ප්රමාණවත් වනු ඇත” යැයි අපි පවසමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ؕ— وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ— وَمَا كُنَّا مُعَذِّبِیْنَ حَتّٰی نَبْعَثَ رَسُوْلًا ۟
කවරෙකු දේව විශ්වාසය වෙත මග ලබන්නේ ද ඔහුගේ යහමග වෙනුවෙන් වූ තිළිණ ඔහු සතු වන්නේය. කවරෙකු නොමග ගියේ ද නොමග යෑමේ දඬුවම ඔහුට එරෙහිව පිහිටන්නේය. වෙනත් කෙනෙකුගේ පාපය තවත් කෙනෙකු උසුලන්නේ නැත. යම් සමාජයක් වේවා ඔවුන් වෙත දූතවරුන් එවා සාක්ෂි සාධක අප ඔවුනට ඉදිරිපත් කරන තෙක් කිසිදු සමාජයකට දඬුවම් කරන්නන් ලෙස අපි නොසිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اَرَدْنَاۤ اَنْ نُّهْلِكَ قَرْیَةً اَمَرْنَا مُتْرَفِیْهَا فَفَسَقُوْا فِیْهَا فَحَقَّ عَلَیْهَا الْقَوْلُ فَدَمَّرْنٰهَا تَدْمِیْرًا ۟
යම් සමාජයක අපරාධකම් හේතුවෙන් ඔවුන් විනාශ කරන්නට අප සිතූ විට ඔවුන් අතර සැපවත් ජීවිතයක් ගත කරන්නන්හට අවනත වන මෙන් අපි නියෝග කළෙමු. නමුත් ඔවුන් එය පිළි නොපැද එයට පිටුපෑවෝය. අවනත වීමෙන් බැහැර වූවෝය. විනාශකාරී දඬුවමේ ප්රකාශය ඔවුනට නියම විය. ඒ අනුව අපි ඔවුන් මුලුමණින්ම විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَمْ اَهْلَكْنَا مِنَ الْقُرُوْنِ مِنْ بَعْدِ نُوْحٍ ؕ— وَكَفٰی بِرَبِّكَ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟
නූහ්ගෙන් පසු ව අප විනාශ කළ ආද් සමූද් වැනි බොරුකාර සමූහන් කොපමණක් වී ද? අහෝ දූතය! නුඹේ පරමාධිපති තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳ හොදින් දන්නාය. නිරීක්ෂා කරන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من اهتدى بهدي القرآن كان أكمل الناس وأقومهم وأهداهم في جميع أموره.
•කවරෙකු කුර්ආනයේ මග පෙන්වීම තුළින් යහමග ලබන්නේ ද ඔහු ඔහුගේ සියලුම කටයුතුවලදී මිනිසුන් අතර පූර්ණවත්, ඔවුන් අතර බලවත්, හා ඔවුන් අතර වඩාත් යහමඟ ලැබූ අයකු වන්නේය.

• التحذير من الدعوة على النفس والأولاد بالشر.
•තමන්ටත් දරුවන්ටත් එරෙහි ව නපුරක් ප්රාර්ථනා කිරීමේ අවවාදය.

• اختلاف الليل والنهار بالزيادة والنقص وتعاقبهما، وضوء النهار وظلمة الليل، كل ذلك دليل على وحدانية الله ووجوده وكمال علمه وقدرته.
•රාත්රිය හා දහවල අඩු වැඩි වෙමින් එකිනෙක පසුපස මාරුවෙන් මාරුව පැමිණීම, දහවල් කාලයේ ආලෝකය හා රාත්රී කාලයේ අඳුර එකිනෙකට වෙනස්ව පිහිටීම යනාදී සියල්ල අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ පැවැත්ම, ඔහුගේ පරිපූරණ දැනුම හා ඔහුගේ බලය පෙන්වා දෙන සාධක වෙති.

• تقرر الآيات مبدأ المسؤولية الشخصية، عدلًا من الله ورحمة بعباده.
•අල්ලාහ්ගෙන් වූ යුක්ති ධර්මයක් ලෙසත් ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසත් පුද්ගලික වගකීම්වල මූල ධර්මය මෙම පාඨ තහවුරු කර සිටියි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት