Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
وَاِذِ اعْتَزَلْتُمُوْهُمْ وَمَا یَعْبُدُوْنَ اِلَّا اللّٰهَ فَاْوٗۤا اِلَی الْكَهْفِ یَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِّنْ رَّحْمَتِهٖ وَیُهَیِّئْ لَكُمْ مِّنْ اَمْرِكُمْ مِّرْفَقًا ۟
නුඹලාගේ ජනයාගෙන් නුඹලා ඉවත් ව, ඔවුන් නමදිමින් සිටි දෑ අතහැර, අල්ලාහ්ට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකොට, නුඹලාගේ දහමට අගතියක් වීම හේතුවෙන් පළා ගොස් ලෙන තුළට නුඹලා රිංගා ගත් අවස්ථාවේ නුඹලාගේ පරමාධිපති ඔහුගේ දයාව පතුරුවා නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාව ආරක්ෂා කළේය. නුඹලාගේ විෂයය සම්බන්ධයෙන් ඔහු, එම ජනයා අතර නුඹලා ජීවත් වීමෙන් දුරස් කොට ඒ වෙනුවට නුඹලාට ප්රයෝජනය ලබන දෑ වෙනස් කොට ඔහු නුඹලාට පහසු කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَی الشَّمْسَ اِذَا طَلَعَتْ تَّزٰوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْیَمِیْنِ وَاِذَا غَرَبَتْ تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِیْ فَجْوَةٍ مِّنْهُ ؕ— ذٰلِكَ مِنْ اٰیٰتِ اللّٰهِ ؕ— مَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ ۚ— وَمَنْ یُّضْلِلْ فَلَنْ تَجِدَ لَهٗ وَلِیًّا مُّرْشِدًا ۟۠
නුඹලාට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිනු. අල්ලාහ් ඔවුන්හට නින්ද ඇති කළේය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් ව දකින්නනි! හිරු නැගෙනහිරෙන් උදා වූ විට එය ඔවුන්ගේ ලෙනින් එහි දකුණුපස පිවිසුම් දෙසට නැඹුරු වෙයි. එය බටහිරින් අවරට යන විට වම්පස දිශාවට එයින් වෙනස්ව පවතියි. එවිට ඔවුනට එය අත්වන්නේ නැත. එහෙයින් ඔවුන් නිරන්තරයෙන්ම හෙවණෙහි පසුවූහ. හිරුගේ රෂ්ණය ඔවුනට බලපෑමක් ඇති කළේ නැත. ඔවුන් ලෙනෙහි සුව පහසුවෙන් කල් ගත කළහ. ඔවුනට අවශ්ය වූ විට සුළඟ හැමීය. ඔවුන් සිටි ස්ථානයේ සිට ලෙන වෙත පිවිසීම, ඔවුන් මත නින්ද ඇති කිරීම, හිරු ඔවුන්ගෙන් හැරවීම, ඔවුන්ගේ ස්ථානය සුවපහසුකම් සහිත වීම සහ ඔවුන්ගේ ජනයාගෙන් ඔවුන් මුදවා ගනු ලැබීම යනාදී මෙම ප්රාතිහාර්යයම කරුණු අල්ලාහ්ගේ ක්රියාදාමය ඔහුගේ බලය පෙන්වා දෙන්නකි. අල්ලාහ් කවරෙකුට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින්ම ඔහු මඟ ලැබූවකි. කවරෙකු ඔහු එයින් පහත හෙළා නොමග යන්නට ඉඩ හරින්නේද ඔහුට යහමග ආශිර්වාද කොට ඒ වෙත මග පෙන්වන කිසිදු උදව් කරුවකු ඔහු නොලබන්නේමය. සැබැවින්ම ඊට හේතුව යහමග අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. ඔහු අතෙහි නැති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَحْسَبُهُمْ اَیْقَاظًا وَّهُمْ رُقُوْدٌ ۖۗ— وَّنُقَلِّبُهُمْ ذَاتَ الْیَمِیْنِ وَذَاتَ الشِّمَالِ ۖۗ— وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَیْهِ بِالْوَصِیْدِ ؕ— لَوِ اطَّلَعْتَ عَلَیْهِمْ لَوَلَّیْتَ مِنْهُمْ فِرَارًا وَّلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا ۟
ඔවුන් දෙස අධීක්ෂණයෙන් බලන්නනි! සැබැවින්ම ඔවුන් නින්දෙන් පසුවුව ද ඔවුන්ගේ දෑස් විවෘත ව ඇති බැවින් ඔවුන් අවදිව සිටින්නන් ලෙස ඔබ සිතනු ඇත. ඔවුන්ගේ ශරීර මහපොළොව කා නොදමන පරිදි ඔවුන්ගේ නින්දෙහි විටෙක දකුණු දෙසටත් විටෙක වම් දෙසටත් අපි ඔවුන් හැරෙව්වෙමු. ලෙන පිවිසුමෙහි ඔවුන්ගේ සුනඛයා ද උගේ ඉදිරිපස පාද දිගු කරමින් සිටියේය. නුඹ ඔවුන් දෙස එඹී බලා දෑසින් දුටුවේ නම් ඔවුන් ගැන ඇති බියෙන් ඔවුන්ගෙන් නුඹ පළා යනු ඇත. ඔවුන් ගැන ත්රාසයක් නුඹේ සිත් තුළ පිරෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ بَعَثْنٰهُمْ لِیَتَسَآءَلُوْا بَیْنَهُمْ ؕ— قَالَ قَآىِٕلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ؕ— قَالُوْا لَبِثْنَا یَوْمًا اَوْ بَعْضَ یَوْمٍ ؕ— قَالُوْا رَبُّكُمْ اَعْلَمُ بِمَا لَبِثْتُمْ ؕ— فَابْعَثُوْۤا اَحَدَكُمْ بِوَرِقِكُمْ هٰذِهٖۤ اِلَی الْمَدِیْنَةِ فَلْیَنْظُرْ اَیُّهَاۤ اَزْكٰی طَعَامًا فَلْیَاْتِكُمْ بِرِزْقٍ مِّنْهُ  وَلَا یُشْعِرَنَّ بِكُمْ اَحَدًا ۟
අප සඳහන් කළ පරිදි අපගේ බලයේ අරුමයෙන් අප ඔවුනට එසේ සිදු කළාක් මෙන්ම දිගු කලකට පසු ව තමන් නින්දට වැටුණු කාලය ඔවුන්ගෙන් ඇතමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටින පරිදි අපි ඔවුන් අවදි කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිතුරු දෙමින් "දිනක් හෝ දින භාගයක් අපි නින්දට වැටුණෙමු" යැයි පැවසීය. තමන් නින්දට වැටී සිටි කාලය පිළිබද පැහැදිලිතාවක් නොමැති තවත් ඇතැමෙකු මෙසේ පැවසීය. "නුඹලා නින්දෙන් රැඳී සිටි කාලය මැනවින් දන්නේ නුඹලාගේ පරමාධිපතිය. ඒ පිළිබඳ දැනුම ඔහු වෙත යොමු කරනු. නුඹලාට අවශ්යවන දෑහි නුඹලා නිරත වනු. රිදී කාසි කිහිපයක් සමග නුඹලාගේ සුපුරුදු නගරයට නුඹලා අතරින් කෙනෙකු යවා වඩාත් නැවුම් ආහාර හා වඩාත් හොඳින් උපයන කෙනෙකු සොයා බලනු. ඔහුගෙන් ආහාර ලබා නුඹලා වෙත ඔහු ගෙන ආ යුතුය. ඇති විය හැකි මහත් හානිය හේතුවෙන් ඔහු වෙත පිවිසීමේදීත් පිටත් වීමේදීත් ගනුදෙනු කිරීමේදී ප්රවේශම් විය යුතුය. උපායශීලී විය යුතුය. නුඹලාගේ ස්ථානය දැන ගන්නට කිසිවකුට ඉඩ නොහැරිය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ اِنْ یَّظْهَرُوْا عَلَیْكُمْ یَرْجُمُوْكُمْ اَوْ یُعِیْدُوْكُمْ فِیْ مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوْۤا اِذًا اَبَدًا ۟
සැබැවින්ම නුඹලාගේ ජනයා නුඹලා දෙස බලා නුඹලාගේ ස්ථානය හඳුනා ගත්තේ නම් නුඹලාට ගල් ගසා මරා දමනු ඇත. එසේ නැතහොත් අල්ලාහ් නුඹලාට සත්ය දහම වෙත මග පෙන්වීමට පෙර නුඹලා කවර විකෘති පිළිවෙතක සිටියේ ද ඒ වෙත ඔවුන් නුඹලාව නැවත හරවනු ඇත. එසේ නුඹලා ඒ වෙත හැරී ගියේ නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයේ කිසිවිටෙක නුඹලා ජය නොලබනු ඇත. අල්ලාහ් නුඹලාට මග පෙන්වා ඇති සත්ය දහම අතහැර එම විකෘති පිළිවෙත වෙත නුඹලාට නැවත හැරී යාම හේතුවෙන් නුඹලා දෙලොවෙහිම පාඩු විදින්නන් ලෙසින් පරජයට පත් වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من حكمة الله وقدرته أن قَلَّبهم على جنوبهم يمينًا وشمالًا بقدر ما لا تفسد الأرض أجسامهم، وهذا تعليم من الله لعباده.
•ඔවුන්ගේ ශරීර පොළව විනාශ කර නොදමන පරිදි ඇලපත් දකුණට හා වමට හැරවීම අල්ලාහ්ගේ ප්රඥාව හා ඔහුගේ බලයෙනි. මෙම ඉගැන්වීම අල්ලාහ් ඔහුගේ ගැත්තන් හට පිරිනමා ඇත.

• جواز اتخاذ الكلاب للحاجة والصيد والحراسة.
•දඬයම් කිරීම ආරක්ෂාව හා අවශ්යතාවක් සඳහා සුනඛයකු ඇති දැඩි කිරී්මේ අවසරය.

• انتفاع الإنسان بصحبة الأخيار ومخالطة الصالحين حتى لو كان أقل منهم منزلة، فقد حفظ ذكر الكلب لأنه صاحَبَ أهل الفضل.
•යහපත් අය සමග සම්බන්ධකම් පැවැත්වීම දැහැමියන් සමග ආශ්රය කිරීම ඔවුන් තරාතිරමෙන් අඩු වුව ද එමගින් මිනිසුනට ප්රයෝජන ඇත. සඳහන් කරන ලද සුනඛයා එසේ ආරක්ෂාව ලැබුවේ ඌ භාග්යවතුන් සමග ආශ්රය කළ බැවිණි.

• دلت الآيات على مشروعية الوكالة، وعلى حسن السياسة والتلطف في التعامل مع الناس.
•මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී කාරුණික හා යහපත් පාලනයකින් යුතුව හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම ආගමානුගත කර ඇති බවට මෙම පාඨ පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት