Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
وَاِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَآءَ رَحْمَةٍ مِّنْ رَّبِّكَ تَرْجُوْهَا فَقُلْ لَّهُمْ قَوْلًا مَّیْسُوْرًا ۟
නුඹට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට, ඔවුනට පිරිනැමිය යුතු දෑ නුඹට නොලැබීම හේතුවෙන් එසේ ඔවුනට පිරිනැමීමෙන් නුඹ වැළකෙන්නේ නම්, පෝෂණ සම්පත් වල අභිවෘද්ධිය සඳහා ඔවුන් වෙනුවෙන් නුඹ ප්රාර්ථනා කරන බවට පවසමින් අල්ලාහ් නුඹට ධන සම්පත් ලබා දුන් විටෙක නුඹ ඔවුනට එයින් පිරිනමන බව ප්රතිඥා දෙමින් මෘදු සැහැල්ලු වදනින් ඔවුන් සමග කතා කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَجْعَلْ یَدَكَ مَغْلُوْلَةً اِلٰی عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُوْمًا مَّحْسُوْرًا ۟
වියදම් කිරීමෙන් නුඹේ දෑත වළක්වා නොගනු. වියදමෙහි නුඹ නාස්ති නොකරනු. වියදම් කිරීමෙන් නුඹ නුඹේ දෑත් වළක්වා ගත්තෙහි නම් නුඹේ මසුරුකම ගැන ජනයා නුඹට දොස් පවරන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එමෙන්ම නුඹේ නාස්ති නිසාවෙන් අවශ්ය දෑ සඳහා වියදම් කිරීමෙන් තහනම් කරනු ලබන තත්ත්වයට නුඹ පත් වන්නෙහිය. එවිට නුඹට විදයම් කරන දැයක් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ رَبَّكَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّهٗ كَانَ بِعِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟۠
සැබැවින්ම නුඹේ පරමාධිපති මහා ප්රඥාවක් හේතුවෙන් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තමන් අභිමත කරන අයට ඒවා සීමා කරයි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන් පිළිබඳ මැනවින් දන්නාය, සර්ව නිරීක්ෂකය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ කටයුතු ඔවුන් අතර ක්රියාත්මක කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْتُلُوْۤا اَوْلَادَكُمْ خَشْیَةَ اِمْلَاقٍ ؕ— نَحْنُ نَرْزُقُهُمْ وَاِیَّاكُمْ ؕ— اِنَّ قَتْلَهُمْ كَانَ خِطْاً كَبِیْرًا ۟
නුඹේ දරුවන් වෙනුවෙන් ආනාගතයේ දී වියදම් කිරීමට සිදු වන විට දිළිඳුකම ඇතිවෙිවි යන බියෙන්, නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන් පෝෂණනය කිරීමේ වගකීම අපි භාරගන්නෙමු. නුඹලා පෝෂණය කිරීමේ වගකීම භාර ගෙන ඇත්තේ ද අපමය. නුඹලා ඔවුන් මරා දමන්නෙහු නම් එය මහත් පාපයක් වන්නේය. එවිට ඔවුනට (දරුවන්ට) කිසිදු පවත් අත්වන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ මරණය අනිවාර්යය කළ හේතුව ද ඔවුනට අදාළ වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْرَبُوا الزِّنٰۤی اِنَّهٗ كَانَ فَاحِشَةً ؕ— وَسَآءَ سَبِیْلًا ۟
අනාචාරයෙන් ප්රවේසම් වනු. ඒ සඳහා උනන්දු කරන දැයින් ද වැළකෙනු. සැබැවින්ම එය අශීලාචාරයේ තහනම් කරනු ලැබූවකි. පෙළපත සම්මිශ්රණය වීම හා අල්ලාහ්ගේ දඬුවම ලබා දෙන්නක් වන බැවින් එය මාර්ගයෙන් ඉතා නරක විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ ؕ— وَمَنْ قُتِلَ مَظْلُوْمًا فَقَدْ جَعَلْنَا لِوَلِیِّهٖ سُلْطٰنًا فَلَا یُسْرِفْ فِّی الْقَتْلِ ؕ— اِنَّهٗ كَانَ مَنْصُوْرًا ۟
ආගම් ද්රෝහියෙකු වීම හෝ විවාහ වීමෙන් පසු අනාචාරයේ යෙදීම හෝ මරණීය දඬුවම යනාදී හේතුවක් මත මිස දේව විශ්වාසය හෝ පැවරුමක් හේතුවෙන් අල්ලාහ් ආරක්ෂා කළ ආත්මයක් නුඹලා ඝාතනය නොකරනු. මරණ දඬුවම ක්රියාත්මක කිරීම සඳහා අනුමත වූ හේතුවකින් අසාධාරණ ලෙස කවරෙකු ඝාතනය කරනු ලබන්නේ නම් ඔහුගෙන් පසු ඔහුගේ කටයුතු සඳහා උරුමකම් කියන්නන්හට ඝාතකයා සම්බන්ධයෙන් ආධිපත්ය දරන්නට ඉඩ සලසා දුනිමු. ඒ අනුව සම ප්රතිචාරයක් (පළිගැනීමක් වශයෙන්) වශයෙන් ඔහුව ඝාතනය කරන මෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඔහුට ඇත. කිසිදු වන්දියකින් තොර ව සමාව දීමේ අයිතිය ද ඔහුට ඇත. එමෙන්ම සමාව දී වන්දි ලබා ගැනීමේ අයිතිය ද ඔහුට ඇත. ඝාතකයා ලෙස ක්රියා කිරීම හෝ ඝාතන කිරීමේ හේතුව මත නොව වෙනත් හේතුවක් මත ඝාතනය කිරීම හෝ ඝාතකයා හැර වෙනත් කෙනෙකු ඝාතනය කිරීම වැනි ව්යාජ කරුණු මුල් කර ගනිමින් අල්ලාහ් අනුමත කළ සීමාවන් ඉක්මවා කටයුතු නොකළ යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْرَبُوْا مَالَ الْیَتِیْمِ اِلَّا بِالَّتِیْ هِیَ اَحْسَنُ حَتّٰی یَبْلُغَ اَشُدَّهٗ ۪— وَاَوْفُوْا بِالْعَهْدِ ۚ— اِنَّ الْعَهْدَ كَانَ مَسْـُٔوْلًا ۟
පියාණන් මිය ගිය දරුවන්ගේ ධනය, ඔවුනට පූර්ණ බුද්ධිය හා මඟපෙන්වීම ලබන තෙක් ඔවුනට වඩා ප්රයෝනජවත් වන පරිදි එය වර්ධනය කිරීම හා එය ආරක්ෂා කිරීම සඳහා මිස, නුඹලා ඒවා පරිහරනය නොකරනු. නුඹලා අතර හා අල්ලාහ් අතර පවතින ගිවිසුම් හා නුඹලා අතර හා ඔහුගේ ගැත්තන් අතර පවතින ගිවිසුම් කිසිදු උල්ලංඝණය කිරීමකින් තොර ව, අඩුපාඩු සිදු කිරීමකින් තොර ව නුඹලා පූර්ණ ව ඉටු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුන් ගිවිසුම පිළිබඳ සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත. ඔහු එය ඉටු කර ඇත්නම් ඔහුට තිළිණ පිරිනමයි. ඔහු එය ඉටු කර නොමැති නම් ඔහුට දඬුවම් කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَوْفُوا الْكَیْلَ اِذَا كِلْتُمْ وَزِنُوْا بِالْقِسْطَاسِ الْمُسْتَقِیْمِ ؕ— ذٰلِكَ خَیْرٌ وَّاَحْسَنُ تَاْوِیْلًا ۟
නුඹලා වෙනත් අයට කිරා දෙන විට කිරුම පූර්ණවත් කරනු. එහි අඩුවක් නොකරනු. කිසිදු අඩුවක් නොකර මිම්මට මණිනු. එහිද වංචා නොකරනු. කිරුම් හා මිණුම් එසේ පූර්ණව ඉටු කිරීම මෙලොවටත් මතුලොවටත් නුඹලාට යහපත් වන්නේය. එමෙන්ම කිරුම් මිණුම්වල අඩු පාඩු කරමින් වංචා කරන්නන්ගේ අවසානයට වඩා එය වඩාත් යහපත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقْفُ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ ؕ— اِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ اُولٰٓىِٕكَ كَانَ عَنْهُ مَسْـُٔوْلًا ۟
අහෝ ආදම්ගේ දරුව! නුඹ නොදන්නා දෑ අනුගමනය නොකරනු. එසේ අනුගමනය කරන්නේ නම් නුඹ අනුමානයන් හා සැකයන් අනුගමනය කරනු ඇත. තම ශ්රවණය, බැල්ම හා හදවත කවර යහපතක් සඳහා හෝ අයහපතක් සඳහා භාවිත වන්නේ ද ඒ ගැන සැබැවින්ම මිනිසා ප්රශ්න කරනු ලැබ යහපත සඳහා තිළිණ පිරිනමනු ලබන අතර අයහපත සඳහා දඬුවම් දෙනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَمْشِ فِی الْاَرْضِ مَرَحًا ۚ— اِنَّكَ لَنْ تَخْرِقَ الْاَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُوْلًا ۟
උඩඟුවෙන් හා උද්දච්චකමින් මහපොළොවේ ගමන් නොකරනු. නුඹ එහි අහංකාරයෙන් ගමන් කරන්නේ නම් නුඹ එසේ ගමන් කිරීමෙන් මහපොළොව හාරා තරණය කළ නොහැක. ඔබේ මට්ටම දිගෙන් හා උසින් කඳුකරය ළඟා කර ඇති මට්ටමට ළඟා කළ ද නොහැක්කේමය. එසේ නම් ඇයි මේ අහංකාරය?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ ذٰلِكَ كَانَ سَیِّئُهٗ عِنْدَ رَبِّكَ مَكْرُوْهًا ۟
පෙර සඳහන් කළ සියල්ල නුඹේ පරමාධිපති අබියස තහනම් කරන ලද අයහපත් කරුණු විය. එම අපරාධ ගැන අල්ලාහ් තෘප්තිමත් වන්නේ නැත. ඔහු ඒ ගැන කෝප වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأدب الرفيع هو رد ذوي القربى بلطف، ووعدهم وعدًا جميلًا بالصلة عند اليسر، والاعتذار إليهم بما هو مقبول.
•සමීප ඥාතීන් හට ඉතා කාරුණිකව පිළිතුරු දීම, පහසුකම් ඇති අවස්ථාවලදී ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වා ගනිමින් අලංකාර ලෙස ඔවුනට ප්රතිඥා දීම හා ඔවුන් පිළිගන්නා අයුරින් ඔවුන් වෙත නිදහසට කරුණු දැක්වීම උසස් විනය වන්නේය.

• الله أرحم بالأولاد من والديهم؛ فنهى الوالدين أن يقتلوا أولادهم خوفًا من الفقر والإملاق وتكفل برزق الجميع.
•අල්ලාහ් දරුවන් තුළින් ඔවුන්ගේ දෙමාපියන් හට කරුණාව දක්වයි. දිළිඳුකම, අවිශ්වාසය හා සියලු දෙනාට පෝෂණය ලබා දීමේ වගකීමට බියෙන් දෙමව්පියන් තම දරුවන් මරා දැමීම ඔහු තහනම් කළේය.

• في الآيات دليل على أن الحق في القتل للولي، فلا يُقْتَص إلا بإذنه، وإن عفا سقط القصاص.
•ඝාතනයක දී සැබෑ උරුමය ඇත්තේ භාරකරුවන්හට බවත් ඔහුගේ අනුමැතියෙන් තොරව ගෙල සිඳිය නොහැකි බවත් ඔහු සමාව දුන්නේ නම්, සමප්රතිචාර දැක්වීමේ දඬුවම අහෝසි වන බවත් පෙන්වා දෙන සාධක මෙම පාඨවල සඳහන් වේ.

• من لطف الله ورحمته باليتيم أن أمر أولياءه بحفظه وحفظ ماله وإصلاحه وتنميته حتى يبلغ أشده.
•අනාථ දරුවකු ආරක්ෂා කිරීමත්, ඔහුගේ ධනය ආරක්ෂා කිරීමත්, ඔහුට යහපත සැලසීමත්, ඔහු වැඩිවියට පත් වන තෙක් එය වර්ධනය කිරීමට කටයුතු කිරීමත්, ඔහුගේ භාරකරුගේ කාර්යභාරය බවට පත් කිරීම අනාථ දරුවන් කෙරෙහි වූ අල්ලාහ්ගේ කරුණාව හා දයාවය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት