Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
ذٰلِكَ مِمَّاۤ اَوْحٰۤی اِلَیْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ؕ— وَلَا تَجْعَلْ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتُلْقٰی فِیْ جَهَنَّمَ مَلُوْمًا مَّدْحُوْرًا ۟
මේවා නුඹේ පරමාධිපති නුඹට දන්වා සිටි ප්රඥාවෙන් යුත් නියෝග, තහනම් නියෝග හා නීති රීති වෙති. අහෝ මිනිස! අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු නොගනු. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹ නුඹටම දොස් නගමින් නිරයට හෙළනු ලබනු ඇත. මිනිසුන් ද නුඹට දොස් නගනු ඇත. සියලු යහපත් දැයින් ද නෙරපා හරිනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَاَصْفٰىكُمْ رَبُّكُمْ بِالْبَنِیْنَ وَاتَّخَذَ مِنَ الْمَلٰٓىِٕكَةِ اِنَاثًا ؕ— اِنَّكُمْ لَتَقُوْلُوْنَ قَوْلًا عَظِیْمًا ۟۠
සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් බව වාද කරන්නනි! අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් විශේෂකොට දී ඔහු වෙනුවෙන් ගැහැණු දරුවන් තෝරා ගත්තේ ද? නුඹලා පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය. සැබැවින්ම නුඹලා අල්ලාහ්ට දරුවකු ආරෝපණය කොට ඉතා නපුරු ප්රකාශයක් ඔහු මත පවසා සිටින්නෙහුය. ඔහු ව දැඩි සේ ප්රතික්ෂේප කරමින් ඔහුට ගැහැණු දරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِیَذَّكَّرُوْا ؕ— وَمَا یَزِیْدُهُمْ اِلَّا نُفُوْرًا ۟
මෙම අල් කුර්ආනයේ ඇති නීතිරීති, උපදෙස් හා උදාහරණ මගින් ජනයා උපදෙස් ලබා ඔවුනට ප්රයෝජනවත් දෑ අනුව ඔවුන් කටයුතු කිරීමටත් ඔවුනට හානිදායක දෑ ඔවුන් අතහැර දැමීමටත් සැබැවින්ම අපි ඒවා පැහැදිළි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ كَانَ مَعَهٗۤ اٰلِهَةٌ كَمَا یَقُوْلُوْنَ اِذًا لَّابْتَغَوْا اِلٰی ذِی الْعَرْشِ سَبِیْلًا ۟
අහෝ දූතය! "ඔවුන් බොරු ගොතා පවසන පරිදි උත්තරීතර අල්ලාහ් සමග නැමදුමට ලක්වන දෙවිවරුන් සිටිත් නම්, එම නැමදුමට ලක්වන දෙවිවරුන් සර්ව රාජ්ය හිමිපාණන් වන අල්ලාහ් වෙත ගොස් ඔහුගේ රාජ්යය අබිබවා ඔහු සමග එහි වාද කිරීමට මගක් සොයාන්නට තිබුණි" යැයි නුඹ මෙම ආදේශකයින්ගෙන් විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یَقُوْلُوْنَ عُلُوًّا كَبِیْرًا ۟
දෙවියන්ට ආදේශ කරන්නන් අල්ලාහ් ගැන විස්තර කරන දැයින් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. ඔවුන් පවසන දැයින් ඔහු අති උත්තරීතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تُسَبِّحُ لَهُ السَّمٰوٰتُ السَّبْعُ وَالْاَرْضُ وَمَنْ فِیْهِنَّ ؕ— وَاِنْ مِّنْ شَیْءٍ اِلَّا یُسَبِّحُ بِحَمْدِهٖ وَلٰكِنْ لَّا تَفْقَهُوْنَ تَسْبِیْحَهُمْ ؕ— اِنَّهٗ كَانَ حَلِیْمًا غَفُوْرًا ۟
අහස් අල්ලාහ් ව සුවිශුද්ධ කරති. මහපොළොව ද අල්ලාහ් ව සුවිශුද්ධ කරයි. එමෙන්ම අහස් හි හා මහපොළොවේ පවතින සියලු දෑ ද ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුව ප්රශංසාවෙන් ගුණගායනා නොකරන කිසිවක් නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරනුයේ කෙසේ දැයි නුඹලාට නොවැටහේ. නුඹලාගේ දිවෙන් නුඹලා සුවිශුද්ධ කිරීම මිස වෙනත් දෑ සුවිශුද්ධ කර සිටිනු නුඹලාට වටහා ගත නොහැක. සැබැවින්ම උත්තරීතර ඔහු සෙනෙහෙවන්තය. දඬුවම ඉක්මන් නොකරනු ඇත. ඔහු වෙත සමාව ඇයද යොමුවන්නන් හට අති ක්ෂමාශීලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قَرَاْتَ الْقُرْاٰنَ جَعَلْنَا بَیْنَكَ وَبَیْنَ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ حِجَابًا مَّسْتُوْرًا ۟ۙ
අහෝ දූතය! නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට එහි ඇතුළත් අවවාද හා උපදෙස්වලට ඔවුහු සවන් දෙති. ඔවුන් අල් කුර්ආනය ප්රතික්ෂේප කළ බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් අල් කුර්ආනය අවබෝධ කර ගැනීමට බාධා වන පරිදි නුඹ අතර හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන ඔවුන් අතර තිරයක් යොදන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِذَا ذَكَرْتَ رَبَّكَ فِی الْقُرْاٰنِ وَحْدَهٗ وَلَّوْا عَلٰۤی اَدْبَارِهِمْ نُفُوْرًا ۟
අල් කුර්ආනය ඔවුනට නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත අපි ආවරණයක් ඇති කළෙමු. එයට ප්රයෝජනවත් ලෙස සවන් දීමට නොහැකි වන සේ බරක් ඔවුන්ගේ කන් තුළ ඇති කළෙමු. අල් කුර්ආනයේ ඔවුන්ගේ චූදිත දෙවිවරුන් ගැන නුඹ සඳහන් නොකර, නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කරන විට, ඔවුහු අල්ලාහ්ට පමණක් අවංක ව ඒකීයත්වය පුද කිරීමෙන් බැහැර ව පසුබැස හැරී යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ اَعْلَمُ بِمَا یَسْتَمِعُوْنَ بِهٖۤ اِذْ یَسْتَمِعُوْنَ اِلَیْكَ وَاِذْ هُمْ نَجْوٰۤی اِذْ یَقُوْلُ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟
අල් කුර්ආනයට සවන් දෙන ඔවුන්ගේ නායකයින්ගේ පිළිවෙත අපි මැනවින් දනිමු. ඔවුන් එමගින් යහමග ලබන්නට අපේක්ෂා නොකරති. නමුත් නුඹ පාරායනය කරන අවස්ථාවේ එය හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. අපරාධකරුවන් ප්රතික්ෂේපය නිසාවෙන් ඔවුනටම "අහෝ ජනයිනි! බුද්ධිය කැළඹුණු, හූනියම් කරන ලද මිනිසෙකු මිස නුඹලා වෙනත් කිසිවකු අනුගමනය නොකරන්නේයැ"යි ඔවුන් පවසන අවස්ථාවේ ඔවුන් රහසින් සාකච්ඡා කරන බොරුව හා වළක්වන්නට උත්සාහ කරන දෑ අපි මැනවින් දනිමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُنْظُرْ كَیْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا یَسْتَطِیْعُوْنَ سَبِیْلًا ۟
අහෝ දූතය! සිතා බලනු! විවිධ අපහාසාත්මක ගුණාංගවලින් නුඹ ගැන ඔවුන් විස්තර කරන දෑ ගැන නුඹ හාස්යයට පත්වනු ඇත. ඔවුන් සත්යයෙන් හැරුණෝය. උණුසුම් වූහ. සත්ය මාර්ගය වෙත මග නොලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْۤا ءَاِذَا كُنَّا عِظَامًا وَّرُفَاتًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ خَلْقًا جَدِیْدًا ۟
යළි අවදි කරනු ලැබීම හෙළා දකිමින් දෙවියන්ට ආදේශ තැබූවන්, "අප මිය ගොස් ඇට සැකිලි බවට පත්ව අපගේ ශරීරද දිරාපත් වී ගිය විට, නව මැවීමකින් අප අවදි කරනු ලබන්නෙමුද? සැබැවින්ම එය විය නොහැක්කකි" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الزعم بأن الملائكة بنات الله افتراء كبير، وقول عظيم الإثم عند الله عز وجل.
•සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ ගැහැණු දරුවන් බව පවතින විශ්වාසය බරපතල ප්රබන්ධයකි. බිහිසුණු ප්රකාශයකි. කීර්තිමත් අල්ලාහ් අබියස පාපයකි.

• أكثر الناس لا تزيدهم آيات الله إلا نفورًا؛ لبغضهم للحق ومحبتهم ما كانوا عليه من الباطل.
•අල්ලාහ්ගේ වදන් මිනිසුන් වැඩි දෙනෙකුට පළා යාම මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත. එය සත්යයට පවතින ඔවුන්ගේ ක්රෝධය හා කවර ව්යාජ කරුණක ඔවුන් නිරතව සිටියේ ද ඒ වෙත තිබූ ඔවුන්ගේ ඇල්මය.

• ما من مخلوق في السماوات والأرض إلا يسبح بحمد الله تعالى فينبغي للعبد ألا تسبقه المخلوقات بالتسبيح.
•අහස්හි හා මහපොළොවේ පවතින කිසියම් මැවීමක් හෝ වේවා එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධ කරනු මිස නැත. එහෙයින් තස්බීහ් -සුවිශුද්ධ කිරීමෙන්- එම මැවීම් අබිබවා යෑම ගැත්තාට අවාසි වන්නේය.

• من حلم الله على عباده أنه لا يعاجلهم بالعقوبة على غفلتهم وسوء صنيعهم، فرحمته سبقت غضبه.
•අල්ලාහ්, තම ගැත්තන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් හා ඔවුන්ගේ අයහපත් කටයුතු නිසාවෙන් දඬුවම ඉක්මන් නොකිරීම ඔහුගේ දයාලුභාවයෙනි. ඔහුගේ කරුණාව ඔහුගේ කෝපය අබිබවා ගොස් ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት