Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
اِنَّا مَكَّنَّا لَهٗ فِی الْاَرْضِ وَاٰتَیْنٰهُ مِنْ كُلِّ شَیْءٍ سَبَبًا ۟ۙ
සැබැවින්ම අපි ඔහුට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. ඔහු සිතන තැනට ළඟා විය හැකි ඔහුගේ ඉල්ලීම් හා බැඳුණු සියලු මාර්ග අපි ඔහුට පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَتْبَعَ سَبَبًا ۟
එවිට ඔහු පතන ස්ථානයට ළඟා වීම සඳහා අපි ඔහුට පිරිනැමූ මාධ්යයන් හා මාර්ග පිළිපැද්දේය. ඔහු බටහිර (දෙස)බලා පිටත් ව ගියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِیْ عَیْنٍ حَمِئَةٍ وَّوَجَدَ عِنْدَهَا قَوْمًا ؕ۬— قُلْنَا یٰذَا الْقَرْنَیْنِ اِمَّاۤ اَنْ تُعَذِّبَ وَاِمَّاۤ اَنْ تَتَّخِذَ فِیْهِمْ حُسْنًا ۟
හිරු අවරට යන දෙසින් මහපොළොවේ අවසානය ළඟා වන තෙක් ඔහු එහි ගමන් ගත්තේය. කළු මැටි සහිත උණුසුම් උල්පතක සැඟවී යන්නාක් මෙන් එය ඔහුගේ දෑසට පෙණුනි. තවද හිරු අවරට යන ස්ථානයේ දේවත්වය ප්රතික්ෂේප කළ පිරිසක් ද දුටුවේය. "අහෝ දුල් කර්නයින්! ඔවුන් මරා දමා හෝ වෙනත් ක්රියාමාර්ගයකින් ඔවුනට දඬුවම් කිරීම හෝ එසේ නැතහොත් ඔවුන් වෙත යහපත් ආකාරයෙන් කටයුතු කිරීම යනාදියෙන් ඔබ කැමති පියවරක් තෝරා ගන්නැ" යි අපි ඔහුට පැවසුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهٗ ثُمَّ یُرَدُّ اِلٰی رَبِّهٖ فَیُعَذِّبُهٗ عَذَابًا نُّكْرًا ۟
දුල් කර්නයින් මෙසේ පැවසීය. "අල්ලාහ්ට ගැතිකම් කරන මෙන් යමෙකුට අප ඇරයුම් කිරීමෙන් පසු, ඔහු අල්ලාහ්ට ආදේශ තබා ඒ මතම නිරත ව සිටියේ නම් ඔහුව මෙලොවෙහි මරා දමමින් අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පරමාධිපති වෙත ඔහු හැරී යනු ඇත. එවිට ඔහු ඉතා බිහිසුණු දඬුවමකින් ඔහුට දඬුවම් කරනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا فَلَهٗ جَزَآءَ ١لْحُسْنٰی ۚ— وَسَنَقُوْلُ لَهٗ مِنْ اَمْرِنَا یُسْرًا ۟ؕ
තවද ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට ස්වර්ගය හිමිය. එය ඔහුගේ දේව විශ්වාසය හා ඔහුගේ දැහැමි ක්රියාව සඳහා අල්ලාහ්ගෙන් වූ ප්රතිඵලයක් වශයෙනි. අපගේ නියෝග අතරින් එහි ඇති සියුම් මෙන්ම පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
පසු ව ඔහු පළමු මාර්ගය අතහැර දමා හිරු උදාවන දෙසට මුහුණලා තවත් මාර්ගයක් අනුගමනය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلٰی قَوْمٍ لَّمْ نَجْعَلْ لَّهُمْ مِّنْ دُوْنِهَا سِتْرًا ۟ۙ
-දෑසට දසුන් වූ පරිදි- හිරු එහි උදාවන ස්ථානය වෙත ළඟා වන තෙක් ඔහු ගමන් ගත්තේය. හිරු එළිය වැටීමෙන් ඔවුන් ආරක්ෂා කරන ගස්වල හෙවණ හෝ නිවෙස් හෝ අප ඔවුනට ඇති නොකළා වූ පිරිසක් මත හිරු උදාවනු ඔහු දුටුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ ؕ— وَقَدْ اَحَطْنَا بِمَا لَدَیْهِ خُبْرًا ۟
දුල් කර්නයින්ගේ විෂයය ද එලෙසමය. ඔහු සතුව තිබූ ශක්තිය හා ආධිපත්යය විස්තරාත්මකව අපි දැන සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
පසුව පළමු මාර්ග දෙක අත හැර, නැගෙනහිර හා බටහිර අතර විරුද්ධ තවත් මාර්ගයක් අනුගමනය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ بَیْنَ السَّدَّیْنِ وَجَدَ مِنْ دُوْنِهِمَا قَوْمًا ۙ— لَّا یَكَادُوْنَ یَفْقَهُوْنَ قَوْلًا ۟
කඳු දෙකක් අතර පවතින විවෘත ස්ථානයක් වෙත ලඟා වන තෙක් ගමන් ගත්තේය. ඒ දෙක දෙසින් වෙනත් අය කතාකරන භාෂාව වටහා ගත නොහැකි පිරිසක් ඔහුට හමු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰذَا الْقَرْنَیْنِ اِنَّ یَاْجُوْجَ وَمَاْجُوْجَ مُفْسِدُوْنَ فِی الْاَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلٰۤی اَنْ تَجْعَلَ بَیْنَنَا وَبَیْنَهُمْ سَدًّا ۟
"අහෝ දුල් කර්නයින්! සැබැවින්ම යඃජූජ් හා මඃජූජ් (නම් ආදම්ගේ දරුවන් අතරින් පැවත ආ අතිමහත් සමූහයන් දෙපිරිසකි) මහපොළොවේ ඝාතනය කිරීම් හා වෙනත් අපරාධ සිදු කරමින් එහි කලහකාරීව හැසිරෙති. අප අතර හා ඔවුන් අතර නුඹ බාධකයක් තැනීම සඳහා අපි නුඹට ගෙවීමක් කරන්නදැ?" යි (ඔවුන්) විමසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مَا مَكَّنِّیْ فِیْهِ رَبِّیْ خَیْرٌ فَاَعِیْنُوْنِیْ بِقُوَّةٍ اَجْعَلْ بَیْنَكُمْ وَبَیْنَهُمْ رَدْمًا ۟ۙ
දුල් කර්නයින්, "මාගේ පරමාධිපති මට පෝෂණය කර ඇති රාජ්ය බලය හා ආධිපත්යය නුඹලා මට ගෙවන මුදලට වඩා උතුම්ය. එහෙයින් නුඹලා අතර හා ඔවුන් අතර මා බාධකයක් තැනීම සඳහා මිනිස් ශ්රමයෙන් හා අමුද්රව්යවලින් නුඹලා මට උදව් කරනු" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اٰتُوْنِیْ زُبَرَ الْحَدِیْدِ ؕ— حَتّٰۤی اِذَا سَاوٰی بَیْنَ الصَّدَفَیْنِ قَالَ انْفُخُوْا ؕ— حَتّٰۤی اِذَا جَعَلَهٗ نَارًا ۙ— قَالَ اٰتُوْنِیْۤ اُفْرِغْ عَلَیْهِ قِطْرًا ۟ؕ
ඔවුහු යකඩ කුට්ටි රැගෙනවිත් එහි තැබුවෝය. කඳු දෙක අතර ඒවා තනන්නට ඔහු පටන් ගත්තේය. එහි ඉදි කිරීම ඒ දෙකට සමාන ප්රමාණයෙන් විය. ඔහු එම සේවකයින්ට, "මෙම යකඩ කුට්ටි රත් වන තෙක් ඒවා මත ගිනි දල්වනු." යැයි පැවසීය. හෙතෙම තවදුරටත්, "නුඹලා උණු කළ තඹ ගෙන එනු. මා ඒ මත වක්කරමි" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا اسْطَاعُوْۤا اَنْ یَّظْهَرُوْهُ وَمَا اسْتَطَاعُوْا لَهٗ نَقْبًا ۟
එය උසින් පිහිටා ඇති බැවින් ඒ මත නැගීමට යඃජූජ් හා මඃජූජ් සමූහයාට හැකියාවක් නැත. එහි දැඩි ඝණත්වය හේතුවෙන් ඊට යටින් උමං හෑරිය ද නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن ذا القرنين أحد الملوك المؤمنين الذين ملكوا الدنيا وسيطروا على أهلها، فقد آتاه الله ملكًا واسعًا، ومنحه حكمة وهيبة وعلمًا نافعًا.
•සැබැවින්ම දුල් කර්නයින් ලොවම පාලනය කළ, එහි වැසියන් මත ආධිපත්යය දැරූ, දේව විශ්වාසී රජවරුන් අතරින් එක් රජවරයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට විශාල රාජ්යයක් පිරිනැමුවේය. එමෙන්ම ප්රඥාව, පෞරුෂත්වය හා ප්රයෝජනවත් දැනුම ඔහුට පිරිනමා තිබිණ.

• من واجب الملك أو الحاكم أن يقوم بحماية الخلق في حفظ ديارهم، وإصلاح ثغورهم من أموالهم.
•මැවීම්, ඔවුනනොවුන්ගේ නිවෙස් තුළ තබා ආරක්ෂා කරමින් හා ඔවුන්ගේ ධනයෙන් ඔවුන්ගේ අඩුපාඩු විධිමත් කර දෙමින් කටයුතු කිරීම රජුගේ හා පාලකයාගේ වගකීමකි.

• أهل الصلاح والإخلاص يحرصون على إنجاز الأعمال ابتغاء وجه الله.
•දැහැමි හා අවංක ගැත්තන් අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීමට ප්රිය කරති.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት