Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
اَلْمَالُ وَالْبَنُوْنَ زِیْنَةُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ اَمَلًا ۟
මෙලොව ජීවිතයේ අලංකරණය කර පෙන්වන ලද ධනය හා දරුවන් වනාහි, එම ධනය අල්ලාහ් තෘප්තියට පත්වන දෑහි වියදම් කරනු ලැබීමෙන් මිස මතුලොවෙහි එයට කිසිදු ප්රයෝජනයක් නැත. අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ක්රියාවන් හා ප්රකාශයන් මෙලොවෙහි ඇති අලංකරණයන්ට වඩා කුසලින් උතුම්ය. මිනිසා බලාපොරොත්තු වන දෑට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම මෙලොව ජීවිතයේ අලංකරණයන් විනාශ වී යන්නකි. නමුත් අල්ලාහ් අබියස තෘප්තියට ලක්වන ප්රකාශ හා ක්රියාවන් සදා පවතින්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ نُسَیِّرُ الْجِبَالَ وَتَرَی الْاَرْضَ بَارِزَةً ۙ— وَّحَشَرْنٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا ۟ۚ
කඳු තිබූ තැනින් ඉවත් කරනු ලබන දිනය මෙනෙහි කර බලනු. මහපොළොව මතුපිටින් තිබූ කඳු, ගස් හා ගොඩනැගිලි ඉවත්ව යනු නුඹ දකිනු ඇත. සියලු මැවීම් අපි ඒකරාශී කරන්නෙමු. ඔවුන් අතරින් කිසිවකු හෝ එදින අවදි නොකර අතහැර නොදමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعُرِضُوْا عَلٰی رَبِّكَ صَفًّا ؕ— لَقَدْ جِئْتُمُوْنَا كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍ ؗ— بَلْ زَعَمْتُمْ اَلَّنْ نَّجْعَلَ لَكُمْ مَّوْعِدًا ۟
මිනිසුන් නුඹේ පරමාධිපති ඉදිරියේ පෙළට ඉදිරිපත් කරනු ලැබේ. පසු ව ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලැබ ඔවුනට මෙසේ පවසනු ලැබේ. "අපි නුඹලා ව මුල් අවදියේ මැව්වාක් සේම පාවහන් නොමැති නිරුවත් තනි තනි පුද්ගලයින් වශයෙන් නැවත ගෙන්වා ඇත්තෙමු. නමුත් නුඹලා නැවත නැගිටුවනු නොලබන බව ද, නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනැමීමට සැබැවින්ම අපි එහි කාලයක් හෝ ස්ථානයක් හෝ ඇති නොකරන්නෙමු යි තරයේම සිතුවෙහුය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوُضِعَ الْكِتٰبُ فَتَرَی الْمُجْرِمِیْنَ مُشْفِقِیْنَ مِمَّا فِیْهِ وَیَقُوْلُوْنَ یٰوَیْلَتَنَا مَالِ هٰذَا الْكِتٰبِ لَا یُغَادِرُ صَغِیْرَةً وَّلَا كَبِیْرَةً اِلَّاۤ اَحْصٰىهَا ۚ— وَوَجَدُوْا مَا عَمِلُوْا حَاضِرًا ؕ— وَلَا یَظْلِمُ رَبُّكَ اَحَدًا ۟۠
ක්රියා ලේඛනය ඔවුන් ඉදිරියේ තබනු ලැබේ. තම දකුණතින් තම ලේඛනය ගන්නා අය ද, තම වමතින් තම ලේඛනය ගන්නා අය ද එහි වෙති. අහෝ මිනිස! දේව ප්රතික්ෂෙපකයින් එහි ඇති දෑ ගැන බියෙන් පසුවනු නුඹ දකිනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් පෙර සිදු කළ පාපකම් හා දේව ප්රතික්ෂේපය ගැන දැන සිටින බැවිණි. ඔවුහු, "අහෝ අපගේ විනාශය! අපගේ අවාසනාව! මේ ලේඛනය කුමක් ද? අපගේ ක්රියාවන් අතරින් කුඩා හෝ මහා ක්රියාවක් සටහන් නොකර ගණනය නොකර අතහැර නැත" යැයි පවසති. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් සිදු කළ පාපකම් සියල්ල තිරසාර ලෙස සටහන් කර තිබෙනු ඔවුහු දකිති. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවෙකුට අසාධාරණයක් සිදු නොකරයි. කිසිදු පාපකමක හේතුවෙන් තොර ව කිසිවකුට දඬුවම් නොකරයි. ඔහුට අවනත වෙමින් සිදු කළ කිසිදු කුසලක් අවනත වන්නාට ඔහු අඩු නොකරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ اَمْرِ رَبِّهٖ ؕ— اَفَتَتَّخِذُوْنَهٗ وَذُرِّیَّتَهٗۤ اَوْلِیَآءَ مِنْ دُوْنِیْ وَهُمْ لَكُمْ عَدُوٌّ ؕ— بِئْسَ لِلظّٰلِمِیْنَ بَدَلًا ۟
අහෝ දූතය! ආදම්ට ආචාර කිරීමක් වශයෙන් සිරස නමන්නැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු. ඉබ්ලීස් පමණක් හැර සෙසු සියල්ලෝම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදමින් ඔහුට සිරස නමා ආචාර කළෝය. ඔහු ජින්නුන්ගෙන් කෙනෙකු මිස මලක්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔහු සිරස නැමීමට උඩඟු විය. අහංකාරකම් පැවේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිට අවනත වීමෙන් බැහැර විය. අහෝ ජනයිනි! ඔහු හා ඔහුගේ දරුවන් නුඹලාට සතුරන් ව සිටියදී මා හැර දමා නුඹලා ඔවුන් භාරකරුවන් ලෙස ගන්නෙහු ද? නුඹලාට සතුරු වූවන් නුඹලාගේ භාරකරුවන් ලෙස නුඹලා ගනුයේ කෙසේද? උත්තරීතර අල්ලාහ්ගේ භාරකාරත්වය වෙනුවට තමන්ගේ භාරකරු වශයෙන් ෂෙයිතාන්ව පත් කර ගත් අපරාධකරුවන් සිදු කරන ක්රියාව අශීලාචාරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَشْهَدْتُّهُمْ خَلْقَ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَا خَلْقَ اَنْفُسِهِمْ ۪— وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّیْنَ عَضُدًا ۟
මා අතහැර දමා නුඹලා භාරකරුවන් ලෙස ගත් අය වනාහි ඔවුහු නුඹලා මෙන් ගැත්තන් වෙති. අහස හා මහපොළොව මා මැවූ අවස්ථාවේදී අහස්හි මැවීම් හෝ මහපොළොවේ මැවීම් ඒවාට සාක්ෂිවශයෙන් නොගත්තෙමි. ඔවුන් ඒ වන විටත් සඳහන් කරනු ලබන්නක් ලෙස නොතිබිණ. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැම් මැවීම් සඳහා සාක්ෂි වශයෙන් ද මම නොගත්තෙමි. මැවීම හා සැලසුම් කිරීම මා තනි ව සිදු කරන්නෙක්මි. ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතර සිටින නොමග ගිය බලවේගයන් උදව්කරුවන් ලෙස මම නොගත්තෙමි. මා සියලු උදව් කරුවන්ගෙන් තොරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَقُوْلُ نَادُوْا شُرَكَآءِیَ الَّذِیْنَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ یَسْتَجِیْبُوْا لَهُمْ وَجَعَلْنَا بَیْنَهُمْ مَّوْبِقًا ۟
අහෝ දූතය! මෙලොව අල්ලාහ්ට ආදේශ තැබූවන් හට "නුඹලාට උදව් කිරීමට හැකිවනු පිණිස සැබැවින්ම ඔවුන් මා සමග වූ හවුල්කරුවන් බව නුඹලා විශ්වාස කරමින් සිටින, මාගේ හවුල් කරුවන් නුඹලා කැඳවනු" යැයි අල්ලාහ් පවසා සිටින අවස්ථාව ඔවුනට මතක් කර දෙනු. එවිට ඔවුහු ඔවුන් ඇරයුම් කරති. නමුත් ඔවුන්ගේ ප්රාර්ථනාවට පිළිතුරු නොදෙති. එමෙන්ම ඔවුනට උදව් නොකරති. නැමද සිටියවුන් හා නමිදිනු ලබන්නන් අතර හවුලේ භුක්ති විදිය හැකි විනාශයක් අපි ඇති කළෙමු. එය නිරයේ ගින්නය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَاَ الْمُجْرِمُوْنَ النَّارَ فَظَنُّوْۤا اَنَّهُمْ مُّوَاقِعُوْهَا وَلَمْ یَجِدُوْا عَنْهَا مَصْرِفًا ۟۠
එම දේව ආදේශකයින් නිරා ගින්න දෑසින් දකිති. සැබැවින්ම ඔවුන් එහි වැටෙන්නන් බව සහතික වශයෙන්ම ඔවුහු ස්ථීර කර ගනිති. ඔවුන් එයින් හැරී වෙනතකට යා හැකි තැනක් ඔවුහු නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• على العبد الإكثار من الباقيات الصالحات، وهي كل عمل صالح من قول أو فعل يبقى للآخرة.
•සදා පවතින දැහැමි ක්රියාවන් අධික ව ඉටු කිරීම ගැත්තාගේ වගකීමය. ඒවා මතුලොව සඳහා ඉතිරි ව පවතින සෑම දැහැමි ක්රියාවක්ම හා ප්රකාශයක්ම වේ.

• على العبد تذكر أهوال القيامة، والعمل لهذا اليوم حتى ينجو من أهواله، وينعم بجنة الله ورضوانه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මෙනෙහි කිරීම ගැත්තාගේ වගකීමය. එහි පවතින අර්බුදවලින් මිදී අල්ලාහ්ගේ ස්වර්ගය හා තෘප්තිය ඔහු ආශිර්වාද කරන තෙක් එම දිනය වෙනුවෙන් වෙහෙසව කටයුතු කිරීම ද ඔහුගේ වගකීමය.

• كَرَّم الله تعالى أبانا آدم عليه السلام والجنس البشري بأجمعه بأمره الملائكة أن تسجد له في بدء الخليقة سجود تحية وتكريم.
•අපගේ පියාණන් වූ (ආදම් අලයිහිස් සලාම්) තුමා හා මිනිස් වර්ගයා අල්ලාහ් උසස් කළේය. එය මිනිසාගේ මැවීම ආරම්භයේදීම ආචාර කිරීමක් හා ගරු කිරීමක් වශයෙන් සිරස නමන ලෙස තම මලක්වරුන් සියල්ලන් හට නියෝග කිරීමෙනි.

• في الآيات الحث على اتخاذ الشيطان عدوًّا.
•ෂෙයිතාන්ව සතුරෙකු ලෙස ගන්නා මෙන් මෙම පාඨවල දිරි ගන්වා ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት