Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
قُلْ كُوْنُوْا حِجَارَةً اَوْ حَدِیْدًا ۟ۙ
"අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා හැකි නම් දැඩිභාවයෙහි ගලක් මෙන් වනු. එසේ නැතහොත් බලවත්භාවයෙහි යකඩ මෙන් වනු. කිසි විටෙක නුඹලාට එසේ විය නොහැක්කේමය." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ خَلْقًا مِّمَّا یَكْبُرُ فِیْ صُدُوْرِكُمْ ۚ— فَسَیَقُوْلُوْنَ مَنْ یُّعِیْدُنَا ؕ— قُلِ الَّذِیْ فَطَرَكُمْ اَوَّلَ مَرَّةٍ ۚ— فَسَیُنْغِضُوْنَ اِلَیْكَ رُءُوْسَهُمْ وَیَقُوْلُوْنَ مَتٰی هُوَ ؕ— قُلْ عَسٰۤی اَنْ یَّكُوْنَ قَرِیْبًا ۟
එසේ නැතහොත් නුඹලාගේ හදවත් තුළ බලවත් යැයි සිතන දෑ අතරින් ඒ දෙකටම වඩා බලවත් මැවීමක් බවට පත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලාව ආරම්භ කළා සේම නැවත ගෙන්වා ගන්නාය. ඔහු නුඹලා ව මුල් වරට මැව්වා සේම නුඹලාට යළි ජීවය දෙන්නාය. මෙම මුරණ්ඩුකරුවන්, "අප මිය ගිය පසු යළි අප ගෙන්වා ගන්නේ කවුදැ?"යි විමසා සිටිති. ඔවුනට නුඹ මෙසේ පවසනු. "කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මුල් වරට ඔහු නුඹලා ව මැව්වා සේම නැවත නුඹලාව සකසනු ඇත." නුඹ ඔවුන් වෙත දෙන පිළිතුරෙන් ඔවුහු ඔවුන්ගේ හිස් උපහාසයෙන් සොලවති. ඔවුන් දුරස් වී, "එම නැවත හැරීම කවදා දැ?"යි විමසති. "එය ඉතා සමීප ව ඇත. පැමිණෙන්නට ඇති සියලු දෑ ඉතා සමීපයෙන් පවතී" යැයි නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَدْعُوْكُمْ فَتَسْتَجِیْبُوْنَ بِحَمْدِهٖ وَتَظُنُّوْنَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِیْلًا ۟۠
රැස් කරනු ලබන භූමිය වෙත නුඹලාට ඇරයුම් කරන දින අල්ලාහ් නුඹලාව යළි ගෙන්වා ගනු ඇත. ඔහුගේ නියෝගයට යටත්ව ඔහුට ප්රශංසා කරමින් නුඹලා පිළිතුරු දෙනු ඇත. නුඹලා ටික කලක් මිස භූමියේ රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ لِّعِبَادِیْ یَقُوْلُوا الَّتِیْ هِیَ اَحْسَنُ ؕ— اِنَّ الشَّیْطٰنَ یَنْزَغُ بَیْنَهُمْ ؕ— اِنَّ الشَّیْطٰنَ كَانَ لِلْاِنْسَانِ عَدُوًّا مُّبِیْنًا ۟
අහෝ දූතය! මා විශ්වාස කළ මාගේ ජනයාට නුඹ මෙසේ පවසනු. ඔවුන් කතා කරන විට දැහැමි වදන ප්රකාශ කරති. හෙළා දකින ලද නපුරු වදනින් වැළකී සිටිති. නියත වශයෙන්ම ෂෙයිතාන් අවස්ථාවෙන් ප්රයෝජන ලබා ඔවුන්ගේ ලෞකික මෙන්ම මතුලොව ජීවිතයේ ඔවුන් වෙත කලහකම් කරමින් ඔවුන් අතර සැරසරයි. සැබැවින්ම ෂෙයිතාන් මිනිසාට පැහැදිලි සතුරෙකි එහෙයින් ඔහුගෙන් ප්රවේශම් විය යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبُّكُمْ اَعْلَمُ بِكُمْ ؕ— اِنْ یَّشَاْ یَرْحَمْكُمْ اَوْ اِنْ یَّشَاْ یُعَذِّبْكُمْ ؕ— وَمَاۤ اَرْسَلْنٰكَ عَلَیْهِمْ وَكِیْلًا ۟
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ගැන මැනවින් දන්නාය. නුඹලාගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ආදරය කරන්නට අභිමත කරන්නේ නම් දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ආශිර්වාද කරමින් ආදරය කරනු ඇත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවම් දෙන්නට අභිමත කරන්නේ නම් නුඹලාව දේව විශ්වාසයෙන් ඉවත් කොට දේව ප්රතික්ෂේපය මතම මියැදෙන්නට ඉඩ හරිමින් නුඹලාට දඬුවම් කරනු ඇත. අහෝ දූතය! දේව විශ්වාසය මත ඔවුනට බල කරන, දේව ප්රතික්ෂෙපයෙන් ඔවුන් වළක්වා ඔවුන්ගේ ක්රියාවන් ඔවුන් සඳහා සටහන් කර තබන භාරකරුවෙකු ලෙස සැබැවින්ම අපි ඔබ ඔවුන් අතරට නොඑව්වෙමු. ඔබගේ රාජකාරිය වනුයේ කවර කරුණක් අල්ලාහ් දන්වා සිටින මෙන් ඔබට අණ කර ඇත්තේ ද එය දන්වා සිටීම පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَبُّكَ اَعْلَمُ بِمَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِیّٖنَ عَلٰی بَعْضٍ وَّاٰتَیْنَا دَاوٗدَ زَبُوْرًا ۟
අහෝ දූතය! ඔබේ පරමාධිපති අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ තත්ත්වයන් හා ඔවුනට උරුම වන දෑද මැනවින් දන්නාය. අනුගාමිකයින්ගේ බහුත්වය හා දිව්යමය ග්රන්ථ පහළ කිරීම පදනම් කර ගෙන ඇතැම් නබිවරුන් ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. දාවූද්ට සබූර් නම් දිව්යමය ග්රන්ථය අපි පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ ادْعُوا الَّذِیْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِهٖ فَلَا یَمْلِكُوْنَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِیْلًا ۟
අහෝ දූතය! මෙම ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. "අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! අල්ලාහ් හැර සැබැවින්ම දෙවිවරුන් යැයි නුඹලා දැඩි සේ විශ්වාස කරන්නන් වනාහි, නුඹලාට යම් උවදුරක් පහළ වන විට ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් එම උවදුර නුඹලාගෙන් වලක්වන්නට ඔවුනට නොහැකිය. නුඹලා නොවන වෙනත් කෙනෙකුට පවරන්නට ද ඔවුනට නොහැකිය. හැකියාවක් නොමැත්තා දෙවියෙකු විය නොහැක."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ یَدْعُوْنَ یَبْتَغُوْنَ اِلٰی رَبِّهِمُ الْوَسِیْلَةَ اَیُّهُمْ اَقْرَبُ وَیَرْجُوْنَ رَحْمَتَهٗ وَیَخَافُوْنَ عَذَابَهٗ ؕ— اِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُوْرًا ۟
ඔවුන් ඇරයුම් කර සිටින මලක්වරුන් හා ඔවුන් වැන්නන් වනාහි, දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත තමන් සමීප කරවන දෑ සොයති. ඔවුන් අතර කවරෙකු හෝ යටත් වීමෙන් ඔහු වෙත වඩාත් සමීපතාවක් ලබන්නට තරඟ වදිති. ඔහු ඔවුනට ආශිර්වාද කිරීම ඔවුහු අපේක්ෂා කරති. ඔහු ඔවුනට දඬුවම් කිරීම ගැන ඔවුහු බිය වෙති. අහෝ දූතය! සැබැවින් නුඹේ පරමාධිපතිගේ දඬුවම ගැන ප්රවේශමින් සිටිය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ مِّنْ قَرْیَةٍ اِلَّا نَحْنُ مُهْلِكُوْهَا قَبْلَ یَوْمِ الْقِیٰمَةِ اَوْ مُعَذِّبُوْهَا عَذَابًا شَدِیْدًا ؕ— كَانَ ذٰلِكَ فِی الْكِتٰبِ مَسْطُوْرًا ۟
දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා වාසය කරන කවර ගම්මානයක් හෝ නගරයක් හෝ වේවා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මෙලොව ජීවිතයේ දඬුවම හා විනාශය පහළ කරන්නන් ලෙස හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් ඝාතනයට ලක් කිරීම තුළින් හෝ වෙනත් යම් ආකාරයකින් හෝ බලවත් දඬුවමකින් පරීක්ෂා කරන්නන් ලෙස මිස අප නැත. ඒ සියලු දඬුවම් හා විනාශයන් ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ දේව නියමයක් ලෙස තීන්දු කරනු ලැබූවක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• القول الحسن داع لكل خلق جميل وعمل صالح، فإنَّ من ملك لسانه ملك جميع أمره.
•දැහැමි වචනය, අලංකාර සෑම ගතිගුණයක් හා දැහැමි ක්රියාවක් වෙතම ඇරයුම් කර සිටියි. සැබැවින්ම කවරෙකු තම දිව පාලනය කර ගත්තේ ද ඔහුගේ සියලු කටයුතු පාලනය කර ගන්නේය.

• فاضل الله بين الأنبياء بعضهم على بعض عن علم منه وحكمة.
•අල්ලාහ්ගේ දැනුම හා ප්රඥාව මත පදනම් ව නබිවරුන් අතර ඇතමෙක් ඇතමෙකුට වඩා ඔහු උසස් කර තිබීම.

• الله لا يريد بعباده إلا ما هو الخير، ولا يأمرهم إلا بما فيه مصلحتهم.
•අල්ලාහ් තම ගැත්තාට යහපත මිස වෙනකක් අපේක්ෂා නොකරයි. ඔවුනට එහි යහපත ඇති දෑ ගැන මිස වෙනකක් ඔවුනට අණ නොකරයි.

• علامة محبة الله أن يجتهد العبد في كل عمل يقربه إلى الله، وينافس في قربه بإخلاص الأعمال كلها لله والنصح فيها.
•අල්ලාහ් වෙත තමන් සමීප කරවන සෑම ක්රියාවකම ගැත්තෙකු කැපවීමෙන් නිරතවීමත් අල්ලාහ් වෙත සමීප වීම සඳහා ඔහු වෙනුවෙන් සිදු කරනු ලබන සියලු ක්රියාවන් හි අවංකභාවයෙන් හා ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමෙන් තරඟ වැදීමත් අල්ලාහ්ගේ ආදරයේ සංඛේතයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት