Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
مَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ وَّلَا لِاٰبَآىِٕهِمْ ؕ— كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ اَفْوَاهِهِمْ ؕ— اِنْ یَّقُوْلُوْنَ اِلَّا كَذِبًا ۟
අල්ලාහ්ට දරුවෙකු ආරෝපණය කොට ඒ ගැන වාද කරමින් බොරු ගොතා පවසන්නන්හට ඒ ගැන කිසිදු දැනුමක් හෝ සාධකයක් හෝ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් පිළිපදින ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ද කිසිදු දැනුමක් නැත. කිසිදු අවබෝධයකින් තොර ව ඔවුන්ගේ කටින් පිටවන එම ප්රකාශය බපතල විය. ඔවුන් බොරුවක් මිස වෙනත් කිසිවක් නොපවසති. එයට කිසිදු පදනමක් හෝ ලේකනයක් හෝ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلٰۤی اٰثَارِهِمْ اِنْ لَّمْ یُؤْمِنُوْا بِهٰذَا الْحَدِیْثِ اَسَفًا ۟
අහෝ දූතය! මෙම කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් දුකින් හා ශෝකයෙන් නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත. එසේ සිදු නොකරනු. ඔවුනට යහ මඟ හිමි කර දීම සඳහා නුඹට කිසිදු වගකීමක් නැත. නුඹේ වගකීම වනුයේ පැහැදිලිව යහමගට ඇරයුම් කිරීම පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا جَعَلْنَا مَا عَلَی الْاَرْضِ زِیْنَةً لَّهَا لِنَبْلُوَهُمْ اَیُّهُمْ اَحْسَنُ عَمَلًا ۟
මහපොළොව මත ඇති සියලු මැවීම් එයට අලංකරණයක් ලෙස අපි මවා ඇත්තෙමු. එය ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ් තෘප්තිමත් වන අයුරින් වඩාත් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද එසේ නැතහොත් වඩාත් නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිසය. ඔවුනොවුන්ට ගැළපෙන පරිදි අපි ඔවුනට ප්රතිඵල පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا لَجٰعِلُوْنَ مَا عَلَیْهَا صَعِیْدًا جُرُزًا ۟ؕ
තවද සැබැවින්ම මැවීම් අතරින් මහපොළොව මත ඇති දෑ ශාකවලින් තොර වියලි පස් බවට පත් කරන්නෙමු. එය, ඒ මත තිබෙන මැවීම්වල ආයු කාලය අවසන්වීමෙන් පසුවය. එහෙයින් ඒ ගැන සැලකිලිමත් වෙත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ حَسِبْتَ اَنَّ اَصْحٰبَ الْكَهْفِ وَالرَّقِیْمِ كَانُوْا مِنْ اٰیٰتِنَا عَجَبًا ۟
අහෝ දූතය! ‘අස්හාබුල් කහ්ෆ්’ නොහොත් ලෙන් වැසියන් හා ඔවුන්ගේ නම් කොටා ඇති ඔවුන්ගේ පුවරුව අපගේ පුදුමාකාර ප්රාතිහාර්යයන් ලෙස නොසිතනු. අහස් හා මහපොළොව මැවීම මෙන් ඊටත් වඩා මවිතයට පත් කරවන ප්රාතිහාර්යයන් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ اَوَی الْفِتْیَةُ اِلَی الْكَهْفِ فَقَالُوْا رَبَّنَاۤ اٰتِنَا مِنْ لَّدُنْكَ رَحْمَةً وَّهَیِّئْ لَنَا مِنْ اَمْرِنَا رَشَدًا ۟
අහෝ දූතය! තම දහම ආරක්ෂා කර ගනිමින් දේවත්වය විශ්වාස කළ තරුණ පිරිසක් පලාගොස් ලෙන තුළ රිංගා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් ප්රාර්ථනා කරමින්, "අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ට සමාව දෙමින්, අපගේ සතුරන්ගෙන් අපව මුදවා ගනිමින්, නුඹ වෙතින් කරුණා දයාව අපහට පිරිනමනු මැනව! දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ විශ්වාසයෙන් අපි නික්ම ආවෙමු. එය සත්යය හා නිවැරදි මග පෙන්වා දෙන්නක් බවට පත් කරනු මැනව."යැයි ප්රාර්ථනා කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَضَرَبْنَا عَلٰۤی اٰذَانِهِمْ فِی الْكَهْفِ سِنِیْنَ عَدَدًا ۟ۙ
ඔවුන්ගේ ගමනින් හා ඔවුන් ගුහාවට රිංගා ගත් පසු හඬවල් ඇසිය නොහැකි පරිදි ආවරණයක් ඔවුන්ගේ කන් මත තැබුවෙමු. වසර ගණනාවක් ඔවුන් මත නින්ද අපි හෙළුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ بَعَثْنٰهُمْ لِنَعْلَمَ اَیُّ الْحِزْبَیْنِ اَحْصٰی لِمَا لَبِثُوْۤا اَمَدًا ۟۠
ඔවුන්ගේ දිගු නින්දෙන් පසු ව ගුහාවේ ඔවුන් රැඳී සිටි කාල ප්රමාණය ගැන වඩාත් මැනවින් දන්නේ ඒ ගැන මතභේද ඇති කරගත් කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් දැයි මතු පිටින් දැනගනු පිණිස ඔවුන්ගේ දිගු නින්දට පසු ව අපි ඔවුන් අවදි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ نَقُصُّ عَلَیْكَ نَبَاَهُمْ بِالْحَقِّ ؕ— اِنَّهُمْ فِتْیَةٌ اٰمَنُوْا بِرَبِّهِمْ وَزِدْنٰهُمْ هُدًی ۟ۗۖ
කිසිදු සැකයකින් තොර ව ඔවුන්ගේ සත්ය තොරතුරු දෙස බලන්නට අපි නුඹව යොමු කරන්නෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති විශ්වාස කොට ඔහුට යටත්ව ක්රියා කළ තරුණ පිරිසකි. සත්ය මත වූ ස්ථාවරත්වයත් මග පෙන්වීමත් අපි ඔවුනට අධික කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّرَبَطْنَا عَلٰی قُلُوْبِهِمْ اِذْ قَامُوْا فَقَالُوْا رَبُّنَا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ لَنْ نَّدْعُوَاۡ مِنْ دُوْنِهٖۤ اِلٰهًا لَّقَدْ قُلْنَاۤ اِذًا شَطَطًا ۟
"අප විශ්වාස කරන අප ගැතිකම් කරන අපගේ පරමාධිපතියාණන් අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඔහු හැර පහත් ව්යාජ දෙවිවරුන් අපි කිසිවිටෙක නොනමදින්නෙමු. ඔහු හැර වෙනත් කෙනෙකු අපි නමදින්නේ නම් සත්යයෙන් දුරස් වූ පාපී ප්රකාශයක් අපි සිදු කර ඇත්තෙමු" යැයි ඔවුන් රජු ඉදිරියේ අල්ලාහ් කෙරෙහි තබා ඇති ඒකීය විශ්වාසය දන්වා සිටිමින් ඔවුන් එම දේශයෙන් නික්ම යන මොහොතේ, ඔවුන් මත ඉවසීම හා දේව විශ්වාසය හා ඒ මත වූ ස්ථාවර්තවය තුළින් අපි ඔවුන්ගේ හදවත් බලවත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤؤُلَآءِ قَوْمُنَا اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ— لَوْلَا یَاْتُوْنَ عَلَیْهِمْ بِسُلْطٰنٍ بَیِّنٍ ؕ— فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ۟ؕ
පසු ව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස හැරී බලා, "අපගේ මෙම ජනයා අල්ලාහ් හැර නැමදුමට ලක්වන වෙනත් දෑ නමදින්නට ගෙන ඇත. ඒවාට නැමදුම් කිරීම සඳහා පැහැදිලි සාධකයක් ඔවුන් සතුව නැත. අල්ලාහ් වෙත හවුල්කරුවන් ආරෝපණය කරමින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා වෙනත් අපරාධකරුවකු නැත." යැයි කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعي إلى الله عليه التبليغ والسعي بغاية ما يمكنه، مع التوكل على الله في ذلك، فإن اهتدوا فبها ونعمت، وإلا فلا يحزن ولا يأسف.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා වනාහි, ඒ සම්බන්ධයෙන් අල්ලාහ් මත විශ්වාසය තබමින් උපරිමයෙන් ප්රචාරය කිරීම හා කැපවීම ඔහුගේ වගකීමය. එවිට ඔවුන් මග ලැබුවේ නම් එය යහපත් වන්නේය. එසේ නොවී නම් ඒ ගැන ඔහු දුක් වීමට හෝ පසු තැවෙන්නට හෝ අවශ්ය නැත.

• في العلم بمقدار لبث أصحاب الكهف، ضبط للحساب، ومعرفة لكمال قدرة الله تعالى وحكمته ورحمته.
•ලෙන් වැසියන් රැඳී සිටි කාල ප්රමාණය පිළිබඳ දැනුමෙහි ගණිතමය සටහනක් ඇති අතර එය අල්ලාහ්ගේ පූර්ණ ශක්තිය, ඔහුගේ ප්රඥාව හා ඔහුගේ කරුණාව දැනුම්වත් කරන්නකි.

• في الآيات دليل صريح على الفرار بالدين وهجرة الأهل والبنين والقرابات والأصدقاء والأوطان والأموال؛ خوف الفتنة.
•දහම ආරක්ෂා කර ගනිමින් පලා යෑම හා අර්බුදයට බිය වී පවුල, දරුවන්, ඥාතී, හිත මිතුරන්, දේශය හා සම්පත් සියල්ල අතහැර යාම සම්බන්ධයෙන් පැහැදිළි සාධකයක් මෙම පාඨවල සඳහන්ව ඇත.

• ضرورة الاهتمام بتربية الشباب؛ لأنهم أزكى قلوبًا، وأنقى أفئدة، وأكثر حماسة، وعليهم تقوم نهضة الأمم.
•තරුණයින් පුහුණු කිරීමේ වැදගත්කම. සැබැවින්ම ඔවුන් හදවතින් ඉතා පිවිතුරුය. සිතින් අවංකය. උද්යෝගිමත් කමින් අධිකය. සමාජය තුළ පුනරුදයක් ඇති කිරීමේ හැකියාව ඔවුනට ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት