Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
وَبِالْحَقِّ اَنْزَلْنٰهُ وَبِالْحَقِّ نَزَلَ ؕ— وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟ۘ
සත්යයෙන් යුතු ව මෙම අල් කුර්ආනය අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. සත්යයෙන් යුතු ව කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොර ව එය ඔහු වෙත පහළ විය. අහෝ දූතය! දෙවියන් පිළිබඳ බියෙන් පසුවන්නන්හට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන හා පිටුපාන ජනයාට නිරය පිළිබඳ බිය ගන්වන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව දූතයෙකු ලෙස නොඑව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُرْاٰنًا فَرَقْنٰهُ لِتَقْرَاَهٗ عَلَی النَّاسِ عَلٰی مُكْثٍ وَّنَزَّلْنٰهُ تَنْزِیْلًا ۟
අපි ඔහුට අල් කුර්ආනය පහළ කොට පැහැදිළි කළෙමු. එය කියවීමේදී ඉතා පහසුවෙන් හා හික්මීමෙන් ජනයා අතර ඔහු එය පාරායනය කිරීමේ යහපත් බලාපොරොත්තුවෙන් අපි ඔහුට එය විස්තර කර දුනිමු. සැබැවින්ම එසේ පාරායනය කිරීම වටහා ගන්නටත් පරිශීලනය කරන්නටත් වඩාත් යහපත් වන්නේය. එමෙන්ම තත්ත්වයන් හා සිදුවීම්වලට අනුව කොටස් වශයෙන් වෙන් වෙන්ව අපි එය පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اٰمِنُوْا بِهٖۤ اَوْ لَا تُؤْمِنُوْا ؕ— اِنَّ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ مِنْ قَبْلِهٖۤ اِذَا یُتْلٰی عَلَیْهِمْ یَخِرُّوْنَ لِلْاَذْقَانِ سُجَّدًا ۟ۙ
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "නුඹලා එය විශ්වාස කරනු. නුඹලාගේ දේව විශ්වාසය එය කිසිවක් වැඩි කරන්නේ නැත. එසේ නැතහොත් එය විශ්වාස නොකරනු. නුඹලාගේ දේව ප්රතික්ෂේපය එය කිසිවක් අඩු කරන්නේ ද නැත. සැබැවින්ම පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ කියවා දේව පණිවිඩ හා දූතත්වය පිළිබඳ වටහා ගත් අය වනාහි, ඔවුනට අල් කුර්ආනය කියවනු ලැබූ විට අල්ලාහ්ට කෘතවේදීව සිරිස නමමින් ඔවුන්ගේ මුහුණු මත ඇද වැටී සජදා කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیَقُوْلُوْنَ سُبْحٰنَ رَبِّنَاۤ اِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُوْلًا ۟
ඔවුන් සිරස නමන අවස්ථාවේදී මෙසේ පවසති. "ප්රතිඥා කඩ කිරීමෙන් අපගේ පරමාධිපති සුවිශුද්ධ විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව එවන බවට කවර ප්රතිඥාවක් දී තිබුණේ ද එය සිදු ව ඇත. සැබැවින්ම ඒ ගැන වූ ප්රතිඥාව මෙන්ම අනෙකුත් ප්රතිඥාවන් ද කිසිදු සැකයකින් තොර ව සිදුවන්නේමය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَخِرُّوْنَ لِلْاَذْقَانِ یَبْكُوْنَ وَیَزِیْدُهُمْ خُشُوْعًا ۟
අල්ලාහ් ගැන බියෙන් හඬමින් ඔහුට සිරස නමන්නන් ලෙසින් ඔවුන්ගේ මුහුණ මත වැටෙති. අල්ලාහ්ට යටහත් පහත් ව හා ඔහුට භක්තිමත් ව අල් කුර්ආනයට සවන් දීම හා එහි ඇති අර්ථය පරිශීලනය කිරීම ඔවුනට එය වර්ධනය කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ ادْعُوا اللّٰهَ اَوِ ادْعُوا الرَّحْمٰنَ ؕ— اَیًّا مَّا تَدْعُوْا فَلَهُ الْاَسْمَآءُ الْحُسْنٰی ۚ— وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَابْتَغِ بَیْنَ ذٰلِكَ سَبِیْلًا ۟
‘අහෝ දෙවිඳුනි! අහෝ කරුණාවන්තයාණනි!’යැයි පවසමින් නුඹ ප්රාර්ථනා කිරීම හෙළා දකින්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු, අල්ලාහ් (දෙවියන්), අර්රහ්මාන් (කරුණාවන්තයාණන්) යන නාම පද දෙක ශුද්ධවන්තයාණන් සතු නම් දෙකකි. එහෙයින් ඒ දෙකින් කවර හෝ නාමයකින් හෝ ඔහුගේ අනෙකුත් අලංකාර නාම අතරින් කවර හෝ නාමයකින් හෝ අමතා ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹේ සලාතයේදී අල් කුර්ආනය උස් හඩින් පාරායනය නොකරනු. එවිට දෙවියන්ට ආදේශ තබන්නෝ නුඹට සවන් දෙති. එමෙන්ම එය පහත් හඬින් ද පාරායනය නොකරනු. එවිට දේවත්වය විශ්වාස කරන්නන් එයට සවන් දිය නොහැකි වන්නේය. මේ කරුණු දෙකින් මධ්යස්ත පිළිවෙතක් සොයනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلِ الْحَمْدُ لِلّٰهِ الَّذِیْ لَمْ یَتَّخِذْ وَلَدًا وَّلَمْ یَكُنْ لَّهٗ شَرِیْكٌ فِی الْمُلْكِ وَلَمْ یَكُنْ لَّهٗ وَلِیٌّ مِّنَ الذُّلِّ وَكَبِّرْهُ تَكْبِیْرًا ۟۠
දරුවකු ගැනීමෙන් පිවිතුරු වූ හවුල් කරුවන් ගැනීමෙන් පිවිතුරු වූ සියලු වර්ගයේ ප්රශංසාවන්ට සුදුසුකම්ලාභී අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය. ඔහුගේ පාලනයේ ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඇති වන්නේ නැත. ඔහුට උපකාර කරන, ඔහුට ගෞරවය කරන, ඔහුට අධික ලෙස ගරුබුහුමන් කරන, කිසිවකුගේ අවශ්යතාවක් ඔහුට නැත. එහෙයින් ඔහුගේ පාලනයේ ඔහුට දරුවකු හෝ හවුල්කරුවකු හෝ ඇතැයි ද උපකාර කරන කිසියම් උදව්කරුවකු ඇතැයි ද නුඹ ඔහු ට ආරෝපණය කර නොපවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أنزل الله القرآن متضمنًا الحق والعدل والشريعة والحكم الأمثل .
•සත්යය, සාධාරණත්වය, ආගමික පිළිවෙත් හා ප්රඥාවන්ත උදාහරණ සහිත ව අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේය.

• جواز البكاء في الصلاة من خوف الله تعالى.
•උත්තරීතර අල්ලාහ් පිළිබඳ බියෙන් සලාතයේ දී හඬා වැළපීමේ අනුමැතිය.

• الدعاء أو القراءة في الصلاة يكون بطريقة متوسطة بين الجهر والإسرار.
•සලතයේ දී සිදු කරන ප්රාර්ථනා හා අල් කුර්ආනයේ කියවීම් වඩාත් උස් හෝ පහත් හඬකින් තොර ව ඒ දෙක අතර මධ්යම පිළිවෙතකින් විය යුතුය.

• القرآن الكريم قد اشتمل على كل عمل صالح موصل لما تستبشر به النفوس وتفرح به الأرواح.
•ආත්මාවන්ට සුභ පැතුම් එක්කර දෙන ප්රාණයන්, ඒ ගැන සතුටුවන කරුණු වෙත ළඟා කරවන සෑම දැහැමි ක්රියාවක්ම අල් කුර්ආනය අන්තර්ගත වී ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት