Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَكَانَ الْاِنْسَانُ اَكْثَرَ شَیْءٍ جَدَلًا ۟
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනයේ විවිධ උදාහරණ බොහෝමයක් ඔවුන් මෙනෙහි කරනු පිණිසත්, පාඩම් ලැබිය හැකිවනු පිණිසත් අපි පැහැදිලි කළෙමු. වර්ග කළෙමු. නමුත් මිනිසා - විශේෂයෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා - කිසිදු යුක්තියකින් තොර ව බොහෝ දෑ ගැන අධික ලෙස තර්ක කර සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰی وَیَسْتَغْفِرُوْا رَبَّهُمْ اِلَّاۤ اَنْ تَاْتِیَهُمْ سُنَّةُ الْاَوَّلِیْنَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ قُبُلًا ۟
උද්දච්ඡකමින් පෙළෙන, දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ විශ්වාස කිරීම අතරත් එමෙන්ම ඔවුන් අතර හා ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටීම අතරත් පැහැදිලි කිරීමක අඩුවක් ඒ අතරට බාධාවක් බවට පත් නොවීය. මෙම අල් කුර්ආනයේ ඔවුනට උදාහරණ ගෙන හැර පෙන්වන ලදී. පැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ව වළක්වා දැමුවේ ඔවුන් වෙත පෙර සමූහයන්ට පහළ වූ දඬුවම පහළ කරන මෙන් ද ඔවුනට අවවාද කළ දඬුවම දෑසින් දකින්නට සලස්වන මෙන් ද ඔවුන් ඉල්ලා සිටි ඔවුන්ගේ මුරණ්ඩුකාර ඉල්ලීම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— وَیُجَادِلُ الَّذِیْنَ كَفَرُوْا بِالْبَاطِلِ لِیُدْحِضُوْا بِهِ الْحَقَّ وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَمَاۤ اُنْذِرُوْا هُزُوًا ۟
අපගේ දූතවරුන් අතරින් දේවත්වය විශ්වාස කරන හා ඔහුට අවනත වන ජනයා වෙත ශුභාරංචි දන්වන්නන් ලෙසින් හා දේවත්වය ප්රතික්ෂේප කරන පාපිෂ්ඨ ජනයා බිය ගන්වන්නන් ලෙස මිස අපි ඔවුන් නොඑව්වෙමු. යහමග උසුලන මෙන් හදවත් මත ආධිපත්යය දරන්නට ඔවුනට අයිතියක් නොවීය. එම දූතවරුන් සතුව පැහැදිලි සාධක තිබියදීත් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සමග වාද කළෝය. එය ඔවුන්ගේ ව්යාජ දැයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ සත්යය ඉවත් කිරීමටත්, අල් කුර්ආනය හා කවර කරුණක් තුළින් ඔවුන් බිය ගැන්වූයේ ද එය හාස්යයට හා විහිළුවට පත් කිරීමටත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ فَاَعْرَضَ عَنْهَا وَنَسِیَ مَا قَدَّمَتْ یَدٰهُ ؕ— اِنَّا جَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِنْ تَدْعُهُمْ اِلَی الْهُدٰی فَلَنْ یَّهْتَدُوْۤا اِذًا اَبَدًا ۟
තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, එහි ඇති දඬුවම පිළිබඳ අවවාදය නොසළකා හැර, එහි ඇති උපදෙස් හෙළා දැක, තමන් මෙලොව ජීවතයේ සිදු කළ පාපකම් හා දේවත්වය ප්රතික්ෂේප කිරීම ගැන අමතක කර දමා, ඒ සඳහා පාපක්ෂමාව ඉල්ලා නොසිටිය අයට වඩා දරුණු අපරාධකරුවෙකු වෙනත් නැත. මෙසේ විස්තර කළ අයගේ හදවත් මත අල් කුර්ආනය වටහා ගත නොහැකි සේ සැබැවින්ම අපි ආවරණයක් ඇති කළෙමු. ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. එහෙයින් පිළිගන්නා අයුරින් එයට සවන් දීමට ඔවුනට නොහැක. නුඹ ඔවුන් දේව විශ්වාසය වෙත ඇරයුම් කළ ද ඔවුන්ගේ හදවත් මත එම ආවරණය තිබෙන කල්තාක් කිසි විටෙක නුඹේ ඇරයුමට ඔවුන් පිළිතුරු නොදෙන්නේමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَبُّكَ الْغَفُوْرُ ذُو الرَّحْمَةِ ؕ— لَوْ یُؤَاخِذُهُمْ بِمَا كَسَبُوْا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ؕ— بَلْ لَّهُمْ مَّوْعِدٌ لَّنْ یَّجِدُوْا مِنْ دُوْنِهٖ مَوْىِٕلًا ۟
එමෙන්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම් දීම ඉක්මන් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නොපෙළඹෙනු පිණිසය. අල්ලාහ් එතුමාණන්ට මෙසේ පවසා සිටියි. "අහෝ දූතය! නුඹේ පරමාධිපති පාපක්ෂමාව අයැදින ඔහුගේ ගැත්තන්හට අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. එය සියල්ල ආවරණය කර ඇත. පාපිෂ්ඨයින්ට පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු විය හැකිවනු පිණිස ඔවුනට කල්දීම ද ඔහුගේ කරුණා ගුණයෙන් එකකි. අල්ලාහ් මෙම විරුද්ධවාදීන්ට දඬුවම් කරන්නේ නම් මෙලොව ජීවිතයේම ඔවුනට එම දඬුවම ඉක්මන් කරනු ඇත. නමුත් ඔහු දයාලුය. මහා කාරුණිකය. ඔවුන් පාපක්ෂමාවේ නිරත වීම සඳහා ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා ඔවුන්ගේ පිටුදැක්ම වෙනුවෙන් ඔවුන් පාපක්ෂමාවේ නිරත නොවූයේ නම් ප්රතිවිපාක දෙනු ලබන නියමිත කාලයක් හා ස්ථානයක් ඔවුනට ඇත. එවිට ඔහු වෙත මිස සරණ සොයා යන වෙනත් ස්ථානයක් ඔවුහු නොලබන්නෝමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتِلْكَ الْقُرٰۤی اَهْلَكْنٰهُمْ لَمَّا ظَلَمُوْا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَّوْعِدًا ۟۠
නුඹලාට සමීපයෙන් පිහිටා ඇති, දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ එම ගම්මානය ද, හූද්, සාලිහ් හා ෂුඅයිබ් වැනි ප්රජාවන්ගේ ගම්මාන මෙනි. ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවේ, අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුන් විනාශ කිරීම සඳහා අපි නියමිත වේලාවක් තැබුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ مُوْسٰی لِفَتٰىهُ لَاۤ اَبْرَحُ حَتّٰۤی اَبْلُغَ مَجْمَعَ الْبَحْرَیْنِ اَوْ اَمْضِیَ حُقُبًا ۟
අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම සේවක යූෂුඃ ඉබ්නු නූන්ට "සාගර දෙක එකට හමුවන ප්රධාන ස්ථානය වෙත ළඟා වන තෙක්ම ගමන් කරමින්ම සිටිමි. එසේ නැතහොත් දැහැමි ගැත්තා හමු වී ඔහු ගැන මා දැන ගන්නා තෙක් දිගු කාලයක් වුව ද ගමන් කරමින්ම සිටිමි" යැයි පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَیْنِهِمَا نَسِیَا حُوْتَهُمَا فَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ سَرَبًا ۟
දෙදෙනාම ගමන් ගත්තෝය. සාගර දෙක එකිනෙක හමුවන ස්ථානයට ළඟා වූවෝය. ඔවුන් වෙනුවෙන් ඔවුන් ගමන් භාණ්ඩයක් ලෙස ගෙන ගිය ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක වීය. අල්ලාහ් එම මත්සයාට ජීවය දුන්නේය. උමගක් මෙන් මුහුදේ මාර්ගයක් ඌ තනා ගත්තේය. ඒ සමග ජලය නොබැඳින.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظمة القرآن وجلالته وعمومه؛ لأن فيه كل طريق موصل إلى العلوم النافعة، والسعادة الأبدية، وكل طريق يعصم من الشر.
•අල් කුර්ආනයේ මහිමය, එහි කීර්තිය හා එහි පොදුතාවය. සැබැවින්ම එහි ප්රයෝජනවත් දැනුම, සදාතනික සුවය වෙත ළඟා කරවන සියලුම මාර්ග හා උවදුරුවලින් ආරක්ෂා වීමේ සියලුම මාර්ග එහි ඇතුළත්ව තිබීම ඊට හේතුවයි.

• من حكمة الله ورحمته أن تقييضه المبطلين المجادلين الحق بالباطل من أعظم الأسباب إلى وضوح الحق، وتبيُّن الباطل وفساده.
•අල්ලාහ්ගේ ප්රඥාව හා ඔහුගේ කරුණා දයාව නම්, සත්යයට එරෙහිව අසත්යයෙන් තර්ක කරන ව්යාජ පුද්ගලයින් සීමා කිරීම සත්ය පැහැදිලි කිරීමටත් අසත්යය හා එහි අර්බුධ පැහැදිලි කිරීමටත් අතිමහත් සාධකයකි.

• في الآيات من التخويف لمن ترك الحق بعد علمه أن يحال بينه وبين الحق، ولا يتمكن منه بعد ذلك، ما هو أعظم مُرَهِّب وزاجر عن ذلك.
•සත්ය දැනගත් පසු, එය අතහැර දමන්නන්හට ඔවුන් අතර හා ඒ අතර බාධකයක් ඇතිවීම හා ඉන් පසුව එයට කිසිදු ඉඩ ප්රස්ථාවක් නොමැති වීම ගැන බිය ගැන්වීමක් මෙම පාඨවල සඳහන්ව ඇත. එය වඩාත් බිය දන්වන බරපතල කරුණකි. එමෙන්ම හෙළා දැකීමකි.

• فضيلة العلم والرحلة في طلبه، واغتنام لقاء الفضلاء والعلماء وإن بعدت أقطارهم.
•දැනුම හා එය සොයා යෑමේ මහිමය. විශේෂඥයින් හා උගතුන් දුර ප්රදේශවල විසූවද ඔවුන් හමුවීම සඳහා කාලය වෙන්කර ගත යුතුයි.

• الحوت يطلق على السمكة الصغيرة والكبيرة ولم يرد في القرآن لفظ السمك، وإنما ورد الحوت والنون واللحم الطري.
•‘හූත්’ නම් පදය ලොකු කුඩා මත්සයින් සඳහා භාවිත කරන පොදු නාමයකි. අල් කුර්ආනයේ ‘අස්සමක්’ මාළුවා නම් පදයෙන් භාවිතා වී නැත. එහි පැමිණ ඇත්තේ ‘හූත්’ තල්මසා, අන්නූන්- ආදා සහ ‘අල්ලහ්මුත් තරී’ පුෂ්ටිමත් මස් සහිත යනුවෙනි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት