Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
وَاِنْ كَادُوْا لَیَسْتَفِزُّوْنَكَ مِنَ الْاَرْضِ لِیُخْرِجُوْكَ مِنْهَا وَاِذًا لَّا یَلْبَثُوْنَ خِلٰفَكَ اِلَّا قَلِیْلًا ۟
දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම හේතුවෙන් ඔවුන් නුඹ ව මක්කාවෙන් පිටුවහල් කිරීම සඳහා නුඹට කරදර කිරීමට සැබැවින්ම තැත් කළෝය. නමුත් හිජ්රත් කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණෙන තෙක් නුඹ එයින් පිටුවහල් කිරීමෙන් අල්ලාහ් ඔවුන් වැළැක්විය. ඔවුන් එසේ නුඹ ව පිටුවහල් කර තිබුණේ නම් නුඹ ඉන් නික්ම යෑමෙන් පසු ඔවුන් සුළු කාලයක් මිස රැඳී නොසිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سُنَّةَ مَنْ قَدْ اَرْسَلْنَا قَبْلَكَ مِنْ رُّسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِیْلًا ۟۠
නුඹෙන් පසුව සුළු කාලයක් මිස ඔවුන් එසේ රැඳී නොසිටීමේ එම න්යාය වනාහි නුඹට පෙර දූතවරුන් විෂයයෙහි එසේ ස්ථාවර කරන ලද අල්ලාහ්ගේ පිළිවෙතය. එනම් කවර දූතයකු ඔහුගේ සමූහයා අතර සිටියදී ඔවුන් විසින් ඔහුව පිටුවහල් කළේ ද, ඉන් පසුව අල්ලාහ් ඔවුනට දඬුවම පහළ කර තිබීමය. අහෝ දූතය! අපගේ එම පිළිවෙත වෙනස් කරන්නක් ලෙස නුඹ නොදකින්නේමය. එය ස්ථාවර හා ස්තීර දෙයක් ලෙස නුඹ දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَقِمِ الصَّلٰوةَ لِدُلُوْكِ الشَّمْسِ اِلٰی غَسَقِ الَّیْلِ وَقُرْاٰنَ الْفَجْرِ ؕ— اِنَّ قُرْاٰنَ الْفَجْرِ كَانَ مَشْهُوْدًا ۟
අහස් උසින් හිරු අවරට යාමේ සිට පවතින කාලය තුළදී සලාතය එහි පූර්ණ ක්රමවේද අනුගමනය කරමින් ඉටු කරනු. එහි ලුහර් හා අසර් සලාත් ඇතුළත් වෙයි. එමෙන්ම රාත්රී අන්ධකාරය දක්වා ද සලාත් ඉටු කරනු. එහි මග්රිබ් හා ඉෂා සලාත් ඇතුළත් වෙයි. ෆජ්ර් සලාතය ඉටු කරනු එහි අල් කුර්ආනය දීර්ඝව පාරායනය කරනු. ෆජ්ර් සලාතය යනු එයට රාත්රියේ මලක්වරුන් හා දහවලේ මලක්වරුන් සහභාගී වන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ الَّیْلِ فَتَهَجَّدْ بِهٖ نَافِلَةً لَّكَ ۖۗ— عَسٰۤی اَنْ یَّبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُوْدًا ۟
අහෝ දූතය! රාත්රියේ අවදි වී ඉන් කොටසක සලාතය ඉටු කරනු. නුඹේ එම සලාතය නුඹේ තරාතිරම උසස් වීමෙහි අමතර වශයෙන් පිහිටනු පිණිසත්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් මුහුණ දෙන අර්බුද සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකු ලෙස නුඹ ව නුඹේ පරමාධිපති එදින අවදි කරවීමේ යහපත් බලපොරොත්තුව පිණිසත්ය. නුඹට පෙර සිටි මුතුන් මිත්තන් ද නුඹට පසුවූවන් ද ප්රශංසා කරන අයුරින් එම මහත් මැදිහත් වීමේ ස්ථානය නුඹට වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ رَّبِّ اَدْخِلْنِیْ مُدْخَلَ صِدْقٍ وَّاَخْرِجْنِیْ مُخْرَجَ صِدْقٍ وَّاجْعَلْ لِّیْ مِنْ لَّدُنْكَ سُلْطٰنًا نَّصِیْرًا ۟
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පිවිසීමත් මාගේ පිටවීමත් යන සියල්ල ඔබට යටත්වීමෙහි හා ඔබේ තෘප්තිය මත පත් කරනු මැනව. මාගේ සතුරාට එරෙහිව නුඹ මට උදව් කරන ප්රකට සාධකයක් ඔබ වෙතින් මාහට ඇති කරනු මැනව.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ جَآءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ؕ— اِنَّ الْبَاطِلَ كَانَ زَهُوْقًا ۟
අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ තවදුරටත් මෙසේ පවසනු. "ඉස්ලාමය පැමිණ ඇත. අල්ලාහ් උදව් කරන්නන් හට ඔහුගේ ප්රතිඥාව තහවුරු වී ඇත. දේව ආදේශය හා ප්රතික්ෂේපය පහව ගොස් ඇත. සැබැවින්ව ව්යාජත්වය සත්ය ඉදිරියේ ස්ථාවර ව නොපිහිටන අතර එය විනාශ වී යන්නකි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنُنَزِّلُ مِنَ الْقُرْاٰنِ مَا هُوَ شِفَآءٌ وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۙ— وَلَا یَزِیْدُ الظّٰلِمِیْنَ اِلَّا خَسَارًا ۟
සැකය දේව ප්රතික්ෂේපය හා අඥානකම යනාදියෙන් හදවත් සුව කරන ප්රතිකාර සහිත අල් කුර්ආනය අපි පහළ කළෙමු. එය ඔබ මතුරන්නේ නම් ශරීරයට ද සුවයක් ද ඇත. එමෙන්ම ඒ අනුව කටයුතු කරන දේව විශ්වාසීන්හට ආශිර්වාදයක් ද ඇත. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට විනාශය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එයට සවන් දීම ඔවුන් කුපිත කරවන බැවින් හා එමෙන්ම ඒ ගැන බොරු කිරීම හා පිටුපෑම ඔවුනට අධික කරන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اَنْعَمْنَا عَلَی الْاِنْسَانِ اَعْرَضَ وَنَاٰ بِجَانِبِهٖ ۚ— وَاِذَا مَسَّهُ الشَّرُّ كَانَ یَـُٔوْسًا ۟
ආරෝග්යය, පොහොසත්කම වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනැමූ විට අල්ලාහ්ට කෘතවේදී වීමෙන් හා ඔහුට අවනත වීමෙන් ඔහු ඉවත් වෙයි. අහංකාරයෙන් දුරස් වෙයි. නමුත් ඔවුනට යම් රෝගයක් හෝ දිළිඳුකමක් හෝ වෙනත් යම් අභාග්යයක් ඇති වූ විට අල්ලාහ්ගේ ආශිර්වාදය ගැන දැඩි සේ බලාපොරොත්තු සුන් කර ගනී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ كُلٌّ یَّعْمَلُ عَلٰی شَاكِلَتِهٖ ؕ— فَرَبُّكُمْ اَعْلَمُ بِمَنْ هُوَ اَهْدٰی سَبِیْلًا ۟۠
"අහෝ දූතය! සෑම මිනිසකුම ඔහුගේ තත්ත්වයට ගැළපෙන මාර්ගයේ යහමග හා මුළාවෙහි කටයුතු කරමින් සිටී. සත්යය වෙත වූ මාර්ගයේ වඩාත් යහමඟ ලැබූ අය කවුරුන්දැ?යි නුඹේ පරමාධිපති මැනවින් දන්නාය." යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَسْـَٔلُوْنَكَ عَنِ الرُّوْحِ ؕ— قُلِ الرُّوْحُ مِنْ اَمْرِ رَبِّیْ وَمَاۤ اُوْتِیْتُمْ مِّنَ الْعِلْمِ اِلَّا قَلِیْلًا ۟
අහෝ දූතය! ආගම් ලත් ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ ප්රාණයේ යථාර්ථය ගැන ඔබෙන් විමසති. ප්රාණයේ යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ‘ශුද්ධවන්තයාණෝ අල්ලාහ්ගේ දැනුම දෙසින් බලන කළ, නුඹලාට හා සෙසු මැවීම්වලට පිරිනමනු ලැබ ඇත්තේ දැනුමෙන් ඉතා ස්වල්පයක් මිස නැත.’ යැයි ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهٖ عَلَیْنَا وَكِیْلًا ۟ۙ
අල්ලාහ් මත දිවුරා පවසමු. අපි නුඹ වෙත පහළ කළ දිව්ය පණිවිඩ හදවතින් හා ලේඛනයෙන් ඉවත් කරන්නට අභිමත කළේ නම්, සැබැවින්ම අපි එය ඉවත් කරන්නෙමු. පසු ව නුඹට ඒ සඳහා උදව් කරන, එයට පිළිතුරු දීමේ වගකීම භාරගන්නා කිසිවෙකු නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دليل على شدة افتقار العبد إلى تثبيت الله إياه، وأنه ينبغي له ألا يزال مُتَمَلِّقًا لربه أن يثبته على الإيمان.
•ගැත්තාහට අල්ලාහ් ඔහු ව තහවුරු කිරීමේ අවශ්යතා දැඩි සේ තිබිය යුතු බවත් දේව විශ්වාසය මත අල්ලාහ් ඔහුව තහවුරු කිරීමට නම් ඔහු ඔහුව පැසසුම් කරමින්ම සිටිය යුතු බවත් මෙම පාඨවල පෙන්වා දෙයි.

• عند ظهور الحق يَضْمَحِل الباطل، ولا يعلو الباطل إلا في الأزمنة والأمكنة التي يكسل فيها أهل الحق.
•සත්ය හෙළිවන විට අසත්ය ක්ෂ්ය වී යනු ඇත. සත්යවාදීහු මැලිකමින් සිටින කාලවල හා ස්ථානවල හැර කිසි විටෙක අසත්යය හිස ඔසවන්නේ නැත.

• الشفاء الذي تضمنه القرآن عام لشفاء القلوب من الشُّبَه، والجهالة، والآراء الفاسدة، والانحراف السيئ والمقاصد السيئة.
•අල් කුර්ආනයේ ඇතුළත් ආරෝග්යතාව පොදු වූවකි. එය හදවත්හි ඇති වන සැකය, අඥානකම හා නපුරු සිදුවිලිවලට ආරෝග්ය ගෙන දෙයි. එමෙන්ම නපුරු ක්රියාවෙන් හා නපුරු අධිෂ්ඨානයන්ගෙන් ඉවත් කරයි.

• في الآيات دليل على أن المسؤول إذا سئل عن أمر ليس في مصلحة السائل فالأولى أن يعرض عن جوابه، ويدله على ما يحتاج إليه، ويرشده إلى ما ينفعه.
•විමසන්නාට යහපතක් නොවන යම් කරුණක් පිළිබඳ විමසනු ලබන්නාගෙන් විමසා සිටින විට විමසමනු ලබන්නාට වඩාත් සුදුසු වන්නේ ඔහුට පිළිතුරු දීමෙන් වැළකී, ඔහු වෙත අවශ්ය දෑ ඔහුට පෙන්වා දී; ඔහුට ප්රයෝජනවත් වන දෑ වෙත මග පෙන්වීමය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት