Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ وَلَا تَعْدُ عَیْنٰكَ عَنْهُمْ ۚ— تُرِیْدُ زِیْنَةَ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَلَا تُطِعْ مَنْ اَغْفَلْنَا قَلْبَهٗ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوٰىهُ وَكَانَ اَمْرُهٗ فُرُطًا ۟
ප්රාර්ථනාවෙන් හා නැමදුමෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරමින් සිටින අය සමග නුඹ යහපත් සම්බන්ධතාවක් පවත්වා ගනු. දහවල් ආරම්භයේ හා එහි අවසානයේ අවංකව ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටී. පොහොසත් හා ප්රභූවරුන්ගේ සභාවක් දැක නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට නොගනු. එම සභාවන් අවසානයේ තම හදවත් අප ව මෙනෙහි කිරීමට අමතක කර දමා, නුඹේ සභාවෙන් දිළිඳු ජනයා ඉවත් කරන මෙන් නුඹට අණ කරන, තම පරමාධිපතිට අවනතවන කටයුතුවලදී තමන්ගේ ආශාවන් අනුගමනය කරමින් කටයුතු ඉදිරිපත් කරන අයට නුඹ අවනත නොවනු. ඔහුගේ ක්රියාවන් නිෂ්ඵලය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلِ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۫— فَمَنْ شَآءَ فَلْیُؤْمِنْ وَّمَنْ شَآءَ فَلْیَكْفُرْ ۚ— اِنَّاۤ اَعْتَدْنَا لِلظّٰلِمِیْنَ نَارًا اَحَاطَ بِهِمْ سُرَادِقُهَا ؕ— وَاِنْ یَّسْتَغِیْثُوْا یُغَاثُوْا بِمَآءٍ كَالْمُهْلِ یَشْوِی الْوُجُوْهَ ؕ— بِئْسَ الشَّرَابُ ؕ— وَسَآءَتْ مُرْتَفَقًا ۟
අහෝ දූතය! ඔවුන්ගේ හදවත්හි නොසැලකිලිමත්කම නිසා අල්ලාහ්ව මෙනෙහි කිරීම අතහැර දමන්නන් හට නුඹ මෙසේ පවසනු, "මා කවර දෙයක් සමග නුඹලා වෙත පැමිණියේ ද එය සැබෑවකි. එය මා වෙතින් නොව අල්ලාහ් වෙතිනි. දෙවියන් විශ්වාස කරන්නන් නෙරපා හරින මෙන් නුඹලා කරන ඉල්ලීමට පිළිතුරු දෙන්නෙකු ලෙස මා නැත. එහෙයින් නුඹලා අතරින් මෙම සත්යය විශ්වාස කරන්නට කැමති අය එය විශ්වාස කරත්වා! එහි ප්රතිඵල තුළින් ඔහු ප්රීති වනු ඇත. එමෙන්ම නුඹලා අතරින් එය ප්රතික්ෂේප කරන්නට කැමති අය එය ප්රතික්ෂේප කරත්වා! ඔහු ව බලාපොරොත්තුවෙන් ඇති දඬුවම පැමිණෙනු ඇත. තමන් විසින්ම දේව ප්රතික්ෂේපය තෝරාගත් අපරාධකරුවන්හට පවුරෙන් ඔවුන් වටකරගත් අතිමහත් ගින්නක් අපි සූදානම් කර ඇත්තෙමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති. පිපාසය හේතුවෙන් ඔවුන් අත් විඳින අසීරුතාවය නිසා ඔවුන් ජලය පතා උදව් ඉල්ලුව ද දැඩි උෂ්ණත්වයෙන් කැළඹුණු තෙල් මෙන් දියරයක් ඔවුන් පොවනු ලබති. දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ මුහුණු පිළිස්සී යයි. ඔවුනට පොවන ලද එම පානය පානයෙන් ඉතා අමිහිරිම පානයයි. එය පිපාසය නොසංසිඳුවන අතර එය තව තවත් වැඩි කරවයි. ඔවුන්ගේ හම් පුළුස්සා දමන ගිනි සිළු නිවී යන්නේ නැත. ඔවුන් ගොඩ බසින නවාතැනින් හා ඔවුන් පදිංචිවන ස්ථානයෙන් නිරය නපුරුම නවාතැනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اِنَّا لَا نُضِیْعُ اَجْرَ مَنْ اَحْسَنَ عَمَلًا ۟ۚ
සැබැවින්ම, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු යහපත් අයුරින් ඉටු කළෝය. ඔවුනට අතිමහත් තිළිණ ඇත. දැහැමි ලෙස කටයුතු කළවුන්ගේ ප්රතිඵල අපි අපතේ නොයවන්නෙමු. ඔවුන්ගේ ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව සම්පූර්ණයෙන්ම පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ لَهُمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّیَلْبَسُوْنَ ثِیَابًا خُضْرًا مِّنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ؕ— نِعْمَ الثَّوَابُ ؕ— وَحَسُنَتْ مُرْتَفَقًا ۟۠
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් පිළිබඳ ගුණ ගායනා කරනු ලැබූවන්හට ඔවුන් සදා පදිංචි වන ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ නිවෙස්වලට පහළින් ස්වර්ගයේ මිහිරි ගංගාවන් ගලා යයි. රණින් වූ වළලු වලින් එහි ඔවුන් අලංකාර කරනු ලබති. සියුම් පට හා සේද ඇඳුමින් ඇඳ සැරිසරති. අලංකාර ඇතිරිලිවලින් අලංකරණය කරන ලද ඇඳන් මත හාන්සි වී සිටිති. ඔවුන්ගේ තිළිණ යහපත් විය. ඔහු පදිංචියට යන ස්ථානයෙන් ස්වර්ගය වඩාත් යහපත් නවාතැනක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاضْرِبْ لَهُمْ مَّثَلًا رَّجُلَیْنِ جَعَلْنَا لِاَحَدِهِمَا جَنَّتَیْنِ مِنْ اَعْنَابٍ وَّحَفَفْنٰهُمَا بِنَخْلٍ وَّجَعَلْنَا بَیْنَهُمَا زَرْعًا ۟ؕ
අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේ කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නා යන මිනිසුන් දෙදෙනාහට උපමා ගෙන හැර දක්වනු. ඔවුන් දෙදෙනා අතරින් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතු දෙකක් උරුම කළෙමු. එම වතු දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. ඒ දෙක අතර පවතින හිඩැස්හි පැලෑටි හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كِلْتَا الْجَنَّتَیْنِ اٰتَتْ اُكُلَهَا وَلَمْ تَظْلِمْ مِّنْهُ شَیْـًٔا ۙ— وَّفَجَّرْنَا خِلٰلَهُمَا نَهَرًا ۟ۙ
සෑම වත්තකම ඉඳි, මිදි හා පැළෑටිවලින් පලදාව හට ගැනින. ඉන් කිසිවක් අඩු නොවීය. එය පූර්ණ වශයෙන් පලදාව පිරිනැමීය. ඉතා පහසුවෙන් වතු දෙකට වතුර සැපයීම සඳහා ඒ දෙක අතර ගංගාවක් ගලා යන්නට සැලැස්සූවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكَانَ لَهٗ ثَمَرٌ ۚ— فَقَالَ لِصَاحِبِهٖ وَهُوَ یُحَاوِرُهٗۤ اَنَا اَكْثَرُ مِنْكَ مَالًا وَّاَعَزُّ نَفَرًا ۟
එම වතු දෙකෙහි හිමිකරුහට වෙනත් ධන සම්පත් ද විය. ඔහුට බලපා ඇති සම්පතට රැවටී ඔහුගේ මිතුරු දේව විශ්වාසියා සමග ඒ ගැන කතා කරමින්, "මම නුඹට වඩා ධනයෙන් අධිකය. නුඹට වඩා අසල්වැසියන්ගෙන් ගෞරවනීයය. පවුලෙන් ඉතා ශක්තිමත්ය" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضيلة صحبة الأخيار، ومجاهدة النفس على صحبتهم ومخالطتهم وإن كانوا فقراء؛ فإن في صحبتهم من الفوائد ما لا يُحْصَى.
•යහපත් අය ඇසුරු කිරීමේ මහිමය. ඔවුන් දුප්පතුන් වුවද ඔවුන් සමග ආශ්රය කිරීම සඳහාත්, ඔවුන් සමග මිශ්රව කටයුතු කිරීම සඳහාත් තම ආත්මය කැප කිරීම. ඔවුන් සමග යහපත් සම්බන්ධතාවන් ඇති කර ගැනීමේදී ප්රයෝජන බොහෝමයක් ඇත.

• كثرة الذكر مع حضور القلب سبب للبركة في الأعمار والأوقات.
•හදවතින්ම අධික ලෙස දික්ර් - දෙවියන් මෙනෙහි කිරීම ආයුෂ හා කාලවේලාවන්හි අභිවෘද්ධියට හේතුවක් වේ.

• قاعدتا الثواب وأساس النجاة: الإيمان مع العمل الصالح؛ لأن الله رتب عليهما الثواب في الدنيا والآخرة.
•කුසල් හා ජයග්රහණයේ සාධක හිස ඔසවනුයේ දේව විශ්වාසය සමග වූ දැහැමි ක්රියාවය. සැබැවින් අල්ලාහ් මෙලොව හා මතුලොව තිළිණය සලසා ඇත්තේ ඒ දෙක මතය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት