Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
وَدَخَلَ جَنَّتَهٗ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ— قَالَ مَاۤ اَظُنُّ اَنْ تَبِیْدَ هٰذِهٖۤ اَبَدًا ۟ۙ
අධිමානයෙන් හා දේව ප්රතික්ෂේපයෙන් තමන්ටම අපරාධකරගත් තත්ත්වයේ දේව විශ්වාසියා සමග සම්බන්ධකම් පැවැත්වූ එම දේව ප්රතික්ෂේපකයා, තම වත්ත බැලීම සඳහා ඒ තුළට පිවිසීය. වත්ත දුටු එම දේව ප්රතික්ෂේපකයා, "මේ වත්ත සදාකල් පැවතීම සඳහා ගත යුතු ක්රියා මාර්ග මා ගෙන ඇති බැවින්, ඔබ මේ දකින වත්ත විනාශ වී යනු ඇතැයි මම නොසිතමි"යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَاۤ اَظُنُّ السَّاعَةَ قَآىِٕمَةً ۙ— وَّلَىِٕنْ رُّدِدْتُّ اِلٰی رَبِّیْ لَاَجِدَنَّ خَیْرًا مِّنْهَا مُنْقَلَبًا ۟ۚ
සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන්නක් බවත්, සැබැවින්ම එය සදාතනික ජීවිතය වන බවත්, එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් මම නොසිතමි. එහෙයින් මා යළි අවදි කරනු ලැබ මාගේ පරමාධිපති වෙත නැවත යොමු කරනු ලැබුව ද, ඔහු වෙත ලබා ගත් මාගේ මෙම වත්තට වඩා උතුම් දෙයක් මම නැවත ලබන්නෙමි. එහෙයින් මෙලොවෙහි මා පොහොසතෙකු ලෙස පත් කර තිබීම යළි අවදි කරනු ලැබුවායින් පසු මා පොහොසතෙකු වීම අනිවාර්යය කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَهٗ صَاحِبُهٗ وَهُوَ یُحَاوِرُهٗۤ اَكَفَرْتَ بِالَّذِیْ خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ سَوّٰىكَ رَجُلًا ۟ؕ
ඔහුගේ මිතුරු දේව විශ්වාසියා ඔහු සමග නැවතත් කතා කරමින්" "ඔබේ පියාණන් ආදම් ව මැටියෙන් මවා, පසු ව නුඹ ව ශුක්රාණුවකින් නිර්මාණය කොට, පසු ව නුඹ මිනිසෙකු ලෙස සඳහන් කළ හැකි තත්ත්වයට පත් කොට, නුඹගේ අවයව නිසි අයුරින් සකස් කොට, නුඹව සම්පූර්ණ කළ මැවුම්කරුවාණන්ව නුඹ ප්රතික්ෂේප කරන්නෙහි ද? මේ සියල්ල කළ හැකි ඔහු නුඹ ව යළි අවදි කිරීමේ බලය ඇත්තාය." යනුවෙන් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لٰكِنَّاۡ هُوَ اللّٰهُ رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِرَبِّیْۤ اَحَدًا ۟
නමුත් නුඹ කළ මෙම ප්රකාශය මම නොපවසමි. සැබැවින්ම මා පවසා සිටිනුයේ, "ඔහුගේ ආශිර්වාදයෙන් අපව උසස් කළ මාගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. නැමදුමෙහි ඔහුට කිසිවෙකු මම හවුල් නොකරමි" යනුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَاۤ اِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ اللّٰهُ ۙ— لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ ۚ— اِنْ تَرَنِ اَنَا اَقَلَّ مِنْكَ مَالًا وَّوَلَدًا ۟ۚ
නුඹ නුඹේ වත්තට පිවිසෙන විට, "මාෂා අල්ලාහ් ලා කුව්වත ලිඅහදින් ඉල්ලා බිල්ලාහ්, -අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් කිසිවකුට හෝ නොමැත - යැයි පැවසිය යුතු නොවේ ද? නුඹට වඩා දුප්පතෙකු හා දරුවන්ගෙන් අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුව ද, ඔහු තමන් අභිමත කරන දේ සිදු කරන්නාය, බලවතාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَعَسٰی رَبِّیْۤ اَنْ یُّؤْتِیَنِ خَیْرًا مِّنْ جَنَّتِكَ وَیُرْسِلَ عَلَیْهَا حُسْبَانًا مِّنَ السَّمَآءِ فَتُصْبِحَ صَعِیْدًا زَلَقًا ۟ۙ
නුඹේ මේ වත්තට වඩා ශ්රේෂ්ඨ දෙයක් අල්ලාහ් මට පිරිනමනු ඇතැයි ද අහසින් පහළ වන දඬුවමක් නුඹේ වත්තට ඔහු එවනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි. එවිට ඔබේ වත්ත ශාක හට නොගන්නා භූමියක් බවට පත් වේ. එයින් ඇතිවන සියුම් භාවය නිසා පාද ලිස්සා යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِیْعَ لَهٗ طَلَبًا ۟
"එසේ නැතහොත් එහි ජලය භූමියේ සිදී යනු ඇත. එවිට කිසිදු ආධාරයකින් හෝ ඒ වෙත ළඟා වන්නට නුඹලාට හැකි නොවනු ඇත. එහි ජලය සිඳී ගිය විට එයට කිසිදු පැවැත්මක් නොවනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُحِیْطَ بِثَمَرِهٖ فَاَصْبَحَ یُقَلِّبُ كَفَّیْهِ عَلٰی مَاۤ اَنْفَقَ فِیْهَا وَهِیَ خَاوِیَةٌ عَلٰی عُرُوْشِهَا وَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُشْرِكْ بِرَبِّیْۤ اَحَدًا ۟
දේව විශ්වාසියා බලාපොරොත්තු වූ දෑ ස්ථීර විය. දේව ප්රතික්ෂේපකයාගේ වත්තෙහි ඇති පළදාව වටා විනාශය ආවරණය විය. එහි ගොඩනැගිලි හා එය සකස් කිරීම සඳහා තමන් වියදම් කළ ධනය පිළිබඳ දැඩි කණස්සල්ලට හා පසුතැවිල්ලට පත්ව, දේව ප්රතික්ෂේපකයා තම අත් පෙරළන්නට විය. මිදි වැල් විහිදී නොයන සේ එහි මුල් සමගම වත්ත වැටී තිබිණ. ඔහු, "අහෝ මා මාගේ පරමාධිපති පමණක් විශ්වාස කොට නැමදුමෙහි වෙනත් කිසිවෙකු ඔහු සමග හවුල් නොරකන්නට තිබුණා නොවේදැ?" යි පවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمْ تَكُنْ لَّهٗ فِئَةٌ یَّنْصُرُوْنَهٗ مِنْ دُوْنِ اللّٰهِ وَمَا كَانَ مُنْتَصِرًا ۟ؕ
දේව ප්රතික්ෂේපකයාට අත් වූ දඬුවම වළක්වාලන පිරිවරක් ඔහුට නොවීය. ඔහු තම පිරිවර ගැන උදම් අනමින් සිටියේය. නමුත් අල්ලාහ් ඔහුගේ වත්ත විනාශ කිරීමෙන් වළක්වාලන්නෙකු නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُنَالِكَ الْوَلَایَةُ لِلّٰهِ الْحَقِّ ؕ— هُوَ خَیْرٌ ثَوَابًا وَّخَیْرٌ عُقْبًا ۟۠
එහි දී ජයග්රාහී ස්ථානය අල්ලාහ් සතු ව පමණක් විය. ඔහු සුවිශුද්ධය. තම හිතවත් දේව වීශ්වාසීන්හට තිළිණ පිරිනැමීමෙන් ඔහු ශ්රේෂ්ඨය. ඔවුනට එම තිළිණ ගුණ කරමින් පිරිනමයි. ඔවුනට අවසානයෙන් ද ඔහු ශ්රේෂ්ඨ වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاضْرِبْ لَهُمْ مَّثَلَ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ فَاَصْبَحَ هَشِیْمًا تَذْرُوْهُ الرِّیٰحُ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ مُّقْتَدِرًا ۟
අහෝ දූතය! මෙලොවට රැවටුණු ජනයා හට ඒ ගැන උපමාවක් නුඹ ගෙන හැර දක්වනු: එනම් එය ඉවත්ව යාමේ හා එය අවසන්වී යන වේගයට උපමාව අහසින් අප පහළ කරන වැසි ජලය මෙනි. එම ජලය මගින් මහපොළොවේ පැළෑටී හට ගැණින. එය ඒවා ගෙන දුනි. පසු ව එම පැලෑටි ඉපනැලි බවට පත් ව සුනු විසිණු වී ගොස් වෙනත් ප්රදේශයක් කරා සුළඟ එහි කොටස් උසුලාගෙන යයි. පසු ව මහපොළොව, පෙර තිබූ තත්ත්වයටම නැවත පත් වෙයි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක. ඔහු අභිමත කරන දෑ ජීවමාන කරයි. ඔහු අභිමත දෑ විනාශ කර දමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• على المؤمن ألا يستكين أمام عزة الغني الكافر، وعليه نصحه وإرشاده إلى الإيمان بالله، والإقرار بوحدانيته، وشكر نعمه وأفضاله عليه.
•දේව ප්රතික්ෂෙපකයාගේ උසස් සම්පත් ඉදිරියේ දෙවියන් විශ්වාස කරන්නා පහත් විය යුතු නැත. ඔහුට උපදෙස් දිය යුතුය. අල්ලාහ් විශ්වාස කිරීමට ඔහුගේ ඒකීයත්වය පිළිගැනීමට ඔහුට උසස් ලෙස පිරි නමා ඇති ඔහුගේ උසස්භාවය හා ආශිර්වාදවලට කෘතඥතාව පුද කිරීමට ඔහුට මග පෙන්විය යුතුය.

• ينبغي لكل من أعجبه شيء من ماله أو ولده أن يضيف النعمة إلى مُولِيها ومُسْدِيها بأن يقول: ﴿ما شاءَ اللهُ لا قُوَّةَ إلَّا بِاللهِ﴾.
•තම ධනය හෝ තම දරුවන් පිළිබඳ මවිතයට පත්වන සියලු දෙනා, "මාෂා අල්ලාහ් ලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" - අල්ලාහ් අභිමත කරන අයුරින් සිදුව ඇත. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් කිසිවකුට හෝ නොමැත - යැයි පවසමින් එම ආශිර්වාද එහි භාරකරු හා එය පිරිනැමූ අය වෙත සම්බන්ධ කළ යුතුයි.

• إذا أراد الله بعبد خيرًا عجل له العقوبة في الدنيا.
•අල්ලාහ් යම් ගැත්තෙකුට යහපතක් පැතුවේ නම් මෙලොවෙහිම දඬුවම ඔහුට ඉක්මන් කරනු ඇත.

• جواز الدعاء بتلف مال من كان ماله سبب طغيانه وكفره وخسرانه.
•කිසිවකුගේ ධනය ඔහුගේ සීමාව ඉක්මවීමටත්, දෙවියන් ප්රතික්ෂේප කිරීමටත්, විනාශට පත්වීමටත්, හේතු සාධක වන්නේ ද එවන් ධනය විනාශ වී යෑම සඳහා ප්රාර්ථනා කිරීමේ අනුමැතිය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት