Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
وَكَذٰلِكَ اَعْثَرْنَا عَلَیْهِمْ لِیَعْلَمُوْۤا اَنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّاَنَّ السَّاعَةَ لَا رَیْبَ فِیْهَا ۚۗ— اِذْ یَتَنَازَعُوْنَ بَیْنَهُمْ اَمْرَهُمْ فَقَالُوا ابْنُوْا عَلَیْهِمْ بُنْیَانًا ؕ— رَبُّهُمْ اَعْلَمُ بِهِمْ ؕ— قَالَ الَّذِیْنَ غَلَبُوْا عَلٰۤی اَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِمْ مَّسْجِدًا ۟
ඔවුන් වසර ගණනාවක්ම නිදන්නට යෑමට සලස්වා, පසු ව ඔවුන් අවදි කිරීමෙන් අපගේ ශක්තිය පෙන්වා දෙන අරුම ක්රියා පටිපාටියකින් අපි ඔවුන් සමග කටයුතු කළාක් මෙන්ම එවක විසූ නගරවාසීන් ඔවුන් දෙස අවධානය යොමු කරන්නට ඉඩ සැලසීය. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට උදව් කරන බවට හා ඔවුන් නැවත නැගිටුවනු ලබන බවට දුන් අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින කිසිදු සැකයකින් තොර ව පැමිණෙන බවත් ඔවුන්ගේ එම නගරවාසීන් දැනගනු පිණිසය. ලෙන් වාසීන්ගේ කරුණ හෙළි වී ඔවුන් මිය ගිය කල්හි, ඔවුන් දෙස දුටුවන් ඔවුනට කුමක් කළ යුතු දැයි? මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින් පිරිසක්: "ඔවුන්ගේ ලෙන් දොරටුව අබියස ඔවුන් ආවරණය වන පරිදි හා ඔවුන් ආරක්ෂාවන පරිදි ගොඩනැගිල්ලක් ඉදි කරනු. ඔවුන්ගේ තත්ත්වය මැනවින් දන්නා අල්ලාහ්ය සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය ඔහු වෙතින් ඔවුනට අත්වූ සුවිශේෂී සිදුවීමකි." යැයි පැවසූහ. කිසිදු දැනුමක් හෝ නිවැරදි පැතුමක් හෝ නැති ධනය ඇත්තන් "ඔවුනට ගරු කිරීමක් වශයෙන් හා ඔවුන්ගේ ස්ථානය අනුස්මරණ කිරීමක් වශයෙන් නැමදුම සඳහා මස්ජිදයක් ඉදි කර ගනිමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَقُوْلُوْنَ ثَلٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ ۚ— وَیَقُوْلُوْنَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَیْبِ ۚ— وَیَقُوْلُوْنَ سَبْعَةٌ وَّثَامِنُهُمْ كَلْبُهُمْ ؕ— قُلْ رَّبِّیْۤ اَعْلَمُ بِعِدَّتِهِمْ مَّا یَعْلَمُهُمْ اِلَّا قَلِیْلٌ ۫۬— فَلَا تُمَارِ فِیْهِمْ اِلَّا مِرَآءً ظَاهِرًا ۪— وَّلَا تَسْتَفْتِ فِیْهِمْ مِّنْهُمْ اَحَدًا ۟۠
ඔවුන්ගේ කතා වස්තුව අධ්යයනය කළ ඇතැමුන් ඔවුන්ගේ සංඛයාව ගැන මෙසේ පවසා සිටියහ. "ඔවුන් තිදෙනෙකි. ඔවුන්ගේ සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයාය." තවත් ඇතැමෙකු, "පස් දෙනෙකි. ඔවුන්ගේ සය වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. මෙම පිරිස් දෙකම එසේ පවසා සිටිනුයේ කිසිදු සාධකයකින් තොර ව ඔවුන්ගේ අනුමානයන් අනුගමනය කරමිනි. තවත් ඇතැමෙකු, "ඔවුන් සත් දෙනෙකි. ඔවුන්ගේ අට වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ඔවුන්ගේ සංඛ්යාව ගැන මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ සංඛ්යාව ගැන අල්ලාහ් දිව්ය පණිවිඩ තුළින් දැනුම්වත් කළ අය අතරින් සුළු පිරිසකට මිස වෙනත් අය නොදනිති. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ මත පමණක් සීමාවෙමින් ගැඹුරට නොගොස් මතු පිටින් කරන වාදයකින් මිස ඔවුන්ගේ සංඛ්යාව ගැන හා ඔවුන්ගේ අනෙකුත් තත්ත්වයන් ගැන ආගම් ලත් ජනයා සමග වාද නොකරනු. ඔවුන් ගැන කරුණු විස්තර කරන මෙන් ඔවුන් කිසිවකුගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින් ඔවුහු ඒ ගැන නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقُوْلَنَّ لِشَایْءٍ اِنِّیْ فَاعِلٌ ذٰلِكَ غَدًا ۟ۙ
අහෝ නබිවරය! හෙට දින සිදු කරන්නට අපේක්ෂා කරන යමකට, "සැබැවින්ම හෙට දින මම මෙය කරමි" යැයි නුඹ නොපවසනු. ඊට හේතුව එය හෙට දින ඔබ සිදු කරනු ඇත් දැයි හෝ එය හා ඔබ අතර බාධකයක් ඇතිවේ දැයි හෝ ඔබ නොදන්නා බැවිනි. එය සෑම මුස්ලිම්වරුයකුටම අනිවාර්යය දෙයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؗ— وَاذْكُرْ رَّبَّكَ اِذَا نَسِیْتَ وَقُلْ عَسٰۤی اَنْ یَّهْدِیَنِ رَبِّیْ لِاَقْرَبَ مِنْ هٰذَا رَشَدًا ۟
‘ඉන්ෂා අල්ලාහ් - අල්ලාහ් අභිමත කළේ නම්- මම එය හෙට සිදු කරමි’ යනුවෙන් අල්ලාහ්ගේ අභිමතය හා සම්බන්ධකොට පවසනවාක් මිස. "ඉන්ෂා අල්ලාහ්" යැයි නුඹ පවසමින් නුඹේ පරමාධිපතිව මෙනෙහි කරනු. නුඹට එය පැවසීමට අමතක වී නම් "මගපෙන්වීමක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මාගේ පරමාධිපති මෙම කටයුත්ත ඉතා ඉක්මණින් සිදු කරන්නට මට මග පෙන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَبِثُوْا فِیْ كَهْفِهِمْ ثَلٰثَ مِائَةٍ سِنِیْنَ وَازْدَادُوْا تِسْعًا ۟
ලෙන්වාසීහු ඔවුන්ගේ ලෙනෙහි වසර තුන්සිය නවයක් රැඳී සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُ اَعْلَمُ بِمَا لَبِثُوْا ۚ— لَهٗ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَبْصِرْ بِهٖ وَاَسْمِعْ ؕ— مَا لَهُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّلِیٍّ ؗ— وَّلَا یُشْرِكُ فِیْ حُكْمِهٖۤ اَحَدًا ۟
ඔවුන්ගේ ලෙනෙහි ඔවුන් රැඳී සිටි කාලය මැනවින් දන්නා අල්ලාහ්ය. එහි ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ තොරතුරු අපි දන්වා ඇත්තෙමු. ශුද්ධවන්තයාණන්ගේ ප්රකාශයෙන් පසුව වෙනත් ප්රකාශයක් නැත. මැවීමෙන් හා දැනුමෙන් අහස්හි සැඟවුණු දෑ ද, මහපොළොවේ සැඟවුණු දෑ ද සතු වන්නේ ඔහුටමය. ඒ කිසිවක් ඔහුව දැක නැත. නමුත් ඔහු ඒ සියල්ල දෙස නිරීක්ෂණය කරමින් සිටියි. ඒ කිසිවක් ඔහුට සවන් දෙන්නේ නැත. නමුත් ඔහු සියලු දෑට සවන් දෙන්නාය. ඔවුන්ගේ කටයුතු භාර කරන්නට ඔහු හැර වෙනත් භාරකරුවකු ඔවුනට නැත. ඔහුගේ ප්රඥාවේ කිසිවකු හවුල් නොවනු ඇත. ප්රඥාවෙන් ඔහු පමණක් ඛේවලය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنْ كِتَابِ رَبِّكَ ؕ— لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖ ۫ۚ— وَلَنْ تَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟
අහෝ දූතය! අල් කුර්ආනයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දේව පණිවිඩ අනුව නුඹ කටයුතු කරනු. එම දේව වදන් වෙනස් කරන්නෙකු නැත. සැබැවින්ම ඒ සියලු දෑ සැබෑය. යුක්ති සහගතය. ඔහු වෙත හැර සරණ පැතීමට වෙනත් සරණක් නැත. ඔහුගෙන් මිස ආරක්ෂාව පැතීමට වෙනත් ආරක්ෂක ස්ථානයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتخاذ المساجد على القبور، والصلاة فيها، والبناء عليها؛ غير جائز في شرعنا.
•අපගේ පිළිවෙත අනුව සොහොන් මත මස්ජිද් තැනීම එහි සලාත් ඉටු කිරීම හා ඒ මත ගොඩනැගිලි තැනීම සුදුසු නොවන්නකි.

• في القصة إقامة الحجة على قدرة الله على الحشر وبعث الأجساد من القبور والحساب.
•මෙම කතාව තුළ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින රැස් කිරීම, මිණීවලවල්වලින් ශරීර යළි අවදි කිරීම හා විනිශ්චය සම්බන්ධයෙන් අල්ලාහ්ගේ බලය සහතික කරන සාධක ඇත.

• دلَّت الآيات على أن المراء والجدال المحمود هو الجدال بالتي هي أحسن.
•ප්රශංසනීය වාද හා ඉදිරිපත් කිරීම් වනුයේ ඉතා මැනවින් ලෙස සිදු කරන වාදය බව මෙම පාඨ පෙන්වා දෙයි.

• السُّنَّة والأدب الشرعيان يقتضيان تعليق الأمور المستقبلية بمشيئة الله تعالى.
•ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු අල්ලාහ්ගේ අභිමතය සමඟ සම්බන්ධ කිරීම සඳහා ආගමානුගත පිළිවෙත හා විනය ඉල්ලා සිටියි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት