Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ ؕ— اِنَّ فَضْلَهٗ كَانَ عَلَیْكَ كَبِیْرًا ۟
නමුත් නුඹේ පරමාධිපතිගේ කරුණාවෙන් අපි එය ඉවත් නොකළෙමු. අපි එය සුරක්ෂිත ව අතහැරියෙමු. නුඹ ව දූතයකු බවට පත් කිරීමෙන් නබිවරුන්ගේ ඇවෑම නුඹගෙන් අවසන් කිරීමෙන් හා නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති භාග්යය අතිමහත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّىِٕنِ اجْتَمَعَتِ الْاِنْسُ وَالْجِنُّ عَلٰۤی اَنْ یَّاْتُوْا بِمِثْلِ هٰذَا الْقُرْاٰنِ لَا یَاْتُوْنَ بِمِثْلِهٖ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِیْرًا ۟
"අහෝ දූතය, නුඹ වෙත පහළ කළා වූ අල් කුර්ආනය මෙන් එහි ඇති සාහිත්යය, මනා සැකැස්ම හා ආකර්ෂනයට සමාන යමක් ගෙන එන්නට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යන සියලු දෙනා එකතු වුව ද ඔවුන් එකිනෙකා එයට උදව් කරුවකු හා උපකාර කරන්නකුව සිටිය ද කිසිවිටෙක එවැන්නක් ගෙන එන්නට නොහැක්කේමය." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ ؗ— فَاَبٰۤی اَكْثَرُ النَّاسِ اِلَّا كُفُوْرًا ۟
ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අපි වර්ග කර ඇත්තෙමු. ඔවුනට පැහැදිලි කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا لَنْ نُّؤْمِنَ لَكَ حَتّٰی تَفْجُرَ لَنَا مِنَ الْاَرْضِ یَنْۢبُوْعًا ۟ۙ
දෙවියන්ට ආදේශ කළවුන්, "විස්තර කළ නොහැකි ගලා යන උල්පතක් මක්කා භූමියෙන් නුඹ අපට මතු කර පෙන්වන තෙක් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ تَكُوْنَ لَكَ جَنَّةٌ مِّنْ نَّخِیْلٍ وَّعِنَبٍ فَتُفَجِّرَ الْاَنْهٰرَ خِلٰلَهَا تَفْجِیْرًا ۟ۙ
එසේ නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් වත්තක් නුඹ සතුව තිබී; එහි අධික ලෙස ගංගාවන් ගලා බැසිය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ تُسْقِطَ السَّمَآءَ كَمَا زَعَمْتَ عَلَیْنَا كِسَفًا اَوْ تَاْتِیَ بِاللّٰهِ وَالْمَلٰٓىِٕكَةِ قَبِیْلًا ۟ۙ
නුඹ මෙනෙහි කර සිටියාක් මෙන් අහස දඬුවමින් කොටසක් අප මත හෙළිය යුතුය. එසේ නැතහොත් නුඹ වාද කරන දෑ නිවැරැදිය යන්නට නුඹ වෙනුවෙන් සාක්ෂි ලබා දෙන්නට අල්ලාහ් හා මලක්වනුන් සජීවී ව පහළ විය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَكُوْنَ لَكَ بَیْتٌ مِّنْ زُخْرُفٍ اَوْ تَرْقٰی فِی السَّمَآءِ ؕ— وَلَنْ نُّؤْمِنَ لِرُقِیِّكَ حَتّٰی تُنَزِّلَ عَلَیْنَا كِتٰبًا نَّقْرَؤُهٗ ؕ— قُلْ سُبْحَانَ رَبِّیْ هَلْ كُنْتُ اِلَّا بَشَرًا رَّسُوْلًا ۟۠
එසේ නැතහොත් රනින් හා වෙනත් වටිනා වස්තුවලින් අලංකාරය කරන ලද නිවසක් නුඹට විය යුතුය. එසේ නැතහොත් අහසට නුඹ ආරෝහණය විය යුතුය. එසේ නුඹ ආරෝහණය වුවද සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් බව අප කියවා දැන ගන්නා ලිඛිත ලේඛනයක් අල්ලාහ් වෙතින් පහළ වූයේ නම් හැර සැබැවින්ම නුඹ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ දූතයකු ලෙස අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "මාගේ පරමාධිපති සුවිශුද්ධය. සෙසු දහම් දූතයින් මෙන් මා ද මිනිස් දූතයකු මිස වෙනත් කෙනෙකු විය හැකි ද? කිසිවක් ගෙන එන්නට මට අයිතියක් නැත. නුඹලා යෝජනා කරන දෑ ගෙන එන්නට මාහට හැකි වන්නේ කෙසේද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰۤی اِلَّاۤ اَنْ قَالُوْۤا اَبَعَثَ اللّٰهُ بَشَرًا رَّسُوْلًا ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීමෙන් හා එම දූතයා ගෙන ආ දෑ පිළිපැදීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන් වළක්වාලීයේ එම දූතයා මිනිස් වර්ගයාගෙන් කෙනකු වීම ගැන හෙළා දැකීම මිස වෙනකක් නොවීය. ඔවුහු එසේ හෙළා දකිමින්. "අප වෙත අල්ලාහ් පහළ කර ඇත්තේ මිනිස් දූතයෙකු ද?" යැයි විමසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ كَانَ فِی الْاَرْضِ مَلٰٓىِٕكَةٌ یَّمْشُوْنَ مُطْمَىِٕنِّیْنَ لَنَزَّلْنَا عَلَیْهِمْ مِّنَ السَّمَآءِ مَلَكًا رَّسُوْلًا ۟
අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන්, "නුඹලාගේ තත්ත්වයේ මහපොළොවේ පදිංචි ව සිටින එහි තැන්පත්ව සැරිසරන මලක්වරුන් එහි සිටියේ නම් ඔවුන්ගේම වර්ගයා අතරින් මලක්වරයෙක් දූතයකු සේ අප එවන්නට තිබුණි. එවනු ලබන දෑ ඔවුනට වටහා දෙන්නට ඔහු හැකියාව ලබනුයේ එවිටය. එවන් තත්ත්වයක මිනිස් වර්ගයා අතරින් දූතයකු ඔවුන් වෙත අප එවීම ප්රඥා සහගත කරුණක් නොවනු ඇත. නුඹලාගේ තත්ත්වය ද එලෙසමය." යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ كَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— اِنَّهٗ كَانَ بِعِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟
"සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යන්නට මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. සැබැවින්ම කවර කරුණක් නුඹලා වෙත එවනු ලැබ ඇත්තේ ද එය මා නුඹලා වෙත දන්වා සිටියෙමි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් සර්වප්රකාරයෙන් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ සැඟ වී ඇති සියලු දෑ ගැන ඔහු අධීක්ෂණය කරන්නාය." යැයි අහෝ දූතය! නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيَّن الله للناس في القرآن من كل ما يُعْتَبر به من المواعظ والعبر والأوامر والنواهي والقصص؛ رجاء أن يؤمنوا.
•ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අල්ලාහ් ඔවුනට පැහැදිළි කර ඇත්තේය.

• القرآن كلام الله وآية النبي الخالدة، ولن يقدر أحد على المجيء بمثله.
•අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. එය නබි තුමාණන්ගේ සදා ප්රාතිහාර්යයයි. එවැන්නක් ගෙන ඒමට කිසිවකුට හැකියාවක් නොමැත.

• من رحمة الله بعباده أن أرسل إليهم بشرًا منهم، فإنهم لا يطيقون التلقي من الملائكة.
•අල්ලාහ්ගේ ගැත්තන්හට ඔවුන්ගෙන්ම වූ මිනිස් දූතයකු එවා තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි. සැබැවින්ම (දූතයකු ලෙස) මලක්වරයකු ලැබීම ඔවුනට දරා ගත නොහැකි වන්නේය.

• من شهادة الله لرسوله ما أيده به من الآيات، ونَصْرُه على من عاداه وناوأه.
•අල්ලාහ් අල් කුර්ආන් පාඨවලින් තම දූතයාණන් ශක්තිමත් කර තිබීමත් ඔහුට විරුද්ධ වන ඔහුව හෙළා දකින අයට එරෙහි ව ඔහුට උපකාර කිරීමත් අල්ලාහ්ගේ සාක්ෂි අතරෙනි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት