Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
قَالَ هٰذَا رَحْمَةٌ مِّنْ رَّبِّیْ ۚ— فَاِذَا جَآءَ وَعْدُ رَبِّیْ جَعَلَهٗ دَكَّآءَ ۚ— وَكَانَ وَعْدُ رَبِّیْ حَقًّا ۟ؕ
"යඃජූජ් හා මඃජූජ් අතර ද මහපොළොවේ කලහකම් කිරීම් අතර ද ආවරණය කරමින් තබන ලද බාධකය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයකි. එයින් ඔහු ඔවුන් වැළැක්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදු වීමට පෙර ඔවුන් බැහැර කිරීමට අල්ලාහ් නියම කළ කාලය පැමිණි විට ඔහු මහපොළොව සමග එය සමතලා කරනු ඇත. මහපොළොව සමග එය සමතලා කිරීමත් යඃජූජ් මඃජූජ්ගේ බැහැර වීමත් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ ප්රතිඥාව ස්තීරය. එහි කිසිම පසුබෑමක් නැත." යැයි දුල් කර්නයින් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَكْنَا بَعْضَهُمْ یَوْمَىِٕذٍ یَّمُوْجُ فِیْ بَعْضٍ وَّنُفِخَ فِی الصُّوْرِ فَجَمَعْنٰهُمْ جَمْعًا ۟ۙ
අවසන් කාලයේ, එම මැවීමෙන් ඇතැමෙක් ඇතැමෙකුට බාධාකරන්නටත්, ඇතැමුන් සමග මිශ්රව කටයුතු කරන්නටත් අපි අතහරින්නෙමු. සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබන විට එම මැවීම් සියල්ල විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා අපි එක්රැස් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّعَرَضْنَا جَهَنَّمَ یَوْمَىِٕذٍ لِّلْكٰفِرِیْنَ عَرْضَا ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කළවුන් නිරය දෑසින් දැක බලා ගැනීම සඳහා කිසිදු ඇන්දවීමකින් තොර ව නිරය ප්රසිද්ධව ඔවුනට හෙළි කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ كَانَتْ اَعْیُنُهُمْ فِیْ غِطَآءٍ عَنْ ذِكْرِیْ وَكَانُوْا لَا یَسْتَطِیْعُوْنَ سَمْعًا ۟۠
අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා කරමින් තිබූ ආවරණයක් ඔවුන්ගේ ඇස් මත තිබූ බැවින්, මෙලොවෙහි ඔහුව සිහිපත් කිරීමෙන් අන්ධ ලෙස කටයුතු කරමින් සිටි, පිළිගන්නා පරිදි අල්ලාහ්ගේ වදන් සවන් දීමට නොහැකි ව සිටි දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට එය (නිරය) හෙළි කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَحَسِبَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ یَّتَّخِذُوْا عِبَادِیْ مِنْ دُوْنِیْۤ اَوْلِیَآءَ ؕ— اِنَّاۤ اَعْتَدْنَا جَهَنَّمَ لِلْكٰفِرِیْنَ نُزُلًا ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් මා හැර දමා නැමදුම් ලබන්නට මාගේ වහලුන් වූ මලක්වරුන්, දූතවරුන් හා ෂෙයිතානුන් පත් කර ගන්නට සිතන්නෝද? දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පදිංචි වීම සඳහා නවාතැනක් සැබැවින්ම අපි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْاَخْسَرِیْنَ اَعْمَالًا ۟ؕ
"අහෝ ජනයිනි! තම ක්රියාවන් නාස්ති කරගත් ජනයා අතර මහත් සේ පරාජයට පත් අය ගැන තොරතුරු අපි නුඹලාට දනුම් දෙන්නද?" යැයි, අහෝ දූතය! නුඹ විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ ضَلَّ سَعْیُهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَهُمْ یَحْسَبُوْنَ اَنَّهُمْ یُحْسِنُوْنَ صُنْعًا ۟
සැබැවින්ම කැපවීමෙන් ඔවුන් කටයුතු කරමින් සිටි ඔවුන්ගේ උත්සාහයන් විනාශ වී යෑම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් දකිති. කැපවීමෙන් ඔවුන් කළ ක්රියාවන්හි ඔවුන් දැහැමියන් බවත්, ඔවුන්ගේ එම ක්රියාවන් තුළින් ඔවුන් ප්රයෝජන ලබනු ඇති බවත් සිතති. නමුත් ඊට පටහැනි ව එය සිදුවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ وَلِقَآىِٕهٖ فَحَبِطَتْ اَعْمَالُهُمْ فَلَا نُقِیْمُ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ وَزْنًا ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළ, ඔහුගේ හමුව පිටු දකින මොවුන් වනාහි, එසේ ප්රතික්ෂේප කළ බැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් වෙතින් යම් නියමයක් ඔවුනට නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوْا وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَرُسُلِیْ هُزُوًا ۟
ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද, පහළ කරනු ලැබූ මාගේ වදන් හා මාගේ දූතවරුන් ඔවුන් සරදමට ගත් බැවින් ද ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබ ඇති ප්රතිඵලය නිරයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ كَانَتْ لَهُمْ جَنّٰتُ الْفِرْدَوْسِ نُزُلًا ۟ۙ
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුනට ගරු කිරීම සඳහා නවාතැන් වශයෙන් උසස් ස්වර්ග උයන් ඔවුනට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خٰلِدِیْنَ فِیْهَا لَا یَبْغُوْنَ عَنْهَا حِوَلًا ۟
ඔවුහු එහි සදා වෙසෙන්නෝ වෙති. එයට සමීප කළ නොහැකි වෙනත් ප්රතිඵලයක් නොමැති බැවින් ඔවුහු එය වෙනස් කර නොඉල්ලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمٰتِ رَبِّیْ لَنَفِدَ الْبَحْرُ قَبْلَ اَنْ تَنْفَدَ كَلِمٰتُ رَبِّیْ وَلَوْ جِئْنَا بِمِثْلِهٖ مَدَدًا ۟
"අහෝ දූතය! සැබැවින්ම මාගේ පරමාධිපතිගේ වදන් බහුලය. සාගරය තීන්ත කුප්පයක් වී එමගින් ඒවා ලියනු ලැබුව ද ශුද්ධවන්තයාගේ එම වදන් අවසන් වීමට මත්තෙන්, සාගරයේ ජලය අවසන් වී යනු ඇත. තවත් මුහුදු ගෙනැවිත් දුන්න ද ඒවා ද සිදී යනු ඇතැ"යි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّمَاۤ اَنَا بَشَرٌ مِّثْلُكُمْ یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَمَنْ كَانَ یَرْجُوْا لِقَآءَ رَبِّهٖ فَلْیَعْمَلْ عَمَلًا صَالِحًا وَّلَا یُشْرِكْ بِعِبَادَةِ رَبِّهٖۤ اَحَدًا ۟۠
"අහෝ දූතය! සැබැවින්ම මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. ඔහු මා වෙත දේව පණිවිඩ එවා ඇත. සැබෑ ලෙසින් නුඹලාගේ නැමදුමට ලක් විය යුත්තේ කිසිදු හවුල්කරුවෙකු නොමැති ඒකීයයාණන්ටය. ඔහු අල්ලාහ්ය. තම පරමාධිපතිගේ හමුව ගැන කවරෙකු බිය වන්නේ ද ඔහුගේ පිළිවෙතට අනුකූල ව ක්රියා කරත්වා! එහි දී ඔහුට අවංකව කටයුතු කරත්වා! ඔහුට නැමදුම් කිරීමෙහි කිසිවෙකු හවුල් කර නො ගනිත්වා!" යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات البعث والحشر بجمع الجن والإنس في ساحات القيامة بالنفخة الثانية في الصور.
•හොරණෑවෙහි දෙවන වරට පිඹීමෙන් ජින්නුන් හා මිනිසුන් යන සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තැනට යළි අවදිකරවා එක්රැස් කරනු ලැබීම සහතික කිරීම.

• أن أشد الناس خسارة يوم القيامة هم الذين ضل سعيهم في الدنيا، وهم يظنون أنهم يحسنون صنعًا في عبادة من سوى الله.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි ලෙස පාඩු විඳින ජනයා වනුයේ, අල්ලාහ් නොවන දෑ නැමදුමට ගැනීමෙහි තමන් දැහැමි දෑ සිදු කරන බව සිතා, මෙලොවෙහි ඔවුන් කළ කැපවීම් නාස්ති වී ගිය අය වෙති.

• لا يمكن حصر كلمات الله تعالى وعلمه وحكمته وأسراره، ولو كانت البحار والمحيطات وأمثالها دون تحديد حبرًا يكتب به.
•නිමක් නැති සාගර, මුහුදු හා ඒ හා සමාන දෑ තීන්ත කුප්පියක් බවට පත් කර එමගින් උත්තරීතර අල්ලාහ්ගේ වදන්, ඔහුගේ දැනුම, ඔහුගේ ප්රඥාව හා ඔහුගේ අභිරහස් ලියනු ලැබව ද ඒවා ගණන් කර සටහන් කිරීමට නො හැකිය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት