Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ   አንቀጽ:
وَاِذَا مَسَّكُمُ الضُّرُّ فِی الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُوْنَ اِلَّاۤ اِیَّاهُ ۚ— فَلَمَّا نَجّٰىكُمْ اِلَی الْبَرِّ اَعْرَضْتُمْ ؕ— وَكَانَ الْاِنْسَانُ كَفُوْرًا ۟
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා සාගරයේ ගමන් කරන විට නුඹලා විනාශ වී යනු ඇතැයි නුඹලා බියවන තරමට යම් ව්යසනයක් හෝ පිළිකුල් සහගත දෙයක් හෝ නුඹලාට අත් වූ විට අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි දෑ නුඹලාගේ සිතුවිලිවලින් සැඟ වී යනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නුඹලාට මතක් නොවනු ඇත. එවිට නුඹලා ඔහුගේ උදව් පතනු ඇත. ඔහු නුඹලාට උපකාර කොට නුඹලා බියවන දැයින් නුඹලාට ආරක්ෂාව සලසා දෙයි. නුඹලා ගොඩ බිමට සේන්දු වූයෙහු නම් නුඹලා ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් කණ්ණලව් කිරීම ප්රතික්ෂේප කරන්නෙහුය. නැවතත් නුඹලාගේ පිළිම වෙත යොමු වන්නෙහුය. මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාද වලට දැඩි සේ ගුණමකු වන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَاَمِنْتُمْ اَنْ یَّخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ اَوْ یُرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوْا لَكُمْ وَكِیْلًا ۟ۙ
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා ව මුදවා, ගොඩ බිම වෙත සේන්දු කළ අවස්ථාවේ එය නුඹලා ව බිඳ වට්ටා ගිල්වීමට අල්ලාහ් සැලැස්වීමෙන් නුඹලා සුරක්ෂිත ද? එසේ නැතහොත් ලූත්ගේ ජනයාට සිදු කළාක් මෙන් නුඹලා මත අහසින් ගල්වර්ෂාවක් පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව නුඹලාව ආරක්ෂා කරන කිසිදු ආරක්ෂකයකු නුඹලා නොලබනු ඇත. විනාශයෙන් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවකු ද නුඹලා නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ اَمِنْتُمْ اَنْ یُّعِیْدَكُمْ فِیْهِ تَارَةً اُخْرٰی فَیُرْسِلَ عَلَیْكُمْ قَاصِفًا مِّنَ الرِّیْحِ فَیُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ۙ— ثُمَّ لَا تَجِدُوْا لَكُمْ عَلَیْنَا بِهٖ تَبِیْعًا ۟
නුඹලා ව නැවත වාරයක් අල්ලාහ් සාගරයේ ගමන් කරන්නට සළස්වා පසුව පළමු වරට නුඹලා ව ඔහු මුදවා ගෙන ඔහු නුඹලාට කළ ආශිර්වාද නුඹලා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා වෙත දැඩි සුළි කුණාටුවක් එවා නුඹලා එහි ගිලෙන්නට සැලැස්වීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව අපි නුඹලා සිදු කළ හානිය ගැන නුඹලාට උපකාරයක් වශයෙන් අපෙන් පතන කිසිදු ප්රාර්ථිකයෙක් නුඹලා නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ كَرَّمْنَا بَنِیْۤ اٰدَمَ وَحَمَلْنٰهُمْ فِی الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ وَفَضَّلْنٰهُمْ عَلٰی كَثِیْرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِیْلًا ۟۠
මිනිසුනට බුද්ධිය හා ඔවුන්ගේ පියාණන් ආදම්ට මලක්වරුන් සිරස නමන්නට සැලැස්වීමෙන් සැබැවින්ම අපි ඔවුන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ ඔවුන් උසුලාගෙන යන සතුන් හා වාහන අපි ඔවුනට වසඟ කර දුනිමු. තවද සාගරයේ ඔවුන් උසුලාගෙන යන නැව් ද වසඟ කර දුනිමු. නැවුම් ආහාර පාන, විවාහ ගිවසුම් හා වෙනත් දෑ ද ඔවුනට අපි සම්පත් වශයෙන් පිරිනැමුවෙමු. අපගේ මැවුම් බොහෝමයකට වඩා අපි ඔවුන් ඉතා උසස් මට්ටමින් තබා ඔවුනට ගරු කළෙමු. එහෙයින් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද සඳහා ඔවුන් ඔහුට කෘතඥ විය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ نَدْعُوْا كُلَّ اُنَاسٍ بِاِمَامِهِمْ ۚ— فَمَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَاُولٰٓىِٕكَ یَقْرَءُوْنَ كِتٰبَهُمْ وَلَا یُظْلَمُوْنَ فَتِیْلًا ۟
අහෝ දූතය! සෑම සමූහයක්ම ඔවුන් මෙලොවෙහි පිළිපදිමින් සිටි ඔවුන්ගේ නායකයා සමග පැමිණෙන මෙන් අප ඔවුන් ඇරයුම් කරන දිනය ගැන මෙනෙහි කර බලනු. ඔහුගේ ක්රියා ලේඛනය ඔහුගේ සුරතට පිරිනමනු ලැබූවන් ඉතා සතුටින් ඔවුන්ගේ ලේඛනය කියවති. ඔවුන්ගේ ප්රතිඵලවලින් කිසිවක්, එය රට ඉඳි කීතුවක ඇති නාරටිය තරම් ප්රමාණයෙන් කුඩා වුවද ඔවුනට අඩු කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ كَانَ فِیْ هٰذِهٖۤ اَعْمٰی فَهُوَ فِی الْاٰخِرَةِ اَعْمٰی وَاَضَلُّ سَبِیْلًا ۟
මෙලොව ජීවිතයේදී සත්ය පිළිගැනීමෙන් ද ඒ වෙත යොමුවීමෙන් ද තම හදවත් අන්ධවූවන් ලෙස කටයුතු කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණු අන්ධයෙකු බවට පත් වනු ඇත. ස්වර්ගයට යන මාර්ගය වෙත මඟ පෙන්වනු නොලැබේ. යහමගින් දැඩි සේ මුළාවී යයි. එසේ ප්රතිවිපාක හිමි වනුයේ ඊට අදාළ වූ ක්රියාවකින්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ كَادُوْا لَیَفْتِنُوْنَكَ عَنِ الَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ لِتَفْتَرِیَ عَلَیْنَا غَیْرَهٗ ۖۗ— وَاِذًا لَّاتَّخَذُوْكَ خَلِیْلًا ۟
අහෝ දූතය! අල් කුර්ආනය තුළින් අපි නුඹට දන්වා සිටි දැයින් නුඹව වෙනතකට හරවන්නට දේව ආදේශකයින් මාන බලති. ඔවුන්ගේ ආශාවන්ට අනුකූල වූ දෑ අප මත සම්පාදනය කරන්නට බලති. ඔවුන් අපේක්ෂා කළ පරිදි නුඹ ඒවා සිදු කළේ නම් නුඹ ව මිතුරෙකු සේ තෝරා ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَاۤ اَنْ ثَبَّتْنٰكَ لَقَدْ كِدْتَّ تَرْكَنُ اِلَیْهِمْ شَیْـًٔا قَلِیْلًا ۟ۗۙ
සත්ය මත වූ ස්ථාවරත්වය අපි නුඹට දායාද නොකළේ නම්, ඇතැම් කරුණු වෙත නැඹුරු වීමට නුඹ බලනු ඇත. ඔවුන්ගේ උපායන්හි බලවත්කම හා වංචාවේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය වෙත ඔබ දක්වන සැලකිල්ලත් සමගම ඔවුන් කරන යෝජනාවන්ට නුඹ ඔවුනට එකඟ වනු ඇත. නමුත් ඔවුන් වෙත නැඹුරු වීමෙන් අපි නුඹ ව ආරක්ෂා කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذًا لَّاَذَقْنٰكَ ضِعْفَ الْحَیٰوةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَیْنَا نَصِیْرًا ۟
ඔවුන් කරන යෝජනාවන්හි නුඹ ඔවුන් වෙත නැඹුරු වූයෙහි නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයෙහි ද දඬුවම ගුණ කරමින් අපි නුඹට දඬුවම් කරන්නෙමු. පසු ව නුඹට උදව් කරන, නුඹගෙන් දඬුවම වළක්වාලන කිසිදු උදව්කරුවකු නුඹට නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الإنسان كفور للنعم إلا من هدى الله.
•අල්ලාහ් මග පෙන් වූ අය හැර වෙනත් ජනයා ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වෙති.

• كل أمة تُدْعَى إلى دينها وكتابها، هل عملت به أو لا؟ والله لا يعذب أحدًا إلا بعد قيام الحجة عليه ومخالفته لها.
•සෑම සමූහයක්ම ඔවුන්ගේ පිළිවෙත හා ඔවුන්ගේ ක්රියා ලේඛනය වෙත ඇරයුම් කරනු ලැබ මෙය ඉටු කළේ ද? නැතිද? යැයි විමසනු ලැබේ. කිසිවෙකු වෙත සාධක ඉදිරිපත් කොට ඔහු එයට පිටු පෑමෙන් පසු ව මිස අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි.

• عداوة المجرمين والمكذبين للرسل وورثتهم ظاهرة بسبب الحق الذي يحملونه، وليس لذواتهم.
•දූතවරුන් කෙරෙහි වූ අපරාධකරුවන් හා බොරුකරුවන්ගේ සතුරුකම. ඔවුන් උසුලා සිටින සත්යය හේතුවෙන් ඔවුන් එය මතුපිටින් උරුම කර ගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් නොවේ.

• الله تعالى عصم النبي من أسباب الشر ومن البشر، فثبته وهداه الصراط المستقيم، ولورثته مثل ذلك على حسب اتباعهم له.
•උත්තරීතර අල්ලාහ් හානි පමුණුවන කරුණු කාරණාවලින් හා මිනිසුන්ගෙන් නබි තුමාණන්ව ආරක්ෂා කොට ඔහුව ස්ථාවර කර ඇත. තවද ඍජු මාර්ගය වෙත මග පෙන්වා ඇත. මේ හා සමාන උරුමයක් එතුමාණන් අනුගමනය කළ සගයින්ට ද උරුම වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢስራዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት